IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මොරටු සරසවියට නැනෝ තාක්ෂණ විද්‍යාගාරයක් එයි

මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ නවතම මෙකාට්‍රොනික්ස් සහ මයික්‍රෝ/ නැනෝ ඉලෙක්ට්‍රෝ යාන්ත‍්‍රික විද්‍යාගාර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබූ දැනට ජපානයේ රිට්සුමිකන් ට‍්‍රස්ට් විශ්ව විද්‍යාල පදනමේ උප කුලපති මහාචාර්ය මොන්ටේ කාසීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ඉංජිනේරු අංශයේදී විවෘත කැරිණි.

මෙකාට්‍රොනික්ස් යනු  යාන්ත‍්‍රික ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික, පරිගණක සහ පාලන පද්ධති ඉංජිනේරු ශිල්ප ක‍්‍රමවල සංකලනයකි. උදාහරණයක් ලෙස රොබෝවරු නිර්මාණය කිරීමෙහිලා මෙම තාක්‍ෂණය වැදගත් තැනක් උසුලයි. මෙම විවෘත කිරීමේ අවස්ථාවට මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උප කුලපති මහචාර්ය ආර්.ඒ. අතලගේ සහ ඉංජිනේරු පීඨ ප‍්‍රධානී මහාචර්ය යූ.ජී.ඒ. පුස්වෑවල යන මහත්වරු සහභාගි වූහ.

‘විවෘත නව නිර්මාණ’ සංකල්පය තුළින් සමාජයීය හා පාරිසරික වශයෙන් උසස් තාක්‍ෂණය බිහිකිරීමට අවස්ථාව සැලසෙන අතර ජපානය හා මොරටුව විශ්ව විද්‍යාලය අතර තාක්‍ෂණික සබඳතා ගොඩනැඟීමට මෙය හොඳ අවස්ථාවකි.

පර්යේෂණ පිළිබඳව ඉගැන්වීමට, අලූතින් නිර්මාණ සිදු කිරිමට, මෘදුකාංග පිළිබඳව පුහුණුවීමට මෙන්ම කර්මාන්ත ස්වයංක‍්‍රීය පාලක, කාර්මික රොබෝවරු, ජංගම දුරස්ථ පාලක රොබෝවරු, ස්වයංක‍්‍රීය කාර්මික නිෂ්පාදන සහ නිෂ්පාදන පද්ධති මොඩියුල පිළිබඳව හැදෑරීමට මෙම නව විද්‍යාගාරයෙන් හැකිවේ.

බොහෝ ක‍්‍රියාකාරකම් මෙම විද්‍යාගාරයෙන් සිදුකිරීමට හැකි වන අතර මෙම තාක්‍ෂණය සිසුන්ටත්, ඉගැන්වීම් ක‍්‍රියාකාරකම් සඳහා යෙදවීමටත් බලාපොරොත්තු වෙනවා. එමන්ම 2016 වසරේදී ළමයින් 10 දෙනකුට මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය හැදෑරීමට අප අවස්ථාව ලබාදී තිබෙනවා.

Machatronics-1 Machatronics-2 Machatronics-3 Machatronics-4 Machatronics-6

 



අදහස් (0)

මොරටු සරසවියට නැනෝ තාක්ෂණ විද්‍යාගාරයක් එයි

ගයාන් Thursday, 14 January 2016 05:21 AM

අනාගතය වෙනුවෙන් හොද ආයෝජනයක් (ම)

:       0       0

කමල් Thursday, 14 January 2016 01:04 PM

විශිෂ්ට දෙයක්. (ර)

:       0       0

ටිකිරි Thursday, 14 January 2016 06:01 AM

මහාචාර්ය මොන්ටේ කාසීම් යනු තම උපන් රටට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආදරය කරන උතුම් කෙනෙක්. (නි)

:       0       0

ඩිලාන් Wednesday, 13 January 2016 06:18 PM

සුබ පැතුම්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 13 January 2016 12:43 PM

පසුගිය ආණ්ඩුව කොළඹ පේමන්ට් කීපයක ටයිල් අල්ලන්න විශාල මහජන මුදල් සම්භාරයක් වැය කලත් අධ්‍යාපනයට කරන යෝජනා ගැන ඒ අයට එතරම් තේරුමක් දැනීමක් තිබුනේ නැහැ. (ර)

:       0       0

ඇන්ටන් Wednesday, 13 January 2016 12:51 PM

අනේ අර අන්තරේ කට්ටිය මේකටත් උද්ගෝසන කරයිද ? (ර)

:       0       0

ඩී.උපුල් Wednesday, 13 January 2016 12:59 PM

මොනවා තිබුනත් අපිට තවම අපේම කියලා ඇල්පෙනෙත්තක්වත් හදාගන්න නම් බැරිවුනා. (ර)

:       0       0

රංගික ගුණරත්න Friday, 15 January 2016 01:10 PM

අපේ නිෂ්පාදනයක් නැති බවට කෑගහන කීයෙන් කීදෙනාද අපේ දෙයක් වෙළඳ පොලේදී අරගෙන ආරම්භ කරන ව්‍යාපාරයකට අත දෙන්නේ? උපුල් දන්නේ නැති උනාට ලංකාවේ නිෂ්පාදන කිහිපයක් හා බොහොම සාර්ථකව (කෞ)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 13 January 2016 09:08 PM

ප්‍රමාද වී හෝ දියුණු ලෝකය සමඟ උරෙනුර ගැටෙන්නට මෙවන් තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වාදීම අපේ දරුවන්ගේ වාසනාවක් (නි)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Wednesday, 13 January 2016 09:39 PM

පිටිගල මිලානෝ, දන්නාදේටයි නොදන්නාදේටයි දෙකටම කට නොදා ඉන්නවද? (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 14 January 2016 07:47 AM

ලංකාවේ අනිත් ඉංජිනේරු පිඨ ටිකත් දියුණු කරා නම් තවත් හොදයි. (ම)

:       0       0

උදිත සංජීව Thursday, 14 January 2016 08:12 AM

මේ උතුම් මිනිසාගේ චාම් ඇදුම, සරලබව එතුමාගේ උගත්කම මනාවට පෙන්නුම් කරනවා. මෙහෙම දෙයක් ඉදල හිටලා වත් දකින්න ලැබීම වාසනාවක් අපිට.(කෞ)

:       0       0

කුමාර් Friday, 15 January 2016 02:41 PM

උගන්වලා විතරක් මදි..... උගතුන් ලංකාවේ තියාගන්න නම්, හොඳ පඩියක් දීල, අදාළ දීමනා දෙන්න වෙනවා. (නි)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 13 January 2016 01:52 PM

අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනයන් කවදාවත් අහක යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේවායේ ප්‍රතිඵල රටට ලැබෙනවා. වැදගත් වෙන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව සෑම විශ්ව විද්‍යාලයකටම අවශ්‍ය තාක්ෂණය සහ ගුණාත්මක පහසුකම් ලබාදීමයි. මොරටුව විශ්ව විද්‍යාලය කවදත් රටට උසස් වෘත්තිකයන්, ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් දායාද කළ ආයතනයක්. (නි)

:       0       0

විජිත් Wednesday, 13 January 2016 01:53 PM

ඉදිරියට යන ලෝකයට නව විද්‍යාත්මක හා තාක්ෂණික දැනුමින් යුතු ඉංජිනේරුවන් බිහිකිරීමට ගන්නා මේ උත්සාහය ඇත්තටම අගය කළයුතුයි. (නි)

:       0       0

පතිරණ Wednesday, 13 January 2016 01:53 PM

අධ්‍යාපනය නඟාසිටුවීම, ඊට මුලික යටිතල පහසුකම් සපයන එක රජයේ වගකීමක්. පසුගිය වසර 20 තුළ අපි ලෝකෙට ඔබින රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මානව සම්පතක් ගොඩනැඟුවේ නැහැ. ඉදිරිය සතුටුදායක වෙයි කියා සිතනවා. (නි)

:       0       0

විජිත් Thursday, 14 January 2016 01:36 AM

පමාවී හෝ අපේ දරු දැරියන් හටත් ලෝකයේ බිහිවී ඇති තරඟකාරී ඉංජිනේරු තාක්ෂණිකයන් සමඟ කරට කර සිට, අනාගත මිනිසාට සෙත සැළසෙන නැවුම් යන්ත්‍රෝපකරණයන් නිපදවීමට හා ඒවා සමඟ නොබියව ගැටීමට අවස්ථාව සළසාදීම අගය කළයුතු ක්‍රියාවකි. (නි)

:       0       0

ගයාන් ප්‍රියන්ත Wednesday, 13 January 2016 02:03 PM

ඩී උපුල්, හැමතිස්සෙම ඍණාත්මක අදහස් දාන්න එපා. (නි)

:       0       0

නිමල් Wednesday, 13 January 2016 02:20 PM

සුබ පැතුම්! (නි)

:       0       0

චාමර Thursday, 14 January 2016 01:58 AM

ඔබගේ උත්සාහයට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

දාබරේ Wednesday, 13 January 2016 02:36 PM

නියමයි. නියමයි. ඔහොම යමු. කවදාහරි මොරටු විශ්ව විද්‍යාලය ලෝකයම ජයගන්නවා (නි)

:       0       0

ප්‍රේමතිලක Wednesday, 13 January 2016 02:38 PM

තව තවත් දියුණු වේවා! (නි)

:       0       0

සිරි Wednesday, 13 January 2016 02:54 PM

තාක්ෂණික පහසුකම් සහ දැනුම අතින් නම් අපේ අය පොහොසත්. ඒත් තාක්ෂණික නව අදහස් නිපැයීම අතින් නම් විශාල දියුණුවක් පෙන්වන්නෙ නැහැ. (නි)

:       0       0

රොෂාන් Wednesday, 13 January 2016 03:54 PM

ලංකාවේ උසස් ප්‍රමිතියක් තිබෙන ගොඩක් දේවල් හදනවා. නමුත් සමහර දේවල් චීනයෙන් ගෙනෙන එක ලාභයි. ලංකාව ආසියාවේ අධ්‍යාපනික හා සේවා කේන්ද්‍රය වියයුතුයි. (නි)

:       0       0

රන්ජිත් Friday, 15 January 2016 01:21 AM

සුබ පැතුම්! ලොකු දෙයක් කරාවි අපේ කොල්ලෝ ටික. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 154 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 274 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1487 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12533 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6120 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36620 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site