IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මරීජාගේ මධ්‍යම කිංග්ස් පිල පළමු දිනයේ අපරාජිතව සිටී

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනයේ තරග අවසන් වන විට ශ‍්‍රී ලංකා අංක 1 ෆ්ලයි හාෆ් ක‍්‍රීඩකයා ලෙස සැළකෙන ෆසිල් මරීජා මෙහෙයවන මධ්‍යම කිංග්ස් පිල සහභාගි වූ තරග හතරම ජය ලබමින් පළමු දිනයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය. මධ්‍යම කිංග්ස් පිල මෙම ජයග‍්‍රහණ හතර තුළ ලකුණු 45-26 ක් ලෙස ඌව වයිපර්ස් පිල පරාජය කිරීම කැපී පෙනුණි. මධ්‍යම කිංග්ස් පිලට නවසීලන්තයේ වෘත්තීය ක‍්‍රීඩකයෝ දෙදෙනෙක් සහ ඇෙරිකානු ක‍්‍රීඩකයෙක් ක‍්‍රීඩා කරති. හිටපු ශ‍්‍රී ලංකා නායක සංජීව ජයසිංහ නායකත්වය දරණ උතුර ග්ලැඞ්යේටර්ස්, කෝසල තිසේරා මෙහෙයවන ඌව වයිපර්ස් සහ අම්ජාඞ් බක්ස් මෙහෙයවන දකුණු ෂාක්ස් යන කණ්ඩායම් තරග තුනක් ජය ලැබීමට සමත් වූහ. දුෂාන්ත ලෙව්කේ මෙහෙයවන බස්නාහිර වොරියස් පිල සහභාගි වූ තරග හතරම පරාජයට පත්වීම ද කැපී පෙනෙන සිද්ධියකි. පළමු දිනය වූ අද (29) මූලික වටයේ තරග 20 ක් පැවැත්විණි. හෙට (30) පළමු අදියරේ අවසන් දිනයයි. තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය. තරග ප‍්‍රතිඵල

  • සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදී (35-7)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (36-7)
  • උතුරු මැද ටයිපූන්ස් පිල සහ උතුර ග්ලැඩියේටර්ස් පිල අතර තරගය සම විය (21-21)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (22-12)
  • ඌව වයිපර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (19-12)
  • නැගෙනහිර ඊගල්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදි (20-12)
  • උතුර ග්ලැඩ්යේටර්ස් පිල විසින් දකුණ ෂාර්ක්ස් පිල පරාජය කරන ලදී (31-7)
  • උතුරු මැද ටයිපූන්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදි (36-12)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (45-26)
  • නැගෙනහිර ඊගල්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (22-14)
  • දකුණ ෂාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (21-14)
  • උතුර ග්ලැඞ්යේටර්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදි (24-14)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදී (26-7)
  • ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ඊගලස්් පිල පරාජය කරන ලදී (26-17)
  • වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපූන්ස් පිල පරාජය කරන ලදී (28-14)
  • දකුණ ශාර්ක්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (15-12)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-12)
  • ඌව වයිපර්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදී (19-14)
  • උතුර ග්ලැඩ්යේටර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-12)
  • දකුණ ෂාර්ක්ස් පිල විසින් උතුරු මැද ටයිපූන්ස් පිල පරාජය කරන ලදී (19-7)



අදහස් (0)

මරීජාගේ මධ්‍යම කිංග්ස් පිල පළමු දිනයේ අපරාජිතව සිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැටපොළෙහි ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 148 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 345 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 468 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 204 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 266 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 135 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 280 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site