මොරටු මහ විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර 60 වැනි වරටත් මොරටු-පානදුර මහ හටන කි‍්‍රකට් තරගය අද සහ හෙට (16-17) මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ.
මෙම දෙවිදුහල් අතර මෙතෙක් පවත්වා ඇති තරග අතරින් ශ්‍රී සුමංගල විදුහල තරග 9 ක්ද මොරටු මහ විදුහල තරග 7 ක්ද ජයග‍්‍රහණය කර තිබේ.
අවසන් වරට ශ්‍රී සුමංගල විදුහල ජයගෙන ඇත්තේ 2007 වසරේ දී ඉරේෂ් පුෂ්පකුමාරගේ නායකත්ව යෙනි. අනුරුද්ධ කල්හාරගේ නායකත්වය යටතේ වසර 2010 දී මොරටු මහ විදුහල මහ තරගය ජයග‍්‍රහණය කිරීමට සමත්විය.
මොරටු මහ විදුහල මේ වාරයේ තරග 14 කට සහභාගි වී කොළඹ අශෝක අම්බලන්ගොඩ දේවානන්ද, කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය, කෝට්ටේ සාන්ත තෝමස්, කළුතර තිස්ස හා මහනුවර විද්‍යාර්ථ යන විදුහල්වලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර තිබේ.
මෙවර මොරටු මහ විදුහල් නායකත්වය සංඛ රමේෂ් දරණ අතර ඔහු මේ තරග වාරයේදී කඩුලූ 103ක් හා ලකුණු 1187ක් ලබා ගනිමින් බාටා හා මොබිටෙල් සන්ඬේ ටයිම්ස් පිට පළාත් හොඳම කී‍්‍රඩකයා ලෙසත්, පිට පළාත් හොඳම තුන් ඉරියව් කී‍්‍රඩකයා ලෙසත්, පිට පළාත් හොඳම දෙවැනි වර පන්දුවට පහර දෙන්නා ලෙසත් සම්මාන ගණනාවක් ලබාගත් දක්ෂ කී‍්‍රඩකයෙකි.
මෙවර තරගාවලියේ දී කඩුලූ 99 ක් සහ ලකුණු 768 ක් රැස් කරමින් දස්කම් දැක්වීමට සමත්වී ඇත. ඔහු ශතක තුනක් හා අර්ධ ශතක තුනක් රැස්කර තිබේ. පන්දු යැවීමෙන් කෝට්ටේ සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 94ට කඩුලූ 12ක් බිඳ හෙළා තිබේ. මොරටු විදුහල් කණ්ඩායමේ තෙවැනි ස්ථානයට පහර දෙන ඉෂාන් තිලක්ෂ මේ වනවිට ශතකයක් ද සමග ලකුණු 671ක් ලබා ගැනීමට සමත්ව තිබේ. කණ්ඩායමේ කඩුලූ රකින්නා ද වන ඔහු කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් 40 කට දායකවී තිබේ.
මීට අමතරව කණ්ඩායමේ උපනායක ජනිත නිමේෂ් සමරජීව ලකුණු 410ක් රැස්කර තිබෙන අතර ඉරේෂ් චාමර හා හර්ෂ දේවින්ද කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෝ වෙති.
පානදුර ශ්‍රී සුමංගල විදුහල මෙවර තරග 11 කට සහභාගිවී ඇති අතර ඉන් තරග 7 ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ඇති අතර ඉන් හතරක් පරාජයට පත්ව තිබේ.
අරුණ ධර්මසේන මෙවර ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරණ අතර ඔහු තරග 11 දී ශතක දෙකක් හා අර්ධ ශතක අටක් සමග ලකුණු 1034ක් ලබා ගැනීමට සමත්වූ පිතිකරුවෙකි.
මාධව චතුරංග ලකුණු 450 ක්ද, කුෂාන් අකලංක එක් ශතකයක් සමග ලකුණු 418ක්ද, ලබා ගනිමින් මේ තරග වාරයේ පිත්තෙන් දස්කම් දක්වා තිබේ. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන අංජු තාරක කඩුලූ 55ක් බිඳ හෙළා තිබේ. තාරුක නදීශාන් ලකුණු 380ක් හා කඩුලූ 38ක් ලබාගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීම කැපී පෙනේ.
මෙම 60 වැනි මහා කි‍්‍රකට් ගැටුමෙන් අනතුරුව දෙවිදුහල අතර පන්දුවාර 50 එක් දින කි‍්‍රකට් තරගය ලබන ඉරිදා ද (18), පන්දුවාර 20x20 තරගය මෙම 25 වැනිදා ද මොරටුව ද සොයිසා කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැත් වෙන බව මොරටු මහා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පවසයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මොරටු-පානදුර මහ සටන අද සිට