IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


මැයි දා ශාලිකා පිටිය දේශපාලඥයන්ට බෑ

නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාපිටියට මැයි දිනයේ එකාබද්ධ විපක්ෂයේ හෝ ගමනාගමන මණ්ඩලයට අනුබද්ධිත මෝටර් රථ සේවක සංගමයේ සාමාජිකයකුට හෝ ඇතුළුවිම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය එම පිටියේ අනවසරයෙන් ආරම්භ කිරිමට පිරිසක් සැරසෙතියි ද එම නිසා ශාලික පිටිය පැත්තේ සාමය කඩවීමට  ඉඩ ඇතැයි ද කියමින් නාරාහේන්පිට පොලිසිය අධිකරණයට  කරුණු දැක්විය.

මෝටර් රථ සේවක සංගමයේ ටී.එම්  ජයසිංහ, එකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහපෙරුම, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට හෝ ඔවුන්ගේ දේශපාලන පක්ෂ සාමාජිකයකුට  හෝ සමිති සාමාජිකයනට  එහි ඇතුළු විම තහනම් කර  ඇත.

අදහස් ප්‍රකාහනය කිරිම හා  භාෂණය සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.



අදහස් (0)

මැයි දා ශාලිකා පිටිය දේශපාලඥයන්ට බෑ

බණ්ඩා Friday, 29 April 2016 01:18 PM

කිරුලපන පිටියත් දෙන්න එපා .... (ර)

:       0       0

නිමල් Saturday, 30 April 2016 10:28 AM

මේ වගේ කාලයක් ඉතිහාසේ කොහේවත් තිබුනේ නැහැ (නි)

:       0       0

විද්‍යා Friday, 29 April 2016 01:28 PM

කඳුළු ගෑස් ටිකක් ලෑස්ති කරලා තිබ්බොත් හොඳය් නේද ? (බ)

:       0       0

හේමපාල ලියනගේ Friday, 29 April 2016 01:28 PM

මෙය තියන්න ඉඩ දුන්නා නම් හොඳයි.(බ)

:       0       0

රත්නසිරි Friday, 29 April 2016 01:58 PM

සැබැ ජන මතය පාගා දැමීමට තැත් කිරීමකි ගාලු යන අයට අබසරණයි (බ)

:       0       0

බෙනට් Friday, 29 April 2016 02:19 PM

තව ටික කාලයක් යද්දී කියයි අපි යහපාලනයක් ගැන පොරොන්දු වුනේ නැහැ කියල ..(බ)

:       0       0

භද්‍රානි Friday, 29 April 2016 02:26 PM

ලෝකයේ වෙනත් රටවල් වල නම් මැයි දිනය කියන්නේ වැඩකරන කම්කරු ජනතාවගේ බලය පෙන්වන හා කම්කරු අයිතිවාසිකම් දිනා ගන්නා උත්තරීතර දිනයක්. එත් මේ ලෝකෙන් උතුම් රටේ, ඒ දිනය..වන්දිබට්ටයින් විසින් පාලකයින්ට පිදුම් දෙන, පාලකයින් විසින් ඔවුන්ගේ පුරාජේරුව ගයන විට චුන්වී හුරේ දමමින් නටමින් ප්‍රීතිවන පිරිසක් ඉන්න දිවයිනක් මේක. (බ)

:       0       0

කමිදු Friday, 29 April 2016 02:34 PM

මේවා අන්තිමට කෙලවර වෙන්නේ 88/89 වගේ කැරැල්ලකින් එතකොට අපි කාටත් වන්දි ගෙවන්න වෙනවා. (බ)

:       0       0

හේවා Friday, 29 April 2016 02:37 PM

මැයි දින පෙළපාලි පවත්වන්නේ කුමක් අරබයාද කියලවත් නොදන්නා ආණ්ඩුව (බ)

:       0       0

සෙනරත් Friday, 29 April 2016 03:39 PM

මේ තරමට විපක්ෂයට බය වුනු රජයක් මින් පෙර කිසි දාක තිබුනේ නැත. (ර)

:       0       0

මංගල වේලාරත්න Saturday, 30 April 2016 01:47 AM

මැයි දිනයට බාධාකළා කියන්න නම් සූදානම් වෙන්න එපා ඔන්න කවුරුවත් (නි)

:       0       0

රොකී Saturday, 30 April 2016 01:49 AM

මේ හුඟක් දෙනා අදහස් ලියන්නේ කරුණු දන්නේ නැතුවයි. ඔය පිට්ටනිය ඉල්ලලා තියෙන්නේ වෘත්තීය සංගම් සාකච්චාවක් තියන්න කියා මිස මැයිදින රැස්වීමක් සඳහා නොවෙයි කියායි අපිට නම් ආරංචි. එතනදීත් කරලා තියෙන්නේ කපටිකමක්නේ. පොදු විපක්ෂය කියන එකේ කෙරුවාවල් තේරුම් ගැනීමට එයත් ප්‍රමාණවත් කරුණක්. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 30 April 2016 02:29 AM

හරියට තැනක්වත් කලින් වෙන්කරගන්න දන්නේ නැති කට්ටියක්. (නි)

:       0       0

රන්ජිත් Saturday, 30 April 2016 04:46 AM

කොන්ද පණ තිබෙන අය වගේ වැඩ කරන්න. සම්බන්ධන් හමුදා කඳවුරට ගියා වගේ යන්න. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 30 April 2016 04:53 AM

මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඕවට වන්දි ගෙවන්න වෙන්නේ පැත්තක ඉන්න අපිට. (නි)

:       0       0

රජින්ද Friday, 29 April 2016 12:00 PM

මේ දේශපාලන පලිගැනීම් වලින් වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පවා පවතින පාලනයට විරෝධී හැගීම් අවදි වෙන එකයි. (ර)

:       0       0

ෂෙහාන් Friday, 29 April 2016 12:07 PM

සෙනග එන්නේ නැති මැයි රැලියකට මොකද බය? (ර)

:       0       0

සම්පත් පතිරණ Friday, 29 April 2016 12:18 PM

පුදුම විදිහට බය වෙලා... ඒකාබද්ධ විපක්ෂයට ජය වේවා...! (ර)

:       0       0

චින්තක Friday, 29 April 2016 12:35 PM

ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා. (ර)

:       0       0

රජිත් මංජුල Friday, 29 April 2016 12:38 PM

මේවා ඔක්කොම බොරු වැඩ දෙවෙනිදා ඉදන් මොනාද හම්බෙන්නේ උත්තරේ මොකුත් නෑ අලියා ගිල්ල දිව්ලේ වගේ දේසපලනේට හොඳයි. (ර)

:       0       0

කමල් Friday, 29 April 2016 12:54 PM

ඇයි ඕක තියන්නෙ කිරුලපන කිව්ව නේද? (බ)

:       0       0

සුරිමල් Friday, 29 April 2016 01:12 PM

ඕක කලයි කියල ඔතනට එන මිනිස්සු නවතීද.? (ර)

:       0       0

රවී Friday, 29 April 2016 01:12 PM

ඇයි මෙච්චර බය..... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 527 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 665 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 269 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1462 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site