ශාසනික සේවය, අවංකකම හා මහජන සේවය වෙනුවෙන් මීරිගම තිදෙනෙක් උපහාර ලදහ.
මරදන්කල්ලේ සුසීම හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක හා මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා ඔවුහුය.
ශාසනික මෙහෙවර වෙනුවෙන් සුසීම හිමියෝ ද, ජනතා සේවය වෙනුවෙන් සේනානායක මහතාද මේ උපහාරයට ලක් වූහ.
ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පැවුසවේ පොලිස් ස්ථාන 34කින් යුත් තම බල ප්‍රදේශයේ හොඳම ස්ථානාධිපති එරික් පෙරේරා මහතා බවයි.
යුද බිමේදී නිර්භීතව සටන් කළ ඔහු පොලිස් රාජකාරිය අවංකවත්, අල්ලස හා දූෂණයෙන් තොරවත් ඉටු කරන බව ගුණවර්ධන මහතා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද අපරාධකරුවන් සම්බන්ධයෙන් පොලීසියට කිසිම බලපෑමක් නොකරතියි ද ඔහු සඳහන් කළේය.
‘දැන් පොලීසියට පහර දීමේ රැල්ලක් ඇතිවේගය එනවා. කිසිමවිටක මගේ නිලධාරීන් ගුටි කන්න බැහැ. පොලීසිය පහර කීවාම අහිංසක අසරණ ජනතාවට යන්න විශ්වාසවන්ත තැනක් නැතිව යනවා. කප්පම්කරුවන්, මත් උවදුරේ යෙදෙන්නන්, මිනීමරුවන් මේ සමාජයෙන් තුරන් කළ යුතුයි. ඒ සඳහා එරික් පෙරේරා වැනි ස්ථානාධිපතිවරුන් මට අවශ්‍යයි.‘
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මීරිගම සී.අයිට මහජන උපහාර
චමින්ද Sunday, 05 May 2013 10:28 PM
පුදුම හිතෙන සන්තෝෂයක්. ඇත්තෙන්ම ආඩම්බරයක් ඉඳාල හිටලා මෙවෙනි පුවත් ඇහීමත්.(නදී)
කුමුදු Sunday, 05 May 2013 11:07 PM
මේ වගේ අවංක නිලදාරීන් දිරිගන්වන්න අවශ්‍යයි. පොලිසියේ හොඳක් අහන්න ලැබුනාම සතුටුයි. ඒත් කවුරු හරි ජරා වැඩක් කලාම මුළු පොලිසියම ලජ්ජාවට පත් වෙනවා. ඔබට දීර්ගායු වේවා!(නදී)
ජනක Sunday, 05 May 2013 11:15 PM
මීරිගම අපිට ආඩම්බරයි. ජයවේවා!(නදී)
රන්ජනී Monday, 06 May 2013 12:52 PM
අපේ ගම ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා මීරිගම පොලිසියට දිගු කලක් දිගු ගමනක් යන්න ඔබතුමාට දේව ආරක්ෂව ප්‍රර්ථනා කරනවා වගේම මිරීගමට ලබපු ලොකුම සම්මානයක්,..සුබ පැතුම්!(ස)
උපාලි Monday, 06 May 2013 12:33 AM
මෙහෙම මහජන උපහාර ලබන කොට බය හිතෙනවා. අනික් දෙන්න ගැන නම් බයක් නැහැ. ඒත් එරික් මහත්තයට? ඒ මොකද, ඔය වගේ එඩිතර නිලධාරීන් නුරුස්සන, සාක්කුවට දාගන්න, බැරි වුනොත් විනාශ කරන්න බලාගෙන ඉන්න බලධාරීන් අවට ඉන්නවා. වසන්ත මන්ත්‍රීතුමා ඉන්න තුරු නම් ප්‍රශ්නයක් නැති වෙයි. (නදී)
එදිරි Monday, 06 May 2013 12:37 AM
නියමඊ එරික්, මීරිගම ඉන්නා චන්ඩි ටික මට්ටුකරන්න. අහිංසක අපේ ගමේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න. දේශපාලුවන්ට යටත් වෙන්න නම් එපා. මන් දන්නවා ඔබ හොද බොක්ෂර් කෙනෙක් කියලා. නීතියෙන් සහ අතින් පයින් අවශ්‍ය තැනැට යොදවන්න. අපිට ආඩම්බරයි. මොකද මගේ ත්ත්තත් හොද පොලිස් කාරයෙක් පගා ගහන්නැති. අම්ම ජොබ් එකක් කරපු කෙනෙක් නිසා අපි ගෙයක් හදාගත්තා.(නදී)
විරාජ් Monday, 06 May 2013 12:39 AM
සම්මානයට පාත්‍ර විය යුතු කෙනෙකුට මේ සම්මානය ලැබුන නම් බොහොම හොදයි. අගය කල යුතු කටයුත්තක්, අපි මේ ගැන හරියටම නොදන්නා නිසයි එහෙම කිව්වේ. වාස් ගුනවර්දන මහත්තයාගේ පුත්‍ර රත්නය නම් මාලබේ කැම්පෙස් එකේ කොල්ලෙක්ට තඩි බාල හොදට හිටියා.(නදී)
පැටී Monday, 06 May 2013 07:23 PM
පොලිසියේ ඔය වගේ අවංකව සේවය කරන අයව අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. නැත්නම් ඔය වගේ දක්ෂ නිලදාරීන් අපිට ,අපේ රටට නැතිවෙනවා. ඔබට සුබ අනාගතයක්. (නි)
චතුල වෙරෝනා Monday, 06 May 2013 03:04 AM
මිහිරි ගම මිහිරි ජීවිතයක් ගතකලාට කමක් නෑ. නහය පරිස්සමට දේශපාලකයන්ගෙන්.(නදී)
රංජනී Monday, 06 May 2013 01:32 PM
ඔය වගේ හැමෝම අවංකව වැඩ කලා නම් ලංකාවත් මෙහෙ (එංගලන්ත) පොලිසි වගේ.මගේ ගම ගැන පුදුම සතුටක් දැනෙනවා. (නි)
අරුණ Monday, 06 May 2013 07:56 AM
අපට ඔබ ආඩම්බරයක්. (නි)
හේමන්ත Monday, 06 May 2013 08:07 AM
හොද උත්සවයක්. අපේ ප්‍රණාමය.(නදී)
සෙනෙවී Monday, 06 May 2013 09:21 AM
පොලිසිය සියලු දෙන 100% අවංක විය යුතු බව මගේ විස්වාසය. එය එසේම විය යුතුයි අනිවාර්යයෙන්ම . එක අයකුට ඇයි සම්මාන ? අනෙක් අය එසේ නොකරනවා නම් පොලිස් දෙපාර්තමේන්තුවේම ලොකු අඩුවක්. ඉතින් කාට කියන්නද මේවා . අනික් සම්මාන අනුමත කරන අතර පොලිසියට දීපු එක අනුමත නොකරමි. බුදු සරණයි.(නදී)
චමිල Monday, 06 May 2013 09:30 AM
පොලිස් ස්ථාන හතරකටම එක්කෙනෙක් වීම ආඩම්බරයි. මීරිගම අපෙන් ඔබට සුබ පැතුම්.. !(ස)
ක්‍රිෂ් Monday, 06 May 2013 09:43 AM
ඔබගේ සේවයට අපගේ උපහාරය !(ස)
පෙරේරා Monday, 06 May 2013 09:56 AM
ඉතාම හොද වෙඩක් ... මම ලංකාවේ නැති උනත් ඔබ තුමාගේ හොද වැඩ ගැන හොදින් අහල තියෙනවා .... මගේ සුබ පැතුම් ... දිගු කාලයක් මීරිගම සහ ලංකාවේ ජනතාවට සේවය කරන්න ලැබෙන්න ඕනේ ඔබ තුමාට ....(ස)
හර්ෂණ Monday, 06 May 2013 10:05 AM
පිදිය යුත්තන්ට පිදිය යුතුයි.(නදී)
අන්දරේ Monday, 06 May 2013 02:55 PM
පොලිස් ස්තානාදිපතිතුමව කැලණියට මාරු කරන්න. එතුමා හොඳ එහෙට. (ස)
පද්මිනී Monday, 06 May 2013 10:49 AM
අවංක මහජන සේවකයෝ සොයන එක කළුනික සොයනවා වගේ වැඩක් බව මේ සිද්දියෙන් පේනවා.එහෙම එක සිදුවිමක හරි අහන්ට ලැබීමත් සතුටක්.(ස)
දයා අළහකෝන් Sunday, 05 May 2013 06:29 PM
උතුම් කාර්යයක්. බොහොම හොදයි. (නි)
දෙලායි Monday, 06 May 2013 03:50 PM
සිරිලක් වැසියනට බොහොම සන්තෝසයි. පොලීසියට ජය! (ස)
දිල්ෂාන් Sunday, 05 May 2013 06:33 PM
මේ වගේ අවංක නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. කොන්ද කෙලින් තියාගන වැඩකරන නිලධාරියෙක්. ඔබට ජය ශ්‍රී! (නි)
ලහිරු Monday, 06 May 2013 11:05 AM
''හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි''(ස)
අනුර Sunday, 05 May 2013 06:58 PM
සුබ පැතුම්! (නි)
සිසිර Sunday, 05 May 2013 08:45 PM
පුදුම හිතෙන කතාවක්.(නදී)
ආනන්ද ආර් Sunday, 05 May 2013 09:14 PM
දැන් මීරිගම වැඩ දාපු කට්ටිය අසරණ වෙලාද? (ත)
කුරුවිට Sunday, 05 May 2013 10:03 PM
පොලිස් ස්ථාන හකරටම අවංක නිලධාරීන් එක්කෙනයිද? ඔබකුමාට ජාතියේ උපහාර.(නදී)