IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක් වෙයි

2016-09-08-ent-72

සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමා කෘති බොහෝ ප්‍රමාණයකට දායක වූ ඔහු අධ්‍යක්ෂකවරයෙකු ලෙස "ප්‍රවේගය" චිත්‍රපටයට දායක විය. ඔහුගේ අධ්‍යක්ෂනයෙන් යුත් නවතම සිනමා නිර්මාණය වන්නේ මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වන "මායා" චිත්‍රපටයයි. ඔහු ඩොනල්ඩ් ජයන්තය.

 

"මායා" චිත්‍රපටය ගැන මුලින්ම කතා කරමු?

2016-09-08-ent-71"ප්‍රවේගය" චිත්‍රපටය නැරඹූ සියලු දෙනා "මායා" චිත්‍රපටය නරඹන බව මම දන්නවා. දින පහකදි එක්කෝටි අට ලක්ෂයක් උපයා තිබෙනවා. සිනමාහල් පිරී ඉතිරීයනවා. මෙවැනි චිත්‍රපට තමයි ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ. භීතිය, හාස්‍ය, ආදරය මේ හැමදේම මෙහි තිබෙනවා. කළමනාකරුවන් කියන ආකාරයට මිනිසුන් සතුටින් නරඹන සාර්ථක චිත්‍රපටයක් තමයි "මායා". කබාලි වගේ චිත්‍රපටයක් නරඹන්න මිනිස්සු ගේට්ටු කඩාගෙන ආවා. ඒ වගේ චිත්‍රපටයක් තමයා "මායා" කියන්නෙත්. ලංකාවෙ වැඩිම ආදායම උපයන චිත්‍රපටයක් බවට "මායා" පත්වෙයි.

 

"කාංචනා" කියන දමිළ චිත්‍රපටයෙ කොපියක් තමයි "මායා" කියන්නේ?

ලෝකෙ හැම තැනම කොපි තමයි කරන්නෙ. හැත්තෑව දශකයේ සිංහල සිනමාවේ ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, ජේ.සෙල්වරත්න යන අය කළෙත් දමිළ චිත්‍රපට කොපියක් අරන් එහි ආකෘතිය ලංකාවට අවශ්‍ය පරිදි සකස් කරලා චිත්‍රපට කරපු එක.

"එදත් සූරයා අදත් සූරයා", "අංජානා", "නැවත හමුවෙමු" වැනි චිත්‍රපට දමිළ චිත්‍රපටවල කොපි. හැබැයි ඒ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවලා තියෙනවා. "කාංචනා" කියන කොපිය අරගෙන එහි අනුවර්තනයක් විදිහට අපි "මායා" චිත්‍රපටය නිර්මාණය කළා. ඒක තවත් කොපියක් නෙමේ. ප්‍රේක්ෂකයෝ එය භාරගෙන තිබෙනවා. කොපිය වුණත් හොඳට කළොත්, ප්‍රේක්ෂකයන් එය රිජෙක්ට් කරන්නෙ නෑ.

 

ඉන්දියාව තුළ "කංචනා" චිත්‍රපටය නිර්මාණය වුණේ සංක්‍රාන්තික ලිංගිකයන් ගැන මානුෂ වාදීව බැලීම අරමුණු කරගෙන. ලංකාවෙ ප්‍රේක්ෂකාගාරය මෙය කෙලෙස භාරගනීද?

ඔවුන් ආදරය කිරීම, ගරු කිරීම ගැන කතා කරනවා. එහෙම නොකළොත් අප සමග වෛර බැඳීම තමයි සිදු වෙන්නේ. මෙවැනි චරිතවලට ආදරය කරන්න කියන එක මේ හරහා ප්‍රකාශ කරනවා. මෙවැනි චරිත මුළු පවුලක් ජීවත් කරනවා මං දැකලා තියෙනවා. මෙවැනි හෝමෝන වෙනස් වූ අය උසස් ජනප්‍රිය පුද්ගලයන් වෙලා තියෙනවා. නමුත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ. ඔවුන් අපි වගේ ජීවත් වන මිනිස්සු. එය මේ චිත්‍රපටය හරහා ගෙන එනවා. ඔවුන් ඒ ගැන හිතන්න ගනියි කියලා මම හිතනවා.

 

රංජන් රාමනායක "මායා" කියන චරිතය ලංකාවේ පවතින වාතාවරණය සමග භාරගැනීම ගැන කතා කළොත්?

මේ පිටපත රංජන් රාමනායකට දෙද්දි මුලින් කැමති වුණේ නැහැ. පාරේ බැහැලා යන්න බැරිවෙයි, පාර්ලිමේන්තුවට යන්න ලැබෙන එකක් නැහැ කියලා ඔහු කිව්වා. මේ චරිතය ෂාරුක්ඛාන් කරලා තියෙනවා. රැජිනිකාන්ත් මේ චරිතය කරලා තියෙනවා. කමලා හසන් මේ චරිතය කරලා තියෙනවා. ලංකාවෙ මේ චරිතය කළ හැකි එකම නළුවා තමයි රංජන් රාමනායක. පුබුදු චතුරංගත් මෙහි හොඳින් රංගන දායකත්වය ලබාදෙනවා. නිල්මිනි කෝට්ටගේ, උපේක්ෂා ස්වර්ණමාලි, ගිරිරාජ් කෞෂල්‍ය රඟපානවා. මේ විදියට හැම චරිතයකටම මම ලංකාවෙ ඉන්න දක්ෂතම රංගන ශිල්පීන් යොදාගත්තේ. මම හිතනවා ඒ තෝරා ගැනීම සාර්ථකයි කියලා.

 

මෙම චිත්‍රපටයට ඉහළ තාක්ෂණය වගේම විශාල දර්ශන තල බොහෝ ප්‍රමාණයකට ගිහින් තියෙනවා?

මේක ලක්ෂ 700ක වියදමෙන් කළ චිත්‍රපටයක්. එක් සටන් ජවනිකවක් කේරළ ප්‍රාන්තයේ සිදු කළා. ඒ සටන් ජවනිකාවට ලක්ෂ 90ක් පමණ ගියා. දින තුනක කාලයක් රූගත කළා. ලංකාවෙ චිත්‍රපටයක් කරන්නේ ලක්ෂ 90කින්. මම මෙහි නවීන තාක්ෂණය, ශබ්ද යොදාගත්තා. සටන් ජවනිකා, දර්ශන තල හැමදෙයක්ම ඉහළ මට්ටමින් රූප ගත කළා. ඒක තමයි මෙම චිත්‍රපයටයේ සාර්ථකත්වයට හේතුව.

 

චිත්‍රපටයේ "රාමු" කියන චරිතය විතරයි දෙමළ සම්භවයක් තියෙන චරිතයක් ලෙස ගෙන එන්නේ. චිත්‍රපටයේ අවසන් වෙන්නෙත් "කාංචනා" ලෙසම කෝවිල අභියස? මුලින් ඔබ පූසාරි වෙනුවට හිමිනමක් යොදාගන්නේ?

අපේ රටේ යකදුරන් ඉන්නවා. යකදුරන් ඇඟේ තියන දිෂ්ටිය ඉවත් කරනවා. යකදුරන්ට කරන්න බැරි දේ බුද්ධ වචනයෙන් කරන්න පුළුවන්. ආත්ම තුනම ඉවත් කරන බව බුදුදහමේ බලගතුකම තමයි මම මේ චිත්‍රපටය තුළින් ගෙන ආවේ. මුහුදු වෙරළේ තමයි මෙම අවසන් සිදුවීම සිදුවෙන්නේ. "කාංචනා" චිත්‍රපටයේ මරණය සිදු කරන්නේ කෝවිල තුළ. මේ චිත්‍රපයේ කෝවිලෙන් පිටත තමයි මෙම ඝාතනය සිදුකරන්නෙ. දෙමළ චිත්‍රපටයෙ හාමුදුරුවොත් නැහැ.

 

"කාංචනා" චිත්‍රපටයෙත් ඇමති ඝාතනය සිදුවන්නේ කොවිලෙන් පිට වෙරළ තුළ?

"කාංචනා" චිත්‍රපට‘යේ කෝවිල ඇතුළෙ මෙය සිදුවන්නේ, අපි එය කෝවිලෙන් පිටතට ගෙන ආවා. ලංකාවට ඕන විදිහට අපි මේක කළේ. කෝවිල සම්බන්ධ කර ගත්තත්, ලංකාවට ගැළපෙන විදියටයි අපි මේක කළේ. "කාංචනා" චිත්‍රපටය බලපු දෙමළ ප්‍රේක්ෂකයොත් මේ චිත්‍රපටය හොඳයි කියලා කිව්වා.

මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක් වෙයි. මෙහි කලා අධ්‍යක්ෂකවරයා මතක් කළ යුතුමයි. ලක්ෂ ගාණක් වියදම් කර කෝවිලත්, කාලිමෑණියන්ගේ රුවත් හැදුවා. කලා අධ්‍යක්ෂක ඇහැලියගොඩ සෝමතිලක, වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ නලින් ප්‍රේමතිලකත් මෙහිදී මතක් කළ යුතුයි.

 

0777 751 930

 

නිදුක් මදුෂික

 

2016-09-08-ent-74 2016-09-08-ent-73



අදහස් (0)

මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක් වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 16 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 338 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 203 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 717 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 310 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site