මැයි දිනයෙන් පසු දකුණු පළාත් සභාවේ ඇතුලු පළාත් සභා කිහිපයක අමාත්‍ය මණ්ඩලත් වෙනස් කර රටේ ද වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගාල්ලේ දී අද කීවේය. මැයි දිනය පැවැත්වෙන ගාල්ලේ පළාත් පාලන නියෝජිතයන් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ගාල්ල කොටුවේ පැවති මෙම රැස්වීමේ දී පළාත් පාලන නියෝජිතෙයා් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්ද වැඩ කළ හැටි ද ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරයා මේ අවස්ථාවේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිකිරීමට තමන් තරම් කැපවුණු වෙහෙස වුණු කෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොමැති බවයි. 2005 දී පක්ෂ නායිකාව වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ මතයට පවා පිටුපාමින් තමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිකරවීමට දැඩි වෙහෙසක් ගත් බව ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිතිවරයා කීවේය. ඒ නිසා පක්ෂය ගැනත් කළ යුතු දේත් තමන් හොඳින් දන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් වෙනත් පක්ෂවල වුවමනා එපාකම් ඉටුකරමින් දැන් පක්ෂයෙන් ඉවත්ව පක්ෂයේ සමගිය ගැන කතා කිරීම විහිළුවක් වී ඇතැයි ද ජනාධිතිවරයා කීය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මැයි දිනයෙන් පසු පළාත් සභාවලත් රටේත් වෙනසක්?
බණ්ඩාර Saturday, 30 April 2016 10:12 AM
ජනාධිපතිතුමනි, පක්ෂය කඩාගෙන යන කිසිවකුටත් අනාගතයක් නැත. තව ටික දිනකින් මේ සියලුම දෙනා ඔබතුමාගේ දෙපතුල ළඟට පැමිණෙනවා ඇත (නි)
අමල් Friday, 29 April 2016 03:24 PM
වෙනස්කම් ගැනනම් ඉතින් කතාකරලා වැඩක් නැහැ. (ර)
සංජීව Saturday, 30 April 2016 02:05 PM
අනේ! අපිට ලැබුන වෙනස හොඳටම ඇති. ආයෙත් නම් වෙනස්කම් එපා. අපි හරි සතුටින් ඉන්නේ (නි)
බමුණු ආරච්චි Saturday, 30 April 2016 08:02 PM
මෙරට කාටවත් ගොඩගන්න බැරි තත්වයකට පත්වෙලා (නි)
අමිත් Friday, 29 April 2016 10:38 PM
ඡන්දය තියන්න මැතිඳුනි. නිදහස් පක්ෂයට ඡන්දය දුන්නේ අපිනේ! (නි)
ප්‍රබෝදා Friday, 29 April 2016 11:10 PM
පළාත් සභා කියන්නේ ජනතාවගේ මුදල් කන ස්ථාන. සියලුම පළාත් සභා අවලංගු කර ඒ පළාත් වලින් පාර්ලිමේන්තු පත්වූ අයට ඒ පළාත් බලාගන්න ප්‍රතිපාදන වෙන්කළා නම් හරි. (නි)
මනෝජ් Friday, 29 April 2016 11:11 PM
පළාත් සභා කියන්නේ සුදු අලියෙක්නේ. මම නෙමෙයි කියන්නේ, ආණ්ඩුවේ අයමනේ (නි)
අසංග Sunday, 01 May 2016 05:24 AM
ඇයි බදුත් වෙනස්නේ... (ර)
යෝනක Saturday, 30 April 2016 12:42 AM
දැනටත් අපි වෙනස උපරිමයෙන් භුක්ති විඳිනවනේ (නි)
මංගල වේලාරත්න Saturday, 30 April 2016 01:14 AM
නිර්භීත තීන්දුවක් ගන්න. සමහරු දිය රත්වෙනතුරු තමයි දඟලන්නේ (නි)
මලික් Saturday, 30 April 2016 01:28 AM
දැන්නම් අපි විඳින වෙනස හොඳටම ඇති (නි)
මුණසිංහ Saturday, 30 April 2016 02:08 AM
වෙනස්කම් කොහොම වුණත් මහින්දට පිටුපාන අයට ඊළඟ මැතිවරණයෙන් ප්‍රතිඵල ලැබෙන්න බව කියන්න කැමතියි. (නි)
චන්දන Saturday, 30 April 2016 03:41 AM
පක්ෂයේ විනය හා තීන්දු කෙළින් නොගන්නාතාක් කල් ඔබතුමාලට පක්ෂය තුළ ගමනක් යා නොහැකියි (නි)
බණ්ඩාර - කැකිරාව Saturday, 30 April 2016 04:01 AM
ඔව් ඉතින් නොසෑහෙන වෙනසක් සිදුවෙයි. අපි වගේ මධ්‍යම පන්තියේ ගොවි ජනතාවට දවසට එක සමබර ආහාර වේලක් ලබාගන්න ඉඩ ලැබුනොත් ඇති. (නි)
සම්පත් පතිරණ Saturday, 30 April 2016 07:06 AM
දැන්නම් විරුද්ධව මොකුත් කියන්නත් බයයි අපිට (නි)