පොසොන් දින පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් හත් දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මහනුවර යාපනය මාර්ගයේ මාතලේ කෝන්ගහමුල ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරොද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ 57 සහ 17 වන වියේ පදිංචි වත්තේගම මීගම්මන උතුර ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.
දඹුල්ලේ සිට මාතලේ දෙසට ධාවනය කළ පෞද්ගලික බසහක් මාර්ගය අයිනේ නවතා තිබූ ලංගම බසයකට ඉස්සර කිරීමට යාම් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් ත්‍රිරෝද රියේ ගමන් ගත් මවක,පියකු සහ දියණියක සහ ත්‍රිරෝද රියේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර රියැදුරාගේ මව සහ නැගනිය මියගොස් ඇත.
මේ අතර හම්බේගමුව ලිහිනාගල දම්වැල්ඔඩය මාර්ගයේ ලිහිනාගල ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටුණු පදිකයකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ දම්වැල්ඕඩය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරි පුද්ගලයෙකි.
කොළඹ පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේදී බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ගැටීමෙන් අත්ට්‍රැක්ටරයේ රියැදුරා සහ තවත් 10 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් එක් අයකු මියගිය බව පොලිසිය කියයි.
බස් රථය ඉදිරියෙන් ගමන් ගත් ට්‍රැක්ටරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මියගොස් ඇත්තේ 58 හැවිරිදි ගිරිබාවේ කාන්තාවකි.තුවාලකරුවන් හලාවත රොහලට ඇතුළත් කර ඇත.
අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිටදී ඊයේ (23දා) අළුයම ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව, බරපතල තුවාල ලැබූ තවත් තරුණයන් දෙදෙනකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව තලාව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල පොලිස් වසමේ මැඩියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සුසන්ත කුමාර පෙරේරාගේ සුපුන් සාලින්ද පෙරේරා 19 හැවිරිදි කවිඳු මදුශාන් පද්මසිරි නමැති තරුණයන් දෙදෙනෙකි.
මෙම තරුණයින් පිරිස පෙරේදා 22 දා රාත්‍රියේ අනුරාධපුර නගරයේ පැවති "පුරවර උදානය" පොසොන් සැණකෙළියට සහභාගීවී යළිත් නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන තලාව පොලිසිය සඳහන් කලේය.
රත්නපුර ප්‍රදේශයේ සිට යාපනය දෙසට විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයේ අනුරාධපුර දෙස සිට තලාව දෙසට ගමන් කළ තීරෝද රථය මෙලෙස ගැටී තිබෙන බව පොලිසිය පවසයි.
ත්‍රීරෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ප්‍රථිවිරුද්ධ මන්තීරුවෙන් පැමිණි බස් රථයේ ගැටී තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වන බව පොලිසිය කියයි .
අනුරාධපුර රඹෑව මාර්ගයේ පරසන්ගස්වැව යතුරු පැදියක් ලොරි රථයක ගැනීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
රඹෑව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරු පැදිය දකුණට හරවීමට යාමේ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පසුපැදිකරු මියගොස් ඇත. යතුරු පැදිකරු තුවාල ලබා රඹැව රෝහලට ඇතුළත් කර ඇත.
මියගොස් ඇත්තේ පරසන්ගස්වැව පදිංචි 57 හැවිරිදිපුද්ගලයෙක්.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාර්ග අනතුරුවලින් හතක් මරුට: 15ක් රෝහල්වලට
pakeer Sunday, 23 June 2024 12:11 PM
හොඳට බලන්න... හුඟක් අනතුරු වෙලා තියෙන්නේ... යතුරු පැදි, ත්‍රිරෝද රථ, බස්රථ සහ ලොරි... ඉතුරු ටික කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. ඉන් පස්සේ බැලුවොත් ඉතින් වෑන් තමයි.
නුවන් Sunday, 23 June 2024 03:30 PM
යතුරු පැදි කරුවන් ත්‍රිරෝද කරුවන් හිතන්නේ තමන් ගියොත් ඇති කියලා, ඕනෑම තදබදයකදී අස්සෙන් දාල එක පොදියට හිර කරනවා... දැන් කාන්තාවොත් එහෙමයි. පොලිසිය තනි ඉරි මැකිලා නැති තැන්වල ඉඳලා ඇල්ලුවාට මදි.. ආලෝක කුළුණු අසල රේල් ගේට්ටු අසල ඉඳලා පොරකන කට්ටිය අල්ලන්න..
Prabha Sunday, 23 June 2024 04:16 PM
ඔය ඔක්කෝටම මුල විනයක් නැතිකම. ලංකාවේ යුද්ධයෙන් දවසකට මැරුණු ගාණට වැඩි ප්‍රමාණයක් දැන් මහපාරෙ මැරෙනවා. ත්‍රීවීල්, බස්වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නියාමනයක් අවශ්‍යයි.