IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘මාරාන්තික ක්‍රීඩාවේ අවසානය බරපතළ ඛේදවාචකයක්‘‘

(නිමල කොඩිතුවක්කු)

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයන් ඉදිරිපත් කරන යෝජනා අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින් ආණ්ඩුව සුපුරුදු පරිදි " ජීවිත සමග ක්‍රීඩා කරමින් " සිටින බවත් එම මාරාන්තික ක්‍රීඩාවෙහි අවසානය මොනතරම් බරපතළ ඛේදවාචකයක් දැයි නුදුරේදීම වටහා ගනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවගේ මරණ මතින් දේශපාලනය කිරීමට සූදානම් අයකුට හැර වෙනත් කිසිවකුට මේ මොහොතේ රට විවෘතව තැබීමේ තීන්දුව ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"බිහිසුණු කොරෝනා ව්‍යාප්තිය අතින් ලෝකයේ 15 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබියදීත් හිතක් පපුවක් නැති පාලකයින් එය තවමත් තුට්ටුවට මායිම් කොට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේත් මෙරට සෞඛ්‍ය විශේෂඥයින්ගේත් තීරණාත්මක අනතුරු හැඟවීම් කිසිවක් මායිම් නොකරන ආණ්ඩුව තමන්ගේ අදූරදර්ශී,හිතුවක්කාරී දේශපාලන න්‍යායපත්‍රය පමණක් ක්‍රියාවට නංවමින් සිටී.

මෙතරම් ව්‍යසනයක් සිදුවී තිබියදීත් ආණ්ඩුව තවමත් අදුරේ අතපත ගාමින් සිටින අතර ඔවුන් උත්සාහ කරන්නේ කොරෝනා ව්‍යාප්තියේ වරද ද ජනතාවගේ කරමත පටවා අත සෝදා ගැනීමට ය.

ආර්ථිකය ගැන ඊනියා භීතියක් මවා පාමින් රට වසා දැමීම පිළිබඳව ආණ්ඩුව තීන්දුවක් නොගනී. "ආර්ථිකයද, ඔක්සිජන්" ද යන්නෙන් වඩා වැදගත් කුමක්ද යන්න තේරුම් ගන්නට බැරි ආණ්ඩුවකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.

 



අදහස් (18)

‘‘මාරාන්තික ක්‍රීඩාවේ අවසානය බරපතළ ඛේදවාචකයක්‘‘

පිටිගල මිලානෝ Sunday, 15 August 2021 12:45 PM

මෙලෝ රහක් නැත...

:       24       78

senakaSunday, 15 August 2021 04:18 PM

ජනතාවගේ මරණ මතින් දේශපාලනය කිරීමට සූදානම් නොමැතිනම් බෝඩ් ලෑලි උස්සාගෙන පේමන්ට්වල උද්ඝෝෂණය කලේ සහ කිරීමට සහයෝගය දුන්නේ මොන බම්බුවටද?

:       9       9

Sri Lanka Sunday, 15 August 2021 12:49 PM

අවුරුදු 30ක යුද්ධය ඉවර කරන්න දුන්නේ නැත්තේ, ඔය එක එක සංවිධාන... අපි කරන්න ඕනේ අපිට ගැලපෙන ක්‍රමයකට අපේ දේවල් විසඳා ගැනීමයි. බොරදියේ මාළු බාන්න එපා කොරෝනා බිල්ලෙක් මවලා... ජයවේවා..!!!

:       36       61

ජාලිය - කැනඩාව Sunday, 15 August 2021 12:57 PM

දේශපාලනයට අදාල දෙයක් නෙවේ මේ අදහස. දැන්ම රට ලොක්ඩවුන් නොකලොත් ඉන්දියාවේ ඇතිවූ තත්වය ඒකාන්තයෙන්ම ඇතිවෙනවා. ඊයේ කිරි අම්මාවරුන්ගේ දානයකට ගිය 14... මේ රෝගයට ගොදුරු වෙලා. තව කොච්චර ආගමික ස්ථානවලට මිනිසුන් එකතු වෙනවද? ඒ ස්ථානවලින් මේ රෝගය පැතිරී යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ලොක්ඩවුන් කිරීමෙන් ඒ වගේ තවත් බොහෝ අවධානම් දේ වළක්වා ගන්න පුලුවන් නේද?

:       8       36

Kasun Sunday, 15 August 2021 01:07 PM

අනේ මේ ලැජ්ජා නැද්ද... මේකත් දේශපාලන වාසියක් ගන්න පාවිච්චි කරන්න තරම්..?

:       24       25

ගමරාලSunday, 15 August 2021 05:22 PM

විපක්ෂ නායකතුමා ඔබට ලැජ්ජා නැද්ද? ඔබට වඩා උගත්, බුද්ධිමත් වියත් මහාචාර්ය සුමනේ කියනවා වෛද්‍ය උපදෙස් ලැබුනේ නැහැ කියලා ඔබලා කරන්නේ රජය පෙරලීමට උත්සාහයක් ගැනීමක් කියලා. උන්දෑ එහෙම වුණාට අපි නම් හිතනවා ඔබතුමා කරන්නේ ජනතාව මරණයෙන් බේරාගැනීමට උත්සාහ කිරීමක් කියලා....

:       4       4

ලක්සිරි ප්‍රංසය Sunday, 15 August 2021 01:07 PM

මම මේ ලියන්නේ පැරිසියේ සිටයි. රට වහලා මේක කරන්න බැහැ. මිනිස්සු දැනගන්න ඕනේ පරෙස්සම් වෙන්න. රට වහලා ලැබෙන්නේ තාවකාලික විසඳුමක් විතරයි. මෝඩ කතා කියන්න එපා. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්... පොඩි කාලේ බිම වැටුණු ගතියක් පෙනෙනවා...

:       31       94

සෝමදාසSunday, 15 August 2021 01:36 PM

ලක්සිරි ප්‍රංශයේ හිටියට හිතන්නේ නම් සෝමාලියවේ ඉන්න එකෙක් වගේ.. සමහර විට සරණාගත වීසාවලින් ගියපු කෙනෙක් වෙන්න ඕනේ.. රටේ උගත් දොස්තරලා හැමෝම හොඳම දේ ලොක් ඩවුන් එකකට යන එක කියලා කියන කොට අපි අහන්න ඕනේ ප්‍රංශයේ වැසිකිලි පිරිසිදු කරන්න ගිය කෙනෙකු කියන දේ නෙමෙයි නේද?

:       106       27

RaveendraSunday, 15 August 2021 02:36 PM

සෝමදාස මයා වෙත, ඔබට හොඳටම විශ්වාසද මොහු " වැසිකිළි පිරිසිදු කරන්න ගිය කෙනෙකු " කියලා? එසේ ගියත් ඒ මිනිසුන් නිසා නේද ඔබ, මෙන්ම සියලුම පුරවැසියන් කුසගිනි නිවා ගන්නේ මේ මොහොතේත්? කොටින්ම පට්ටියේ 225ත් (උගත් පුතාණෝ ඇතුළුව) කුසගින්න නිවාගන්නේ එ් මිනිසුන් නිසා නොවේද? එබැවින් කුමන රස්සාවක් කළත් රටේ පුරවැසියන්ට තිබෙන 100%ක අයිතිය, වගකීම තම අදහස් ප්‍රකාශ කිරීමට.. අප විශ්වාස කරනවා ඔබ ඉතාමත්ම වගකීම් සහිත, බාරදුර, වැදගත් රැකියාවක නියැලෙන කෙනෙකු හැටියට ඔබගේ අදහස් වලින්ම...

:       11       116

කෝලිත Sunday, 15 August 2021 01:59 PM

රට වැහුවාට කමක් නෑ. රටේ සාමාන්‍ය මිනිස්සුන්ටත් තමන්ගේ අප්පලා හොරාකාලා හම්බකරලා දීලා ගිය කෝටි ගාණක දේපල, මිල මුදල් තියෙනවා නම්...

:       17       78

ලක්සිරි Sunday, 15 August 2021 02:32 PM

මෝඩ කතා කියන්න එපා.. මම මෙහෙ විධායක නිලයක් දරන්නෙක්... මම ළිඳේ ඉන්න ගෙම්බෙක් නොවේ...

:       6       36

Raveendra Sunday, 15 August 2021 02:37 PM

අනේ අම්මපා මගේ මතුවෙලා තිබෙන අං තට්ටුව නැවතත් මෝදු වෙනවද කොහෙද..? මොකද වැඩවර්ජනවලට, උද්ඝෝෂණවලට මිනිසුන්ව කුලප්පු කරලා මමත් බෝඩ් එල්ලගෙන ඉන්නකොට මේ මුකුත් ලෙඩ බෝ වෙන්නෙත් නැහැ... එහෙම බෝ වුණෙත් නැහැ.. මේක නම් පට්ටියේ බලයේ ඉන්න "හරකුන්ගේ" කුමන්ත්‍රණයක්.. අපි "හරක්" බලයේ හිටියා නම් මේ මුකුත්ම නැහැනේ... අනේ හැබෑට අපේම අවාසනාවට අපිට දැන් බලය නැහැනේ...

:       5       68

Sahan Sunday, 15 August 2021 03:38 PM

සජිත්ට බනින්න එපා. තවම කඩේ යන ටිකක් ඉතිරි වෙලා ඉන්නවා. ඒ අයට තදවෙයි. ඇත්තටම කට අැරියොත් කියන්නේ ගොන් කතාවක්...

:       6       7

Bamunuarachchi Sunday, 15 August 2021 06:31 PM

මම කිව්ව විදිහට ලෙඩේ පටන් ගන්න කොටම ප්ලැකනිල් බිව්වා නම් ඔය මොකවත් නැහැනේ...

:       4       4

ලක්සිරි පැරිස් Sunday, 15 August 2021 07:31 PM

අනේ සෝමේ... මම ඔබතුමාට අනුකම්පා කරනවා.. හොඳටම විශ්වාසයි පොඩිකාලේ වැටිලා.. සොරි ඩොට් කොම්...

:       4       2

Bandara Monday, 16 August 2021 11:08 AM

දැන් ලොරි ටෝක්ස් දෙනවා. ටිකක් අඩු වුණු ගමන්ම ස්ට්‍රයික් එකක් පටන් ගන්නවා. රජය අසීරුවට පත්කොට බලය ලබාගැනීම ඔහුගේ අරමුණයි...

:       0       0

Suneetha Monday, 16 August 2021 11:24 AM

ඔබතුමාලා කරපු වීදි සටන් වල ප්‍රතිඵල තමයි. දැන් කටමැත දෙඩෙව්වට...

:       0       1

Nihal Monday, 16 August 2021 03:04 PM

දහස් ගණන් තරුණයිනුත් පුච්චලා මැරුවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 114 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 129 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 669 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1156 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 641 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 1521 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 440 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site