IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


මොරටුව නගරාධිපති අත්අඩංගුවට

( ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා)

නිරෝධායන නීති  උල්ලංඝනය  කරමින්  රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන්  මොරටුව නගරාධිපති සමන්ලාල්   ප්‍රනාන්දු මහතා අද(28)  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

 ඒ සම්බන්ධව  මොරටුමුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් අද ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු  ගල්කිස්ස පොලසීසියට බාර වීමෙන් අනතුරව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
  මොහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 

 

 



අදහස් (34)

මොරටුව නගරාධිපති අත්අඩංගුවට

සන්දිකා-මොරටුව Friday, 28 May 2021 03:35 AM

නගරාධිපතිතුමා කතා කරේ ජනතාව වෙනුවෙන්. එතුමන්ව හිරබාරයට ගැනීම කියන්නේ ජනතා මතය යටපත් කිරීමක්... නැතිනම් වෙන්නේ මේ එන්නත් සෞඛ්‍ය අංශයේ පිරිස්ම බෙදා ගැනීම. දේශපාලන නියෝජිතයන්ගේ මැදිහත් වීම නිසයි එන්නත් මිනිසුන්ට ලැබෙන්නේ මෙහෙම හරි... අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ රට දියුණු වෙනකොට ඇතැම් නිලධාරීන්ට බලං ඉන්න බැරුව බොරු මාධ්‍ය සංදර්ශන පවත්වනවා. අපේ නම් මූලු පවුලම මේ රජය සමගයි.

:       193       1

aNURADHAFriday, 28 May 2021 05:36 AM

මෙන්න ගොට්ට අල්ලලා ටෝකන් අරන් ඉක්මණට ඉන්ජෙක්ෂන් ගහන්න ගිය නගරාධිපති ලෝලියෙක්... ගහගත්තද ඉන්ජෙක්ෂන්...!!! ?

:       0       108

samanFriday, 28 May 2021 07:08 AM

ඡන්දේ කාලෙට බලාගන්න.

:       1       25

SankaFriday, 28 May 2021 07:46 AM

මොරටුව කියන්නේ කොච්චර ප්‍රභූ නගරයක්ද? ඉස්සර නගරාධිපතිලා.. දැන උගත්, ප්‍රවීණ අය තමයි තේරුණේ. ඒත් රෙජීමයේ පාලනයෙන් පස්සේ නගරාධිපති වුණේම කිසිම උගත්කමක් නැති, හොරකම් කරන තක්කඩින් තමයි. මෙයාව තනතුරෙන් වහාම අයින් කරන්න.

:       1       39

කනිෂ්ක Friday, 28 May 2021 06:00 AM

සෞභාග්‍යයේ දැක්ම යනු මෙවන් 'මෝඩ චූන්' නොවේ. ඒක ඔය විහිළුකාරයාට අවබෝධ කර දෙන්න... එන්නත් ක්‍රියාවලිය මොහුගේ ප්‍රවර්ධනය සඳහා යෙදවීමට ඉඩ නොදුන් වෛද්‍යවරියගේ ක්ෂණික ප්‍රතික්ෂේප කිරීම අගය කරමි... තවද ක්ෂණිකව මොහුව අත්අඩංගුවට ගැනීමට යොමුවීමද අගය කරමි.

:       0       67

KooralageFriday, 28 May 2021 08:23 AM

මොරටුව ද සොයිසා පිටිය ගරු සොයිසා මහතා ඉස්සර මහජනතාවට පූජාකළේ... පොදු ක්‍රීඩා සඳහා. ඒත් සමන් ලාල් නගරාධිපති වෙලා ... සොයිසා ක්‍රීඩාගණයේ කම්බි ඇදලා වැටවල් ගහගෙන... මෙයාගේ බූදලයක් වගේ වහලා තියෙන්නේ. උදේට ඇවිදින්න එන මිනිස්සු අනාථ වෙලා ඇවිදින්න දෙන්නේම නැහැ. මේක වහාම නගරාධිපතිගෙන් නිදහස් කරලා දෙන්න.

:       0       34

සෙනවිFriday, 28 May 2021 06:48 AM

වහල් බවේ සංකේතය ඔබවැනි උන්ය.

:       0       32

රාජුන්Friday, 28 May 2021 06:55 AM

සන්දිකා, ඒ නගරාධිපති මොන අන්දමේ දැනුමැති ඇත්තෙක්ද මින්ස්සු තොරලා බේරලා තුණ්ඩු දෙන්න? තමන්ගෙ චක්ගෝලයින්ට තමයි තුණ්ඩු දීල තියෙන්නෙ. හොයල බල්නන මේ තුණ්ඩුවක් දෙන්න කීයක් ගැහුවද කියල.

:       0       35

කල්පනාFriday, 28 May 2021 01:33 PM

සෞඛ්‍ය අංශවලට අපහාස එපා

:       0       10

සෙනෙවිරත්න Sunday, 30 May 2021 01:24 AM

මොරටුවේ සෞඛ්‍ය අංශවල අයද වැඩි, නගරාධිපතිගේ හිතවතුන්ද වැඩි? මේව් වෙන්නේ රජයට මූලිකව වැඩපිළිවෙළක් නොමැතිකම නිසා...

:       0       2

ranasin Friday, 28 May 2021 03:39 AM

වීඩියෝ සාක්කි මදිද? විල් බැරෝ කාරය අත්අඩංගුවට ගත්තේ සාක්කි ලැබිලාද? අනේ මගේ කට... මේක ගැන මෙහෙමවත් සඳහනක් තියෙන්නේ ලංකාදීපේ විතරයි! අහිංසකයින්ට තමයි හැමඑකාම චණ්ඩිකම් පෙන්නන්නේ... ! බොරුවට අත්අඩංගුවට අරන් පොලිස් ඇප දුන්නා කියනවාට මෙන්න කැට...!

:       2       108

GalaparaFriday, 28 May 2021 05:21 AM

8 පාස් නැති, බියර් විකුණපු අය... ඉතින් මෙයාගේ වැඩ කෙරුවාව මෙහෙම තමයි. මොරටුවේ ජනතාවට මෙයාව එපා වෙලා තියෙන්නේ. ඒත් ඡන්දය හොරෙන් කොහොමහරි දාගන්නවා.

:       0       66

සෙනෙවිරත්න Friday, 28 May 2021 03:41 AM

මෙතුමා කිව්වා මෙම ටෝකන් ක්‍රමය ජොන්ස්ටන් ඇමැතිතුමා ප්‍රශංසා කරලා එම ක්‍රමය එහෙත් ක්‍රියාත්මක කරන බව...

:       6       59

Jagath Santha Arachchi kittuwa Friday, 28 May 2021 04:06 AM

අත්අඩංගුවට ගන්න සාක්කි නැහැ. නිදොස්කොට නිදහස් කරන්න බොහේදුරට ඉඩ තියෙනවා.

:       2       51

රට වැසියා Friday, 28 May 2021 04:13 AM

ශ්‍රී ලංකාව කියන්නේ අන්ත දේශපාලනකරණයට ලක් වූ රටක්, එය ප්‍රාදේශීය මට්ටමේ සිට ජනාධිපති ධුරය දක්වා තිබෙන තත්වයක්.., දේශපාලකයා තුළින් කිසි දිනෙක නායකයෙකු හෝ පාලකයෙකු බිහිවන්නේ නැත..! දේශපාලකයා තමන් සර්ව බලධාරි දෙවියකු සේ සිතයි. මොරටුවේ නගරාධිපතිවරයා හැසිරෙන්නේ මඳ කිපිණු ගවයෙකු ලෙසයි.. මනුෂ්‍යයෙකුට තිබිය යුතු අවම පරිණත බවවත් ඔහුට නැත. මේවැනි මිනිසුන් දේශපාලනයෙන් අයින් කර තැබිය යුතුයි. රට වැසියෙකු ලෙස මෙවැනි දේශපාලන ගවයෙකුට මා ඡන්දය නොදීම ගැන මා සතුටු වෙමි.

:       0       105

Dr. Lakshman Fernando Friday, 28 May 2021 04:28 AM

විශිෂ්ඨයි..!!! සුබපැතුම්..!!! 

:       0       43

Nilakshan Perera Friday, 28 May 2021 04:33 AM

වෘත්තීය දක්ෂකම නම් හොඳින්ම තියෙනවා වගේ..

:       1       37

Try Friday, 28 May 2021 04:36 AM

ඔහුව අත්අඩංගුවට ගත යුතුයි...

:       0       60

Liyanage Friday, 28 May 2021 05:34 AM

දැන් ලංකාවේ පාලකයෙක් නැහැ. ඔවුන්ගේ සිතැඟි පරිදි මෝඩ දේශපාලකයින් බලය යොදා රට කනවා. කුරුණෑගල, මොරටුව කියන්නේ හොඳ උදාහරණ තමයි.

:       2       51

charith Friday, 28 May 2021 05:34 AM

මීට කලින් දවසකත් ටෝකන් දීලා තමන්ගේ ගොට්ටන්ට ඉන්ජෙක්ෂන් ගැහුවා.. පෝලිමේ හිටපු මිනිස්සු පැය 2කට පස්සේ ගෙදර ගියා නිකන්... එන්නත ගහන්න මේ දේශපාලන ගවයින්ට දෙන්නේ ඇයි? කවුරුත් ඒකට සද්ද නෑ...

:       0       49

dilan Friday, 28 May 2021 05:53 AM

මිය යනතුරු එල්වා තැබිය යුතුයි.

:       0       32

Wasantha jayasingha Friday, 28 May 2021 05:54 AM

අනිවාර්යයෙන් විය යුතුයි.. මෙවැනි අය සමාජයට පිළිලයකි...

:       0       33

සරදියෙල් Friday, 28 May 2021 06:01 AM

මෙයත් සාදාරනීය කරන අයත් ඉන්නවා. ටෝකන් දෙන්නෙ නගරාධිපතිගෙ හිතවත් අයට පමනක් නම් එය අසාදාරනයකි.

:       0       29

විසල් Friday, 28 May 2021 06:10 AM

අතීතයේ දී මෙවන් අය අත්අඩංගුවට පත් වූයේ නැත. එය ධර්මිශ්ඨ රාජ්‍ය කාලයේදී සිට මේවන තෙක් පැවති දෙයක්...... දැන් එසේ නොවේ. රාජ්‍ය නායකයා සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටී.

:       33       8

mahinda Friday, 28 May 2021 06:12 AM

රටේ පවතින්නේ එක නීතියක් නම් නොරෝධායන නීතී කැඩූ සාමාන්‍ය මහජ නයට බලපාන නීතිය ඔහුටද එලෙසම බල පෑ යුතුයි. ගරු මහේස්ත්‍රාත් තුමකු ට ඉදිරි පත්කලයුතු මයි. සැමට එකසේ සැලකියයුතුයි යන වාක්‍ය උල්ලංගනය කරමින් තමන්ගේ සහචරයන්ට මුලින් එන්නත් ලබා දියයුතුයි කීමම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකැයි මට සිතේ.

:       0       29

kamal Friday, 28 May 2021 06:43 AM

ලොකුගේ දාපු එකටම මෙයාවත් දාවි.

:       0       20

pj Friday, 28 May 2021 08:24 AM

මොහුව අත්අඩංගුවට ගන්නේ ජනතාව ගැන හිතලා නම් නොවෙයි. වෛද්‍යවරුන් මේ වෙලාවේ වෘත්තීයමය ක්‍රියා මාර්ගයකට ගියහොත් වන ප්‍රශ්නය කළින්ම පෙනුණ නිසයි. ඇතුළට ගැනීම වගේම ඇප ලැබීමද නියතයි. ළඟදීම රුපියල් 5000ක් ලැබෙන බලාපොරොත්තුවක් ජනතාවට කලින්ම දී තිබෙන නිසා හැම පැත්තෙන්ම ගොඩ....

:       4       11

Roshan Friday, 28 May 2021 09:52 AM

මේ කියන්නේ නොම්මර එකේ වහල් ගොට්ටෙක්... ෂුවර් එකට තුණ්ඩු අරන් බෙහෙත් ගහන්න ගිය කෙනෙක්. මේ වගේ නූගතුන් ඉන්න කම් මේ රටට දෙයියන්ගේම පිහිටයි...

:       0       13

මෝ Friday, 28 May 2021 09:57 AM

මෙයාව ආයුද පෙන්වන්න එක්ක යන්න බැරිද?නැතිනං නිදහස් වෙලා ඇවිත් ජනතාව වෙනුවෙන් නැගී සිටි වීරයෙක් වෙනවා.මේවා දකිනකොට නම් හිතෙන්නෙ ලංකාව චීන කොලනියක් වෙනඑක හොදයි කියල.

:       1       14

Demuni Uduwara Friday, 28 May 2021 02:33 PM

මෙය චීන කොළණියක් හෝ කොම්පඤ්ඤවීදියක් නොවිය යුතුයි.

:       1       8

Demuni Uduwara Friday, 28 May 2021 10:19 AM

රටට මොකද වුණේ? මේ රටේ පාලකයෙක් ඉන්නවද?

:       2       11

pradeepa Friday, 28 May 2021 03:14 PM

මේ දවස්වල ආණ්ඩුව හොදට නානව වගේ මොකද මේ. නගරාධිපතිගේ අවසානය තමයි මේ

:       0       5

Lakvidu Friday, 28 May 2021 03:38 PM

විසල්, ඔබ හරි... නායකයා විමසිලිමත්ව ඔහේ බලා සිටියි. එච්චරයි.

:       1       7

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 29 May 2021 01:35 AM

ඔන්න මේ දැන් රූප පෙට්ටියේ විපක්ෂ දේශපාලන නියෝජිතයෙකු කිව්වා පසුගිය රජය කාලයේ මේ දේ උනා නම්,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෙදි උස්සාගෙන මෙළහටත් ස්ට්‍රයික් කරනවා කියා.බලාගෙන ගියාම ඒ කතාවේ ඇත්තක් තියෙනවානේ අම්මපා ...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි
2025 අප්‍රේල් මස 26 98 0

යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක


විජිත ලක්වැසියන්ගේ ගෞරවය පාප් වහන්සේට පිරිනමයි
2025 අප්‍රේල් මස 26 303 0

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.


සුව ඇමති හදිසි රෝහල් නිරීක්ෂණයක
2025 අප්‍රේල් මස 26 172 0

වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ


චීන ව්‍යායාම වැඩසටහනක් නිදහස් චතුරස්‍රයේ
2025 අප්‍රේල් මස 26 121 0

ශ්‍රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 742 1

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 354 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 859 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 389 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 543 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site