IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘මරණයට කළින් තාජුඩීන්ට පහර දීලා‘

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණයට ආසන්න හේතුව සිහි නැති වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපන වීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය කිරීම යැයි කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර ඔහුගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් කියයි.

උසාවියට ඉදිරිපත් කළ එම වාර්තාව අනුව ගින්න හටගනිද්දී ඔහු පණපිටින් සිටි බවත්, එහෙත් සිහි නැතිව මුළුමනින්ම අකර්මන්‍යව අවසන් හුස්ම හෙළමින් සිටි බව එම වාර්තාවේ සඳහන් වේ.

තාජුඩීන්ගේ ලේවල එතනෝල් අධික ප්‍රමාණයක් තිබූ බවත්, සිද්ධියට දෙපැයකට පෙර ඔහු මත්පැන් බොන්නට ඇති බවත් එම වාර්තාව පවසයි.

අධික ලෙස පත්පැන් බිව් පුද්ගලයකු අර්ධ වශයෙන් අක්‍රය වුවත් වාහනයක් පදවාගෙන ගිය හැකි බව ද ඔහු කියයි.

තාජුදීන්ගේ හිසෙහි වූ තුවාල කාරය ඇතුළුත දී හෝ පිටත දී සිදු වන්නට ඇතැයි ද, මොට වූ අවියකින් පහර දීමෙන් එසේ විය හැකි යැයි ද ඔහු කියයි.

ඔහු කාරයේ සිටිය දී වෙනත් අයකු එළියට අදින්නට ඇද දමන්නට ඇතැයි ද, නොඑසේ නම් වාහනයෙන් බිමට වැටෙන්නට ඇතැයි ද, පහර දීමකින් ඔහුගේ  අවයව පුපුරන්නට ඇතැයි ද, ඔහුගේ පපුවේ තුවාල රවුම් උපකරණයකින් තද කිරීමෙන් සිදුවන්නට ඇතැයි ද, එම තුවාල මාරක තුවාල නොවේයැයි ද, මරණයට හේතුව කාබන් ඩයොක්සයිඩ් වායුව ආග්‍රාණය වීම යැයි ද සමරසේකරගේ වාර්තාවේ දැක්වේ.

අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ අද නඩු විභාගය ඇරැඹිණි.

මේ අතර තාජුඩීන්ගේ ඥාතියකු සොයා නාඳුනන පුද්ගලයකු වැල්ලවත්තේ ඔහුගේ නිවසට පැමිණ ඔහු ගැන විමසා ඇතැයි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

මේ අතර තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමට ලබන ඔක්තෝබර 22 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය. දිගටම පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.

තාජුඩීන්ගේ දුරකතනයේ විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක පාසලේ කලමනාකරුට නියෝග කළේය.



අදහස් (0)

‘මරණයට කළින් තාජුඩීන්ට පහර දීලා‘

එච්.පෙරේරා Thursday, 10 September 2015 12:46 PM

නීතිය උපරිමයෙන් ක්‍රියාත්මකකර අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා දැඩි දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

මොහොමඩ් නිසාර් Friday, 11 September 2015 04:55 AM

අපේ අය නමට විතරයි, ගංජා කුඩු මත් පැන් සිගරට් ඔක්කොම පාවිච්චි කරනවා. හැදෙන්න බලමු.(නදී)

:       0       0

යෙනුර Thursday, 10 September 2015 12:51 PM

ඔහු මොනතරම් වේදනාවක් විඳින්න ඇද්ද? (නි)

:       0       0

පුෂ්පකුමාර Friday, 11 September 2015 05:15 AM

මමනම් හිතන්නේ නැහැ මෙම සිදුවීමට සාදාරනයක් ඉතුරුවෙයි කියලා. මොකද මේකත් පරණ රොටියම තමයි (නදී)

:       0       0

අලෝකා Friday, 11 September 2015 05:24 AM

බටලන්දේ වධකාගරය, සෝම හාමුදුරුවෝ, අන්තරේ කොලුවෝ දෙන්නා ඒ ගැනත් හෙව්වොත් නරකද මං අහන්නේ ? (නදී)

:       0       0

කැලුම් ෆෙර්ණන්දෝ -වෙරෝනා Thursday, 10 September 2015 01:34 PM

උපරිම දඬුවම් ලබාදිය යුතුයි (නි)

:       0       0

කසුන් Friday, 11 September 2015 05:36 AM

රවුම් උපකරණයකින් තද කිරීමෙන් සිදුවන්නට ඇතැයි ද, එම තුවාල මාරක තුවාල නොවේයැයි ද, යකෝ මේ කියන්නේ ස්ටියිරීන් වීල් එක ද? (නදී)

:       0       0

කවින්ද Thursday, 10 September 2015 01:36 PM

ඔහුට සාධාරණට ඉටුවේවා! (නි)

:       0       0

දහම් Thursday, 10 September 2015 01:50 PM

එතනෝල් අධික ප්‍රමාණයක් ශරීර ගතවුණා නම් සිහිනැතිවෙනවා කියලයි මම නම් අහලා තියෙන්නේ (නි)

:       0       0

ජගත් Thursday, 10 September 2015 02:17 PM

වැරදිකරු කවුරු වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් දැන් නීතිය ක්‍රියාත්මක වියයුතුමයි (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Thursday, 10 September 2015 02:24 PM

ශ්‍රී ලංකාවට නැතිවුණේ දක්ෂ ක්‍රීඩකයෙක්. අල්ලාහ් දෙවියනේ, යුක්තිය, සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

ශාන්ත Friday, 11 September 2015 06:42 AM

වෛද්‍යවරයා කියන දේවල් සැලකිල්ලෙන් කියවන විට පෙනෙන දෙයක් වන්නේ බිමත්ව රිය පැදවීමෙන්ද මේ සිදුවීම විය හැකි බවයි (නදී)

:       0       0

රකිත් Thursday, 10 September 2015 03:36 PM

කොහොමහරි කමක් නැහැ. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න (නි)

:       0       0

ඉශාර Thursday, 10 September 2015 03:40 PM

මේ විදිහට තව කොච්චර සැඟවුණු අපරාධ ඇද්ද? (නි)

:       0       0

අභය Friday, 11 September 2015 06:50 AM

පුදුමයි මේකට සම්බන්ද අය තවම නිදැල්ලේ සිටීම.(නදී)

:       0       0

ශාමිලා Thursday, 10 September 2015 03:40 PM

අපරාදේ වටිනා ජීවිතයක්! (නි)

:       0       0

රාධා Thursday, 10 September 2015 04:17 PM

දහම්, ඔයා කොහොමද එහෙම කියන්නේ? (නි)

:       0       0

ඩේසි Thursday, 10 September 2015 04:57 PM

දෙවියනේ! මේ මොන අපරාධයක්ද? (නි)

:       0       0

තුසිත Thursday, 10 September 2015 04:58 PM

නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 10 September 2015 04:59 PM

ජගත්,නීතියක් රීතියක් තිබෙන රටක නම් ඔබ කියන දේ වෙන්න ඉඩතිබුනා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

තිළිණ Thursday, 10 September 2015 05:00 PM

ඔහුගේ නැතිවීමෙන් රටට දක්ෂ ක්‍රීඩකයෙකු අහිමිවුණා (නි)

:       0       0

කුමුදිනි වත්සලා Thursday, 10 September 2015 05:28 PM

දැන් මේවා කියන්නේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක් (නි)

:       0       0

රණවක Thursday, 10 September 2015 05:51 PM

මෙම රටේ කවදා සාධාරණය ඉටුවේවිද? යන විදිය ඇමති මණ්ඩලයෙන්ම පෙනෙනවා නේද? (නි)

:       0       0

කිරන් Thursday, 10 September 2015 11:47 PM

දෙවියනේ, ඔබේ දිව නෙතින් මේ දෙස බලන්න. ඔහුට සාධාරණයක් ඉටුකරන්න (නි)

:       0       0

ඉන්දික Thursday, 10 September 2015 11:53 PM

ඔහුගේ ආත්මයට දේව ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

සම්පත් Friday, 11 September 2015 12:52 AM

අපි මේ ගැන අවධානයෙන් බලාගෙනයි ඉන්නේ (නි)

:       0       0

කසුබ් Friday, 11 September 2015 01:20 AM

වාහන අනතුරකදී සිදුවන තුවාල විවිධ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඉශාර Friday, 11 September 2015 01:31 AM

රටක් වටිනා ක්‍රීඩකයෙක් නේද මේ අකාලයේ නැතිවුණේ? (නි)

:       0       0

සේනක Friday, 11 September 2015 02:25 AM

එදා එහෙම වුණාට දැන් සාධාරණය ඉටුවේවි (නි)

:       0       0

මහානාම - කඳාන Thursday, 10 September 2015 11:51 AM

පවතින නීති ප්‍රතිපාදන යටතේ, සාධාරන හා අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා උපරිම දඬුවම් ලබාදිය යුතුයි, තරාතිරම නොබලා. මොකද මෙය පෞද්ගලික හේතුවක් මත පදනම් වුවා යැයි කියන නිසා. (නි)

:       0       0

සුමිත් Friday, 11 September 2015 03:30 AM

දැන්වත් ඇත්ත හොයාගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙන්න (නි)

:       0       0

ඉන්ද්‍රා Friday, 11 September 2015 03:30 AM

හොඳයි. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 42 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 206 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 237 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 533 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 456 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 339 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 120 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 92 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site