IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මුරුත්තෙට්ටුවේ හිමි කෝටි 100ක් වන්දි ඉල්ලයි

වැරදි සහගත ප්‍රකාශයකින් කිරුළපන පූර්වාරාමාධිපති පත්බේරියේ විමලඥාන හිමියන් විසින්  තමන්ට සිදුකළ අපහාසයක් වෙනුවෙන් රුපියල් කෝටි 100ක් වන්දියක් ඉල්ලා  නාරාහේන්පිට අභයාරාමයේ වැඩවෙසෙන ,රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අද (06) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

තමා රටේ කීර්තිධර භික්ෂුවක් වන බව, අභයාරාමේ අයිතිය ගැන නඩු නිමිත්තක් තිබියදී එම විහාරයේ අයිතිට ගැන වගඋත්තරකාර හිමි නම ප්‍රකාශ නිකුත් කිරීමෙන් තමාට දැඩි හානියක් සිදුව ඇති බවත් ආනන්ද හිමි සිය පැමිණිල්ලෙන් කියා සිටී.



අදහස් (0)

මුරුත්තෙට්ටුවේ හිමි කෝටි 100ක් වන්දි ඉල්ලයි

භද්‍රානි Wednesday, 06 April 2016 03:40 PM

අනේ දෙයියනේ අපි කොහොම හරි හිඟා කාලා පන්සලට දානේ ටික යවනවා. ඒ ගොල්ලෝ කොටි ගණන් වලින්නේ වැඩ? අනේ හැබෑටම මෙහෙමත් නාටක?(හේ)

:       0       0

උපාලි Wednesday, 06 April 2016 04:24 PM

ඉල්ලන ගානේ හැටියට මං කල්පනා කළේ එක්කෝ මුදලේ වටිනාකම බින්දුවටම බැහැලා, නැත්නම් හාමුදුරුවරුන්ගේ වටිනාකම බින්දුවටම බැහැලා. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 06 April 2016 09:59 AM

කෝටි 100ක් තිලා ලක්ෂ 10ක්වත් දෙන්න සල්ලි තියෙනවද දන්නේ නෑ.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 06 April 2016 10:12 AM

මම මේ දැන් නැති නිසෛ අහන්නේ බුදු පුතුන්ට මුදල් කැපද වෛරය චීවරයට ගැලපේද මන්ද ,(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 06 April 2016 10:12 AM

හාමුදුරුවනේ අටලෝ දහමෙන් කම්පා නොවන්න. "නින්දා - ප්‍රශංසා " ගැන ගිහියන්ට වඩා පැවිදි උතුමන් දන්නවා.(හේ)

:       0       0

ශාන් Wednesday, 06 April 2016 10:27 AM

අනේ ඉතින් මේ හාමුදුරුවරු කවදා නිවන් දකින්නද මන්ද (බ)

:       0       0

ශ්‍රීමාලි Wednesday, 06 April 2016 06:41 PM

බුදු බණ නම් “තණ්හාය ජායති ශෝකෝ“ යි (නි)

:       0       0

පෙරේරා Wednesday, 06 April 2016 07:21 PM

බුදුන් වදාළේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලානේ. මෙතන ආදර්ශය දෙන්නේ එහෙම නෙමෙයිනේ. (නි)

:       0       0

ශාන්ත Wednesday, 06 April 2016 09:07 PM

අපි නොමැරෙන මිනිස්සු නොවන බව මේ හිමිවරුන්ට කියලා දෙන්න සිද්ධවෙලා (නි)

:       0       0

දේවි Wednesday, 06 April 2016 11:43 AM

අපේ හාමුදුරුවරු අපට දේශනාකරන බණ අපේ හාමුදුරුවරුම පිළිනොපදින යුගයක් මේක අපේ හාමුදුරුවනේ. (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 06 April 2016 10:20 PM

හෙද සංගමයේ පසුගිය කාලේ සිදුවුණ වර්ජන වලට කෝටි ගණන් වන්දි ඉල්ලන්න ඕනෑ ලෙඩ්ඩු. උන්නාන්සේට ඔච්චර සල්ලි මොකටද? (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 06 April 2016 11:05 PM

"අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්." (නි)

:       0       0

දහම් Wednesday, 06 April 2016 12:39 PM

ගාණ වැඩි නැද්ද?(හේ)

:       0       0

චතුරි Wednesday, 06 April 2016 12:53 PM

කෝටි 100 දෙන්න ඒ හාමුදුරුවෝ මහණ වුනේ හිස් අතින් මිසක් දැවද්දක් එක්ක නෙමේ කිරුලපන පන්සල විකුනන්න වෙයි පන්සල් තියෙන්නේ ආගමික වැඩ වලට මිසක් දේශපාලනය කරන්න නොවේ නඩු කාර තුමා කිව්වද . කොටි100අරං දෙන්නම් කියල නාමල් මන්ත්‍රීට කියන්න එයා නිතිය දන්නවා (බ)

:       0       0

අමිරා Wednesday, 06 April 2016 01:01 PM

අනුන්ගේ දේපල බලහත්කාරයෙන් අල්ලාගෙන බිස්නස් කරනවා මදිවට තණ්හාව උතුරා ගිහින් .මේ රටේ කිසි නඩුවක් ඉක්මනට විසදෙන්නේ නැහැනේ . (කෞ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 April 2016 01:12 PM

අනේ මන්ද අද කාලේ ගිහි අපට බණ කියන්න වෙලා තියෙන්නේ හාමුදුරුවරුන්ට , පාත්තරෙයි සිවුරයි විතරක් හිමි වුන බුදු පුතුන්ට දැන් කෝටි ගණන් වත්කම් , මදැයි සසරෙන් එතෙර වෙන්න ගොහින් වෙච්චි දෙයක් නේද අවසර අපේ හාමුදුරුවනේ (බ)

:       0       0

රකිත් Thursday, 07 April 2016 01:28 AM

රටේ කීර්තිධර භික්ෂුවකට රාජ්‍ය සේවා හෙද සංගමයත් එක්ක මොකක්ද තිබෙන ගනුදෙනුව? (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 06 April 2016 02:07 PM

පන්සලක වුනත් අයිතිය ගැන ඔයතරම් ආශාවක් තණ්හාවක් ඇති කර ගත්තොත් දවසක මළ පෙරේතයෝ වෙනවා නේද? ආනන්ද මෛත්‍රීය මහනාහිමි නම් පන්සල ගැන වත් වෙන දෙයක් ගැනවත් ආසාවක් ඇති කර ගත්තේ නැහැ. (බ)

:       0       0

ජයතු Wednesday, 06 April 2016 02:25 PM

ඇයි මෙච්චර මුදල්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 626 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 298 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 664 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2435 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 481 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 197 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site