IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට අද (1) ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ යෝජනා ලැයිස්තුවට ඇතුළත් වන අතර ඉදිරියේදී විවාද කර සම්මත කරගත යුතු වේ.

එසේ සම්මත වුවහොත් මරණ දඬුවම අහෝසි වී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සංශෝධනය වනු ඇති බවද පනත් කෙටුම්පතෙහි දැක්වේ.



අදහස් (32)

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Kapila Thursday, 01 August 2019 09:06 AM

ලංකාවේ ජනගහනයෙන් 90% ක් මරණ දඬුවමට කැමතියි. ඉතින් UNP එකට මොන රුදාවද මේක අහෝසි කරන්න. මෙයින් අදහස් හාරන්නේ UNP එක කුඩු මුදලාලිලාට සහය වන බව... අනාගතයේදී මුළු ජාතියම කුඩුවලට ඇබ්බැහි වීමට UNP වගකියන්න වෙයි.

:       471       2103

SLThursday, 01 August 2019 12:28 PM

කුඩු මුදලාලිලාගේ සල්ලි වටිනවා දරුවන්ගේ ජීවිත වලට වඩා.

:       0       0

himalThursday, 01 August 2019 06:22 PM

එහෙම 90%ක් කැමතිද නැද්ද කියන්න නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයි. අනෙක් අතට හුදෙක් මත් කුඩු වලට මරණ දඬුවම, අනෙක්වාට වෙනම එකක් නම් ඒ කියන්නේ කැළැ නීතියටත් අන්ත එකක්. ඔබ ඔය මරණ දඬුවම යෝජනා කරන්නේ නිවැරදි කරුවෙක් මරණා තෙක් පමණයි.

:       369       425

SenanayakeFriday, 02 August 2019 01:49 AM

හිමාල්, ඔබ හෝ ඔබේ කෙනෙක් මත්කුඩුවලින් විනාශ වුණු විට ඔබ‍ට තේරෙයි මේකේ අවශ්‍යතාවය. ළමයි මත් කුඩුවලට ඇබ්බැහි වන්නේ නොදැනුවත්වමයි. මත්කුඩු මුදලාලිගේ කුඩු සල්ලිවලට දණ ගහන්න එපා...

:       0       0

BamunuarachchiFriday, 02 August 2019 02:41 AM

මෙයත් කුඩු කාරයෙක් වගේ... එජාපයේ නායකයන් මරණ දඬුවම තහනම් කරන්නේ 2020න් පස්සේ ඒ ගොල්ලන්ට හම්බවෙන්නේ පෝරකය බව දන්නා නිසායි. අනේ මගේ අළුගෝසු ජොබ් එක නැතිවෙනන්නයි යන්නේ. පුලුවන්නම් යෝජනාව ගෙනෙන කෙනාව උස්සපල්ලා...

:       0       0

janahitha Friday, 02 August 2019 02:56 AM

මෙන්න තවත් ව්‍යාපාරිකයෙක්... ඔබ හරි...

:       0       0

samFriday, 02 August 2019 10:41 AM

ඔය මරන්න හදන්නේ ජීවිතාන්තය තෙක් හිරේ ඉන්න ගමන් එළියේ ඉන්න ගෝලයෝ දාලා කුඩු බිස්නස් කරන එවුන්ව නේද?

:       22       11

BamunuarachchiFriday, 02 August 2019 02:37 AM

එජාප කාරයින් ජීවත් වෙන්නේ කුඩු කාරයින්ගේ සල්ලිවලින්..

:       0       0

MPFriday, 02 August 2019 03:30 AM

මේ ආණ්ඩුව ඕක කරන්නේ සත්ව කරුණාවෙන් නොවේ. මේ ජනාධිපතිට විරුද්ධව සහ තමන් සුදනුන් බව මහජනයාට මේ ඡන්ද කටේ පෙන්නලා ඡන්ද කඩා ගන්නයි. මේ අයට සත්ත්ව කරුණාවක් තියෙනවා නම් ඔක්කෝටම ඉස්සර කරන්න තියෙන්නේ අර ගම්බද බොන්න වතුර ටිකක් නැති මිනිසුන් ගැන බලන්නයි. ඒ වෙනුවට කරන්නේ ඇති වෙනකම් බදු ගහලා ඒ සල්ලිවලින් ඇමතිවරුන් සැප විඳින එකයි. මේ කාලකන්නි ටික තොලොංචි වෙනකම් මිනිසුන්ට වගතුවක් නැහැ.

:       0       21

aseFriday, 02 August 2019 04:30 AM

කපිල, මෙය අපි දේශපාලනයෙන් තොරව බලමු. කුඩු අලෙවිය සමාජ විරෝධී ක්‍රියාවකි. එහි යෙදෙන පුද්ගලයින් සමාජයෙන් ඈත් කිරීම ඔවුන් සිර ගත කිරීමෙන් සිදුවේ. නමුත් අවාසනාවකට සිංහල ජානවල ඇති ධනයට ඇති කෑදරකම සහ සාමූහික වගකීමක් නැති කමින්, සමාජයෙන් එවන් අය ඈත්කිරීම නොව පෝෂණය කිරීම සිදුවේ. දැන් ඔබ බලන්න මෙතන වී ඇති දේ මොනවද කියලා.. දියුණු රටවල මේ කියූදේ අකුරටම සිදුවන බැවින් ඔවුන්ට මරණීය දඬුවම වනචාරී ලෙස පිළිගෙන ඇති නමුත් අපි වැටත්, නියරත් ගොයම් කා නම්...

:       0       10

Appuhamy Thursday, 01 August 2019 09:28 AM

පව් අප්පා සිරිසේන...

:       765       437

BamunuarachchiFriday, 02 August 2019 02:44 AM

අනේ පව් රට. කුඩු ගහන එවුන් මරුවාට රටේ මිනිසුන්ගේ කිසිම අමනාපයක් නැත. විරුද්ධ කුඩුකාරයින්ම තමයි. අපි 1000%ක් මොවුන්ව ප්‍රසිද්ධියේ මරනවා නම්...

:       0       0

lakshman Friday, 02 August 2019 02:58 AM

අප්පුහාමිත් බිස්නස් වැඩට බැහැලද අම්මපා 19අත උස්සපු අය මේ රටින් පන්නා දැමිය යුතුයි..

:       0       0

wedage Thursday, 01 August 2019 09:31 AM

එකම වර්ගයේ කුරුල්ලන් එකම අත්තක වසා සිටීමට කැමතියි.

:       21       443

ලුම්බිණි Thursday, 01 August 2019 10:18 AM

බුදුදහම තේරුම් ගත් සහ එය පිළිපදින කිසිවෙක් මරණ දඬුවමට එකඟ වෙන්නේ නැහැ. යම් කිසිවෙක් එය අනුමත කරනවා නම් එම තැනැත්තා බොරුවට බුදුන් වඳින කෙනෙක්.

:       0       0

ගල්කටස් Thursday, 01 August 2019 11:08 AM

පසුගිය වසර හතරටම කරන්න හදපු හොදම වැඩෙ හබක් වගේ.

:       0       0

sharm warn Thursday, 01 August 2019 11:18 AM

මරණ දඬුවම තිබිය යුතුයි. ට්‍රම්ප් ඇමරිකාවෙත් අායෙමත් ක්‍රියාත්මක කරන්න යන්නේ මිනිස්සුන්ව පාලනය කරගන්න කියලා එජාපෙ ඉන්න බූරුවන්ට තේරෙන්නේ නැද්ද? අපිත් කියන්නේ එල්ලන්න ඕනේ කියලා නෙමේ... නමුත් දඬුවම පැවතිය යුතුයි කියලා.. මොකද අපිට මේ සිදුවෙන අපරාධ අහලා දැකලා සසර එපා වෙලා ඉන්නේ. අනිත් එක රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙන අපරාධ පවා විලිලැජ්ජාවක් නැතුව එළිපිට සිදු වෙද්දී අපිට වෙලා තියෙන්නේ ලේ කුපිත කරන බලාගෙන ඉන්න. මේ දඬුවම ඔනේමයි. මේ රටේ ඉන්න මිනිස්සුන්ව හැදියාවකට ගන්න නම්....

:       0       0

ranjith Thursday, 01 August 2019 11:55 AM

හොඳ එකෙන් හොරකම් කරන්න තමයි මුන් සැරසෙන්නේ..

:       0       0

sisira Thursday, 01 August 2019 12:01 PM

මෙම පනත සම්මත වුවහොත් පාර්ලිමේන්තුවේ කී දෙනෙක් කුඩු මුදලාලිලාට සහය දෙනවද, කුඩු ව්‍යාපාරයට සම්බන්ධද කියලා රට වැසියන්ට දැනගත හැක..

:       0       0

SL Thursday, 01 August 2019 12:21 PM

මේක අහෝසි කරන්න කලින් 1. රටේ 115000 වන මතට ඇබ්බැහි වූ පාසල් යන වයසේ තරුණයින් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ නැතිවූ ජීවිත නැවත යථා තත්වයට පත්කරන්නේ කෙසේද? 2. ඊට අමතරව දිනපතා මතට ඇබ්බැහිවන තරුණයින්ගේ ජීවිත ගණන "0" කරන්නේ කෙසේද 3.මත්කුඩු වෙළඳාම සදහටම ලංකාවෙන් නැති කරන්නේ කෙසේද (කාල වකවානු සහිතව) 4. මත් කුඩු මුදලාලිලාගෙන් අපේ දරුවන් (දරුවන් නොමැති අගමැති, ඇතුළු පිරිස නැතිව) බේරාගන්නේ කෙසේද කියා ආණ්ඩුව විසින් ප්‍රකාශ කළයුතුයි..!

:       0       0

කරුණාපාල Thursday, 01 August 2019 01:32 PM

එදාට ජාතික ශෝක දිනයක් කරනවා කිව්වා නේද ?

:       0       0

ධම්ම Thursday, 01 August 2019 05:40 PM

මරණ දඬුවම නොව ජීවිතාන්තය දක්වා සිරදඬුවමයි අහෝසිකළ යුත්තේ. වැරදි කළවුන් ජීවිතාන්තය දක්වා අපේ බදු මුදල්වලින් නඩත්තුකරනවාට මම නම් විරුද්ධයි.

:       88       504

Shantha p Friday, 02 August 2019 01:36 AM

අනාගත පරපුරට හෙන ගැහුවත් කමක් නැහැ.. අපිට ඡන්දෙ දිනන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ...

:       0       0

වික්‍රම Friday, 02 August 2019 02:44 AM

මරණ දඬුවම ඉවත් කරන පනත් ඉදිරිපත් කරන්න පුදුම හදිස්සියක්... යාලුවෝ බේරගන්න එපායැ... හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවට ත්‍රස්තවාදී සංවිධානයක් තහනම් කරන නීතියක් ගේන්න. වංචා මඩින නීති ගේන්න අවුරුදු ගණන් ගිහිල්ලත් බැහැ. මේ රටේ වෙන අපරාධවලට වැඩිම වගකියන්න ඕනේ.... ඒවා පාලනය කරන්න පත් කරපු ආයතනමයි.

:       0       0

janahitha Friday, 02 August 2019 02:52 AM

බන්දුලාල් උන්නැහේ පිටුපස සිටින්නේ මේ රටේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක් සහ ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක් බව ජනතාව දන්නවා.

:       0       0

janahitha Friday, 02 August 2019 02:55 AM

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කුඩු ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් මහින්ද උන්නැහෙත් සහාය දෙන්න කැමති වෙලාලු... ඔන්න ඕකයි තත්වේ. කෝ මේ ජවිපේ..? අත උස්සපල්ලා...

:       0       0

dimu Friday, 02 August 2019 03:48 AM

මරණ දඬුවම ගැටළුවක් නොවේ. එය දිය යුතුමයි. ගැටලුව තියෙන්නේ අපේ නීති පද්ධතියේ. වැරදිකරුවන් නිවැරදිව හඳුනාගන්න බෑ. විද්‍යාත්මක පර්යේෂණ තුළින් ඔප්පු කිරීමේ තාක්ෂණය අපට නැහැ. පගාවට, දේශපාලනයට බලපුලුවන් කාරකමට නතු වූ නීති පද්ධතියකින් විත්ති පාර්ශවයට අගතියක් වීමේ ප්‍රවණතාවය වැඩියි. මේ වගේ කුඩු කාරයින් ආරක්ෂා කරන දෙකේ කොලේ දේශපාලුවන් පනත් ගේන්න හදන්නේ මේ පිළිබඳව ඇති අවබෝධයක් නිසා නෙවෙයි. හුදෙක් දේශපාලන කරණා නිසා. මතක තබාගන්න නිවැරදි කරුවෙක් දඬුවමට ලක් වුනොත් මරණ දඬුවම දුන් පසු ඒ කිසිවක් ආපසු හැරවිය නොහැකි බව.. තරහකාරයෙකුට වුනත් ඔබේ ගමන් මල්ලට කුඩු පාර්සලයක් දමා පොලිසියට ඔත්තුවක් දීමට හැකි බව මතක තබාගන්න.

:       0       41

එල්පී Friday, 02 August 2019 03:51 AM

මරණ දඬුවම එපා කියන අය නගන තර්කයක් තමයි මරණ දඬුවම දීමෙන් අපරාධ වළක්වන්න බැහැයි කියන එක. අපරාධ කරන එක මිනිස් ජානගතව ඇති දෙයක් නිසා මොනම ක්‍රමයකින්වත් එය වළක්වන්න බැරිවෙයි. නමුත් අපරාධ කිරීමට පෙළඹීම මරණ දඬුවම් දීමෙන් අඩු කරන්න පුළුවන්. දිනෙන්දින අපරාධ වැඩි වේගෙන යන අපේ රටේ ඒවා වළක්වන්න තියෙන නීත්‍යානුකූල ක්‍රියාමර්ග අහෝසි කිරීමෙන් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කුඩුකාරයින්, හොරුන්, අන්ත දූෂිතයන් වගේ එවුන් සමාජය තුළ වැඩිවැඩියෙන් බිහි වීමයි. පාර්ලිමේන්තුවේ ඉන්න මේ කාලකන්නින්ට ඕනෑ කරන්නේ තමනුත් රැකෙන ගමන් තම අපරාධකාර සහචරයිනුත් රැකගන්නයි. අපි මේක හරියාකාරව තේරුම් ගනිමු. අපේ රට විනාශ කරන එන්.ජී.ඕ කාරයින්ගේ පදයට නටන්නේ නැතිව. නිවැරදිකරුවන් දඬුවමට ලක්වීම වළක්වන්න නම් නීති පද්ධතිය නිවැරදිව සකස් විය යුතුයි.

:       22       0

ඊටී Friday, 02 August 2019 06:03 AM

මේකට වඩා වැදගත් අධිකරණය මඟින් ගත් තීන්දු වෙනස් කිරීමට, සිරගතවන කාලය අඩු කිරීමට, ජනපතිට තියෙන නීතිමය බලය අහෝසි කිරීම... දෙකම වෙනවා නම් වඩා හොඳයි. මේ ඔලමොට්ටල මන්ත්‍රීට මේක තේරෙන්නේ නැහැ...

:       0       0

දිලුම් Friday, 02 August 2019 06:42 AM

ධම්ම ඔබට ස්තූතියි මේ කාරණය මතුකළාට... අපි නැහීගෙන හම්බකරලා වැරදි කරන උන්ට කවන්නත් ඕනෑ.. උන් හොඳට ඇතුළට වෙලා ටී.වී. බලබල ඉන්නවා. මහ හොරු ටික ගියගමන් ලෙඩ වෙලා බන්ධනාගාර රෝහලට රිංගනවා. හිමාල් වගේ අය නම් කැමතියිලු බදු ගෙවමින් මොවුන්ව නඩත්තු කරන්න. ඒ නිසා එයාගෙන්ම අයකර ගන්න කියන්න ඔක්කොම... අනික ගහක ගෙඩියක් කැඩුවට මරණ දඬුවම හිමි වෙන්නේ නෑ. ඒක හිමිවෙන්නේ මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය හෝ අවි වෙලඳාම වැනි දරුණු අපරාධ සඳහා... ඒ නිසා මොවුන්ව එල්ලන්නේ නැතුව වෙන මොකක් කරන්නද? මේක අහෝසි කරන්න කියන්නේ උනුත් මේවට සම්බන්ධයි... ඒක නිසා වෙන මොන මගුලක්වත් නෙමෙයි.

:       0       11

sanath Friday, 02 August 2019 08:52 AM

ඇමෙරිකානු ජනාධිපති තීරණය කරලා නැවත මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න. එජාපය මෙහෙ ඒකට විරුද්ධව වැඩ කරන්නේ කොහොමද?

:       0       60

Tr Saturday, 03 August 2019 04:02 AM

225ම ගෙදර ඇරලා නාගානන්ද වහා පත්කර ගන්න. ඔහු අවංක බව දිගු කලක් ඔප්පු කල උගතෙකි.

:       1       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 195 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 407 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 526 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 133 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 395 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 293 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site