IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මරණයේදී ප්‍රීති වන දේශපාලන සංස්කෘතියක්?

(යොහාන් භාසුර)

බුදුන්වහන්සේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගි වෙත්වා යනුවෙන් මිස අනුන්ගේ මරණයේදී ප්‍රීතිඝෝෂා නගන්නට දේශනා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (29) පැවසීය.

සිංහල බෞද්ධ සහ සිංහල ක්‍රිස්තියානි ජනතාව වැඩි පිරිසක් ජීවත්වන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ අර්බුදයක් ඇති බව කී දිසානායක මහතා විපතේදි ප්‍රිති වියහැකි, ප්‍රිතිය බුක්තිවිදින නව දේශපාලන සංස්කෘතියක් මෙරට තුළ බිහිවෙමින් ඇති බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා බත්තරමුල්ල, නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

අනෙකාගේ විපතේදී සතුටුවන, රතිඥ්ඥා පත්තු කරන, කිරිබත් උයන වර්තමාන දේශපාලන සංස්කෘතිය මනුෂ්‍යත්වය දෙදරවාගෙන ශ්‍රී ලාංකික දේශය මනුෂ්‍යත්වයේ වියළි කතරක් බවට පත්වෙමින් තිබෙන බවත් පක්ෂයක් සහ මනුෂ්‍යයෝ හැටියට පෙරේදා දිනය නොමැකෙන, ඛේදනීය දිනයක් බවත් ඒ මහතා කීය.

මෙරට කොටසක් සනත් නිශාන්ත නම් පුත්ලම් දිස්ත්‍රික් මහජන නියෝජිතයාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයෙන් උන්මාදයට පත්ව සිටිය ද, පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවගේ සහ මෙරට කෘතගුණවේදී සංවේදී මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සෝසුම් මැද සනත් නිශාන්ත මහතා අවසන් ගමන් ගිය බවත් 1993 මැයි 1 වැනිදා  රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතුළු පිරිසක් කොළඹ ආමර් වීදියේදී කැලිවලට කැඩිලා ගිය අවස්ථාවේදී පිරිස් ප්‍රීතිඝෝෂා නැගු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අවස්ථාවේදී තමන් ඇතුළු විශාල පිරිසක් එය අනුමත නොකළ බව කී ඒ මහතා පැවසුවේ ඛේදවාචකය තරම කොතරම්ද කිවහොත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා හදලා දුන්නු උදාගමේ සිටි සමහර පිරිස් කැවුම් පුච්චා ප්‍රීති වූ බවත්ය.  

ඉන් පසුව 2022 මැයි 9 වැනිදා කොළඹට ආපු අහිංසක කාන්තාවක් බේර වැවට බස්සලා රෙදි ගලවලා, බස් ගිනි තියලා, අතුකෝරාළ මන්ත්‍රිතුමා මරා දහස් සංඛ්‍යාත පිරිසගේ ගෙවල්වලට පහරදී සිය නිවස ඇතුළු නිවාස 76 ක් ගිනි තියලා විනාශ කර විපතේ ප්‍රිතිය බුක්තිවිඳපු දේශපාලන සංස්කෘතියක් නිර්මාණ්‍ය කළ බවත් ඉන්පසු පසුගිය 25 වැනිදා සනත් නිශාන්තයන්ගේ මරණයෙන් ප්‍රීතියට පත්වුණු දවස බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (22)

මරණයේදී ප්‍රීති වන දේශපාලන සංස්කෘතියක්?

Prabha Monday, 29 January 2024 04:27 PM

ගෝල්ෆේස් එකට ගැහුවේ නැත්නම් ඔය කිසි දෙයක් වෙන්නේ නෑ කියලත් කියන්න

:       0       0

සියලු සත්වයෝ Monday, 29 January 2024 04:41 PM

බුදුන් වැඩිය මේ පින් බිම ආර්ථික අර්බුදයක් සහ මනුෂ්‍යත්වයේ අර්බුදයක් සහිත අසූචි ගොඩක් බවට පත් කළේ තුච්ච දේශපාලකයන්මයි. දැන් මෙරට "සාපලත් දේශයක් සහ මරබියෙන් වලිකන දේශපාලකයන් සිටින තෝතැන්නක් බවට පත්වී හමාරයි.

:       0       0

nihal Tuesday, 30 January 2024 01:08 AM

මලවීර ,පිස්සෙක්

:       0       6

Perera Tuesday, 30 January 2024 02:41 AM

එහෙම සංස්කෘතියක් නිර්මාණය උනේ ඔහෙලා වගේ වැඩකට නැති අය පාර්ලිමේන්තුවට රිංගලා ජනතාවට එපා වෙන අන්දමට මජර වැඩ කරපු නිසා බව මතක තියාගන්න

:       0       6

Nimal Tuesday, 30 January 2024 03:21 AM

ඔහෙලගෙ එකෙක් නැති උනාම තමයි බුදුන් වහන්සෙ, බෞද්ධ සංස්කෘතිය මතක්වෙන්නෙ නෙහ්.

:       0       7

Lankaputha Tuesday, 30 January 2024 04:36 AM

ඔයා කොහෙද ඉන්නේ කියලා බලන්න.. අනේ.. මට තව සුදු කැකුළු හාල් ගෝනියක් තියෙනවා?

:       0       5

SLPP supporter Tuesday, 30 January 2024 05:32 AM

මිනිසුන් එසේ හැසිරීමට වගකිව යුත්තේ රාජපක්ෂලා ප්‍රමුඛ දූෂිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනඥයන්ය.

:       0       9

Bamunuarachchi Tuesday, 30 January 2024 06:38 AM

ඒ පාදඩ සංස්කෘතිය ජෙප්පන්ගෙන් එළිබැස්ස සංස්කෘතියක්‌. මහපාරේ මිනිස්සු නිර්වස්ත්‍රව තබා සිනාසෙන පාඩයෝ කෙනෙක් මැරුණාම ප්‍රීති වීම පුදුම නැහැ. එහෙම එවුන් බලයට ආවොත් යහපත් සමාජයක්‌ ඇති නොවන බව 1989, 2022 අපි දැක්කා.

:       4       4

R.M.Yashodi Rathnayaka Tuesday, 30 January 2024 06:59 AM

මූ මහා පුස් නාම්බෙක්. මේ වගේ ගොන් තකතීරුවො පාර්ලිමේන්තුවට යවපු එවුන්ට හෙන පාත් වෙන්නේ නැත්තේ ඇයි

:       0       8

Bamunuarachchi.Tuesday, 30 January 2024 10:18 PM

ජෙප්පන්ට නම් හෙනේ පාත් වුණා.. හෙන ඉල්ලන අයට හෙන පාත්වෙන්න කාලය හරි. ඔලුවට හෙන සංනායකයක් හයිකර ගන්න...!

:       0       0

Tissa kumarasinghe Tuesday, 30 January 2024 07:11 AM

වර්තමානයේ ශ්‍රී ලාංකීය සෑම දෙයකටම වෛර කරන බෝර්න් අගේන් ආගමික කල්ට් සාමාජිකයන් ඕනෑ තරම් අප සතුව ඇත.

:       1       2

SLPP Supporter Tuesday, 30 January 2024 07:31 AM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දූෂිත මිනීමරු දේශපාලනඥයන් ශ්‍රී ලාංකීය ජනතාවගේ සංස්කෘතිය හා චින්තන ක්‍රියාවලිය වෙනස් කර දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ නිසා දැන් දූෂිත මිනීමරු දේශපාලනඥයෙකු මිය ගිය විට ජනතාව ප්‍රීති වෙති. එය රනිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයකි.

:       0       8

Dasun Priyanakara Tuesday, 30 January 2024 08:51 AM

උඹ මැරුණු දාටත් එහෙම තමයි

:       0       9

NAMAL Tuesday, 30 January 2024 09:30 AM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       1       8

NAMAL Tuesday, 30 January 2024 09:31 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි .

:       1       5

ලුම්බිණි Tuesday, 30 January 2024 09:33 AM

ඒ වගේම මරණය ස්වාභාවික දෙයක් බැවින් ඒ ගැන දුක් වියයුතු නැති බවත් බුදුන් වහන්සේ පෙන්වා දීල තියෙනවා.

:       0       6

thushara Tuesday, 30 January 2024 10:22 AM

අනෙ අපිටනම් මාර සතුටුයි..

:       0       7

Galkotuwe Gedara Suneth Hemantha Kumara Tuesday, 30 January 2024 11:28 AM

මෙවැනි සංකෘතියක් ලංකාවේ බිහිවෙන්න හේතුව ගැනත් ඔබ තුමා පැහැදිලි කලානම් වඩාත් හොදයි. අපි අහන්නේ අවුරුදු 70 වකට වැඩි කාලයක් දේශපාලනය කරලා ඔබතුමන්ල මේ රටට මොනවද කරලා තියෙන්නේ.. රට හැම මොහොතකම පස්සට යන්නේ. හැබැයි ඔබතුමන්ලනම් හැම අතින්ම ඉස්සරහට යනවා. ජනතාවට හැමදාම කෙලවෙනවා. මේ රට මෙහෙම තියෙන්න ඕන රටක් නෙමේ. මේ ජනතාව මෙහෙම දුක් විදින්න ඕන ජනතාවක් නෙමේ. (පක්ෂ පාට අදාල නැත) හැමදේම තියාගෙන ජනතාව හිගකන ජාතියක් බවට පත්කළේ ඔය 225 ම තමා.

:       1       8

sam Tuesday, 30 January 2024 12:02 PM

රටම හොරා කාපු මයිනට කියනවකො බුදුන් වහන්සේගේ ධර්මය අනුව හොරා කන එක හොඳ නැහැ කියලා.තමුසෙලා ඔක්කොම රජයේ දේපල හොරා කාපු එවුන්.එකම වැල්ලේ පොල්.ලැජ්ජයි .හිරිකිතයි

:       0       8

කමල් Tuesday, 30 January 2024 12:51 PM

විපතේ ප්‍රිතිය බුක්තිවිඳපු දේශපාලන සංස්කෘතියක් නෙමෙයි.බල තණ්හාවට බෝම්බ ගහලා මිනිස්සු මරපු තොපේ දූෂිත පවුල් පාලනයෙන් රට බේරාගන්න මහා ජනතාව කරන අරගලයක් මේක. මේක තමා දුප්පත් ජනතාවගේ අවසාන අවස්තාව .ඒ වගේම අමාරුම සහ සටන් කල යුතුම මොහොත .

:       0       8

කමල් Tuesday, 30 January 2024 01:10 PM

තොපිට ලැබිල තියන අන්තිම අවස්තාව එන ජනාධිපතිවරණයයි.හදවතින් නැතුව මොලේ කල්පනා කරලා චන්දෙ දීපල්ලා .එහෙම නැතුව මේ පාරත් අන්ධ ලෙස වැඩ කරලා වැඩේ අනාගත්තොත් වැඩ වර්ජන ,උද්ඝෝෂණ ,පෙළපාලි තියන්නයි ,අරවා මෙහෙමයි මේවා මෙහෙමයි කියලා හමිනෙන්න හදන්නත් එපා.

:       0       4

Rata Perata Tuesday, 30 January 2024 01:13 PM

මෙයත් මරු විකල්ලෙන් කියවනවා වගේ .මේ වගේ එකෙක්ට චන්දෙ දීපු උන් අන් ඇවිල්ලද බලන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1334 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 817 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2065 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 411 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 704 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1752 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site