IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මොරටු විරෝධයේ ස්වරූපය වෙනස් වේ

මොරටුව  වේල්ස් කුමර විදුහලේ හිටපු විදුහල්පති යළි ඉල්ලා මෙතෙක් පාසල ඉදිරිපිට ගෙනගිය උද්ඝෝෂණයේ ස්වරූපය අද වෙනස් අතකට හැරුණේය. නව විදුහල්පති වැඩ භාරගැනීමට ඉඩනොදී අවහිර කළැයි මොරටු පුරපති ඇතුළු පිරිසක් උසාවි කැඳවීමත් සමඟ භික්ෂූහු කිහිප නමක් පාසල් ගේට්ටුව ඉදිරිපිට පිරිත් දේශනා කරන්නට වූහ.

ගේට්ටුව වසා තිබූ අතර මව්පියන් ද සිසුහු ද එහි රැස්ව සිටියහ. තමා අද උසාවියන බව මොරටු පුරපති එසැණට කීවේය.

ඡායාරූප සුරංජිත් පෙරේරා



අදහස් (0)

මොරටු විරෝධයේ ස්වරූපය වෙනස් වේ

ගිහාන් Monday, 29 July 2013 12:56 PM

බලමු දැන් මොනවා වෙයිද කියලා (නි)

:       0       0

චාමික Monday, 29 July 2013 12:59 PM

ඔහොම කියමු හාමුදුරුවනේ දිගටම (නි)

:       0       0

ප්‍රගීත් Monday, 29 July 2013 05:13 PM

සාමා වගේ බුද්ධිමතුනුත් ලොවේ ඉන්නවා නොවැ.(අ)

:       0       0

ජයවර්ධන Monday, 29 July 2013 01:15 PM

ඉස්තානයට සුදුසු නුවන කියා ආඩම්බර වෙනවද දන්නෙ නෑ? (ස)

:       0       0

සරත් Tuesday, 30 July 2013 08:10 AM

අලුත් විදුහල්පති ඊට වඩා හොද වෙන්න පුළුවන්. එයාට අවස්ථාවක් දීලා බලන්න. හැකියාවන් තිබෙන තව අය ඉන්නවා (නි)

:       0       0

අසේල ඕමානය Monday, 29 July 2013 05:36 PM

චන්දිමගේ කතාවේ ඇත්තක් තිබෙනවා නැතුවමත් නෙමෙයි.සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරලා ලොවට ලෝකෝත්තර නිවන් මං දොරටු විවර කරදුන් උත්තමයන් ලොවට දායාද කළ ත්‍රිවිධ රත්නයම අනේ අද ලෞකික දේවල් ලබා ගන්න ආයුධයක් හැටියට පාවිච්චි කිරීම තුලින් අඳ බාල ජාති උන්මත්තකයන් ලෙසින් අපිම අපේ ධර්මය කිලිටි කරනවා නොවේද? බුදුන්ගේ ධර්මය තියෙන්නේ අයිතීන් ලබා ගැනීමට පාවිච්චි කිරීමටද? නොඑසේ නම් මේ ඝෝර සසරෙන් එතෙර වීමටද කියලා ටිකක් කවුරුත් කල්පනා කරනවා නම් හොඳයි. (නි)

:       0       0

හිරා Monday, 29 July 2013 05:39 PM

මොරටුවේ ඉන්න පියතුමන්ලා එලියට එන්නේ නැත්තේ මොකද? හැම ප්‍රශ්නයකදීම ඒ අය නැැහනේ. හාමුදුරුවරු මිනිසුන්ගේ හැම ප්‍රශ්නයකටම ඉස්සරහට පැමිණිලා නිකන් බැනුම් අහනවා. (නි)

:       0       0

රංග Monday, 29 July 2013 10:02 PM

නීල් රණා කියන්නේ මුස්ලිම් අයෙක්. එයාට ඔන වෙන දෙයක් (දී)

:       0       0

චන්දිම Monday, 29 July 2013 09:00 AM

ඇත්තටම අපේ මිනිස්සුන්ට පිස්සුද නැත්නම් හැටිද? (දී)

:       0       0

නුවන් Monday, 29 July 2013 09:21 AM

විදුහල්පති වරුනට පඩි ගෙවන්නේ මුළු රටේම මිනිස්සුනේගේ බදු මුදල් වලින් එක නිසා රටේ කොතන උනත් ඉන්න දරුවන්ට සේවය දෙන එක මේ අයගේ වගකීම, මොකද අනෙක් ඉස්කෝලවල දරුවන්ට හොද විදුහල්පති කෙනෙක්ගේ සේවය ඕනේ නැද්ද (දී)

:       0       0

කපිල Monday, 29 July 2013 05:57 PM

ඔය පාසලේ උත්සවයකට මමත් සහබාගි වුණා. එදා එතන හිටපු බොහෝ දෙනෙක් විදුහලේ වත්මන් දියුණුව ගැන කතා කළා. ඒ වගේම එම උත්සවය අමතා විදුහල්පතිතුමා කතා කළා. මමත් පාසලක සංවර්ධන සමිතියක ලේකම් විදියට කටයුතු කටයුතු කරලා හොඳට අත්දැකීම් තිබෙන කෙනෙක්. එතුමා ඇත්තටම දක්ෂයෙක් බව අපට වැටහුනා. එතුමා රැකගන්න දෙමාපියන් ගන්න උත්සාහය සාධාරණයි. හාමුදුරුවරු ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරන්නේ නැහැ නේද? හොද දෙයකට පිරිත් කිවුවහම මොකද ? (නි)

:       0       0

චාමර ශ්‍රී Monday, 29 July 2013 09:23 AM

හැම දෙකටම බුදු හාමුදුරුවන් මුලට දා ගන්නේ ඇයි (දී )

:       0       0

නාරද Monday, 29 July 2013 09:25 AM

එකනේ මේ විදියට අගම ගාව ගන්න හෝඳ නෑ හැම දේටම, (ස)

:       0       0

නීල් රණා Monday, 29 July 2013 09:36 AM

පිරිත් කිව්වට ‍ේමවා කරන්න බැහැ. යක් බෙර ගහලා, දුම්මල ගහලා යකුන් යක්ෂණියන් පාසලෙන් එළවලා දමලා විදුහල යක්ෂ විමානයක් කරන්න මුල්වූ නායකයන් උසාවි දාලා දඟ ගෙට යවන්නයි ඕනා. (නි)

:       0       0

හේමන්ත Monday, 29 July 2013 09:37 AM

තැන නොතැන බලා පිරිත් කියන්න යෑමෙන් සාසනය හෑල්ලුවට ලක්වෙනවා. පිරිත් කියන එක හොඳයි. නමුත් උද්ගෝෂණය වෙනුවට පිරිත් කියනඑක හරිද? (ස)

:       0       0

ලුම්බිණි Monday, 29 July 2013 09:36 AM

මේ හාමුදුරුවරුන්ට පිරිත් කියන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද? (දී)

:       0       0

සුනෙත් Monday, 29 July 2013 02:05 PM

හාමුදුරුවන්ට වෙන වැඩ නැද්ද මන්දා? අන්තිමට හාමුදුරුවොත් ගිහියෝ ගානට වැටෙනවා මේ කරන වැඩ වලින් (නි)

:       0       0

වන්නිගමගේ, රත්නපුර Monday, 29 July 2013 09:40 AM

මේ මෑතක සිට දේශපාලකයෝ අපේ බුදු දහමත්, භික්ෂූන් වහන්සේලාත් තමන්ගේ කූට දේශපාලන වැඩ සඳහා ඉතා කපටි ආකාරයෙන් යොදා ගන්නවා. මෙතන වෙන්නෙත් ඒ වගේ වැඩක් කියලයි මම නම් හිතන්නේ. පිරිත කියන්නේ, අපේ සංස්කෘතියේ ඉතා ගෞරවයෙන් සලකන දෙයක්. ඒතරම් උතුම් දෙයක් මේ වගේ වැඩකට යොදාගන්නකොට, මීට වඩා තව ටිකක් කල්පනා කළා නම් හොඳයි. තරුණ භික්ෂූන් වහන්සේලා මීට වඩා කල්පනාකාරීව, විමර්ශනශීලීව කටයුතු කරනවා නම් හොඳයි. මහානායක හාමුදුරුවරුන්ට ඉතා ගෞරවයෙන් මතක් කරන්න දෙයක් තියෙනවා, එනම් භික්ෂු කතිකාවතක් පවත්වා භික්ෂු ශාසනය ආරක්‍ෂා කරගන්නා ලෙසයි. (නි)

:       0       0

විදානගේ Monday, 29 July 2013 02:04 PM

මෙතැන තියන්න ප්‍රශ්නය ඕක නෙමෙයි. ඇත්ත දන්නෝ දනිති (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 29 July 2013 10:47 PM

කට්ටිය හරියට කතා කරන්නේ මේ හිටපු විදුහල්පතිට සාමාන්‍ය ස්ථාන මාරුවක් ලැබිල වගේනේ. ..එහෙමනම් මේ උද්ගොෂණයට අපිත් එකග වෙනවා..වැඩක් කරන මනුස්සයෙක් තියාගන්න කව්රුත් කැමතිනේ...එ වුනාට වැඩේ තියෙන්නේ මෙයාට තියෙන චෝදනා සහ එවට කෙරෙන පරීක්ෂණ..එව ගැන කව්රුත් මුකුත් කියන්නේ නැහැනේ.මෙය වරද කාරයෙක් නෙමෙයි කියල ඔප්පු කරන්න..එතකොට අපි ඔය උද්ගෝෂණය සාදාරනීකරනය කරන්නම්..එහෙම නැතුව මොනවා කලත් වැඩක් නැහැ (දී)

:       0       0

නිල රනා Monday, 29 July 2013 09:49 AM

පිරිත් කිව්වට වැරදි කරුවන් රකින්න බැහැ. යක් බෙර ගහලා, දුම්මල ගහලා යකුන් යක්ෂණියන් පාසලෙන් එළවලා දමලා විදුහල යක්ෂ විමානයක් කරන්න මුල්වූ නායකයන් උසාවි දාලා දඟ ගෙට යවන්නයි ඕනා. (දී)

:       0       0

නීල් රණා Tuesday, 30 July 2013 09:42 AM

ලංකාවේ පාසල් ඇකඩමිත් අධ්‍යාපනය සුද්දන්ට කත් අදින පරපුරක් බිහිකර ගැනීමට සුද්දන් විසින් ඇතිකරන ලද්දක්. එයින් වර්තමාන රැකියා වෙළඳ පොළ ඉලක්ක කරගත් වෘත්තිමය පුහුණුවක් ඇති මිනිසුන් බිහිවන්නේ නැහැ. එවැනි අධ්‍යාපනයක් තවදුරටත් නොමිලේ ලබාදීමෙන් පලක් නැහැ. අපේ සිංහල සම්ප්‍රදාය අනුව ඇකඩමික් අධ්‍යාපනය නොමිලේ දුන්නේ පන්සලේ පිරිවෙනේදී පමණයි. එයින් පරිබාහිරව සිදුවුනේ දරුවන් කුඩාකල සිටම පවුල හෝ කුලය ඇසුරුකොට ගනිමින් වැඩිහිටියන්ගෙන් වෘත්තිමය අධ්‍යාපනය ලබා ප්‍රායෝගික දක්ෂයන් බවට පත්වීමයි. එයින් අදහස්වුනේ ඔවුන් ඇකඩමික් අධ්‍යාපනයට නුසුදුස්සන් බවක් නොවේ. වැඩකට නැති සුද්දන්ගේ අධ්‍යාපනය අවශ්‍ය අයට ඒ සඳහා මුදල්ගෙවා ඉගෙනීමට පාඨශාලාත්, වෘත්තීය ඉගෙනුමක් හා රටට වැඩදායීවීමට අවශ්‍ය අයට නොමිලේ පාසලුත් ලබාදී පහ ශ්‍රේණියෙන් පසු එයින් එක මාර්ගයක් තෝරා ගැනීමට අවස්ථාව ලබාදීමත් සුදුසුයි. පහේ ශිෂ්‍යත්වය, ජනප්‍රිය පාසල්, පාසල් සංවර්ධන සමිති, ආදී ශිෂ්‍ය සංගම් ආදී මෙකී නොකී නොයෙක් දේ වලින් ඔද්දල් වී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය නගාසිටුවිය හැක්කේ එලෙසින් පමණයි. මා කුඩාකල සිටම පෞද්ගලික පාසලකට ගිය බැවින් එවැනි පාසල් වඩා හොඳ බව අත්දැකීමෙන් දන්නවා. (නි)

:       0       0

සෙබා කොල්ලෙක් Monday, 29 July 2013 02:17 PM

මෙතන කොමෙන්ට දාපු කවුරුත් කතාව හරියට දන්නේ නැහැ... ඔය කියන විදුහල්පතිතුමා එන්න පෙර වේල්ස් කුමර විදුහල සැහෙන පරිහානියකට පත්වෙලා තිබුනේ..... මෙතුමා තමයි පාසල දියුනු කරලා ආදිශිශයන් එකතු කරලා ලොකු වැඩක් කරමින් පවතිද්දී මේ ප්‍රශ්නය ආවේ.... මේ අවස්තාවේදී නගරාදිපතිතුමා ඇතුළු කිසිම පක්ශ බේදයකින් තොරව මොරටුවට ආදරයකරන ජනතාව කැපවී සිටිනවා..... අපේ සහොදර පාසලේ ප්‍රශ්ණයක් බැවින් අපත් මුළු හදවතින්ම ඔවුන්ගේ සටනට ආශිර්වාද කරනව...... (දී)

:       0       0

උපාලි Monday, 29 July 2013 10:09 AM

අහෝ ශ්‍රී විෂ්ණු දීව්‍ය රජෝත්තමයාණෙනි, අප සම්‍යයක් සම්බුදුරජාණන් වහන්සේ පන්දහසක් අවුරුදු ශ්‍රී සම්බුද්ධ ශාසනය ලංකාභ්‍යන්තරයෙහි ආරක්ෂා කිරීමට ඔබ වහන්සේට භාරකලෝ නොවෙත්ද? ඒ වගකීම ඉෂ්ඨ සිද්ධ කරන මෙන් ඔබ වහන්සේගේ දෙපා මුල වැටී අයැද සිටිමි. (නි)

:       0       0

පෙරේරා Monday, 29 July 2013 10:09 AM

චන්දිම, මේ අපේ මිනිස්සුන්ගේ හැටි. ඉස්කෝලේ ළමයින්ට පිරිත් කියනවා. ලංකාවේ අවුරුදු 2500 කියපු පිරිත් වලින් වැඩක් තියෙනවද? තාම ජනගහනයෙන් 50% සමෘද්ධි මත යැපෙනවා. මේකට හේතුව ලංකාවේ මිනිසුන්ගේ තියෙන දුෂ්ටකම. මේ රටේ අය පිරිත් අහන්නේ නැහැ. (නි)

:       0       0

සඳුනි Tuesday, 30 July 2013 09:29 PM

මාත් හොද බෞද්ධයෙක් හේමන්ත සහ වන්නිගමගේගේ අදහස් ඉතා නිවැරදියි.(අ)

:       0       0

ධම්ම Monday, 29 July 2013 10:24 AM

නොගැලපෙන වැඩක්! (ස)

:       0       0

ශාන් Monday, 29 July 2013 10:31 AM

අපේ මේ සාදුලට වෙන වැඩක් නැද්ද? (නි)

:       0       0

නීල්රණා Monday, 29 July 2013 11:42 PM

පස්වන ශ්‍රේණියෙන් පසු මුදල්ගෙවා සාමාන්‍ය පාසල් අධ්‍යාපනය ලබාගත නොහැකි ළමුන් සඳහා වෘත්තීය පුහුණු පාසල් දිවයින පුරා නොමිලේ ආරම්භ කිරීමෙන් දැනට වඩා වැඩදායී ප්‍රයෝගික පුරවැසියන් බිහිකළ හැකියි. මෙවැනි වෘත්තීය පුහුණු පාසල් තුල රැකියා වෙළඳපොල ඉලක්ක කරගත් විවිධ පාඨමාලා පැවැත්වීමෙන් දරුවන්ට තම රුචිකත්වය හා හැකියාවන් අනුව කුඩාකල සිටම ජීවිතය ගොඩනගා ගතහැකියි. (නි)

:       0       0

කුවින්ස් Monday, 29 July 2013 06:26 PM

මම නම් ඇත්ත තත්වය දන්නේ නැහැ , ඒත් මට මජන විරෝදත නිසා, යම්කිසි ජනතාවගේ අතුප්තිකර තත්වයක් පෙන්වා, මෙය වෙනසකට මුල් විය හැකි. (දී)

:       0       0

රෝහණ Monday, 29 July 2013 10:41 AM

මෙවෙනි ක්‍රියා මාර්ග ගැනීමන් දෙමව්පියන් කරන්නේ ළමයින්ට නරක ආදර්ශයක්. අන්තිමට දරුවනුත් අනුගමනය කරන්නේ මෙවැනි නොහික්මුණු ක්‍රියා මාර්ග. අඩු ගණනේ සංගය වහන්සේලාවත් කරුණාව මෛත්‍රිය නිසි ක්‍රියා මාර්ග ගැන අනුශාසන කරනවා වෙනුවට අපේ බුදු දහම පහත තත්වයකට ගෙන යාම කනගාටුදායකයි. ඉදිරියට අපේ රටට වන්නට යන දෙය ගැන මට මහත් සංකාවක් දැනෙනවා. ලංකාදීපයට බුදු සරණයි (නි)

:       0       0

සාමි Monday, 29 July 2013 03:08 PM

ලංකාවේ මිනිසුන්ට හොදටම පිස්සු .(දී)

:       0       0

චාමික Monday, 29 July 2013 07:07 PM

ඇයි මේ අය උද්ඝෝෂණය කරන්නේ ? එතුමා වෙන පාසලකට ගිහින් ඒකත් දියුණු කරයි කියලා බය හිතිලද ? එතුමා රාජ්‍ය සේවයට එනකොට ඕනෑම පාසලක සේවය කරන්න එකග වෙලා තියෙන්නේ. එතුමා හොදයි නම් එතුමාගේ සේවය ලබන්න වෙනත් පාසල් වලටත් අයිතියක් තිාබනවානේ? මේවා දැන් අපිට නම් විහිළුවක් වෙලා. (නි)

:       0       0

නීල් රණා Monday, 29 July 2013 07:06 PM

පාසැල ඉදිරිපිට අවහිරතා ඉවත් කරන්න පොලිසියට බලය තිබෙනවා. මොන කරුණු කාරනා තිබුනත් පාසල් පාලනය වියයුත්තේ අධ්‍යාපන බලධාරින්ගෙන් මිස සිසුන්ගෙන් හෝ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් නොවේ. කෙටිකාලයක් තුල අත්දකින දේ මත යම් යම් පොලිස් ප්‍රධානීන්, විදුහල්පතිවරුන්, හමුදා නායකයින් ඕනෑමයි, නැතහොත් සියල්ල හමාරයි කියා සිතන ප්‍රථමික, වැරදි ආකල්ප නොදියුණු සමාජයක ලක්ෂණයක් වුවත් එවැනි ඉල්ලීම් ලංකාවේ ඉතා සුලබයි. පස්වන ශ්‍රේණිය දක්වා පමණක් නොමිලේ අධ්‍යාපනයදී ඉන්පසු වාරික හෝ මාසික ගාස්තුවක් අයකිරීමෙන් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවී තිබෙන බොහෝ ගැටළු නිරාකරණය කරගත හැකියි. (නි)

:       0       0

අස්මිත් Monday, 29 July 2013 11:37 AM

දැන් මේ ක්‍රමය සෑම උද්ගොෂනයකටම යොදවීමට පක්ෂ,විපක්ෂ,විශ්ව විද්‍යාල,රජයේ පෞද්ගලික සේවක මණ්ඩල,පිකටින්,කරන්නත් පටන් ගත්තොත් හොදට තියෙයි නේද? (දී)

:       0       0

චමින්ද පෙරේරා Monday, 29 July 2013 03:33 PM

සෙබා කොල්ලා - ඔයාට ගොඩක් එස්තුති. එක ඇත්ත . මෙතන අදහස් දාන ගොඩක් අය දන්නේ නැහැ ඇත්ත තත්වය. (දී)

:       0       0

ඉන්දික Monday, 29 July 2013 07:30 PM

මෙතන අදහස් දක්වනගොඩක් අය ඇත්ත තත්වෙ දන්නෙ නැ. මේ විදුහල්පතිතුමා වසරක් තුල පාසැල ඉතා ඉහල මට්ටමකට ගෙනවා. දෙමව්පියන් මෙහෙම කරන්නේ මේක පළිගැනීමකට කරපු දෙයක නිසා. සාධාරණයක්‌ වේවි කියල සිතනවා (දී)

:       0       0

සම්පත් Monday, 29 July 2013 04:23 PM

පිස්සෝ වගේ කොමෙන්ට්ස් දානවා මිසක් මොකද මේ අය උත්ගොෂණය කරන්නේ කියල හොයල බැලුවද? ලංකාවේ ඉදන්ම ලංකාවේ මිනිස්සුන්ට පිස්සෝ කියන අයට තමා වැඩිපුර පිස්සු.. (දී)

:       0       0

බමුණු Tuesday, 30 July 2013 04:30 AM

නීල්රනා, වෘත්තීය අධ්‍යාපනය නොමිලේ දෙන්න යන මුදල් වලින් අර ළමයින්ට පස්වන ශ්‍රේණියෙන් එහාට උගන්වන්න පුලුවන්නේ. ඉගෙනගන්න සල්ලි නැහැ කියන්නේ ඇකඩමික් අධ්‍යාපනයට නුසුදුයි කියන එක නොවෙයි. මේවා පටලවා ගන්න එපා. (නි)

:       0       0

බමුණු Tuesday, 30 July 2013 04:31 AM

නීල්රනා, පිස්සු කතා කියන්න එපා (නි)

:       0       0

චින්තක Monday, 29 July 2013 04:47 PM

මොරටුවේ මිනිස්‌සුන්ට වෙන වැඩ නැතිව නොවේ උද්ඝොෂණ කරන්නේ. වෙච්ච ලොකු අසාධාරණයකට හා ළමයින් 4500 කගේ අනාගතය වෙනුවෙන්.(ස)

:       0       0

තබුක් සිල්වා Monday, 29 July 2013 08:42 PM

දෙශපාලන වාසි බලාගෙන වෙන්න ඇති ලකුණු දාගන්න ජනතා අතරට පැමිණිලා තිබෙන්නෙ(අ)

:       0       0

සුදේශ් Monday, 29 July 2013 12:31 PM

කරුණාකරලා ප්‍රශ්නය හොද හැටි බලලා කතා කරන්න කියලා මම අනික් අයගෙන් ඉල්ලා සිටිනවා. අපි කැමති නැහැ අපේ පාසැල අගාදයකට වැටෙනවට. (නි)

:       0       0

චානක. Monday, 29 July 2013 12:52 PM

චන්දිම මටත් කියන්න තිබෙන්නේ ඕකම තමා ...හරි පුදුම රටක්...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 261 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 204 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1444 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 372 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 808 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 524 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site