IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මාධ්‍යවේදීන්ට උපදෙස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ කිරි අම්මාවරුන්ගේ දානයක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම   පැවැත්විණි.

එහි දී  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එහිදී මෙසේ ද පැවසූහ.

‘දැන් රටේ තිබෙන තත්ත්වය අපි අමුතුවෙන් කාටවත් පුන පුනා කියන්නට අවශ්‍ය නැහැ.

යම් යම් දෙනා පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණා මේක අභයාරාමය නොවේ මහින්දාරාමය කියලා. සමහර පත්තරවල කාටුන් දානවා. මේ මාධ්‍යවේදීන්ට මම කියන්න ඕනෑ කාටුන් හරි මොනවා හරි දානකොට දැනුම්වත් වෙලා දාන්න කියා. ඊයේ පෙරේදා පත්තරයක කාටුන් එකක් තිබුණා මහින්ද රාජපක්ෂ මහතා බෝ මළුව අමදින ආකාරයට ඇඳලා. මේ ‍මාධ්‍යවේදීන් තේරුම් ගන්න ඕනෑ මෛත්‍රී වර්ණනාවේ තිබෙන්නේ බෝ මළුව අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ- විහාර මළු අමදින්නෝ මෛත්‍රී බුදුන් දක්නෝ කියලයි. ‍

ඒ නිසා මම ඒ අයට කියනවා කෝකටත් මෛත්‍රී වර්ණනාව කියවලා බලන්න. ඉතිහාසය කියවලා බලන්න. මේ රටේ රජවරු ආරක්ෂා කළේ, රජවරුන්ට පිහිට වුණේ, රජවරුන්ට සෙත් ශාන්ති කළේ විහාරස්ථානවලින්. මහා සංඝරත්නය තමයි රජවරුන්ට පිහිට වුණේ. ඊයේ පෙරේදා මගෙන් එක මාධ්‍යවේදිනියක් අහනවා ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට ඇයි මෙතරම් සලකන්නේ කියලා. මම කිව්වා මේ රට ගොඩගත් පුද්ගලයා මහින්ද රාජපක්ෂ නිසයි මම එතුමට සලකන්නේ කියලා.  

අද මහින්ද රාජපක්ෂ මහතාට මම විතරක් නොවෙයි මුළු රටම ආශිර්වාද කරනවා. සුබපතනවා. මුළු රටම කම්පා වෙනවා අනේ දෙයියනේ මොකද වුණේ කියලා. සමහරු කියනවා ඡන්දය දුන්නේ පරාජය කරන්න නොවේ කියලා.    අද තිබෙන්නේ ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය පමණයි. අපේ හිටපු ජනාධිපතිතුමා යන තැන ජනතාව පිරෙනවා. රාජ්‍ය නායකයන් යන තැන මැස්සෝ ඇහිරෙනවා. ඒක අපට පේනවා.‘

මහා සංඝරත්නයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක ප්‍රියන්ත බණ්ඩාර සහ දුමින්ද සිල්වා   ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එකව සිටියහ.

1-(3) 2-(2)



අදහස් (0)

මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මාධ්‍යවේදීන්ට උපදෙස්

චන්න Thursday, 18 June 2015 11:07 AM

මෙයා තව පොඩ්ඩෙන් මෛත්‍රී බුදුන්ගේ නමත් වෙනස් කරනවා.. මතකනේ මෛත්‍රී භාවනාවත් වෙනස් කරානේ (ම)

:       0       0

ප්‍රියන්ත Friday, 19 June 2015 12:09 PM

අපල ගෙවෙනතුරු ඔහොම තමයි. මොනවා කරන්නද? (නි)

:       0       0

සුමුදු හේවා Friday, 19 June 2015 02:19 PM

අනේ කුමාර, සුදු කොඩි කතාව කියලා තමන් උපන් රටටත් රණ විරුවන්ටත් ද්‍රෝහී වෙලා රටේ නීතියට අනුව දඬුවම් ලැබූ ෆොන්නසේකා ඔයාට තවමත් මහත්මයෙක් හැටියට පෙනෙනවද? ඔහු රට වෙනුවෙන් කළ මෙහෙවරට ගිය රජයෙන් සම්මාන ලබද්දී ඔයා කොහෙද හිටියේ? (බ)

:       0       0

එෂාන් Thursday, 18 June 2015 06:58 AM

වැඩේ හොඳයි. නමුත් පත්තිනි දේව මෑණියන් සිහි කර දෙන කිරි දානය පන්සල් වල පවත්වනවාද (බ)

:       0       0

කමල් පෙරේරා මිලානෝ ඉතාලිය Thursday, 18 June 2015 06:59 AM

නාම යෝජනා දීපු ගමන් ගියේ නම් තිරුපති. එහේ කරන්නේ හරක් නිදහස් කිරීම නොවෙයි. බිලි දීමයි. (නදී)

:       0       0

එදිරි Thursday, 18 June 2015 07:00 AM

දුමින්ද සිල්වාත් ලඟ තියාගෙන කියලා තියෙන්නේ. (නදී)

:       0       0

සපුමල් Thursday, 18 June 2015 01:40 PM

තෙරුවන් සරණයි ඔබතුමාට...! (ර)

:       0       0

සුමුදු හේවා Friday, 19 June 2015 02:42 PM

එස්.බි කියන්නා වගේ කවදත් රට රැකගැනීමට පෙරමුණ ගත්තේ මෙවැනි රටට හිතැති අභීත හිමිවරු මිසක් ඩොලර් වලට රොටි පුච්චන සංඝ ප්‍රතිරූපකයෝ නෙවෙයි. (බ)

:       0       0

සමන් Thursday, 18 June 2015 07:17 AM

ඇයි හැබෑවටම මහින්ද මහත්තයට මොනවද වෙලා තියෙන්නේ ? ඡන්දෙන් පැරදුනා 19 හින්දා ආයේ ඉල්ලන්න බැහැ. පන්සල් ගානේ ගියාට කමක් නැ අර දේශපාලන කතා නැතුව (නදී)

:       0       0

ලලිත් Thursday, 18 June 2015 07:18 AM

යන යන තැන පිරෙන එක නෙමෙයි වැදගත්. පිරෙන්නේ කවුද කියලා තමයි වැදගත්. වටේ ඉන්න සමහර උපාසක මහත්තුරු දැක්කාම හිනා යනවා. (නදී)

:       0       0

මෙල්වින් Thursday, 18 June 2015 07:21 AM

පුදුමයක් කියන්නේ මේ ස්වාමින් වහන්සේ දකින්නේ ඊයේ පෙරේදා ඉඳලා මහින්ද මහතා ගැන තිබෙන කාටුන් විතරනේ. ජනවාරි 8 ට කලින් ප්‍රතිවිරුද්ධ දේශපාලකයන්ට ඇඳපු කාටුන් පෙනිලාම නැහැනේ. (නදී)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 07:37 AM

තිස්තුන් කෝටියක් දෙවිවරු ලංකාවට අධිපති නිසා දේව මතයත් වැදගත් (නි)

:       0       0

කිත්සිරි Thursday, 18 June 2015 07:38 AM

මසුරන් වටින කතාව හාමුදුරුවනේ! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 18 June 2015 07:50 AM

ඔහොම තමයි අපේ හාමුදුරුවනේ ජීවිතය අනියතන් මරණය නියතන් කියල අපේ බුදු බනේ සටහන් වෙලා තියෙනවනේ. එහෙනම් ඇයි මේ දේශපාලකයන් ඔය දේ තේරුම් ගන්නේ නැත්තේ. වැඩි තන්හාව ආශාව නිසා නේද මේ හැම කෙනෙක්ම මේ විදිහට බලයේ රැදෙන්න වෙර දරන්නේ. පිදිය යුත්තන් පිදිය යුතුයි,ගරු කල ඇත්තන්ට ගරුකළ යුතුයි. හැබැයි එය දේශපාලනමය අරමුණකින් නෙමෙයි. ඒ ඇත්තන්ගේ ගුණ යහපත් ක්‍රියාකලාප හේතුවෙන් විය යුත්තක්. (නදී)

:       0       0

සුබා Thursday, 18 June 2015 08:01 AM

මට නම් මහන්ද මහත්තයාව දැක්කහම පව් කියලා හිතුනා.ගෙදරට වෙලා විවේකීව ඉන්න මහත්තයෝ. (නි)

:       0       0

ස්ටීවන් Thursday, 18 June 2015 05:54 PM

සමහරු හිතන්නේ ලංකාවේ තවමත් මෝඩ මිනිස්සු ඉන්නේ කියලා. (නි)

:       0       0

විජයබාහු Thursday, 18 June 2015 08:20 AM

සුබාල හරි කැමති වෙයි මහින්ද මහත්තය ගෙදරට වෙලා ඉන්නවනම් නේද ? (නදී)

:       0       0

නිමල් Thursday, 18 June 2015 08:29 AM

අපිට නම් මහින්දගෙන් වැඩක් නැහැ. මොකද අපි නිකං ඉඳලා කන අය නෙමෙයිනේ. (නදී)

:       0       0

කුමාර Thursday, 18 June 2015 08:35 AM

අනේ හාමුදුරුවනේ, ෆොන්සේකා මහත්තයව බල්ලෙක් වගේ හිරේ දානකොට ඔය කියන ක්රෝදය, වෛරය ගැන බන පද මතක් උනේ නැද්ද. මෙතුමාගේ වටේ ඉන්න සත් ගුණවත් මහත්තුරු ටික දැක්කම දාන එකක් නෙවෙයි 100 දුන්නත් මේ ආත්මෙදි බලයට එන්න බැහැ. ඔයා ඔය රට ගොඩගත්ත මහත්තයාගේ කාලේ මිනිහෙකුට කතාකරන්න නිදහසක් තිබ්බද? කරුණාකරලා මිනිස්සුන්ව නොමග යවන්නේ නැතිව ඉන්න හාමුදුරුවනේ. (නදී)

:       0       0

පුෂ්පකුමාර Thursday, 18 June 2015 08:38 AM

මැතිවරණය පැවති දින මහින්ද රාජපක්ෂ මහත්තය එතුමාගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා වගේ ඩමියෙක් හදාගෙන කල විගඩම්, නාඩගම ගැන ඔය හාමුදුරු වරු නොදන්නවා ඇති මගේ හිතේ. ඒ වගේ දෙකයි පනහේ වැඩ ගැන නම් මතක් වෙද්දීත් ලැජ්ජයි! (නදී)

:       0       0

ද සිල්වා Friday, 19 June 2015 08:17 AM

පැරදුණාම සමහර පරණ කරපු වැරදි විතරයි නමුත් කළ හොඳ පස්සෙන් එනවා මිනිස් ස්වභාවය එකයි (ම)

:       0       0

සුදේශ් Thursday, 18 June 2015 09:02 AM

මේ රටේ මිනිස්සු ලක්ෂ 58ක් පිරිසිදු ජන්ද දුන්නේ එතුමාව ගෙදර තියන්න නෙවෙයි සුබා දැන ගන්න. (ම)

:       0       0

එස්බී Thursday, 18 June 2015 09:37 AM

සම්පූර්ණ ඇත්ත නේ කියලා තියෙන්නේ! - මේ රට හැම වෙලාවෙම ආරක්ෂා කරන්න සංඝරත්නය ඉදිරියට ආවා - හැබැයි ඒ "සැබෑ හාමුදුරුවරු" මිසක් සිවුර පොරව ගත්ත "බොරු" හාමුදුරුවරු නම් නෙවෙයි. සංගායනාවක් කරන්න කාලේ හරි මට හිතෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9051 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4776 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6595 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4495 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1101 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1915 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36462 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site