IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


"මැයි දිනය මැතිවරණයක් නෙමෙයි"

මැයි පෙළපාලිය කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මැතිවරණයක් නෙමෙයි, කම්කරුවගේ අයිතීන් දිනා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (26) බත්තරමුල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදි පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රණතුංග මහතා කියා සිටියේ

“අද මේ රජය බලයට පත් වෙලා රාජ්‍ය සේවකයගේ විශ්‍රම වැටුප නැති කරලා තියනවා.රාජ්‍ය සේවාව කප්පදු කරලා පෞද්ගලිකකරණය කරා මේ රට ගෙන යනවා. ගොවියා කලකිරිලා තියනවා. පොලිසීය කලකිරිල තියනවා හමුදාව කලකිරිල තියනවා. අද වෙනකොට ලොකු විවේචනයක් මේ රට පුරා ආණ්ඩුවට විරුද්ධව තියනවා. එතකොට කම්කරුවගේ අයිතිය ලබා ගන්න පුළුවන් ආණ්ඩුවට කරන අරගලයකින් විතරයි.” යනුවෙනි

DSC_0848



අදහස් (0)

"මැයි දිනය මැතිවරණයක් නෙමෙයි"

උපුල් Wednesday, 27 April 2016 08:25 AM

කිරුළපනදී "හොරු සමග හෙළුවෙන්" බලන්න අපිත් යනවා මැයි පළමු වෙනිදට (කෞ)

:       0       0

බටන්ගල Wednesday, 27 April 2016 03:26 AM

කෝනාර, ඔබ හරි. නමුත් රජයේ සේවකයත් බලනවා ඇත්තේ මහජන ඡන්දයෙන් පත් කරපු නියෝජිතයෝ මුදල් ගසා කන සමාජයක සදාචාරය ගැන හිතන්න අවශ්‍ය නැහැ කියල වෙන්න ඇති. නමුත් පුද්ගලික අංශයේ සේවකයාට නිතරම පැවරු කාර්යක් තියෙනවා. මොකද ඔහු ඒ කාරිය කළේ නැත්නම් ආයතනයත් තමාත් අනතුරේ නිසා. (බ)

:       0       0

චන්දික Wednesday, 27 April 2016 03:30 AM

අනේ මේ ප්‍රසන්නලා දන්නේ අප්‍රසන්න දේවල්නේ ඕවට කලබල වෙන්න හොද නැහැ..(බ)

:       0       0

තිලක් Wednesday, 27 April 2016 04:14 AM

ප්‍රසන්න ඊළඟ අගමැති වෙනවා (බ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 27 April 2016 05:24 AM

මැතිවරණයක් නොවෙන බව අපිත් දන්නවා, එදවස වැඩ කරන කම්කරුවන්ගේ දිනයක් මිස එක එකාට මඩගාගෙන දෙස පාලන පොර පිටියක් කරන්න එපා (ම)

:       0       0

රුවන් Wednesday, 27 April 2016 05:47 AM

අපි කලකිරිලා ඉන්නේ ඔය අයියලා මල්ලිලා නිසා (ම)

:       0       0

චන්න Tuesday, 26 April 2016 04:42 PM

ටික ටික හුලන් බහිනවා නේද මහත්තයෝ (හේ)

:       0       0

විද්‍යා Tuesday, 26 April 2016 06:57 PM

කම්කරු දිනය පටන්ගත් හැටි (ඇමරිකාවේ චිකාගෝ නුවර ) මතක්කර බලන්න (නි)

:       0       0

පෙරේරා Tuesday, 26 April 2016 06:58 PM

ශ්‍රී.ල.නි.ප මැයි රැලියට එක්වන්නේ නැතුව වෙනම රැළියක් පවත්වාගෙන මැයි රැලිය දේශපාලනීකරණය කරගෙන ආණ්ඩුව පෙරළන්න මඟ පාදාගන්න මැයි රැලිය මැතිවරණ රැළියක් කරගෙන තියෙන්නේ කවුද? (නි)

:       0       0

නන්ද Tuesday, 26 April 2016 07:18 PM

කිරුළපන ලොකු සංවිධායකයෙකුත් කියලා තියෙන්නේ "ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂය මෙවර මැයි දිනයයි" කියලා (නි)

:       0       0

නිල්හාන් Tuesday, 26 April 2016 07:45 PM

දැන් දේශපාලඥයින් මැයි දිනය යොදාගන්නෙත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න (නි)

:       0       0

තිළිණ Tuesday, 26 April 2016 07:46 PM

ඔබ කියන දේ හරි. අපි කියන්නෙත් ඒකම තමයි (නි)

:       0       0

පද්මසිරි Tuesday, 26 April 2016 07:48 PM

අපි බලමු මේ බල අරගලය මොනතරම් දුරට සාර්ථක වෙයිද කියලා (නි)

:       0       0

උපුල් Tuesday, 26 April 2016 08:43 PM

අප දන්නා කාලයක සිට දේශපාලනය කරන මෙතුමන්ලාගෙන් රටට වූ සේවයක් නම් අප දන්නේ නැත. ඉතින් ඔවුන්ට කිරුළපනට හැර යාමට තැනක් නැත. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 26 April 2016 09:37 PM

දිනෙන් දින කම්කරුවන්ගේ කුස පොත්තට යනවා. කම්කරුවන් ගැන කඳුළු සළන නායකයන් සහ ඔවුන්ගේ පරපුරවල් වල තරවීම කවදත් අපට හොඳින් පෙනෙනවා. බඩගින්නේ වැටි වැටිත් මාරුවෙන් මාරුවට මේ අය කරතබාගෙන අවුරුදු පතා හුරේ දමන අපේ කම්කරු ජනතාව කවදා සත්‍ය සොයාගනීවිද? අද කම්කරුවන් වෙනුවෙන් කඳුළු සළන බොහෝ දෙනා සිතන්නේ පසුගිය කාලයේ කම්කරුවෝ සුරසැප ලැබූ බවකි. ඒ වගේම අරගල මතක්වෙන්නෙත් බලය නැති කාලයටය. (නි)

:       0       0

කෝනාර Wednesday, 27 April 2016 12:01 AM

රාජ්‍ය සේවකයගේ විශ්‍රාම වැටුපයි, වෙනත් දීමනායි පඩි වැඩිවිමයි ගැන විතරයි මේගොල්ලෝ එදා කතාකළෙත්, අද කතා කරන්නෙත්. දැන් ඉන්න අයත් කතා කරන්නේ පුළුවන් තරම් රාජ්‍ය සේවකයාටම දෙන්න. නිකන් ඉඳලා පඩි ගන්නෙත් බහුතර රාජ්‍ය සේවකයොමයි. හරියට මහන්සිවෙලා වැඩකරන්නේ පුද්ගලික හා අර්ධ රාජ්‍යය සේවකයෝ. ඒ අයට මොකුත් නැහැ. (නි)

:       0       0

ගඟන Wednesday, 27 April 2016 12:02 AM

රජයේ සේවකයට රු. 10000 න් පඩි වැඩිකළා. පුද්ගලික/අර්ධ රාජ්‍ය සේවකයින්ට රු 1000 ක්වත් වැඩිකළේ නැහැ. පුද්ගලික /අර්ධ රාජ්‍ය සේවකයින්ට කඩ වලින් නිකන් බඩු දෙනවා කියලයි හැමෝම හිතන්නේ. (නි)

:       0       0

විකුම් Wednesday, 27 April 2016 12:29 AM

ඔබ හරි. රටේ උද්ගත වී ඇති ප්‍රශ්න ඉදිරියේ කරකියා ගන්න දෙයක් නැතුව බලයේ ඉන්න නායකයෝ ගොලුවෙලා. මහින්දව කඩිනමින් ඉදිරියට ගෙනඒම අත්‍යවශ්‍යයි (නි)

:       0       0

සමන්ති Wednesday, 27 April 2016 12:38 AM

මැයි දිනය තියෙන්නේ තමා කැමති කට්ටියගේ පෙළපාලියක ගිහිල්ලා ඔවුන්ගේ බයිලා අසා හෝ නොඅසා සවසට හරහට ගෙදර එන්නද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 April 2016 12:56 AM

අනේ මේගොල්ලන්ගේ අරගල! බලය තිබුන කාලේ කරගන්න බැරිවුණ අරගල දැනුයි මතක්වෙලා තියෙන්නේ. ඕකනේ කියන්නේ බලය තියෙනකොට මොළය නැහැ මොළය තියෙනකොට බලය නැහැ කියලා. පුළුවන් තරම් මහජන දේපොළ කාලා නාස්ති කරලා දැන් එනවා අරගල කරන්න. අපි දන්නවා මේ සියලු අරගල කරන්නේ අපිට ආදරේට නොව නුඹලාගේ අරමුණු ඉෂ්ට කරගැනීමට බව (නි)

:       0       0

අසංක Wednesday, 27 April 2016 12:55 AM

අපි නම් ඒක හොඳට දන්නවා. ඕක අපිට කියන්න දෙයන් නෙමෙයි (නි)

:       0       0

අශාන් Wednesday, 27 April 2016 07:39 AM

දැන් කම්කරුවන්ගේ මැයි රැළියක් නෑ. දැන් තියෙන්නේ දේශපාලන බලය පෙන්වන රැළියක් පමණි.(හේ)

:       0       0

නිමල් Wednesday, 27 April 2016 01:38 AM

අහෝ විකුම්, ඔයාගෙ පුංචි මොළේට හිතෙන දේවල්? (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 27 April 2016 01:37 AM

පිටබැද්දර ජයා, මෙයාලා බලය තිබෙන කාලේ කළ දේවල් හොඳටම ඇති දැන් කට්ටිය කරන දේවල් එක්ක සංසන්දනය කරලා බැලුවහම. මට පුදුමේ ඔය වගේ කට්ටියට එ්ක නොපෙනෙන එක (නි)

:       0       0

තිලක් Wednesday, 27 April 2016 01:40 AM

සමන්තිගේ නිර්වචනය හරියටම හරි. ඕක තමයි අද මැයි දිනය කියලා මේ රටේ කරන්නේ. රාජ්‍ය ආයතන වල ඉන්න අය ‍ඒ කාලෙට බලයේ ඉන්න පැත්තෙ පාට ටීෂර්ට් ඇඳලා තොප්පි දාලා යනවා ලකුණු දාගන්න. නොගිය මිනිහව කපනවා. ඔන්න ලංකාවෙ මැයි දිනය (නි)

:       0       0

විශාඛා Wednesday, 27 April 2016 01:43 AM

පසුගිය කාලයේ මැයි දිනවල වූ අක්‍රමිකතා සෙව්වාද? අදාළ අයට දඬුවම් දුන්නාද? ජනතාව දැනගන්න කැමතියි. (නි)

:       0       0

කීර්ති Wednesday, 27 April 2016 01:44 AM

මැයි දිනය කියන්නේ හ‍ොරුන්ට තවත් හොරකම් කරන්න තැනක් බවට පත්වෙලයි තිබුනේ. අපි නෙමෙයි කියන්නේ මැති ඇමතිවරුන්මයි. දැන් එහෙම නැද්ද? තවමත් එහෙමද? ජනතාව අවදියෙන්. (නි)

:       0       0

සරත් Wednesday, 27 April 2016 07:43 AM

ජීවමාන රෙජි මහත්තයා ඔබ ,අපි ඔබ තුමාට ගරු කරන්නෙමු (හේ)

:       0       0

කෝලිත Wednesday, 27 April 2016 01:47 AM

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සල්ලි කෑවා ඒ කාලේ. කෝ මේවට දඬුවම් දුන්නද? එහෙම නැත්නම් ඒ අයටත් ඇමතිකම් දීලා සහ ඒ දූෂීත නිලධාරින්ට තවමත් අපේ සල්ලි වලින් පඩි ගෙව ගෙවා තියාගෙන ඉන්නවද? (නි)

:       0       0

තරිඳු Wednesday, 27 April 2016 01:51 AM

ඒ ඒ පක්ෂ වල වෘත්තිය සමිති නායකයෝ යැයි කියන අය කරන්නේ රස්සාව නොකර තමන්ගෙ පඩිපත විතරක් වැඩිකර ගන්න මාන බලන එකයි. එයාලා ලොකු පඩි ගත්තට වැඩ කරන්නේ නැහැ. රාජකාරි වාහන අරගෙන සාකච්ඡා වලට කිය කියා එහෙ මෙහෙ යන එකයි කරන්නේ. කොළ නිල් දෙපැත්තෙම අය කළෙත් දැන් කරන්නෙත් ඒකයි. මේවා දන්නේ ඒ ඒ තැන් වල වැඩ කරන අයම තමයි (නි)

:       0       0

මොහාන් Wednesday, 27 April 2016 01:51 AM

දැන් එතකොට මේ ආණ්ඩුව විනාශ කරලා තියෙන්නේ කේතුමතී පුරවරය වගේ තිබුන රටක්ද? (නි)

:       0       0

දමිත් Wednesday, 27 April 2016 01:54 AM

අර්ධ රාජ්‍ය ආයතන වල සමහර වෘත්තිය සමිති නායකයන්ගේ පඩිය හොයලා බලන්න. හොරෙන්ම වැඩි කරගත්තා ආණ්ඩුව මාරු වුණ ගමන්. (නි)

:       0       0

ගනේෂ් Wednesday, 27 April 2016 01:56 AM

එක්තරා මැයි දින කෑමකට ලක්ෂ ගණනක් වැයකළා. මේවා අපි වැලිකතරේ දහදුක් විඳලා එවපු සල්ලි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 27 April 2016 02:14 AM

අපේ රටේ බහුතර වෘත්තිය සමිති වලින් කරන්නේ දේශපාලනය සහ විරුද්ධ පැත්තේ අයට අංචි අදින එකයි. දේශපාලනය කරන්න වෘත්තිය සමිති අවශ්‍ය නොවේ. ඒ, මේ අයට ගෙවන්නෙත් අපෙන් ගන්නා බදු මුදල් වලින් වන බැවිනි. (නි)

:       0       0

නිලන්ත Wednesday, 27 April 2016 02:19 AM

වෘත්තිය සමිති නායකයෝ යැයි කියන බොහෝ අය කරන්නේ කාමරයක් හදාගෙන ඒකට වෙලා තේ බිබි ඉන්න එකයි. මේවයි කම්කරු දිනයේ කතා කළයුත්ත‍ේ සහ ජනතාවට දන්වා වෙනස් කළයුත්ත‍ේ. (නි)

:       0       0

දිනූෂා Wednesday, 27 April 2016 02:21 AM

කම්කරු දිනය තියෙන්නේ දේශපාලන බල අරගල කරන්න නෙමෙයි. කම්කරුවාගේ අයිතිවාසිකම් රැක ගන්න යමක්ර කරන්නයි. අපේ රටේ හැම එකටම දේශපාලනය. කවදාවත් රට නම් හැදෙන්නෙ නැත. (බ)

:       0       0

අනුරාධා Wednesday, 27 April 2016 07:54 AM

දැන් මැතිවරණ රැළියක් වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

හසන්ත Wednesday, 27 April 2016 02:23 AM

කෝනාර සහ ගගන කියා ඇති දෙය ඇත්තක්මය. අපි කන හැටි ලිපා දනි කියලා තමයි කියන්න තියෙන්නේ. අපිට මොන තරම් වේදනයිද රජයේ සේවකයාට විතරක් රු.10000 ක් දුන්නාම. (බ)

:       0       0

බටන්ගල Wednesday, 27 April 2016 02:25 AM

මහින්ද මහත්තයමනේ කියල තිබුනේ කාටද වැඩි බලය කියල එදාට බලමු කියල. මේ තුට්ටු දෙකේ කතා නිසා මැයි දිනයේ ගුණාත්මක භාවය කාලයක් තිස්සෙම ප්‍රධාන පක්ෂ දෙකම අහිමිකරගෙන තියෙන්නේ. හරිම අප්‍රසන්න බවට ඒ දිනය පත්කරන්නේ මේ දේශපාලන කවටයෝ විසින්මයි. අපේ මිනිස්සුත් බත් බැලයෝ වගේ ඒවාට යන එකයි වැරැද්ද. (බ)

:       0       0

ගම්පොළගෙදර Wednesday, 27 April 2016 02:43 AM

මේ තර්ක අනුව රජය ආණ්ඩු කරන පක්ෂයකට මැයි රැලි තියන්නනම බැහැ. එහෙනම් ඒ කාලේ තිබ්බේ ඇයි? (බ)

:       0       0

ප්‍රසන්න Wednesday, 27 April 2016 02:52 AM

ශාලික පිට්ටනියේ තාජුඩීන්ගේ සිරුර දාලා ගිය තැන බල බල මේ අය කොහොම මැයි දින කතා පවත්වන්නද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 573 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 977 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 818 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1588 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 465 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 236 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site