IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මොරටු සරසවියෙන් අලුත් වෛද්‍ය උපකරණයක්

රෝගියකුට සැත්කමක් කිරීමේදී රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය නිරීක්ෂණය කරන ‘නාඩි වායු මාපකය‘ නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලි සංදේශ ඉංජිනේරු අංශය සමත්වූ බව අංශ ප්‍රධානි ආචාර්ය අජිත් පැස්කුවල් මහතා පැවසීය.

වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකි අන්දමේ සාර්ථක ලෙස නිමකළ වායු පීඩන මාපකයක් මෙරට නිපැදවූ මුල්ම අවස්ථාව මෙයයි.

මෙම නාඩි වායු මාපකය යොදාගෙන නොබෝදා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී බෙහෙවින් අවදානම් හා සියුම් සැත්කමක් ඉතා සාර්ථකව සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් සමත් විය.

ශල්‍යාගාරයේදී මෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට වායු පීඩන මාපකය බෙහෙවින් වැදගත් නිරීක්ෂණ මෙවලමකි.

වායු පීඩන මාපක අධික මිලක් ගෙවා විදෙස් රටවලින් ආනයනය කළ යුතුය.

මොරටු විශ්ව විද්‍යාලය ලබාගත් සාර්ථකත්වය සමග නාඩි වායු මාපක විශ්ව විද්‍යාලය තුළ නිපදවා රෝහල්වල අවශ්‍යතාවය සපුරාලීමේ කාර්යභාරය ඉටු කිරීමේ සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන බව ආචාර්ය අජිත් පැස්කුවල් සඳහන් කළේය.

වායු පීඩන මාපක නිපදවීමට හැකි අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක් ප්‍රීමියම් ඉන්ටනැෂනල් ආයතනය විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කර ඇත.

ආචාර්ය නුවන් දයානන්ද මහතාගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ අනුරුද්ධ තෙන්නකෝන් සහ තිළිණ අඹගහවත්ත පර්යේෂණ ඉංජිනේරුවන් මෙම නිර්මාණය බිහි කළේය.

Capture



අදහස් (0)

මොරටු සරසවියෙන් අලුත් වෛද්‍ය උපකරණයක්

ගමගේ Friday, 19 December 2014 02:45 AM

මෙම ප්‍රවෘත්තිය කියවීමෙන් පසු මාගේ රුධිර පීඩනය යථා තත්වයට පත්වූවා. ලොකු පිනක් මොරටු සරසවි ඇදුරනි, සිසුවනි. (නි)

:       0       0

මදාරා Thursday, 18 December 2014 01:29 PM

සිසුන් පාරට බස්සන දේශපාලන පක්ෂ වල ලොකු මහත්තුරුන්ට මේ පුවත කොහොම හරි පෙන්නන්න ඕනි. ඒ අයට මේ කැම්පස් එකේ බලයක් නැති එක ගැන මට හරි සතුටුයි. උවමනාව තියනවා නම් මේ තියන භෞතික සම්පත් ඕන තරම් ඇති ප්‍රයෝජනවත් වැඩ වලට. මේ වැඩේට මුල් උන සියලු දෙනාටම සුභ පැතුම් (නදී)

:       0       0

බන්දුල ද සිල්වා - අම්බලන්ගොඩ Thursday, 18 December 2014 02:27 PM

ලෝකය තුල අපේ රටේ වටිනාකම කීර්තිය ඔසවා තබන්නට මොරටු ඉංජිනේරු පීඨය දරන උත්සාහය දිනෙන් දින මල් පල දරන එක ගැන අපි ඉතාමත් සතුටින් ආඩම්බර වෙමු. ජයවේවා. (නදී)

:       0       0

ලලිත් Thursday, 18 December 2014 02:32 PM

බොහොම හොඳ දෙයක්. නිර්මාණය කරලා විතරක් මදි දේශීය නිෂ්පාදකයෙක් අල්ලාගෙන නිෂ්පදනයකරලා අඩු මිලකට ලෝක වෙළඳපොළට ඉදිරිපත්කරන්නත් අවශ්‍යයි.(හේ)

:       0       0

ඛනිෂ්ක Friday, 19 December 2014 04:01 AM

පහසුකම් නැහැ කිය කිය පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ නැතුව ඉතුරු ළමයිනුත් මෙවැනි දේ කරනවා නම් රටට කොච්චර හොඳයිද ? ඔබට ජය (නදී)

:       0       0

නලීන් Thursday, 18 December 2014 03:27 PM

අනික් අය උද්ඝෝෂණ කරනවා, මොරටුවේ අය වැඩ කරනවා. (නි)

:       0       0

සරත් Thursday, 18 December 2014 04:03 PM

ඉදිරියටම යමු පුතේ. (නි)

:       0       0

අසංක Friday, 19 December 2014 09:31 AM

ඉතාමත් සතුටුයි. (නි)

:       0       0

චමීර Thursday, 18 December 2014 04:14 PM

අන්න වැඩ! (නි)

:       0       0

සුසිත තිලකරත්න Thursday, 18 December 2014 10:19 AM

සුභ පැතුම් ! (නදී)

:       0       0

ශ්‍රී ලාල් Thursday, 18 December 2014 09:12 PM

මේ අයට රජයෙන් සහ පෞද්ගලික අංශ වලින් උපරිම සහයෝගය සහ උනන්දු කරවීම් ඉතාමත් අවශ්‍යයි. ඔබ සැමට ජයෙන් ජය. (නදී)

:       0       0

සිල්වා Thursday, 18 December 2014 10:39 AM

ඉතාමත්ම සතුටුයි. අගය කළ යුතු නිපයුමකි. බටහිරයන්ට පමණක් ඕනෑම දෙයක් කළහකි යැයි අප ජනයා තුල ඇති මනසිකත්වයට හොද පිලිතුරකි. (ර)

:       0       0

ෆ්‍රී Thursday, 18 December 2014 10:45 AM

දැන් දැන් නව නිර්මාණ බිහිවෙනවා මොරටුව විශ්ව විද්‍යාලයෙන්, පෙනෙන පරිදි අලුත් ලෙස හිතන සහ ඒ දේවල් වලට සහයෝගය දෙන ලොකු මහත්මයෙක් සිටින බව පෙනෙනවා. මේ ලෙස හිතන අය තමයි අපට අවශ්‍ය වෙන්නේ රට දියුණු කරන්න. (ර)

:       0       0

නාලිකා කරුණාරත්න Thursday, 18 December 2014 10:59 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

සනධ්‍යා Thursday, 18 December 2014 11:37 AM

හොඳ වැඩක්. අපේ රටෙත් හොද මොළ කාරයෝ ඉන්නවා (නදී)

:       0       0

කිරින්ද Friday, 19 December 2014 12:33 PM

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට මේ බව පුද්ගලිකව දැන්වූ විට පවසා සිටියේ මෙම උපකරණයක ආනයනික මිල රුපියල් ලක්ෂ තිස් පහක් පමණ වන බවයි. (නදී)

:       0       0

අමිත් Friday, 19 December 2014 12:38 PM

ඉතාමත්ම සතුටුයි. අගය කළ යුතු නිපයුමකි. බටහිරයන්ට පමණක් ඕනෑම දෙයක් කළහැකි යැයි අප ජනයා තුල ඇති මානසිකත්වයට හොද පිලිතුරකි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 16 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 34 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 938 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1374 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2055 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site