IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘මාරක උණ්ඩය භාරතගේ හිසට‘ - හිරුනිකා කියයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකගේ හිසට කොළොන්නාවේදී වෙඩි වැදුණු ආකාරය දැක්වෙන පින්තූරයක් ඔහුගේ දියණිය එජාප මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබිණි.

ඔහු ඇතුළු සිව් දෙනකු මරා දැමුණු දින ගත් මෙම පින්තූරය පළකරනුයේ මහජන අනුකම්පාව දිනාගැනීමට නොව තම පියා මියගිය ආකාරය ගැන මහජනයාට අවබෝධයක් ලබාදීමට යැයි ඇය එහි සඳහන් කර ඇත.

2011දී ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් කොළඹ විශේෂ අධිකරණයක බහුතර තීන්දුවකින් පෝරකයට නියම කරනු ලැබූහ.

WEB73678159-c4c9c0197f

 



අදහස් (0)

‘මාරක උණ්ඩය භාරතගේ හිසට‘ - හිරුනිකා කියයි

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 12 September 2016 06:59 PM

මෙවැනි විදියට අපරාධයක් කිරීමට මනුස්සයෙකුට හැකිද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 12 September 2016 07:04 PM

පමාවෙලා හරි මෙම අමානුෂික ඝාතනයේ පින්තූරයක් මාධ්‍යයට මුදාහළ හිරුනිකාටත්, ඒ බව පෙන්වාදුන් ලංකාදීපයටත් අපේ ආචාරය !!!! (නි)

:       0       0

චන්දන Monday, 12 September 2016 07:49 PM

අවිගත්තෝ අවියෙන්ම නසිති. ඔය පුද්ගලයින් කාගේත් හැටි කොළොන්නාවේ මිනිස්සු හොඳට දන්නවා (නි)

:       0       0

නීල් Monday, 12 September 2016 07:54 PM

සනත් ඉන්දික හරියටම හරි. අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)

:       0       0

හේවා Monday, 12 September 2016 08:35 PM

නහි වේරේන වේරානි... (නි)

:       0       0

රජිත් Monday, 12 September 2016 09:16 PM

තමන්ගේ තාත්තාව මෙහෙම දකිද්දී ඇය කොහොම වාවාගන්න ඇද්ද? පවු! (නි)

:       0       0

රොඩ්නි Monday, 12 September 2016 09:23 PM

අවිගත්තෝ අවියෙන්ම නසිති! (නි)

:       0       0

රොෂාන් Monday, 12 September 2016 09:23 PM

භාරත ලක්ෂ්මන්, හිරුනිකාලා රටට කරලා තියන එක දෙයක් කියන්න. දුමින්ද නම් දුප්පතෙකුට දෙයක් දුන්නා. දන්නේ නැති නිසා අහන්නේ (නි)

:       0       0

ටානි Monday, 12 September 2016 09:55 PM

බොහොම දුර්ලභ ඡායාරූපයක්. මම මෙහෙම එකක් දැක්කමයි (නි)

:       0       0

ඇෆ්රිදියෙස් Monday, 12 September 2016 09:58 PM

සනත් කියන කතාව ඇත්ත. එ් නිසා මේවගේ දේවල් අපි බලාපොරොත්තු වෙන්න ඕනෑ. මෙය කීවේ භාරත මහත්තයාට අපහාසයකට නෙමෙයි. එ්ක තමයි ඇත්ත මහත්තයෝ (නි)

:       0       0

පද්මා Monday, 12 September 2016 10:22 PM

හදවතක් නැති මිනිසුන් ඉන්නා රටක මෙවැනි මිනීමැරුම් අරුමයක් නොවේ (නි)

:       0       0

ශානක Monday, 12 September 2016 10:45 PM

මෙතුමා අතිනුත් වැරදි නොවුණා නෙමෙයිනේ. ඒ නිසා ඉතින් මේවා මෙහෙම වෙනවා (නි)

:       0       0

අසංග Monday, 12 September 2016 10:53 PM

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් පිටුවේ අපිත් දැක්කා මේ පින්තූරය හොඳට. හරියටම ඔලුවටම වෙඩි වැදුනොත් ඒ මනුස්සයා අනිවාර්යෙන් මැරෙනවාම තමයි. පුදුමය කියන්නේ සමහර අයට වෙඩි පිට වෙඩි වැදිලත් මැරුනේ නැති එකනේ. (නි)

:       0       0

ශාන් Tuesday, 13 September 2016 12:05 AM

මොකක්ද එතකොට භාරත මහතාට මෙහෙම වෙඩිතබන්න හේතුව? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 13 September 2016 12:51 AM

වැරදි කළ මිනිසුන්ට දඬුවම් ලබාදී තිබියදීත් මෙවැනි පින්තූර හිරුණිකා පළකරන්නේ ඇයි? (නි)

:       0       0

මාලක Tuesday, 13 September 2016 01:24 AM

මම පළමු වරට දැක්කේ හිසට වෙඩිවැදී මියගිය දේහයක්. සංවේදී වුවත් හිතට නැඟුන ප්‍රශ්නය නම්, මේ තත්වයම ඇතිවූවා යැයි කියූ දුමින්ද මෙලෙස සිටින්නේ කෙලෙසද කියන එකයි (නි)

:       0       0

සාලිය Tuesday, 13 September 2016 01:21 AM

ලුම්බිණි, ඔයාගේ තාත්තාට මෙහෙම වුණා නම්... සිතා බලන්න. එවිට ඔයාට තේරෙයි වේදනාව. (නි)

:       0       0

ආර්. වික්‍රම Tuesday, 13 September 2016 01:34 AM

රොෂාන් කියනදේත් ඇත්තක් තියනවා බලාගෙන යද්දී! (නි)

:       0       0

සුනිල් Tuesday, 13 September 2016 01:48 AM

මේ පින්තූරය අනුව, තවත් කෙනෙකුට ඔලුවට වෙඩි වැදී, මොළය අතටගෙන ශල්‍යකර්මයක් කරන පින්තූර ගැන අපිට බොහෝ දේ සිතේ (නි)

:       0       0

සුසිල් Tuesday, 13 September 2016 01:52 AM

වැරදිකරුවන් දඬුවම පිළිනොගෙන දඬුවමට එරෙහිව ඇපිල් කළ හැකි නොවේද? මෙවැනි පින්තූර හිරුණිකා පළකිරීමෙහි වරදක් නොමැත (නි)

:       0       0

ලලිත් Tuesday, 13 September 2016 02:28 AM

දේශපාලනයෙන් තොරව සත්‍ය පවසා ඇති ඇයට ස්තුතියි. (නි)

:       0       0

රුවන් Tuesday, 13 September 2016 02:41 AM

අසාධාරණ ලෙස හම්බකරලා පිනට දුන්නත් වැඩක් නැහැ. මම නම් හිතන්නේ එහෙමයි (නි)

:       0       0

චානක Tuesday, 13 September 2016 02:48 AM

ජරාජීර්ණ වු දේශපාලන සංස්කෘතියක් තුළ මෙවන් කුරිරු සිදුවීම් අරුමයක් නොවේ (නි)

:       0       0

පීරිස් Tuesday, 13 September 2016 02:55 AM

දියණිය, මේ දේවල් වලින් ඔබ සැළෙන්න එපා. ඉදිරියටම යන්න (නි)

:       0       0

ශාලිකා Tuesday, 13 September 2016 02:48 AM

හිරුණිකා මොනතරම් මානසික වේදනාවක් විඳින්න ඇද්ද? (නි)

:       0       0

වසන්ත Tuesday, 13 September 2016 02:59 AM

බැරිවෙලාවත් එදා දුමින්දට මොනවාහරි වුණා නම් අද මොනවා වෙයිද? (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 13 September 2016 02:57 AM

මේකට මොනවාහරි කියන්න තිබුනා තමනුත් 100%ක් නිවැරදි නම්. වපුරපු දේවල් වලින් අස්වැන්න ලැබෙයි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 13 September 2016 03:42 AM

ප්‍රියාන්100%ක් නිවැරදි මිනිසුන් සෙවිය නොහැකි. අනෙකාට ගල් ගැසිමට පෙර ජේසුතුමන් කිව්වෙත් වැරදි නොකළ අයෙකුට පමණක් එය කළ හැකියි කියාය. කිසා ගෝතමියට බුදුන් වහන්සේ කිවෙත් එවන් කතාවකි. වැරැදිද සියයට කිය වුනත් තව මිනිසෙකුගේ ජිවිතය ගැනිමට කාටවත් හැකි නොවිය යුතුයි. (බ)

:       0       0

ටිෂාන් Tuesday, 13 September 2016 03:44 AM

දුමින්ද සිල්වාට ඇත්තේ මිනිමැරුම් නඩුවේ වැරදිකරු විම පමණක් නොව රටම වනසන කුඩු සම්බන්ධව බලවත් චෝදනාවකි. (බ)

:       0       0

මාලක Tuesday, 13 September 2016 03:39 AM

දනට පිනට සල්ලි වැය කළේ සාධාරණ ලෙස හම්බ කරද යන්න වෙනමම සොයා බැලිය යුතුයි. මක්නිසාද යත් ඇති චෝදනා අතිශය බරපතල බැවිනි. (බ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 13 September 2016 03:46 AM

කාගේ කාගේත් හැටි , කවුරු කවුරුත් දන්නවා (බ)

:       0       0

සමර Tuesday, 13 September 2016 04:04 AM

කැරලි කෝලහාලයක් නේද? (බ)

:       0       0

දයාන් Tuesday, 13 September 2016 04:08 AM

වසන්ත එහෙම වුනානම් කුඩු වලින් තොර රටක් කියලා අපිට හිතෙනවා. (බ)

:       0       0

සජී Tuesday, 13 September 2016 04:08 AM

බලයෙන් මත් වුණාම තමන්ට තමන්ව අමතක වෙනවා (බ)

:       0       0

සිරිල් Tuesday, 13 September 2016 04:46 AM

පින්තුර දාන්නේ මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න චන්ද්‍රිකා වගේ නමුත් දන්නෝ දනිති (බ)

:       0       0

දිදුල Tuesday, 13 September 2016 05:07 AM

දයාන්ගෙ කතාව මසුරන්. ඇත්තම ඇත්ත. (නි)

:       0       0

යමුනා Tuesday, 13 September 2016 05:09 AM

අද මාවත යන දුගියා හෙට ලොව රජවෙනවා. හැබැයි මට ඒකෙ අනෙක් පැත්ත මතක්වෙනවා මේවා පේනකොට. (නි)

:       0       0

රසිකා Tuesday, 13 September 2016 05:04 AM

මෝහෙන් මුලාවෙලා, මානෙන් උදම්වෙලා හිටියට දෙවියෝ හරි දඬුවම් දෙනවා. අද වෙලා තියෙන්නේ එ්කයි. කවුද හිතුවේ? (නි)

:       0       0

මොහාන් Tuesday, 13 September 2016 05:07 AM

මෙවන් ඡායාරූප පළකිරීම බොහොම වටිනවා. හිරුණිකා කළේ හොඳ දෙයක් (නි)

:       0       0

විකුම් Tuesday, 13 September 2016 05:14 AM

ලංකාදීපයට ස්තූතියි මේ පුවතට! (නි)

:       0       0

සජිත් Tuesday, 13 September 2016 05:14 AM

තමන් වපුරන තරමට අස්වැන්න ලැබෙන බව සියළුදෙනාම මතක තබාගත්තොත් හොඳය (නි)

:       0       0

නිපුණිකා Tuesday, 13 September 2016 05:17 AM

හිරුණිකා දාලා තියෙන්නේ තමන්ගෙ මුහුණු පොතේ තමන්ගේ තාත්තගෙ වෙඩි වැදුනු පින්තූරයක්. ඒකට ඇයි මේ සමහරු කලබලවෙලා. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 13 September 2016 05:19 AM

අපි රටක් ලෙස මිනීමැරුම්, කුඩු වසංගත මුළුමනින්ම නැතිකිරීමට කටයුතු කළයුතුයි. සල්ලි වලින් පමණක් වර්ධනය වි වැඩක් නැත. මෙම දඬුවම හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

ඉෂාන් Tuesday, 13 September 2016 05:21 AM

රොෂාන්, දනට පිනට සල්ලි වැයකළේ සාධාරණ ලෙස හම්බ කරලාද යන්නත් වෙනමම සොයාබැලිය යුතුයි. දන්නේ නැති නිසා අහන්නේ (නි)

:       0       0

ශශී Tuesday, 13 September 2016 05:38 AM

දනට පිනට සල්ලි වැයකළේ සාධාරණ ලෙස හම්බ කරලද? සල්ලි නම් කොහොම බෙදන්න බැරිද? ජරාජීර්ණ වු දේශපාලන සංස්කෘතියක් තුළ මෙවන් කුරිරු සිදුවීම් අරුමයක් නොවේ (නි)

:       0       0

කීර්ති Tuesday, 13 September 2016 05:50 AM

බල තණ්හාව තමයි මේ හැමදේටම මුල.(හේ)

:       0       0

ජගත් Tuesday, 13 September 2016 05:45 AM

අපේ දේශපාලකයෝ ඡන්දය කාලෙදි සිල් රෙදි, ඔරලෝසු, පිඟන් බඩු, බීම වර්ග, බත් පැකට්, මැෂින්, සෙවිලි තහඩු... තව කොච්චර නම් දේවල් බෙදලා තියෙනවද? ඒවා ඉතින් ගෙදරින් ගෙනා සල්ලි වලින් නම් කමක් නැහැ. (නි)

:       0       0

විපුල Tuesday, 13 September 2016 05:52 AM

ඒක තමයි කියන්නේ සොබාදහමින් හරි කවදාහරි දඬුවම් ලැබෙනවා කියලා. උණ්ඩයක් හිසට වැදිලා දුමින්ද බේරුනා. නමුත් නීතිය ඉදිරියේ බේරෙන්න බැරිවුණා (නි)

:       0       0

විමුක්ති Tuesday, 13 September 2016 05:59 AM

දුමින්ද වුණත් කවදාවත් සිතන්න නැතුව ඇති තමන්ට මෙවන් ඉරණමක් අත්වෙයි කියලා (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 13 September 2016 05:58 AM

දේශපාලනයෙන් යැපෙමින් සිටින අය අතරේ මොනවා වුණත් අපිට කමක් නැහැ. නමුත් ඒ නිසා අමුඅමුවේ එළිපිට මිනීමරලා, හැදෙන දරුවන්ට නරක ආදර්ශ දීලා රට වනසන්න දෙන්න බැහැ. (නි)

:       0       0

ගඟන Tuesday, 13 September 2016 05:59 AM

වරදක් කළොත් දඬුවමක් ලැබිය යුතුමය. එහෙම වුණාම තමයි අනෙක් අයත් ඒව දැකලා හරි බයවෙලා වැරදි නොකරන්නේ. දියුණු රටවල නීති තදයි. දඩ අහස උසට. වැරදි අඩුයි. කළොත් ගැළවිමක් නැහැ. (නි)

:       0       0

සමින්ද Tuesday, 13 September 2016 06:01 AM

මෙවන් ඉරණමක් කෙසේවෙතත් කවදාහරි මැරෙනවා කියාත්, පරලොවක් තිබෙනවා කියාත් කවුරුවත් හිතාගෙන ඉන්නෙ නැතුව ඇති. (නි)

:       0       0

රණසිංහ Tuesday, 13 September 2016 06:17 AM

හිරුණිකා දිරිය දියණියක් (නි)

:       0       0

ධනපාල Tuesday, 13 September 2016 06:16 AM

විමුක්ති, එහෙම හිතන්න තරම් විඥානයක් ඇත්නම් මිනිමැරුම් චෝදනාවකට හිරේ යයිද? (නි)

:       0       0

ශාන්ත Tuesday, 13 September 2016 06:29 AM

ප්‍රතිචාර බැලුවහම පේනවා ලංකාවේ මිනිස්සු මිනිස් ඝාතන වලට කොතරම් කැමතිද කියලා. බොහෝදෙනෙක් මේ ඝාතනය සාධාරනීකරණය කර තිබෙනවා. ඒ වුණාට කියන්නේ නම් බෞද්ධ රට කියලා (නි)

:       0       0

අචිර Tuesday, 13 September 2016 07:02 AM

වරදක් කළොත් දඬුවම් ලැබීම බොරු කියන්න කාටවත් බැහැ (නි)

:       0       0

රොෂාන් Tuesday, 13 September 2016 07:05 AM

ඉෂාන්, එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්න ඔය පක්ෂ තුනේම අය ප්‍රකෝටිපතියෝ වෙලා ඉන්නේ සාධාරණව දාඩිය මහන්සියෙන් හම්බකරපු දේවල් වලින්මද? තමන්ගේ මඩිය තරකර ගත්ත එක විතරයි වුණේ. මම කියන්නේ බොරුවක්ද? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 13 September 2016 07:07 AM

මගේ දුවලා දෙන්නත් මෙවැනිම ඛේදවාචකයකට මුහුණ දුන්නා. ඒත් වැරදිකරුවන් අදටත් නිදැල්ලේ පසුවෙනවා. ඒ තමයි දේශපාලන හයියක් නොමැතිකම සහ අසරණකම. වේදනාව,දුක දුප්පත් පොහොසත් බේදයකින් බෙදා වෙන්කළ නොහැකියි. එය කාටත් පොදුයි. (නි)

:       0       0

සනත් ඉන්දික Monday, 12 September 2016 02:30 PM

අවි ගත්තෝ අවියෙන් නසිති. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 13 September 2016 07:32 AM

පුළුවන්කමක් තිබෙනවා නම් මේ පින්තූරය විශාලකර මේ අළුගෝසු වැඩේ කර දැනට මරණ දණ්ඩනයට යටත් වී සිටින අයගේ සිරකූඩුවල සවි කරන්න. එතකොට තමයි ඔවුන් මොහොතක් පාසා නොමැරී මැරෙන්නේ (නි)

:       0       0

ජනක Tuesday, 13 September 2016 08:00 AM

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය,: ඔවුන් එසේ පසුතැවෙන සිත් ඇති පුද්ගලයින් කියා මම නොසිතමි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 13 September 2016 08:10 AM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති කියනවනේ. කොළොන්නාවේ අය හැමදේම හොඳට දන්නවා. (නි)

:       0       0

අවිනාශ් Tuesday, 13 September 2016 08:10 AM

හිරුනිකා දියණිය, ඔබට මේ සියළු අභියෝග ජයගන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

ශාන්ත Tuesday, 13 September 2016 08:55 AM

වහල්භාවය ඉල්ලන්නෝ තවත් සිටින බව සමහර ප්‍රතිචාර වලින් පේනවා (බ)

:       0       0

බෙනට් Tuesday, 13 September 2016 09:10 AM

ශාන්ත, ලංකාවේ අය මිනිමැරුම් වලට කැමති නැත. මෙහි එයට පක්ෂව විවිධ නම් වලින් අදහස් දමා ඇත්තේ එකම පුද්ගලයෙකු බව පෙනේ. (බ)

:       0       0

චන්ද්‍රසිරි සෙනෙවිරත්න Tuesday, 13 September 2016 09:31 AM

දැන් සමහරු කතා කරන්නේ නඩු තී්න්දුවේ අඩුපාඩු ගැන එහෙම කතා කරන අය කියනවා ඇපිල් එකෙන් එළීයට එයි කියලා. ස්වභාව යුක්ති නිතිය අනුව දුමින්ද මේ සිද්ධියෙන් බේරා ගන්න ගත් වෙසෙස කොතරම් අසාධාරණද කියලා මිනිසුන් කල්පනා නොකරන්නේ ඇයි? අපි දේශපාලන වශයෙන් අඳබාලයෝ. (බ)

:       0       0

තිවංක Tuesday, 13 September 2016 09:32 AM

ඒක තමා රොෂාන්, කළකම් පළදේ. (බ)

:       0       0

කමනි Tuesday, 13 September 2016 09:37 AM

හැම පෝයකටම සිල් ගත්ත කෙනෙකුටත් මෙහෙම වුනානේ. (ර)

:       0       0

චාමර Tuesday, 13 September 2016 09:54 AM

ශාන්ත මෙතන මොනවා ලිව්වත් මිනිස්සු 99% ක්ම කැමතියි වුනදේට. (ර)

:       0       0

ජයතු Monday, 12 September 2016 05:39 PM

මහින්දගේ රජය තිබුනා නම් දුමින්ගේ ඉරණම වෙනස් වනු ඇත (නි)

:       0       0

ලක්මාල් Monday, 12 September 2016 06:34 PM

සනත් හරි. අවිගත්තෝ අවියෙන්ම නසිති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 91 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 521 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 485 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1358 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7284 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 125 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site