IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘මෙය සාම්ප්‍රදායික අයවැයක් නොවේ‘

තමා අද (10) ඉදිරිපත් කළ 2017 වසරේ අය වැය සුබසාධන කටයුතු සඳහා පමණක්  පදනම් වූ සාම්ප්‍රදායික අයවැයකින් තොරවූවක් බව සිය අය වැය කථාව අවසන් කරමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

‘සියලු ශ්‍රී ලාංකිකයන් බලාත්මක කිරීමට පියවර ගෙන ඇත. මහජනයාට බදු පැටවීම අවශ්‍ය නැත. අප වැටී සිටින ණය උගුලින් ගැලවීමට නිරන්තර සටනක් කිරීමට සිදුවී තිබෙනවා.

අපගේ රජය ආර්ථික යුද්ධය අනාගත පරම්පරාවට උරුම නොකිරීමට කටයුතු කරනවා.

අප යන ගමනට සියල්ලගේ සහාය අවැසිය. අප ළඟ විවිධ මතවාද ඇත. ඒවා ඉදිරිපත් කිරීමට අපට අයිතියක් ඇත. එහෙත් අවසාන වගකීම අපට ඡන්දය දුන් අයගේ අපේක්ෂා ඉටු කිරීමයි.

අප අනාගතය අප විසින්ම අහිමි කරනොගෙන ඉදිරි පරම්පරාවට සුරක්ෂිත අනාගතයක් ලබාදීමට කටයුතු කරනවා.‘ යැයි ද මුදල් ඇමැතිවරයා කීය.

මුදල් ඇමැතිවරයා පස්වරු 2ට ආරම්භ කළ අය වැය කථාව පස්වරු 5 දක්වා පැවැත්විණි. අයවැය සකස් කිරීම සඳහා උපකාර කළ සියලු දෙනාට ස්තූති කිරීමට ද කරුණානායක මහතා කටයුතු කළේය.

 



අදහස් (0)

‘මෙය සාම්ප්‍රදායික අයවැයක් නොවේ‘

නාලක Saturday, 12 November 2016 12:44 PM

කිසිම වැදගත්කමක් නැති, පොඩි ළමයෙක් හැදුවා වගේ අයවැයක්. මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති එකක්වත් නැත. පරිප්පු අඩු කරලා උඩපනින මුදල් ඇමති කෙනෙක් ඉන්න රටක් විදිහට අපිට ලැජ්ජයි (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 10 November 2016 11:53 PM

අපට නම් මෙය කොහොමත් අයවැයක් නොවෙයි. අධිවේගී මාර්ගයේ රුපියල් 50 අඩුකළා කියලා කාටද සෙත. අල රුපියල් 5 අඩුකිරීම විහිළුවක් නොවේද? මේක බෙල්ල කඩලා හරි සල්ලි සෙවීමේ අයවැයක්. ඊටපසු ගහයි කාබන් මොනොක්සයිඩ් බද්දක්. (නි)

:       0       0

සජී Friday, 11 November 2016 03:07 AM

ඔබතුමාලගේ අනාගතය නම් සුරක්ෂිතයි දැනටමත් (නි)

:       0       0

සිරි Friday, 11 November 2016 08:55 PM

සහතික ඇත්ත ,මේක ගල් සියබලා අයවැයක්, (අ)

:       0       0

ගුණසේන Friday, 11 November 2016 06:31 AM

මේක කොන්දොස්තර අයවැයක් මොකද මේ සොච්චම් මුදල බස් කොන්දොස්තර ආපසු නොදේ ..(බ)

:       0       0

සත්‍යයා Saturday, 12 November 2016 12:55 AM

සුභාෂිතයේ සඳහන් වෙනවා පාලකයෝ බදු අය කළ යුත්තේ බඹරෙකු මලකින් රොන්ගන්නා ආකාරයට මල නොතළා කියල. රේන්ද කාරය ගස් මදින එක්කෙනාට කියන්නේ මල හොඳට තලපන් කියල හොඳට රා පෙරෙන්න. ජනතාව දැනගන්න ඕනේ මේ මැදිවෙලා ඉන්නේ බඹරෙකුටද නැත්නම් රා මදින්නේකුටද කියල. අවසාන විග්‍රහයේදී වෙහෙසවෙලා පැණි එකතු කළ බඹරා ට පැණි හම්බ වෙන්නෙත් නැහැ. ගහ මැදපු රා මදින්නා ටත් රා ටික අයිති නැහැ. මේ න්‍යායට අනුව දේසපාලකයා අයත් වන්නේ නිෂ්පාදනය හොරකම් කරන්නාට වීම ඛේදජනකයි. (අ)

:       0       0

කිම් Friday, 11 November 2016 08:27 AM

ආර්ථික විද්‍යාඥයින් පැත්තක් ඉඳිද්දී ගණකාධිකාරවරුන් මුදල් ඇමතිවරු කරන පුදුම පාලනයක්. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 12 November 2016 04:57 AM

ඔය කාපුවා වමාරන්න වෙයි කොයි කාටත්. (නි)

:       0       0

සංජීව Saturday, 12 November 2016 05:41 AM

එ්ක ඇත්ත. එ්කනේ නඩු දානවට සල්ලි ගන්නේ. මං හිතන්නේ යහපාලන මෙතඩ් එකට මිනීමරාගෙන විසඳගන්න පුළුවන්නේ. මෙහෙමත් ආණ්ඩුවක් ලෝකෙම නැහැ (නි)

:       0       0

සත්‍යයා Thursday, 10 November 2016 04:08 PM

"ඉදිරි පරම්පරාවට සුරක්ෂිත අනාගතයක් ලබාදීමට කටයුතු" කරන්න කලින් ඕගොල්ලන්ට ලබන මැතිවරණයට තනියෙන් මුහුණ දුන්නොත් වෙන වැඩේ ගැන ටිකක් හිතලා බැලුවොත් හොඳයි නේද (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 26 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2264 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1819 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 634 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site