මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ නිර්මාණාත්මක ‘සී හෝක්‘ නියමුවන් රහිත ගුවන් යානය නිල වශයෙන් හඳුන්වාදී නියමු රහිත ගුවන් යානා පර්යේෂණ මධ්‍යස්ථානයද විවෘත කැරිණි. තව මාස කීපයකින් ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවි කිරීමටද නියමිත ය.
විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ පීඨාධිපති මහාචාර්ය අනුරුද්ධ පුස්වෙවෙල, අංශ ප්‍රධානි ආචාර්ය අජිත් පැස්කුවල් හා යානය නිර්මාණය කිරීමට මඟ පෙන්වමින් අධීක්ෂණය කළ මහාචාර්ය රොහාන් මුණසිංහ යන මහත්වරුද ඉන්ද්‍රා දයාවංශ මහත්මියද ඒ අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ජාතික කොඩියේ අභිමානවත් බව දැක්වෙන අසිපත රැගත් සිංහ රුව ගුවන්යානයේ තටු දෙකෙහි සටහන්ව ඇත.
අමෙරිකාව සහ යුරෝපීය රටක නිර්මාණයක් ලෙසට බැලූ බැල්මට මෙම යානය දිස්වෙතියි එහි නිර්මාණකරුවෝ කියති.
ලේසර්, කාබන් ෆයිබර්, ෆයිබර් ග්ලාස් යනාදී අමු ද්‍රව්‍ය යොදා බල්සා දැව යොදා මෙම යානය නිර්මාණය කර ඇත.
බී.ඇස්.සී විද්‍යාවේදී උපාධි අපේක්ෂක චාමික ගමගේ සහ රොෂාන් ලලන්ත පර්යේෂණ සහායකයින් ලෙසද අනුරුද්ධ තෙන්නකෝන්, එරංග ප්‍රනාන්දු, සංචිත පියුමාල් සහ සංජීව ප්‍රනාන්දු ඇතුළු පිරිස මෙම යානය බිහි කිරීමට දායකත්වය දුන්හ.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරටු සරසවි පුත්තු ලොකු වැඩක් කරති
සරත් පියසේන Tuesday, 16 December 2014 05:41 AM
අපේ දරුවන්ගෙ කුසලතා ඉහලින් අගයා අත්පොලසන් දෙනවා සියලු දරුවන්ට ජයවේවා ...(බ)
කේ. ඒ. ආර්. සම්පත් Tuesday, 16 December 2014 05:45 AM
ඉතාම හොඳ වැඩක් (නි)
මහින්ද හේමන්ත Tuesday, 16 December 2014 10:29 AM
රටක් ජාතියක් වශයෙන් ලෝකෙටම අපේ හැකියාවන් තව තවත් පෙන්වමු. ලක් මෑණියගෙ දරුවන් හට ජයවේවා! (නි)
මෙරිල් බාලසුරිය Tuesday, 16 December 2014 10:31 AM
මෙය තනන්නට වෙහෙසවූ , දිරිය දුන්, තාක්ෂණය ලබාදුන් සියල්ලන්ට ලක්වාසියෙකු වශයෙන් මම ස්තුති කරමි. ආඩම්බර වෙමි. මෙවැනි ලක් පුතුන් අපේ රටේ සිටීම, දියුණු වන ලෝකය සමඟ කරට කර සිටීමට අපට හැකියාව ඇති බව ඔප්පු කිරීමකි. ඔබ සැමට ජයෙන් ජය ලැබේවා! (නි)
සත්‍යපාල Tuesday, 16 December 2014 05:47 AM
ඇත්තටම ආඩම්බරයි. සතුටට කරුණක්. මේ වගේ පොඩි දේවල් වලින් පටන්ගෙන ඉදිරියට යන්න පුළුවන්. එහෙත් මේවාට අත හිත දෙන්න බලධාරීන්ට උවමනාවක් නැහැ. ඒකයි දුකට කාරණය. මේ වාගේ නිර්මාණ සියගණනක් එනිසා ලත්තැනම ලොප්වෙලා තියෙනවා. (නි)
දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 16 December 2014 10:33 AM
දේශපාලුවෝ බයිලා ගහ ගහා ඉන්නවා. අපේ කොල්ලන්ට සපෝර්ට් එකක් දුන්නා නම් නරකද? (නි)
සරත් Tuesday, 16 December 2014 05:52 AM
ඔබට තව නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා! (නි)
අර්ෆත් Tuesday, 16 December 2014 05:57 AM
මේවාට අදහස් දඩුයි. හොඳ දේවල් වලට අද තැනක් නැහැනේ.... (නි)
රණසිංහ Tuesday, 16 December 2014 06:00 AM
මේවාට අතහිත දෙන්නේ කොහොමද සත්‍යපාල? ගොඩක් අය බලන්නේ තමන්ගේ වාසිය විතරයි (නි)
හරීන්ද්‍ර පෙරේරා Tuesday, 16 December 2014 06:02 AM
හරිම සතුටට කරුණක්. ඔබ සියළු දෙනාටම සුභ පැතුම්. ප්‍රශ්නයකට තියෙන්නෙ ලංකාවෙ බලධාරීන් මේක මොන විදියට බාර ගනියිද කියලයි. කොහොම වුණත් මේ තරුණයන් සියල්ලම මව්බිමට ආඩම්බරයක්. (නි)
යසපාල Tuesday, 16 December 2014 06:08 AM
දිරිය පුතුන්ට සුබ පැතුම්! (නි)
ෆ්රෑන්ක් Tuesday, 16 December 2014 06:10 AM
සුපිරි වැඩක්. ජය වේවා! අර්ෆත් කියනවා වගේ අපේ මිනිස්සු කැමති කුණු ගොඩවල් වැනි පුවත් වලට. ඒ දේවල් දේශපාලකයෝ තේරුම් අරගෙන තියෙන්නේ (නි)
සූරී Tuesday, 16 December 2014 10:48 AM
තව තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට දිරිය ලක් පුතුනුවන්ට හැකි වේවා.! (ර)
සෙන්සා Wednesday, 17 December 2014 04:08 AM
සැබෑම දක්ෂයෝ සෑහෙන ප්‍රමාණයක් ලංකාවෙි ඉන්නවා. තවත් ඉපදෙනවා, ඒත් ඔවුන්ව දිරිමත් කරන්න හෝ ඔවුන්ගේ නිර්මාණ වැඩිදියුණු කරන්න මෙතෙක් කිසිදු රජයක් ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කර නැති බවයි මගේ විශ්වාසය. හැබැයි හැකියාවන් උපන්ගෙයිම මරල දාන්න, නැවත කිසිදු නිර්මාණයක් නොකරන තත්වයට වග බලා ගන්න ඔින තරමි පුද්ගලයෝ ඉන්නවා. (නදී)
සිරිපාල Tuesday, 16 December 2014 06:12 AM
මහාචාර්ය රොහාන් මුණසිංහ මාගේ මොරටුව විශ්ව විද්‍යාල සඟයෙක්. ඔහු ඉලෙක්ට්‍රොනික් හා අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධ මහා දැනුම ඇත්තෙක්. ඔහුගේ නායකත්වයෙන් තව නිර්මාණ රටට හඳුන්වාදීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි (නි)
අමිල Tuesday, 16 December 2014 06:15 AM
ජය වේවා! (නි)
අබ්දුල් Tuesday, 16 December 2014 11:02 AM
මගේ රටේ කොච්චර දක්ෂයෝ ඉන්නවද.? අපේ ලක් මාතාවගේ අභිමානය ලෝකෙටම පෙන්නමු. (ර)
චන්ද්‍ර වීරසිංහ Friday, 19 December 2014 03:35 AM
අපේ සිහින සැබෑවෙමින් යන කාලයක්!! (නි)
විමල් දළුගම Tuesday, 16 December 2014 06:15 AM
දියව්.... දියව්.... කියල පාරට බැහැලා කෑගහන්න ඕනෑ මෙන්න මේ වගේ වැඩක් කරලා ඒවාට අදාල අංශ වල සහයෝගය නැතිවිටයි. හරි අපූරුයි. ඔබ සැමට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)
මාගලී Tuesday, 16 December 2014 06:16 AM
අපේ අය ඉතින් පිටරටින්නේ ගන්නේ සේරම වැඩි ගානට (නි)
නදීෂ් Tuesday, 16 December 2014 11:10 AM
අනර්ඝයි. ඔබලාට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා.! (ර)
හසිත Tuesday, 16 December 2014 06:17 AM
අපේ කොල්ලන්ට වැඩ පෙන්වන්න පුලුවන් කියලා ලෝකයට තවත් පෙන්වමු. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
සෙනරත් Tuesday, 16 December 2014 06:20 AM
මේක ඉතාම වටිනා නිර්මාණයක්. නියමුවන් රහිත ගුවන් යානා යුද්දේ කාලේ ගත්තේ විශාල මුදලකට. මෙය වැඩිදියුණුකර එම කාර්යම කිරීමට පුළුවන් වේවි. ඉදිරියේදී මෙමගින් විදේශ විනිමය සොයා ගන්න පුළුවන්. සියලුම දෙනාට මගේ ප්‍රණාමය. (බ)
මැණික් Tuesday, 16 December 2014 06:20 AM
මේ වගේ දේවල් වලට නේද රජයෙන් අත හිත ලැබෙන්න ඕන. ? මානව සම්පත් සහ කුසලතා සංවර්ධනය කියන්නෙත් රටේ සංවර්ධනයේ කොටසක්. (බ)
මෙලනි Tuesday, 16 December 2014 06:23 AM
හරිම සන්තෝෂයි. මේ තරුණයන්ට අනුග්‍රාහක පහසුකම් ලැබෙනවා නම් තවත් නිර්මාණ බිහි කරාවි. (බ)
උමේෂ් Tuesday, 16 December 2014 06:25 AM
අනෙක් දේවල් කෙසේවෙතත් මෙන්න මෙහෙම දේවල් වලටවත් ඉහළින් අනුග්‍රහය ලැබෙනවා නම්! (නි)
අජිත් Tuesday, 16 December 2014 06:26 AM
විශ්ව විද්‍යාල වල මෙනි පර්යේෂණ දහසකුත් අැත. මුදල් හිඟකම සහ කිසිවෙකුගේ අවදානයක් යොමුනොවීම මේ දේවල් අභාවයට යෑමට හේතුවයි.මොනවා වුණත් මොරටු සහෝදරයන්ට සුබ පතනවා. (නි)
රොෂාන් Tuesday, 16 December 2014 06:28 AM
සාර්ථක ගමනක් යන්න සුභ ප්‍රාර්ථනා කරන ගමන්ම පොඩි දෙයක් කියන්න හිතුනා. ලංකාවේ අපිට හරිහමන් ප්‍රචාරයක් ,නැත්නම් ඉදිරිපත් කීරීමේ හැකියාව නම් හරිම දුප්පත්. අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට තේරෙනවා බැලු ගමන් නිශ්පාදනයකට තිබෙන ආකර්ශනය මොනතරම් වැදගත්ද කියා. යටින් හපේ තිබුනත් උඩින් ඔපේ වැඩිකරලා පෙන්නන්නම ඕනෑ. මේ වගේ උපකරණයක් ගල්ෆ් රටක එහෙම තිබුනා නම් බලාගන්න තිබුනා මොනතරම් වර්ණනාවක් කරලා අන්තර්ජාතික අවධානය පවා ලබාගන්න ආකාරය. (නි)
ශිරෝ Tuesday, 16 December 2014 06:32 AM
තව තවත් අලුත් නිර්මාණ බිහිවේවා! (නි)
ජානම් Tuesday, 16 December 2014 12:39 PM
මෙන්න මෙවාට තමා වැඩ කියන්නේ. (ර)
ටානියා Tuesday, 16 December 2014 06:49 AM
අති විශ්ෂ්ටයි පුතණුවනි! (නි)
සුරුවන් Tuesday, 16 December 2014 06:51 AM
සමහරුන් අපේ බදු මුදල් නාස්ති කරමින් විශ්ව විද්‍යාලවල පිස්සු නටද්දී සැබෑ දක්ෂයන් තමන්ගේ සම්පූර්ණ අධ්‍යාපන කාලයම ඒ වෙනුවෙන් වෙන් කරලා රටට කීර්තියක් ගේනවා. අපේ බදු මුදල් වලට මෙවැනි නිර්මාණ කරුවන් ණය නැහැ. මෙවැනි ශිෂ්‍යයන් ගැනත් මෙවැනි ආචාර්ය වරු ගැනත් ආඩමබරයි. කුමන දුෂ්කරතා මධ්‍යයේ වුනත් දක්ෂයන්ට ඉගෙන ගැනීමේ මාර්ගත්, ඉගෙනීමෙන් පසු රැකියාවත් අපේ රටේ තියෙනවා. ගුණත්වයෙන් පහල කට්ටිය දියව් දියව් කියලා පිනට ඉල්ලනවා. (නදී)
නිරුත්තරා Tuesday, 16 December 2014 06:52 AM
ඇමරිකාව වගේ රටවල ඉස්කෝල ළමයින්ගේ වැඩක් (නදී)
ච්ගන් Tuesday, 16 December 2014 06:54 AM
සුබ පැතුම්. රට දියුණුකරන්න මෙවැනි ඉන්ජිනේරුවන් රටේ රදවාගන්න වැඩපිලිවෙලවල් තව ඕනේ. (නදී)
සසංක Tuesday, 16 December 2014 06:56 AM
මහින්ද මහත්තයා හිටිය නිසා මේ රටේ කැම්පස් වහන්නේ නැතුව ළමයි ඉගනගන්න නිසා ඕවා කල හැකියි. එහම නොවෙන්න ගල්කටස් තමා හදන්න වෙන්නේ. ජය. (නදී)
සේන Tuesday, 16 December 2014 06:56 AM
මේකේ හැකියාවන් ගැන විස්තරයක් (ටෙක්නිකල් ස්පෙසිෆිකේසන්ස්) තිබුනා නම්, පොඩි ළමයින්ගේ සෙල්ලම් ගුවන් යානයකුයි මෙකෙයි අතරේ වෙනස හොයාගන්න තිබුනා. (නදී)
නීරෝ Tuesday, 16 December 2014 06:59 AM
නියමයි ! (නදී)
ෂෙහාන් Tuesday, 16 December 2014 07:05 AM
ගල්ෆ් රටක? (නදී)
අමී Tuesday, 16 December 2014 07:28 AM
සිංහලයින් යනු විශිෂ්ඨ ජාතියක් බව ලොවටම කියාපාන අෙප් විරයන් (නදී)
සිර Tuesday, 16 December 2014 07:42 AM
මේවා විහිලු වැඩ. ලෝකේ කොච්චර රටවල් වල ඕව හදනවද. ඕකක් ඇමෙරිකාවේ හැදුවේ 1940 ගණන් වල. හැදුවට කමක් නැහැ, නිකන් වේ වගේ මෝඩ චුන් ගන්නේ නැත්තන්. (අ)
කසුන් Tuesday, 16 December 2014 07:49 AM
ශ්‍රි ලංකාවේ නාමය ලොවට රැගෙන යන්නට ඔබ සියළු දේනාට ශක්තිය ධෛරිය ලැබේවා (අ)
කිරින්ද Tuesday, 16 December 2014 07:56 AM
නිර්මාණයට මඟ පෙන්වූ සහ නිර්මාණයට බුද්ධි සහ ශ්‍රම දායකත්වය දුන් සියලු දෙනාටම ලාංකික අභිමානයෙන් යුතුව සුභාපතන අතර ඉංජිනේරු සිසුන්ගෙන් කාරුණිකව ඉල්ලසිටින්නේ උපාධිය ලබාගැනීමෙන් පසු වැටුප් පසුපස හඹා ගොස් කළමනාකරුවන් නොවී දිගටම ඉංජිනේරු නිර්මාණකරණයේ යෙදෙන ලෙසයි. (නදී)
අසංග Tuesday, 16 December 2014 08:09 AM
සියලුම පුත්තුන්ට තෙරුවන් සරණයි. ලංකාවට ලොකු නම්බුවක්. (නදී)
ඉසුරන්දි දෝහා Tuesday, 16 December 2014 08:09 AM
අලුත් අලුත් නිර්මාණ ලොවට හදුන්වාදී ජාත්‍යන්තර තලයත් ජයගෙන රටට කීර්තිනාමයක් ලබාදෙමින් ඔබ සියලුදෙනා කරන මෙවැනි උත්සාහයන් හට හිස මුදුනින් ආචාර කරමි. (නදී)
කුමාර Tuesday, 16 December 2014 08:12 AM
ආසියාවේ අස්චාර්ය වීමට ඔබගේ දායකත්වය විශාල පිටුවහලක් වේවි (නදී)
රෂ්මික Tuesday, 16 December 2014 08:16 AM
විශිෂ්ඨයි! (ස)
හෆීල් Tuesday, 16 December 2014 08:23 AM
අගය කලයුතු වැඩක්. අපේ රටෙත් දක්ෂ අය ඉන්නවා. (ස)
සුනිල් ගිකියන්ගේ Tuesday, 16 December 2014 08:26 AM
මේවා යුද්දෙට විතරක් නවෛයි පාරවල් වල වාහන හසුරුවන්නත් භාවිතා කරන්න පුලුවන්. (ස)
අසෝකා Tuesday, 16 December 2014 08:38 AM
වැදූ මවත් ඔබ උපන් රටත් රැක ගන්න පුතේ ඇස් දෙකවාගේ. මේ වැනි දරුවන් ලක්මව තුරුලේ නැලවෙයි මතු දා සැනසිල්ලේ (නදී)
කුමාර Tuesday, 16 December 2014 08:40 AM
සුබ පෙතුම්.! (ර)
මොහමඩ් සෆ්රින් Tuesday, 16 December 2014 08:48 AM
ඉතාම හොඳ වැඩක්, අති විශ්ෂ්ටයි. තව නිර්මාණ රටට හඳුන්වාදීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.. (දී)
නදීකා Wednesday, 17 December 2014 03:47 PM
ඔබට ජය.(හේ)
සෝමදාස Tuesday, 16 December 2014 09:19 AM
රටේ අනාගතය පැත්තෙන් බැලුවොත් අපේ රටේ දරුවන්ට තාක්ෂණික දැනුම ලබාදීම ඉතාමත්ම වැදගත් බවයි මගේ අදහස. ඒ සදහා පොදුවේ ජාතික රූපවාහිනියට විශාල මෙහෙයක් කරන්න පුලුවන්. නමුත් මේවා කරන්නෙ නැත්තෙ මොකද ? තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට මොරටු සරසවි දූ පුතුන්ට වාසනාව ධෛර්ය ලැබේවා. (නදී)
කුමාර Tuesday, 16 December 2014 09:20 AM
ඉතා හොද වැඩ. මේවා යුද්දයට පමණක් නොවෙයි වනාන්තර නිරීක්ෂණයට, රථවාහන තදබදය හදුනාගන්න, ගොවිතැන් පාලුකරන අලි ඇතුන් පන්නන්න. මංකොල්ලකරුවන් හබා යන්න යොදා ගන්න පුලුවන් (නදී)
ප්‍රාන් Tuesday, 16 December 2014 09:28 AM
මේවා ලොකුවැඩ නෙමෙයි කියන කවුරු හරි ඉන්නවනම් ඔහු ශ්‍රි ලාංකිකයෙකු නොවේ,,,,(අ)
ලියොන් ගුණවර්ධන Thursday, 18 December 2014 10:41 PM
ලෝකයේ වෙනත් රටවල් දියුණුවේ හිනිපෙත්තට නැඟීමට උරදෙන මෙවැනි දක්ෂයන් තම දේශයේ අගනා මාණික්‍ය සේ සළකනමුත්, අපේ මොළකාරයින් අපට අහිමිවන පරිදි වෙනත් විදෙස් රටවල සේවයට ගිය/යන ඛේදජනක අවස්ථා මෙනෙහිකර හෝ මොවුන්ගේ අගනා සේවය අප දෙසට හිමිවන පරිදි මොවුන්ගේ අනාගතය සුරක්ෂිත කළයුතුය (නි)
නවෝද්‍යා Wednesday, 17 December 2014 12:18 AM
තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා! (නි)
හිසාම් Tuesday, 16 December 2014 09:55 AM
විශිෂ්ටයි, රජය මේ හැකියාවන් සහ මේ වියදම් රටට වැඩදායි කලයුතුය. නැතිනම්, මේ හැකියාවන් පිටරැටියන් මිලදී ගනු ඇත. නැතිනම් මේ දරුවන් රටහැර යනු ඇත. සියලුදෙනා හට ජය.(අ)
අරුණ Tuesday, 16 December 2014 09:58 AM
මේ වගේ නිර්මාණ බිහිකරන පර්යේෂකයන් රටට මහඟු සම්පතකි. එහෙත් දේශපාලකයෝ බුද්ධිමතුන්ට රටේ තැනකට එන්න දෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාට අනාගතය ජයෙන් ජයම වේවා ! (නි)