IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මුරුංගයි බතුයි කා බොක්සිං දිනයි

‘මුරුංගා හොද්දයි බතුයි කාලා බොක්සිං ගහන්න පුරුදු වුණා. මීට කලින් කොළඹ ගිහින් නෑ. කොළඹ යන්න බයකුත් දැණුනා. ඒත් අපි දිණුවා. ‘ ජාතික පාසල් බොක්සිං තරඟාවලියේ රන් පදක්කමක් දිනූ ඇලහැර කනිටු විදුහල් අටවැනි වසරේ ආර් එම් මලික් මධුසංඛ බණ්ඩාර චන්ද්‍රසේන (13) කියයි. එම විදුහලේ දහ වැනි වසරේ එල් අකිල ඉන්ද්‍රජිත් පෙරේරා ද පාසලට තවත් රන් පදක්කමක් දිනා දුන්නේය. පදක්කම් දෙකම දිනා ඔවුහු බසයෙන් ගෙදර ආහ. බුද්ධික කලුබෝවිල මහතා ඔවුන්ගේ පුහුණුකරුයි.   ආර්.එම්. මලිත් මධුෂංක බණ්ඩාර චන්ද්‍රරත්න, මිනිපුරගම, අතරගල්ලෑව, ඇලහැර. එල්. අකිල ඉන්ද්‍රජිත් පෙරේරා, වෙලංකටුවගම, ඇලහැර  



අදහස් (0)

මුරුංගයි බතුයි කා බොක්සිං දිනයි

රම්‍යා Thursday, 27 September 2012 04:44 PM

කවුරු කවුරුත් මුරුංගා ගැන නොව මේ ළමයින්ගේ ජයග්‍රහණ ගැන කතා කළොත් හොදයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 01:28 PM

ඔවු හසිත්, මුදලිහාමිගේ කතාව වගේමයි. (නි)

:       0       0

පියල් Thursday, 27 September 2012 10:35 PM

මුරුංගා කිරට උයපුවහම හොද්ද පුදුම රසයක් තියෙන්නේ. තව පොඩි ඉස්සෝ මුරුංගා දළු එක්ක තෙල් දාපුවම තියෙන රස මතක් වෙද්දී දැනුත් කටට කෙළ උනනවා . ඉස්සර අපේ වත්තේ වැට දිගටම මුරුංග ගස් තිබුනේ පෝලිමට. ගමේම මිනිස්සු ඇවිත් කඩන් යනවා. නමුත් දැන් නම් වැට මායිම් වල මුරුංග ගස් නැහැ. ගමේ මිනිස්සු අපේ වත්තෙන් නිකන් කඩන් ගිය මුරුංගා දැන් අපිටත් සල්ලි වලට ගන්න වෙලා . පිට රටක ඉදිද්දි තමයි ලංකාවේදී අම්මා කන්න දුන්න ලංකාවේ කෑම මතක් වෙන්නේ. මේ පොඩි පැටවුත් ලොකු වෙලා අපි වගේම ප්‍රතිචාර දාන්න නොලැබේවා කියල පතනවා. කොළඹ ගියේ පළමු වතාවට කියන කොලු පැටවුන්ට ගම අමතක වෙන එකක් නැහැ කියලා හිතනවා . (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 27 September 2012 01:34 PM

මම හිතන්නේ නැහැ

:       0       0

සරත් Thursday, 27 September 2012 01:40 PM

පෝෂණයෙන් ඉහලද

:       0       0

කිර්ති Thursday, 27 September 2012 01:35 PM

පුදුමයි ඒත් ඇත්තයි

:       0       0

ගලබඩ Friday, 28 September 2012 05:19 PM

නෝනලා කැමැත්තෙන්ම විවාහක අයට උයලා දෙන්න ඇති (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 05:19 PM

එසැණට ස්තුතියි මේ අය හදුන්වාදුන්නට...!(නු)

:       0       0

රම්‍යා Thursday, 27 September 2012 01:39 PM

ඔය චීස් බටර් වල‍ට වඩා මුරුංගයි බතුයි හොඳයි පුතේ‍‍....ඔබලාට ජය..(ස)

:       0       0

රංජිත් Thursday, 27 September 2012 11:19 PM

මුරුංගා ගොඩක් කෑවහම මදන මෝද‍කේ කෑවා වගේ තමයි. (නි)

:       0       0

කිත්සිරි Thursday, 27 September 2012 01:59 PM

තව තවත් ජයග්‍රහණ කරා යන්නට ශක්තිය ලැබේවා (ස)

:       0       0

නයනා Thursday, 27 September 2012 02:01 PM

මමත් ට්‍රයි කරන්න ඕනේ

:       0       0

රම්‍යා Friday, 28 September 2012 12:30 PM

ලක්ෂ්මන් ,ඔබ හරි .....මේ අහිංසක ළමයට කිසි ගෞරවයක් නෑ...පව් (ස)

:       0       0

ආනන්ද Thursday, 27 September 2012 05:54 PM

වස විස නැති කෑම කා හැදෙන මේ පොඩ්‍ඩන් දේශපාලුවන්ගෙන් රැකගන්න. (නි)

:       0       0

ආනන්ද Thursday, 27 September 2012 05:55 PM

පුහුණුකරුවන්ට අපේ උපහාරය! මේ පොඩි අය දේශපාලුවන්ගෙන් රැකගන්න. (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 27 September 2012 05:56 PM

මේක කොළඹ පැත්තේ පාසලක වුණා නම් ඔවුන් අද යන්නේ බෙන්ස් කාර් වලින්. (නි)

:       0       0

ලලිත් Thursday, 27 September 2012 02:11 PM

ඇත්තටම පුලුවන්ද

:       0       0

රමය Thursday, 27 September 2012 02:22 PM

ඒ ජාති දෙක විතරක්

:       0       0

ලලිත් Thursday, 27 September 2012 02:20 PM

මම කැමතිම කෑමක් තමය මුරුංග

:       0       0

රාජා Thursday, 27 September 2012 11:20 AM

ඉදිරියේ තව තවත් ජයග්‍රහන ලබන්න ඔබලාට හැකි වේවා!! ලද ජයග්‍රහනයට ප්‍රණාමය. (ස)

:       0       0

හෂාන් Thursday, 27 September 2012 02:26 PM

පෝෂණීය ආහාර වේලක්

:       0       0

යොහාන් Thursday, 27 September 2012 02:22 PM

මුරුංගා ශරීරය උණුසුම් කරනවා..(ස)

:       0       0

හසිත් Thursday, 27 September 2012 11:28 AM

අපේ කාලේ සිංහල පොතේ තිබුණ මිටර් 100 කියන පාඩම මතක් වුණා (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 27 September 2012 11:21 AM

මස් මාංස වලින් ඉවත්වී ඔබ ලැබූ ඡයග්‍රහණය අති විශීෂ්ටයි...!! රටේ අනෙකූත් ක්‍රීඩකයින්ටත් ආදර්ශයක් එක්කල ඔබ දෙපලට ඉදිරියටම යන්න සුබ පතනවා......!! (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 01:07 PM

ඉදිරියට යන්න, රටටම ආඩම්බරයක් , ඒත් ආපු මගේ කාපු කටු අමතක කරන්න එපා....(ස)

:       0       0

සරත් Thursday, 27 September 2012 11:28 AM

ඔබ දෙදෙනාට තව තවත් ජයග්‍රහණ ලැබෙන්න ඕනි..(ස)

:       0       0

පෙරේරා Thursday, 27 September 2012 11:29 AM

මේ දක්ෂ දරුවෝ .මේ අයට උපකාර කරන්න පුළුවන් අය උපකාර කල යුතුයි. දෙදෙනාටම දින දින ජය පතනවා. ඔයාලා දෙන්නට ක්‍රීඩාවෙන් ඉහලටම යන්න මගේ සුබ පැතුම් (ස)

:       0       0

මිනෝලි Thursday, 27 September 2012 06:29 PM

පෝෂ්‍ය දායි ආහාර

:       0       0

වසන්ත Thursday, 27 September 2012 02:38 PM

ඔබ දෙපලට ඔලිම්පික් රන් පදක්කම් දිනාගන්න වාසනාව ලැබේවා !!!!!!!(ස)

:       0       0

එරංග Friday, 28 September 2012 05:23 AM

සුභපැතුම්

:       0       0

අශාන් Thursday, 27 September 2012 11:39 AM

ඔබ දෙපලට සුබ පැතුම් .මේ වගේ අහිංසක දරුවන්ට කවුරු හෝ උදව් කරනවානම්....(ස)

:       0       0

කුමාරි Friday, 28 September 2012 05:51 AM

ආ ... හා.... මුරුංගා මාර ගුණ කෑමක් කියලා දැන් වෛද්‍ය සභාව නිර්දේශ කරාවි නේද? (නි)

:       0       0

හර්ෂ Thursday, 27 September 2012 11:43 AM

හසිත කොයි කාලෙද දන්නෙ නැහැ නේද? අපේ කාලෙ නම් එහෙම පාඩමක් තිබුණෙ නැහැ..! (නු)

:       0       0

ප්‍රියදර්ශණ Thursday, 27 September 2012 11:49 AM

අඩිෂ්ටන්ය, කැපවීම තිබේ නම් ඔය කියන ඊනියා සුක්පොඅබෝගියි කියන ආහාර වෙළඳ මාෆියාවට දන හෝ නොදැන කරන පුහු මහන්තවය ගැන හීතනවා තීයා කතා කරනවත් එපා . අපේ රටේ ගහේ කොලේ තියන ශක්තිය අප්‍රමාණයි ඔබලාට තුනුරුවන්ගේ ශක්තිය ලැබේවා ... (නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 27 September 2012 11:50 AM

හොද දක්ෂ දරුවො ඉන්නවා ගම්වල.. අකාලයේ පරවෙලා යන්න දෙන්න එපා.. මේ අයට උදව් කරන්න.. ඇමතිතුමනි.. ඔබට බාරයි..! (නු)

:       0       0

රුවන් Thursday, 27 September 2012 11:51 AM

බොක්සිං වගේද රාත්‍රී කාර් තරග.. (නු)

:       0       0

සිසිර Thursday, 27 September 2012 02:50 PM

ඇත්තටම දුකයි . ක්‍රිකට් ගැහුවානම් පුතාලට හොඳට සලකාවි ? මේකද ආශ්චර්‍යය (ස)

:       0       0

රුවන් Thursday, 27 September 2012 11:56 AM

තුණුරුවන් පිහිටෙන් ජය පිට ජයම ලැබේවා..! (නු)

:       0       0

රොෂාන් කොඩිකාර Thursday, 27 September 2012 11:58 AM

මස් මාංශ කන්නම ඕන නැහැ. සුදු මහත්තයෙක් කියලා තියෙන්නේ ලංකාව ශාක භක්ෂකයන්ගේ දිව්‍ය ලෝකය කියලා.. චින්තන විදාන පතිරණ එයත් ශාක භක්ෂක කෙනෙක් නේ.. මේ ළමයින්ට මම සුභ පතනවා..! (නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 02:52 PM

මම හසිත් සමඟ එකඟයි , (ස)

:       0       0

බණ්ඩාර Thursday, 27 September 2012 12:01 PM

ගමේ කොල්ලන්ට ජය වේවා.. (නු)

:       0       0

රංජි ඩුබායි Thursday, 27 September 2012 11:57 AM

මුදලිහාමි දිව්ව මීටර් 100 මතක් උනා.එදිරියටම යන්න පුතාල ඔබට සහ ගුරුතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා ! (නු)

:       0       0

උපාලි Thursday, 27 September 2012 11:58 AM

පුතාලට ජයෙන් ජය අත් වේවා.. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් මුරුංගා හොදි දුන්නොත් හයේ පාර වැඩියෙන් ගහයි (නු)

:       0       0

සුනිල් Thursday, 27 September 2012 12:04 PM

පුතාලට ජයෙන් ජය අත් වේවා.. ! (නු)

:       0       0

සමන් බහරේන් Thursday, 27 September 2012 12:04 PM

මේ දෙන්නා හොද බොක්ෂිං ක්‍රීඩකයෝ වෙයි..! (නු)

:       0       0

උදිත Thursday, 27 September 2012 11:58 AM

නියමයි. අමාරුවෙන් තමයි නැගිටින්න ඕන. නැතුව රෝස මල් උඩින් ගිහින් ලෝකය දිනන්න බැහැ පුතේ. කොපමණ ගල් බොරළු තිබුනත් අතර මග යා යුතු තැනට යනවාමයි ගලන ගඟ (නු)

:       0       0

චාටන් Thursday, 27 September 2012 12:01 PM

කන බොන දේවල් ගැන හොයන්නේ මට හිතෙන හැටියට ලංකාවෙ වෙන්න ඇති.. මුරුංගා පහත් කෑමක් නෙමෙයි..? (නු)

:       0       0

ටී. තිලකරත්න Thursday, 27 September 2012 12:02 PM

උත්සාහ වන්තයා ජයගනී.. දිගු ගමනකට සුභ පැතුම්..! (නු)

:       0       0

වරුණ Thursday, 27 September 2012 12:06 PM

සුභ අනාගතයක්...! තෙරුවන් සරණයි..! (නු)

:       0       0

අමල් Thursday, 27 September 2012 12:11 PM

මාලක සිල්වා වගේ අය තමයි නියම වීරයෝ

:       0       0

දිනේන්ද්‍ර Thursday, 27 September 2012 12:24 PM

ඔබ දෙපලට ඉදිරියට යන්න සුභ පතනවා..අනාගතේ රටට කීර්තියක් ලබාදීමට හැකිවේවායි අවංකව ප්‍රාර්ථනා කරනවා..! (නු)

:       0       0

හේරත් Saturday, 29 September 2012 04:21 PM

ලස්සන කියුම් ටිකක්. අනේ ඇත්තට, මේ ළමයි දෙන්නට පෝෂණ සලාකයක් දෙන්න බැරිද? කතා එපා. දෙමුද ඔක්කොම එකතු වෙලා සපෝට් එකක්? කරලම පෙන්නමු. විස්තර හොයලා උදවු කන්න අපිට පුලුවන්. එදාට අපි ඔක්කොටම සන්තෝෂ හිතෙයි. (නි)

:       0       0

හේරත් Saturday, 29 September 2012 04:28 PM

මෙතන මාතෘකාව මුරුංගද ,ඇළහැරද? (නි)

:       0       0

ආරිස් Thursday, 27 September 2012 03:51 PM

දැන් ඉතින් මුරුංගාවල මිල ඉහල යයි..(ස)

:       0       0

ශාන්ති Thursday, 27 September 2012 03:44 PM

සෝසේජස් කාලා සෙල්ලම් කළාට වැඩිය කොච්චර අගේද? (නි)

:       0       0

ලලිත් Friday, 28 September 2012 02:47 PM

මුරුංගා කෑවට කමක් නෑ...ඒත් මේ ළමයි දෙන්නවා මුරුංග අත්තේ තියන්න එපා දක්ෂ ළමයි දෙන්නෙක්, පුළුවන්නම් ඉගෙන ගන්න ආධාර කරමු (ස)

:       0       0

මධු Thursday, 27 September 2012 12:38 PM

 ලොකු ලොකු පුටුවල ඉන්නෙත් මේ වගේ ගම් වලින් ආපු අය තමයි..! (නු)

:       0       0

ලලිත් Friday, 28 September 2012 02:53 PM

මුරුංග කාපු බව කියලා තියෙන්නේ ඒ ළමයින්ගේ දුප්පත් බව කියන්න මිසක් මුරුංග වල ශක්තිය පෙන්වන්න නෙමෙයි‍‍‍ ....මුරුංගවල මිල ඉහල යයි.. බලාගෙන (ස)

:       0       0

සිරිපාල Thursday, 27 September 2012 12:47 PM

මුරුංගා හොදියි කට්ට සම්බලුකුයි කන්න තියෙනව නම් කියලා වැඩක් නෑනේ....... සුභ පැතුම් තුන් දෙනාටම.... (නු)

:       0       0

ලසන්ත Friday, 28 September 2012 03:14 PM

තව ඉදිරියට යන්න ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේවා (ස)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 09:19 PM

සිසිරගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)

:       0       0

සිංහ Thursday, 27 September 2012 04:11 PM

ගමේ උපන් අහිංසක ජාතියේ පුතුන්ට බුදු සරණයි! (නි)

:       0       0

පනාගොඩ මිලානෝ Thursday, 27 September 2012 01:07 PM

ලක් දරුවනේ ඔබට ජය.. ඔය මළකුණු කනවාට වඩා මේ ආහාර ඉතාම ගුණවත්..! (නු)

:       0       0

සුමාලිකා Thursday, 27 September 2012 01:03 PM

මුරැංගා කියන්නේ ඉතාම හොද කෑමක්නේ..! (නු)

:       0       0

පෙරේරා Thursday, 27 September 2012 04:20 PM

කැකිරාවේ, දොඹෑව ඉස්කොලේ, රන්බන්ඩාගේ මුදලිහාමි පරපුරේ අලුත් සාමාජිකයෝ (ස)

:       0       0

දයා සෞදි Thursday, 27 September 2012 01:03 PM

මුරැංගා ඉතාම හොද ශරීරයට පෝෂ්‍ය පදාර්ථ ඇති ගුණ දෙන ආහාරයක්.. හෙල ඔසුවක්.. පුතේ තවත් කන්න. විෂ නාෂකයක්..! (නු)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 01:09 PM

මුරුංගා ඉතා හොද ශරීරයට පෝෂ්‍ය පදාර්ථ ඇති ගුණ දෙන ආහාරයක්..! (නු)

:       0       0

බණ්ඩාර Thursday, 27 September 2012 01:04 PM

අපේ ආච්චිලා සීයලා කෑවෙත් ඕවා තමයි

:       0       0

සම්පත් Thursday, 27 September 2012 01:19 PM

මුරුංගා කියන්නේ ඉතාම පෝෂ්‍ය දායක ආහාරයක්.. මිනිසුන් ගොඩක් මුරැංගා ගැන දන්නෙ නැහැ.. නමුත් යාපනයේ මිනිසුන් දන්නවා..! (නු)

:       0       0

චරිත Thursday, 27 September 2012 01:14 PM

මෙන්න සෑබෑ දක්ශයො. මෙන්න මෙයාලවයි උඩට ගන්න ඕනා. මේ මුකුත් බෑරි කොලඹ ඉන්න සල්ලි කාරයන්ව නෙමෙයි. එහෙම අයව ගත්ත නිසයි අපේ රටට කිසිම පදක්කමක් සුසන්තිකාගෙන් පස්සේ ගේන්න බෑරි උනේ..ඔබ දෙපලට සදා ජය. අපේ රට නියෝජනය කරන්න යන කණ්ඩායම්වල ඉන්න අය වගේ නොවී වෑඩ පෙන්නන්න......ඔබට ජය!! (නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 27 September 2012 01:20 PM

පිටිසර ගමකි දුප්පත් කම උතුරන්නේ පොඩි පැටවුනුත් එඩිතර කම පෙන්වන්නේ බොක්සිං වලින් අද ඉදිරියටම එන්නේ මේ දරු පැටව් සැම දෙවියන් රැක ගන්නේ. (නු)

:       0       0

නදීෂා Thursday, 27 September 2012 01:22 PM

උණුසුම් සුබ පැතුම් ..!!!! (ස)

:       0       0

පෙරේරා Thursday, 27 September 2012 04:40 PM

රටට ආදර්ශයක් ඔබ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 573 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1144 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 723 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 251 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1195 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 817 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site