IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘‘මොරටුවේ සිද්ධිය කැතයි‘‘ ජනපති කියයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක දී මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා කැත දර්ශනයක් බවත්, එයින් මුළු වැඩසටහනම විනාශ වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. එවැනි දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අමතමිනි.

කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ප්‍රදේශ තෝරාගෙන ඇත්තේ විද්‍යානුකූල පදනමක් යටතේ බව කී ජනාධිපතිවරයා කොරෝනා ආසාදිතයින් වාර්තාවීම පිළිබඳ දත්ත අනුව සෞඛ්‍ය අංශවල ද සහයෝගයෙන් එම ප්‍රදේශ තෝරාගෙන ඇති බවත්, දිස්ත්‍රික්කවල ද එන්නත් ලබාදෙන්නේ අවශ්‍යම ප්‍රදේශවලට බවත් ප්‍රකාශ කළේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මොරටුවේදී ඇති වූ සිද්ධිය අහඹු ලෙස වූ දෙයක් බවයි.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “ඔව් මම දන්නවා. හැමතැනම හොඳට වුණා. ඒත් එක තැනක එහෙම කළාම ඒක තමයි මාධ්‍යවලයි හැමතැනම යන්නේ,” යනුවෙනි.

 



අදහස් (55)

‘‘මොරටුවේ සිද්ධිය කැතයි‘‘ ජනපති කියයි

අශාන් Friday, 28 May 2021 01:55 PM

අත්අඩංගුවට ගැනීම සිදුවීම ගැන ඔබතුමාට ස්තුති වෙමි. ඔබතුමා අපට විශ්වාසයි. එක සිද්ධියක් නිසා මුලු ක්‍රියාවලියම පිළිබඳ ප්‍රශ්නයක් නැත. නමුත් මොවුන්ට නිසි දඬුවම්ද යුතුයි...

:       151       118

senaSaturday, 29 May 2021 02:51 AM

සුරංගනා කතා ඇත්ත යැයි නින්දේ සිටින 69න් කෙනෙක්.., චීනෙක්ගෙන් කනේ පාරක් කෑවාම නැගිට්ටෙයි.

:       48       29

අශාන්Saturday, 29 May 2021 11:05 AM

Sena අට පාස් මිනිහෙක්ට කඩේ යන අම්බරුවෙක් නේද.

:       10       28

ShanakaSunday, 30 May 2021 12:00 PM

මරු විහිළුව... අම්මෝ මෙහෙමත් ගොට්ටෝ...!!! 

:       1       2

NuwanMonday, 31 May 2021 12:08 PM

එන පාරත් කතිරේ ගහන්න ඕනේ හොඳේ...!!!

:       1       1

almeida Friday, 28 May 2021 02:06 PM

ඉතින් ඇක්ෂන් මොනවත් නැද්ද? පොඩි මිනිහෙක් කළා නම් මොකද වෙන්නේ?

:       21       142

Demuni Uduwara Friday, 28 May 2021 02:10 PM

ඔබගේ අයත් ඒ වගේම තමයි...

:       20       123

Chamila Friday, 28 May 2021 02:12 PM

මීට වැඩිය අසෝබන වැඩ ලංකාවේ වුණා. පිළිකා සාධක තෙල් ගෙනාවා. ඒවා දැන් කතාවක් නැහැ. සීනි වංචාව කළා. ඒ ගැන කිසිම කතාවක් නැහැ. මිනිස්සුන්ට පිටරටින් බඩු සීමාකර තියෙද්දි ඇමති මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සැප වාහන ගේනවා.. ඒවා ගැන බොහෝම කණගාටුයි. අප ඔබතුමාට අපි ඡන්දෙ දුන්නේ මේ දේවල් නොකරන්න. නමුත් දැන් අපට තේරෙනවා ඔබටත් මේ දේ කරන්න බැරි බව... ඔබ සහ ඔබගේ රජය ගැන අපිට කිසිම දැන් විශ්වාසයක් නැහැ...

:       147       224

janahithaFriday, 28 May 2021 07:07 PM

මේවා එදත් අදත් සිද්ධ වෙනවා.. ආණුඩුව පවත්වාගෙන යන ප්‍රාඩෝ, වෝල්වෝ දෙනවා ජනතාව මැරුණත් මේවා කරනවා. පාස්කු ප්‍රහාරයේ සැක කරුවන් පැය 24 නිදහස් කළේ ආණ්ඩුව රැකගන්න මැරුණු ජනයාට වඩා එය වැදගත් වුණා. ආණ්ඩුව ජනතාව පලවා හැරියා. මේ ආණ්ඩුවට වෙන්නෙත් එම ටිකම තම ජනතාව අසරණ වී ඇත. මනාප ක්‍රමය තුළ පුංචි පවුල රත්තරන් වුණෙත් එහෙම වසර 30කට පසුව දැන් සිදුවෙලා තියෙන අපරාධය ජාතියටම සාපයක්...වී ඇත. ඔන්න ඕකයි තත්වේ...

:       0       5

C.K.LankaputhraSaturday, 29 May 2021 12:49 AM

ඒක හරි. මේවා ඔක්කොම අහඹු සිද්ධි.

:       1       7

යාපාSaturday, 29 May 2021 04:20 AM

අනේ ඔයා අද මෙතුමටද ඡන්දෙ දුන්නේ? පුතානෝට කඩේ ගියේ මෙච්චර දවස්... පව් නේද අපි රැවටුණා. අපිට නම් එදාටත් වඩා මෙතුමා විශ්වාසයි...

:       26       81

දොලේවත්තSaturday, 29 May 2021 05:35 AM

යාපා මහත්තයා කලබල නොවන්න අපි කිව්වේ බයියන්ගේ විශ්වාසය ගැන නොවේ...

:       52       25

Deepal Nirosh Friday, 28 May 2021 02:13 PM

කැත තමයි, ඒත් ප්‍රශ්නය සිද්ධියේ කැත නොවෙයි. රටේ ජනාධිපති, ආරක්ෂක ලේකම්, නීති විෂය ඇමති, සෞඛ්‍ය ලේකම්, කෝවිඩ් මර්දන බලකායේ ප්‍රධානී යනා දී හැමෝම හිටපු හා වත්මන් මිලිටරි ප්‍රධානීන්. ඒ එහෙම වෙලත් මේ ප්‍රාදේශීය බලවතුන් මේ වගේ නිර්භීතව හැසිරෙන්නේ කොහොමද කියන එකයි.

:       9       173

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 29 May 2021 01:15 AM

ඔබතුමාගෙ අදහස් වලට ස්තූතියි.ජනපති තුමා මේ සිද්ධිය අනුමත නොකිරීම ගැන ස්තූතියි.ඒත්,අර කිව්වා වගේ සමහර දෙනා මීටත් වඩා අසංවර අයුරින් හැසිරෙන අවස්ථා තියෙනවා.ඒවාත් අනුමත නොකරනවා නම් තමයි හොඳ.

:       38       9

සෙනෙවිරත්න Friday, 28 May 2021 02:29 PM

සේරටම කලින් යුව රජතුමාට අහඹු කියන වචනයෙ තේරුම වටහල දෙන්න. මෙයා රජ උනදාක සේරටම අහඹුු සිදුවීම් කියාවි.

:       205       183

ගලපරFriday, 28 May 2021 03:17 PM

ඔය නගරාධිපතිවරයා නගර සභාවේ සේවය කරන සේවිකාවන්ටත් කරදර කරනවා. මෙයා නගර සභාවේ ගරුත්වය කෙලසලා තියෙන්නේ. නගරාධිපතිට කිසිම සුදුසුකමක් නැහැ. මොරටු නගරයේ ප්‍රෞඩත්වය විනාශ කලා.

:       0       3

මසිරිපාලSaturday, 29 May 2021 12:57 AM

දැනට මෙහෙමනම යුවරජතුමා රජවුන දවසට ජනතාවට දෙයියන්ගේම පිහිටයි.

:       5       32

GalaparaSaturday, 29 May 2021 02:32 AM

කොරෝනා නීතිය අනුව නගරාධිපතිවරයා කෙලින්ම හිරෙ දාන්න ඔන.

:       0       11

Rata Perata Friday, 28 May 2021 02:30 PM

ඕක එක සිද්ධියක් විතරක් නොවේ. බයිලා කියන්න එපා. එන්නත කිසිම ක්‍රමවේදයක් නැතුව හෙංචයියලාටම තමයි ඉස්සරවෙලාම දුන්නේ. ටිකක් ඇවිදලා රට ගැන දැනුමක් ගන්න. සීතල කාමරවලට වෙලාම ඉන්නේ නැතිව...

:       26       146

siri Friday, 28 May 2021 02:36 PM

එතකොට කුරුණෑගල සිද්ධිය? එහෙ ප්‍රභල ඇමති කෙනෙක් නගරාධිපති වරයාට නියතවිවරණ දෙනවානෙ බය නැතුව " එන්නත් චිට්" දෙන්න කියල.

:       5       161

Nihal Friday, 28 May 2021 02:46 PM

මෙයා හිතන් ඉන්නේ එකම "කැත" සිද්ධිය මේක කියලා...

:       38       149

Jaya Friday, 28 May 2021 02:57 PM

ඔබතුමාලා ගැන කිසිම පැහැදීමක් හෝ විශ්වාසයක් ඉතුරුවෙලා නැහැ.

:       62       140

Ranjit Friday, 28 May 2021 03:20 PM

එන්නත් ලබාදෙන එකේ කිසිම පිළිවෙලක් නෑ. ප්‍රසිද්ධ නළුනිළියන් හොර පාරෙන් ගිහින් එන්නත විදගන්නවා. වෛද්‍ය සංගම් කාරයින් තොගපිටින් නෑදෑයින්ට සහ යාළුවන්ට පස්ස දොරෙන් එන්නත් විදිනවා. සමහරු මුදලටත් මේ වැඩේ කරලයි කියා කියනවා. අන්තර්ජාලයට ප්‍රවෘත්ති වාර්තා සපයන කට්ටිය දිග පෝලිම් ගැන වාර්තා රූපගත කරන ගමන් පෝලිම් පැනලා එන්නත ලබාගත්ත හැටි අන්තර්ජාලයේ පලකර තියෙනවා. අර නර්ස් නෝනලාගේ වැඩගැන බලන ස්වාමීන් වහන්සේගේ පන්සලේදී සහ වෙනත් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලාගේ පන්සල්වලදී යාලු හිතමිත්‍රාදීන්ට පොලිසියෙන් ඇවිත් එන්නත් ලබාදුන්නා කියලා අහන්නට ලැබෙනවා. ඇමතිවරු වෛද්‍ය කණ්ඩායම් වලට ප්‍රසිද්ධියේම කියනවා. "නගරාධිපතිලා දෙන චිට්වල නම් තියෙන අයට පමණක් එන්නත් ගහපල්ලා" කියලා.... හමුදාවෙන් විශ්‍රාම ගිය කට්ටියට මේ වැඩේ බරකරලා.. දැන් සේරම අනාගෙන කියලයි මිනිස්සු කියන්නේ... මේවා ගැන බොහෝ දෙනා යොදන පොදු යෙදුම වෙලා තියෙන්නේ " මෑණියන්ගේ විස්තරේ තමයි" කියන එකයි.

:       0       3

mihira Friday, 28 May 2021 03:47 PM

මේවායේ තේරුම නොදන්න අය තමයි රට කරවන ඇමැතිලා... ඔයිට වඩා මොන්ටිසෝරි ළමයි දන්නවා.

:       5       101

priyanka Friday, 28 May 2021 04:27 PM

මේක අහඹු දෙයක් නොවේ.. හොඳින් ප්ලෑන් කරලා සමන් ලාල් එයාගේ හිතවතුන්ට ටෝකන් දීලා එන්නත් කරන්නයි ගියේ.. ඒකට ගමේ එයාට ඡන්දෙ දුන්නු මිනිස්සුම එරෙහිවුණා.. සම්පූර්ණ විස්තරේ සාක්ෂි සහිතව මගේ ළඟ තියෙනවා. ඔප්පු කරන්න පුළුවන්... මේ වගේ දේශපාලකයෝ එළවන්න ඕනෑ. මිනිස්සුන්ගේ වැරැද්ද මේ වගේ නූගත් දේශපාලකයන්ට ඡන්දෙ දෙන එක...

:       14       45

Siri Friday, 28 May 2021 04:39 PM

හරි අහඹු සිදුවීමක්.... !!! කුරුණෑගල ජොනීගේ වැඩෙත් අහඹුද යුවරජතුමනි...?

:       22       33

Rata PerataSaturday, 29 May 2021 06:33 AM

මොනවද මේ වෙන්නේ

:       1       7

jeremy Friday, 28 May 2021 04:58 PM

කැතයි නෙමේ ... සුදු වෑන් එකකින් යවන්න.

:       0       2

Bic mendis Friday, 28 May 2021 05:27 PM

වැරැදි ගොන්නක් වහලා 1ක් ගැන කතා කිරීම...

:       0       6

Banda Friday, 28 May 2021 06:01 PM

රටේ හැම තැනම අහඹු සිදුවීම්....

:       0       6

ගමේ එකාලා Friday, 28 May 2021 06:39 PM

තමුන්ගේ අය කියලා නිකම්ද? මොනතරම් අසික්කිත වැඩ කරලා තියෙනවද? දන්නෝ දනිති.

:       0       7

sampath Friday, 28 May 2021 07:01 PM

කොහොම වුණත් මේ හැමදේම ජනාධිපතිවරණයට බලන්න වෙනවා නම් එක රටක් වෙන්න බැහැ. විෂය බාර ඇමැතිවරු ආරක්ෂක අංශ කොරෝනා මරණ බලකාය හැමෝම ඉන්නවා.. එසැණින් ඒ අය ක්‍රියාත්මක විය යුතුයි. කොතැනද, කවුද කියලා අදාළ නැහැ. කෙසේ වෙතත් දේශපාලකයන් සහ නිලධාරීන් කැත්තට පොල්ල වගේ නොසිට සියලු දෙනා ජනතාව වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටු කළයුතුයි. ජනතාවට දැන් දෙගොල්ලන්ම එපාවෙලා තියෙන්නේ මොකද මහපොළවේ මිනිස්සු පහළ වුණාද? අදාළ නිලධාරීන් සහ පාලකයන් තරගයට ජනතාව තලාපෙලා මිරිකා දැම්මා.. එහෙම දාලා තමන්ගේ වරප්‍රසාද ලබාගත්ත ඇමෙරිකාව වගේ රටවල් දියුණු වුණේ ඒවා යටපත් කරලා තරමක් දුරට හෝ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කරගත්තු නිසා අපිට ඒ මට්ටමට යන්න තවත් අවුරුදු 100ක් වත් යයි. මෙහෙම ගියොත් රටක බලවත්ම ජනතාව ජනතා පරමාධිපත්‍යය එකේ මුදුන් මල්කඩ නීතිය නීතියට පිටින් ඉහළින් කිසිවක් තියෙන්න බැහැ. ඒවායේ ගැටලු තිබේ නම් ව්‍යවස්ථා දායකයේ පරම යුතුකම නීති සම්පාදනය...

:       2       5

මෝ Friday, 28 May 2021 07:42 PM

ඔබතුමා කැතයි කියල හරියන්නේ නෑ.නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       5

මෝ Friday, 28 May 2021 07:43 PM

නීතිය ක්‍රියාත්මක කරනන

:       0       5

Saman Friday, 28 May 2021 09:27 PM

මහඋන්‍ගෙ අඩිපරේ තමයි පොඩි වුන් යන්නෙ

:       6       11

Puppa Friday, 28 May 2021 11:31 PM

මේවට අකුල් හෙලනන එපා පව්

:       5       3

Vithana Saturday, 29 May 2021 01:24 AM

අද රටේ ජනාධිපතිට සහ පොලීසියට හොඳ නරක කියා දෙන්න වෙලා තියෙන්නේ සමාජ මාධ්‍යට.

:       7       11

P. Ilangaratne Saturday, 29 May 2021 01:48 AM

ඒ වීඩියෝ එක බලනකොට නම් අහඹු සිදුවීමක් කියල හිතන්න බෑ . මිනිස්සු බුද්දිමත්.

:       0       16

ගුණ්තිලක ජයසේකර Saturday, 29 May 2021 01:48 AM

ජනධිපති තුමාගේ අදහසට එකඟ වෙමි.සියළුම අංශ තමතමන්ගේ වපසරිය තේරුම්ගෙන කටයුතු කල යුතුයි.එන්නත් 1000 ක් ඇති තැනක 2000 ක් පෝලිම් ගැසීම වැලැක්වීමට ක්‍රමවේදයක් සැකසීම වැදගත්.

:       2       13

POL Saturday, 29 May 2021 01:50 AM

උගේ ව්තරක් නෙවේ උබල ඔක්කමලාගේ වැඩ බලු වට්න්නේ නැ

:       0       9

මුණසිංහ Saturday, 29 May 2021 02:04 AM

මෙහි ඇති සමහර කොමෙන්ට්ස් දිහා බැලුවම පේනනේ මේ අහිතකර සි්ද්ධි දැන් තමා සිද්ධ වෙන්නේ මීට කලින් ඉතා හොඳ පාලන තන්ත්‍රයක් තිබූ බව. නමුත් මේ සියළු දෙනාට යහ පාලන කාලයේ සිද්ධි අමතකයි. වැරදිකරුවන්ට නිදැල්ලේ ඉන්න දීපු වැඩිම ආණ්ඩුකරණය කරල තියෙන්නේ එජාපය ප්‍රමුඛ නායකයන්.

:       8       5

nilanthaSaturday, 29 May 2021 12:57 PM

ඒ කාලයේ නිදැල්ලේ හිටපු වැරදි කාරයෙක් තමයි මේ . එදා නීතිය හරියට ක්‍රියාත්මක කළා නම් මෙයා අද ඉන්න ඕනෑ කූඩුවේ....

:       0       11

සෙනෙවිරත්න Sunday, 30 May 2021 01:19 PM

ඒවාට මේවා හිලව් කළාම හරි, රට එකතැනමනේ.... මෙතුමා ආවේ හැම තැන විනය හදනවා කියලා නේද? මෙතුමා සියලු බලතල අතට ගත්තා, විස්ස පාස් කරලා 2/3 දීලා සෘජු තීරණ ගන්න හැකියාව දුන්නා. තව මොනවාද? හරි නම් නැව් ඇමැති එලවලා දාන්න ඕනෑ. වැරදි තීරණ ගැනීම මත... දැන් මිදිගම දක්වා වෙරල විනාශයි.

:       0       0

ගුණතිලක ජයසේකර Saturday, 29 May 2021 02:12 AM

ජනාධිපතිතුමාගේ අදහසට එකඟ වෙමි. තමතමන්ගේ වපසරිය ගැන සෑම කෙනෙක්ම තේරුම්ගත යුතුයි. එන්නත් 1000 ක් ඇති තැනක පෝලිමද 1000 ක් වනසේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි

:       4       2

Shirley suraweera Saturday, 29 May 2021 02:37 AM

ගුරා කරනකොට... ගෝලයෝ දුවන ගමන් කරනවා.

:       5       11

kamal Saturday, 29 May 2021 02:37 AM

සර්ලාගේ වැඩවල ලස්සන දැකලාම අපිට දැන් කාත් දැක්කත් අඳුරගන්න බැහැ.. මගේ ආචාරය සර්... !!!

:       1       9

වාසුදේව Saturday, 29 May 2021 02:47 AM

මේ සමන් ලාල් මොරටු නගරාධිපති වුණුදා ඉඳන් මොරටුවේ ගොඩක් දේවල් මෙයාගේ බූදලේ වගේ අතට ගත්තා... එකක් තමයි සොයිසා ක්‍රීඩාංගණය. ඉස්සර උදේ ව්‍යායාම් කරන ගොඩක් අය ජොගින් කළා. නමුත් මෙය නීති දාලා බෝඩ් ගහලා ජොගින් කරන්න බැහැ. ඔබතුමා මේ සොයිසා ක්‍රීඩා පිට්ටනිය ක්‍රීඩා සඳහා මෙයාගෙන් නිදහස්කර දෙන්න.

:       0       18

wije Saturday, 29 May 2021 02:56 AM

නැහැ. එහෙමට ලොකු කැතක් නැහැ. -මීට 69 ලස්සේ

:       8       12

suranga rajakaruna Saturday, 29 May 2021 04:29 AM

වියත් මගේ කට්ටිය කරන වැඩ ගැන විශ්ලේෂණය කරලා සිද්ධිය කැතයි කියලා අහගන්නද ජනාධිපති කෙනෙක් 69ලක්ෂයක් ගෙනත් වැඩකළේ.. ? අහෝ ලංකාවට ගිය කලක්...

:       15       16

lasanthaSaturday, 29 May 2021 08:24 AM

අනික් සිද්ධි ලස්සනයිද

:       0       12

villora - moratuwa Saturday, 29 May 2021 07:37 AM

මෙච්චරකල් කෙරූ ලස්සන වැඩේ මොකක්ද?

:       0       12

MO77 Saturday, 29 May 2021 07:43 AM

ජොනී දීලා තියෙනවා එන්නත් 10000ක ටිකට් එයාලගේ අයට... ඒක හරිද?

:       1       10

de silva Saturday, 29 May 2021 08:11 AM

පෝලිමේ හිටිය අය කිව්වා

:       3       6

69laksaya Saturday, 29 May 2021 09:36 AM

අපිට නම් හරිම ලස්සනයි.

:       3       7

Kumara Saturday, 29 May 2021 11:59 AM

ඇත්තටමද සර්...?

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්
2024 නොවැම්බර් මස 27 156 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ


කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
2024 නොවැම්බර් මස 27 218 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය


මන්නයකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 27 296 0

හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 350 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 3592 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 3122 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site