(සුජිත් හේවාජුලිගේ )
මොරටුව නගරාධිපතිවරයා එන්නත්කරණ වැඩසටහනේදි හැසිරුණු ආකාරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කටයුතු කළ ධනාත්මක ආකාරය අගය කරන බවත් ඔහු රටේ අනෙකුත් ප්‍රබල ප්‍රශ්නවලදීත් හොඳ විනිසුරුවරයකු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවැසූහ.
රටක පාලකයා ජනතා ප්‍රශ්න හොඳින් තේරුම් බේරුම් කරගෙන පුළුල් දැක්මකින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.
පාලකයා තමා බලයට පත් කළ ජනතාව ගැන හොඳ අවබෝධයක සිටිමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට හැමවිටම කටයුතු කළ යුතු බව කී ගුණවංශ හිමියෝ සමාජයෙන් මතුවන ප්‍රශ්නවලට සාවධානව ඇහුම්කන් දීමද වැදගත් බව පෙන්වා දුන්හ.
එන්නත්කරණ වැඩසටහනේදි මොරටුව නගරාධිපතිවරයා හැසුරුණු ආකාරය කනගාටුදායක බවත් මේ අවස්ථාවේදී සෞඛ්‍ය අංශ නිලධාරින්ට හැකි උපරිම සහාය දැක්වීම දේශපාලඥයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද ප්‍රබල වගකීමක් බව ඇල්ලේ ගුණවංශ නාහිමියෝ ප්‍රකාශ කළහ.
එවැනි අවාසනාවන්ත සිදුවීම් මින් ඉදිරියට සිදුවීම වැළැක්වීමට රජය ක්‍රියාමාර්ග ගත යුතු බවද උන්වහන්සේ පැවැසූහ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘මොරටුවේ එන්නත් සිද්ධියේ දි ජනපති ගත් තීරණය අගය කරනවා‘‘
සෑම් Sunday, 30 May 2021 09:56 AM
එතකොට ඒ වැරැද්දම කරන සහ එය අනුමත කරපු කුරුණෑගල ජොන්ස්ටන් ඇමැතිටත් ඒ නියෝගය ක්‍රියාත්මක කරාද? මිනිස්සු නොමග යවන්න එපා!
nimalSunday, 30 May 2021 04:58 PM
එහෙම කොහොමද..? හාමුදුරුවන්ට දිනපතාම බෝතලේ සප්ලයි කරන්නේ එයානේ.
KooralageMonday, 31 May 2021 02:25 AM
මේ ගොල්ලන් චීවරයටත් අගෞරව කරන සිවුරු පොරවාගත් අය. මොකද ආණ්ඩුව කොළඹ වටිනා මර්මස්ථාන ඉඩම් ඔක්කොම චීනාට ගෙඩි පිටින් දෙන්න යන්නේ. කෝ මේ ගොල්ලන්ගේ අපේ ම්ව්බිම... දේශමාමක, ජාතිහිතෛෂී ටෝක්... මේ ගොල්ලො තමයි මේ රට විකුණනවට 100%ක් වගකියන්න ඕනේ... මේ හොර සිවුරු කට්ටිය හැන්ගිලා ඉන්නේ. අනේ රටට ගිය කලක්. සාප වෙනවා මේවාට...
දොලේවත්ත Sunday, 30 May 2021 10:06 AM
යන්තම් පිදුරු ගහක් අහුවුණා...
ජනක Sunday, 30 May 2021 10:24 AM
අපේ හාමුදුරුවනේ, වරදට දඬුවම් දෙන්න ඕනේ ජනාධිපතිද? එතුමා කියලා වැරදි කාරයින්ට දඬුවම් දෙනවා නම් නීතියේ ස්වාධීනත්වය කොහේද?
Always breakdown Sunday, 30 May 2021 10:33 AM
මෙයා දැන් පොඩි බල්ටියක් ගහන්නයි යන්නේ... ඉතින් බලමුකෝ...
fairoos Sunday, 30 May 2021 10:39 AM
අයියෝ අපේ හාමුදුරුවනේ, නිකන් කඩේ යන්නේ නැතිව ඉන්න. රටට කෙළවෙලා තියෙන කොට මේ පොඩි දේකට අගය කරන්න එනවා.
සමන්Sunday, 30 May 2021 02:40 PM
පොඩි වුණත් හොඳ දේ අගය කළ යුතුයි.. මේක ඒ වගේ දේවල් අහන්න බැරි කාලයක්..!!!
MO77 Sunday, 30 May 2021 10:44 AM
ජොනී දුන්නා ටිකට් 10,000 ක්... එන්නත් සඳහා.. මොනවත් වුණේ නැහැ. මේ පිටුපස යම්කිසිවක් තියෙනවද?
Game Kolla Sunday, 30 May 2021 11:49 AM
මේ වගේ විශාල වැඩක් කරද්දි වැරැදි සහ මොරටුවෙ වගේ ගොන් වැඩ ඵකක් දෙකක් වෙනවා තමයි. ඒ වුණාට සමස්ථයක් විදියට බලපුවාම ආණ්ඩුව කොහොම හරි ගේම ගහනවා. මොකද කලින් වුණු කරපු දෙවල්වල හැටියට මේ අය හොඳයි.
සිරිබිරිස් Sunday, 30 May 2021 12:13 PM
මොරටුවට එක නීතියක්... කුරුණෑගලට තව නීතියක්ද?
Rata Perata Sunday, 30 May 2021 12:23 PM
නිකම් බණක්, භාවනාවක් කරගෙන ඉන්න හාමුදුරුවනේ. අපිට පව් දෙන්නේ නැතිව.. කෝටිගණන් හොරකම් කරලා, මිනිස්සුන්ට වස කවලා, තමන් සහ පවුලේ අය බේරෙන්න නීති හදාගෙන කෙනෙක් නම් මේක අගේ කරන්න... වෙන වැඩක් නැද්ද? ඕක ප්‍රතික්ෂේප කරන්නේ නැතිව මොලේ කළඳක් තියෙන කෙනෙක්ට අනුමත කරන්න පුළුවන් වැඩක්ද?
නන්නාදුනන හාදයා Sunday, 30 May 2021 12:34 PM
හාමුදුරුවනේ බොරු ඇද බාන්නේ නැතිව ඉන්න. මේ හොරු, කුපාඩියෝ ඔක්කොම බලයට ගෙනෙන්න රටේ මිනිසුන්ට මුසාවාදා දේශනා කරලා, මිනිස්සුන්ව මුලා කරලා, දැන් බොරුවට බයිලා ගහනවා. මම එදා මොරටුවේ ඔය කියන සිද්ධිය වුණු ස්ථානයේ හිටියා නම් නගරාධිපතිගේ කන ගලවලා අතටම දෙනවා. දැන් රටේ මිනිස්සු නීතිය අතට ගන්න කාලයයි. වැරදි කරන කවුරුහරි කමක් නැහැ දේශපාලුවෙක් නම් එතැනදීම මිනිස්සු එකතුවෙලා ඒකාව සම්බෝල හදන්න ඕනෑ.
chandana Sunday, 30 May 2021 04:55 PM
නියම අදහස. හෙට අනිද්දාම වැඩ පටන් ගන්න අපි ලැහැස්තියි. දේශපාලුවන්ව බල්ලට දමන්න ඕනෑ. ඔවුන් අපේ රට නැත්තටම නැතිකළා. රටේ වස්තුව හොරකම් කළා. රට චීනාට වික්කා. අසික්කිත පර බල්ලන්... දකින දකින චීන්නුන්ටත් පහරදීලා රටෙන් එළවලාම දමන්න ඕනෑ.
සිරිබිරිස් Sunday, 30 May 2021 12:38 PM
අනේ හාමුදුරුවනේ, වැරදි වැඩක් කළාම ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්ත, ඒක අගය කරන්න අවශ්‍ය නැහැ නේද?
Gihan Sunday, 30 May 2021 12:40 PM
පහුගිය කාලේ බොරුවට වීරයා වගේ කෑගහලා පචවෙලා දැන් මේ දෙයක් අල්ලන් කඩේ යන්න හදනවා. ලැජ්ජයි..!!!
යාපා Sunday, 30 May 2021 01:09 PM
අට පාස් ප්ලැකනීල්ගේ සහ ටොම් පච අනුරගේ වහලුන් මෙතන තප්පුලා ඇති බව පෙනේ. හොඳ දේ හොඳ විදියට දකින්න බැරි වහල්ලුන්ට ඕවා කියලා වැඩක් නෑ හාමුදුරුවනේ...
සෙනෙවිරත්න Monday, 31 May 2021 04:57 AM
අටපාස් කිව්වෙ වරයෙ ඇමති ගැන වෙන්න ඇති. එයා ගින්නක උශ්නත්වය සියයට ගනනින් මනින කෙනෙක් නේද? එහෙම ඇමතිල එක්ක මෙහෙම නොවුනොත් තමයි පුදුම,
සෙනෙවිරත්න Sunday, 30 May 2021 01:22 PM
වරාය පනත කියපු විදියටම වුණා නේද? විලිලැජ්ජාවක් නැතිද මෙයාගෙ ගුණ වයන්න...? මහ කලක් වුණේ නැහැනේ...
Don perera Sunday, 30 May 2021 01:24 PM
සිවුරක් දාගෙන මිනිස්සුන්ව නොමග යවන තව කෙනෙක්...!!
Aj Sunday, 30 May 2021 05:54 PM
හරි දේ කරන්න. ඔහුට වීරයකු වන්නට බැහැ. මෙයින් අපට කියන්නේ රජයක් මගින් නිවැරැදි තීරණ ගැනිම බොහෝ අපහසු දේ හැටියටයි.
මෝ Sunday, 30 May 2021 06:53 PM
සතුටු වෙන්න දෙයක් නෑ.එයා කිවේ සිද්දිය කැතයි කියල විතරයි
bandara Monday, 31 May 2021 01:04 AM
ඔය විදිහට හැරෙන හැරෙන පැත්තට කතා කරන්න ඔබ වහන්සේ ඇත්තටම බුද්ධ පුත්‍ර යෙක්ද....
abdul Monday, 31 May 2021 01:58 AM
බුද්ධාගමට ඔබතුමා කරන සේවයට මුස්ලිම් ජනතාවගේ ආචාරය..!!!
Ratne Monday, 31 May 2021 03:38 AM
අගය කරනවා
duminda Monday, 31 May 2021 05:09 AM
කඩේ යන්න මොනවාහරි හොය හොයා හිටියේ..., ශාසනයට දෙයියන්ගේම පිහිටයි..
Nuwan Monday, 31 May 2021 05:36 AM
ලංකාවේ බුද්ධ ධර්මය විනාශ කරනන එපා