IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මොරටු සබේට සාය අඳුකොළ වගේ

මොරටු මහ නගර සභා රැස්වීම වාර්තා කිරීමට ලංකාදීප මාධ්‍යවේදීනි රේඛා තරංගනී පොන්සේකා හා දිවයින පත්‍රයේ හෙන්රි ප්‍රියශාන්ත පෙරදින ගියහ.ලංකාදීප මාධ්‍යවේදීනිය කළු පැහැදිග සායක් ද සුදු බ්ලව්සයක්ද ඇද  සිටියාය.දිවයින  මාධ්‍යවේදීයා කලිසමක් හා කමිසයක් ඇද සිටියේය. මාධ්‍යවේදීනියගේ සාය දෙපතුල දක්වා දිගය.අත්  නොකැපු බ්ලවිසය උඩුකය මුළුමනින්ම වැසී ගොස් තිබිණි.උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා වෙනත් කරුණු යටතේ  ප්‍රශ්නයක්  මතු කළේය. මේ සභාව උත්තරීතරයි,අද මේ සභාව වාර්තාකිරීමට පැමිණි මාධ්‍යවේදීන් සභාවට නොගැලපෙන ආකාරයෙන් ඇඳුම් ඇඳ පැමිණ සිටිනවා  යැයි කීවේය.සභාපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඊට එහිදී පිළිතුරක් දුන්නේ ද  නැත. මාධ්‍යවේදීන්ගේ ඇඳුම් හි අඩුපාඩුවක් ඇතැයි කීවේ ද නැත. නගරාධිපති ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමැසු විට පැවසුවේ සභාවට  සුදුසුම ඇඳුම සාරිය බවයි. කලිසම ද වරදක් නැතැයි කී ඔහු  එහෙත් එය නිර්දේශ නොකරන බව අවධාරණ කළේය.සාය හා බ්ලව්සයෙන් සිරුර හරි හැටි වැසේ නම්, කිටිකිටියේ  ඇඳුමක් නොවේ නම්, එහි ද වරදක් නැතැයි ඔහු කීවේය.



අදහස් (0)

මොරටු සබේට සාය අඳුකොළ වගේ

සිසිර Friday, 30 November 2012 03:06 PM

තැනකට යනකොට ඒ තැනට ගැලපෙන ඇදුමක් ඇදගෙන යන්න (දී)

:       0       0

මධු Friday, 30 November 2012 09:37 PM

මොරටුවේ හොයලා බැලුවොත් කොයිතරම් නම් අඩුපාඩු තියෙනවද? (නි)

:       0       0

ප්‍රසාද් Friday, 30 November 2012 03:28 PM

අපි නොදන්නා සදාචාරේ.....මේවට හිනා යනවා (ස)

:       0       0

සෙනරත් Friday, 30 November 2012 03:39 PM

අනේ අනේ අනේ මොකද්ද මේ වෙන්නේ(දී)

:       0       0

මුතු Friday, 30 November 2012 10:12 PM

අපි මේක අහන්න ඕනා මධුගෙන් ..(ස)

:       0       0

සමන්ත Friday, 30 November 2012 03:42 PM

මමනම් කියන්නේ ඒ කතාවහරි සාරිය අදින්න රස්සාවටත් හොදයිනේ (දී)

:       0       0

චතුල වෙරෝනා Friday, 30 November 2012 03:57 PM

සායෙ ෆොටෝ එකක් නොදා අදහස් දෑක්වීමට අපහසුයි (ස)

:       0       0

බන්දුල Friday, 30 November 2012 11:21 PM

මොකද? ගැහැණු දැක්කහම හිත කොන්ට්‍රෝල් නැතුව යනවාවද්ද? (නි)

:       0       0

අචිනි Friday, 30 November 2012 03:58 PM

මහා රජිනත් සාය අදිනවා (දී)

:       0       0

ඩයස් Saturday, 01 December 2012 12:17 AM

විකාර ඇතිනම් මේවා තමයි (දී)

:       0       0

ලාල් Friday, 30 November 2012 04:28 PM

සායට වඩා කලිසම හොදයි (දී)

:       0       0

ලුම්බිණි Friday, 30 November 2012 11:12 AM

මේ අය කරන්නෙම මේ වගේ කිසිම වැදගැම්මකට නැති වැඩ. මෙච්චර ප්‍රශ්න තියෙන එකේ මේකද ප්‍රශ්නේ? (ස)

:       0       0

ශාන් Friday, 30 November 2012 11:13 AM

එතකොට නයා කවුද (දී)

:       0       0

චානක Friday, 30 November 2012 11:19 AM

ඇදුම් ‍ඕනි නෑ කියලද කියන්නේ (ස)

:       0       0

ෂින් Friday, 30 November 2012 11:19 AM

කලිසම කියන්නේ බොහොම වැදගත් ඇඳුමක් (දී)

:       0       0

රේකා Friday, 30 November 2012 11:28 AM

සාය මේ තරම් ලොකු ප්‍රශ්නයක් උනාද (දී)

:       0       0

සෝමා Saturday, 01 December 2012 02:58 AM

ඇඳුමෙන් කෙනෙක් මනින්න පුලුවන්ද? තමන්ගේ නොහැකියාව වහගන්න කියන කතා. (නි)

:       0       0

වන්නි Friday, 30 November 2012 11:29 AM

සාය නිකන් අඩු කොළ වගේ ලු (දී)

:       0       0

හේරත් Friday, 30 November 2012 11:30 AM

අයියෝ සායක් නිසා වෙච්ච දේ (දී)

:       0       0

සෙලනිකස් Friday, 30 November 2012 04:42 PM

පළාත්සභා, නගරසභා උත්තරීතර වුණොත්, ඇත්තටම උත්තරීතර ඒවාට කියන්නේ මොකක්ද? මට පෙනෙන්නේ මේ මනුස්සයාගේ ඇඳුමෙන් ඇඟ වැහිලා වැඩියි වගේ, නගරසභාවේ අය බලාපොරොත්තු වුණාට වඩා. කාන්තාවන්ගේ ඇඳුම් ගැන දක්වන උනන්දුවෙන් පෙනෙන්නේ එම පුද්ගලයන්ගේ මනසයි. මින් පසුව නාන ඇඳුමක් අන්දවා නිරූපිකාවක් යැවීම සුදුසුයි. (නි)

:       0       0

ගයාන් Friday, 30 November 2012 11:53 AM

බොරු වැඩ (දී)

:       0       0

අජිත් Friday, 30 November 2012 12:08 PM

නිකමුන් පොරවල් කරන්න යනවාට හොඳ පාඩම. (නි)

:       0       0

මෙත්තානන්ද Friday, 30 November 2012 12:14 PM

කවුරු හරි ලොක්කෙක්ලොක්කෙක් ගේ දුවෙක් ඔතනට කොට කලිසමක් ඇදගෙන ආවානම් මඩම් කියලා පිලි ගන්නේ නැද්ද (දී)

:       0       0

සනත් Friday, 30 November 2012 12:18 PM

මට හිතෙන්නෙ ඉතා සංවර ලෙස ඇඳුම් ඇඳීම නිසා මේ අවුල වෙලා තියෙන්නේ.මේකේ තියෙන හැටියට මේ ඇඳුමෙ තියෙන වරදක් ගැන හිතා ගන්න බෑ. (ස)

:       0       0

සම්පත් Friday, 30 November 2012 12:25 PM

මොනවත් නොපෙනුන එකේ වරද තමයි (ස)

:       0       0

විමල් Friday, 30 November 2012 12:33 PM

මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ...... කොහොම එහෙනම් එන්න කියන්නේ (ස)

:       0       0

සම්පත් Friday, 30 November 2012 12:32 PM

ටිකක්‍ කොටට ඇන්දනම් ඉවරයිනේ (ස)

:       0       0

උදයංග Friday, 30 November 2012 12:36 PM

විකාර කියලා ජාතියක් අහලා තියෙනවාද (දී)

:       0       0

සිල්වා Friday, 30 November 2012 12:54 PM

මම ඒ වැඩේට විරුද්දයි සාය එපානම් නිසි ඇදුමක් යෝජානාකර ස්ථිර කර ගන්න (දී)

:       0       0

අනෝමි Friday, 30 November 2012 12:59 PM

මේක මොරටුවේ ස්ටයිල් එකට ගැලපෙන්නෙ නැතුව ඇති... (ස)

:       0       0

රන්ජිත් Friday, 30 November 2012 06:21 PM

නිසි තැනට නිසි ඇදුම (දී)

:       0       0

තුසිත් Friday, 30 November 2012 01:23 PM

මොන විකාර වැඩද මේ (දී)

:       0       0

තාරුක Friday, 30 November 2012 01:23 PM

අන්දාට පස්සේ ගලවන්නද, ඒ නිසා නිසි ඇදුමක් යෝජනා කරන්න (දී)

:       0       0

රණා Friday, 30 November 2012 01:38 PM

කොට සායක් ඇඳන් ගියානම් ඉවරනේ (ස)

:       0       0

Lalith-Qatar Saturday, 01 December 2012 09:56 AM

මොකද්ද ඒ ඇදුමේ තියෙන වරද කිඅන්නකෝ බලන්න (දී)

:       0       0

රාජපක්ෂ Friday, 30 November 2012 01:48 PM

හොස විලිසංගය තියෙන ඇදුමක් නේ සාය (දී)

:       0       0

ගයා Friday, 30 November 2012 01:44 PM

ගැලපෙන්නේ මොන ඇදුමක්ද කියලා එයාලා කිව්වේ නැද්ද ? (ස)

:       0       0

ප්‍රසන්න Friday, 30 November 2012 02:10 PM

ගැහැණුන්ගේ ඇදුම් දිහා බලන්නේ මොකටද ? (ස)

:       0       0

අජිත් Friday, 30 November 2012 07:34 PM

අයියෝ රේකා

:       0       0

ක්‍රිෂාන් Friday, 30 November 2012 02:31 PM

අපි නොදන්න චෙස් (ස)

:       0       0

ශාන්ති Friday, 30 November 2012 02:43 PM

මොරටු ස්ටයිල් එක නෙමෙයිනේ (ස)

:       0       0

ලංකා Friday, 30 November 2012 02:51 PM

ඒ සභාපති තුමා කියපුන් කතාව මමත් පිලි ගන්නවා (දී)

:       0       0

හිල්ම් Friday, 30 November 2012 02:47 PM

මොකද්ද ඒ ඇදුමේ තියෙන වරද (දී)

:       0       0

හිරන්ත Friday, 30 November 2012 02:50 PM

අපි නොදන්න .............. !(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 930 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1404 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 783 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site