(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කොන්දේසිවලට නිල ණය හිමි කමිටුව සහ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම එකඟතාවයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක ගෙවීමට ඇති ණය මුදලක් ආවරණය වන බවත් එම ණය මුදල දිගු කාලීන කල් පිරීමේ දිගුවක් සහ පොලී අනුපාතය අඩු කිරීමක් යටතේ ප්‍රතිව්‍යුහගතකරණය වනු ඇති බවත් මුදල් අමාත්‍යංශය පැවැසුවේය.
එකඟ වූ කොන්දේසි පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුලත් කරමින් එකඟතාවය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා නිල ණය හිමියන් සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ඇති බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
අනතරුව එම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කරමින් එක් එක් ණය හිමියා සමඟ ද්වි පාර්ශ්වික ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹෙනු ඇති බව මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෙරට ණය ගැන ණය හිමියන්ගෙන් කොළ එළියක්
chandima Thursday, 30 November 2023 03:07 AM
එක වෙන්න අති අරය ඉතුරු සල්ලි වලින් ලොකෙ වටෙ යන්නෙ ්යො පිරිවරාගෙන?