IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මරාගෙන මැරෙන බෝම්බෙ ගැන ජී.ඇල්ගෙන් ප්‍රකාශයක් ගනී

යාපනය චාවකච්චේරියෙන් හමු වූ ආයුධ කොළඹට ගෙන ඒමට තිබූ ඒවා බවට තොරුතරු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් පෙරදින මාධ්‍ය සාකච්ඡාවක දී කළ ප්‍රකාශය ගැන පරීක්ෂණ පවත්වා ඔහු දන්නා තොරතුරු ලබා ගන්නා ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා   ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලීමක් කළේය.

යුද්ධයෙන් පසු මෙවැනි දෑ මීට පෙරද හමුවුවද පීරිස් මහතා ඒ ගැන කිසිවක් කියා නැති බවත්, එසේ කියනුයේ ඔහු මෙම සිද්ධිය හොඳ හැටි දන්නා නිසා විය හැකි බවත්, ඔහු දන්නා තොරතුරු ලබා ගැනීම විමර්ශනවලට ද සහායක් වනු ඇති බවත් කරුණාතිලක මහතා කීවේය.

පීරිස් මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට සිදුවනු ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කීවේය.

‘බලධාරීන් මර නින්දේ යැයි සමහරුන් කියනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි සමහරුන් කියනවා. බලධාරීන් මර නින්දේ හිටියා නම් මෙවැනි දේ  හමු වෙන්නේ නැහැනේ. බුද්ධි අංශ, පොලිසිය, හමුදාව සහ සියලු වගකිවයුතු පාර්ශ්ව හොඳ අවධානයෙන් හා අවදියෙන්  ඉන්නවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න දෙන්නේ නෑ.‘ යැයි ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

රාජපක්ෂලාගේ පැවැත්ම රඳා පවතින්නේ මෙවැනි දෑ මත බවත්, යළි කළබව ඇති වෙයි කියා ඔවුන් බලා සිටියත් එවැනි දේට යළි ඉඩක් නොලැබෙන බවත් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කීවේය.

(වීඩියෝ කෞෂල්‍ය සමින්ද)

Karunasena-Hettiarachchi



අදහස් (0)

මරාගෙන මැරෙන බෝම්බෙ ගැන ජී.ඇල්ගෙන් ප්‍රකාශයක් ගනී

සෑම් Thursday, 31 March 2016 03:19 PM

බොරුකතා කියනවට වහාම පියවර ගන්න.(කෞ)

:       0       0

දුමින්ද Thursday, 31 March 2016 09:27 AM

වසර 30ක කුරිරු යුද්ධයේ නපුරු සිහිනය යළි දැකීමට නොලැබේවා! (නි)

:       0       0

ශශික Thursday, 31 March 2016 09:34 AM

අපිට නම් මේවා අලුත් බඩු විදිහටයි පෙනෙන්නේ. වළලලා තිබුණ ඒවා නෙමෙයි. අලුත්ම පත්තරේක නේද ඔතලා තිබුනේ. දැන් දුක මේවා අහුවුණ එකටද? නැත්නම් මාධ්‍ය වලට නිරාවරණය වුණ එකටද..? (නි)

:       0       0

අර්ජුන රණවන Thursday, 31 March 2016 09:51 AM

පැවැත්ම රඳා පවතින්නේ මෙවැනි දෑ මතය (බ)

:       0       0

වික්‍රම Thursday, 31 March 2016 09:56 AM

මහත්තයෝ, ජී එල් ගෙන් නෙමෙයි ඔය කොටියාගෙන් ප්‍රශ්න කරන්න,(බ)

:       0       0

ලංකා Thursday, 31 March 2016 10:02 AM

සමහරු හැමදේටම තඩිබාන්නේ රාජපක්‍ෂ මුව හමටය​. ඒ ඔවුන් තුළ ඇති අධිතක්සේරුව හා හීනමානයටය​. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 31 March 2016 10:15 AM

රජයත්, බුද්ධි අංශත් නොදන්නා දේවල් රජයේ හිටපු ඇමතිවරු "පේන බැලීම්" මඟින් දැනගෙන රටට හෙළිකිරීමේ ක්‍රමය මොකද්ද ? වේදිකා මත ගිරිය කඩාගෙන කෑ ගසා, දෙවියන් ඉදිරියේ හොරපොල් ගසා, රටේ තියෙන හැම දේවාලයක් ගානෙම ගම්මිරිස් අඹරා මහජන ඡන්දෙන් බලයට පත්කරගත් යහපාලන රජය පෙරළා දැමීමට බැරිවුණ තැන දැන් "මහජන භීතියක්" රටේ ඇතිකර රජය අපකීර්තියට පත් කිරීමද මේ බලාපොරොත්තුවන්නේ? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 31 March 2016 10:26 AM

මේ විදියේ කතා වලට මහජනතාව බය කරන්න බැහැ. (නි)

:       0       0

ජයරත්න‍ Thursday, 31 March 2016 10:35 AM

හිටපු ජනාධිපතිතුමා කොටින්ට මුදල් දුන්නා කියපු අයගෙනුත් ඔයවගේ ප්‍රශ්න කළාද? කරුණාකර දේශපාලන පළිගැනීම් නවතා රටේ ආරක්ෂාව තහවුරු කරන්න. (නි)

:       0       0

මලිත් Thursday, 31 March 2016 07:21 PM

ගරු ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමා ඊයේ ප්‍රකාශ කළේ මෙම ආයුධ පැරණි ආයුධ බවත් බියවීමට කාරණාවක් නැති බවත්ය. අද උදෑසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ මෙම ඇඳුම් කට්ටල අළුත් ඒවා බවයි. කරුණාකර පරීක්ෂණ පැවැත්වීමකින් තොරව නිගමන එළිදැක්වීමෙන් වළකින්න. ජාතික ආරක්ෂාවට දේශපාලනය ගාවාගන්න එපා (නි)

:       0       0

පරාක්‍රම Thursday, 31 March 2016 10:42 AM

අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීම සඳහා මේ ගැන දන්නා බව කියා ඇති අයගෙන්ම විමසා කටයුතු කිරීම හොඳයි නේද? මොකක්හරි ඇවිස්සීමක් කිරීමට ගැසූ "පොඩි තුරුම්පුවක්" නොවෙයි නම් එතුමන්ලා දන්නා නිවැරදි තොරතුරු දෙයි නේද? එහෙම නැත්නම් වැදගත් පුද්ගලයෙක් ආවාට ගියාට වචන පාවිච්චි කරන එක හොඳ නැහැ නේද? (නි)

:       0       0

සනත් නාකලන්ද Thursday, 31 March 2016 10:45 AM

මොනව වුණත් රාජපක්ෂලට තියන බයක් (බ)

:       0       0

පාටලී Thursday, 31 March 2016 11:09 AM

වි්‍ක්‍රම නියම පිළිතුර (බ)

:       0       0

මුණසිංහ Thursday, 31 March 2016 11:39 AM

මේක අල්ල ගෙන තියෙන්නේ කොටියාගේ බිරිද දීපු ඔත්තුවක් නිසා. (බ)

:       0       0

රුවන් Thursday, 31 March 2016 12:45 PM

නරකද කරුණා අම්මාන්, පිල්ලයාන් සහ කේපී ලාගෙන් ප්‍රශ්න කලොත්. තවත් මෙවනි අවි ආයුධ පුපුරණ දේ ඉදිරියේදි මතුවෙන්නට පුලුවනි. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 0 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 636 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1515 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3398 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1773 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site