IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මරන්න ආ මිනිහාට සමාව

මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරයකුව සිටියදී 2006 දී පොළොන්නරුවේ දී ඔහු ඝාතනය කිරීමට ආ කොටි සාමාජිකයා අද බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

ජාතික ඇඳුමෙන් සැරසී වේදිකාවට පැමිණි හිටපු කොටි සාමාජික සිවරාජා ජෙනීෆන් වසර 10ක සිර දඬුවමකට නියම වී සිටියේය.

ඔහුගේ පිටට තට්ටුකළ ජනපතිට ඔහු දෑත් එක් කර ආචාර කළේය.

ජෙනීෆන්ට ජනපති සමාව ලැබිණි.

_DSC1249 _DSC1282

CYMcM2pUkAAivLw



අදහස් (0)

මරන්න ආ මිනිහාට සමාව

නිව්ටන් Friday, 08 January 2016 02:30 PM

මම නම් හිතුවා මේ ටික. ෙත්රුම් ගන්නතරම් ශක්තියක් තියෙන අයට වැටෙහේවි. (ර)

:       0       0

චන්දන Saturday, 09 January 2016 06:01 AM

විෂඝෝර සර්පයා දැක නෑරු මෝඩයා කිවුවලු (නි)

:       0       0

කුමාර් Saturday, 09 January 2016 06:12 AM

කොටින්ට සමාව! කොටින් විනාශකර රට බේරාගත් ජනපති මහින්ද,ගෝඨාභය ඇතුළු රණවිරුවන් වංචා විමර්ශනය ඉදිරියට... (නි)

:       0       0

සම්පත් Friday, 08 January 2016 02:44 PM

ලාල් මැරිලා ඉපදුනාද.... (ස)

:       0       0

බුද්ධික Friday, 08 January 2016 02:44 PM

ප්‍රභාකරන් සිරගතව හිටිය නම් දැන් කොහොමද? (ස)

:       0       0

ගොඩ්ෆ්‍රී Friday, 08 January 2016 03:03 PM

අනේ ,අනේ ඇත්තට තේරෙන්නේ නැද්ද? පසුගිය රජයවල් වලින් සමාව ලබාගත් සියලුම දෙනා පොලව යට බුදි කියල. (ස)

:       0       0

සුසන්ත Friday, 08 January 2016 03:05 PM

කොටින්ටනම් සම්පුර්ණ නිදහස, බොහොම හොඳයි. අනේ එත් අපේ හමුදාවේ සෙබළුන්ට... හිරගෙය! (ස)

:       0       0

සුසන්ත Friday, 08 January 2016 03:06 PM

ඔය සමව දෙනවද හමුදාවේ සෙබළුන්ට, බුද්ධි අංශ වලට? නෑ නේද, ඒ යට සිර දඬුවම් නේද... කවද ඇත්ත තේරුම් හනියිද සිංහල ජාතිය! (අ)

:       0       0

prasanna Friday, 08 January 2016 03:07 PM

ඕක රටේ ජනතාව දන්නවා.රණවිරුවන්ට මාංචු,කොටියට සමාව.(අ)

:       0       0

ලසිත Saturday, 09 January 2016 06:23 AM

මේ ආණ්ඩුවට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සම්පත් Friday, 08 January 2016 03:06 PM

දැන් සද්ද නැතිව හිටියට නයි නියමයි (අ)

:       0       0

සමන් ඩුබායි සිට Friday, 08 January 2016 03:13 PM

ඔය කොටි නිදහස් කරන එකේ අර හිරේ ඉන්න රණ විරුවෝ ටිකත් නිදහස් කරන්කෝ, ඉන්නව කියල දන්නේ නැද්ද (අ)

:       0       0

චින්තක Saturday, 09 January 2016 06:31 AM

පොඩ්ඩක් හිතන්න මේ වගේ වැඩ වෙනකොට ඒ රණවිරුවන්ගේ සිත් තුළට කොපමණ වේදනාවක් දැනෙනවා ඇද්ද කියලා..... (නි)

:       0       0

විජයබාහු Friday, 08 January 2016 03:26 PM

හමුදාව ඇතුලට කොටි එලියට අනේ වාසනාවන්. (ස)

:       0       0

මහින්ද සෞදි Friday, 08 January 2016 03:31 PM

වසරේ හොඳම මාධ්‍ය සංදර්ශනය. (ස)

:       0       0

අනුර Wednesday, 13 January 2016 12:16 PM

මෙයාම දෙයි පස්සේ (බ)

:       0       0

අනුර Friday, 08 January 2016 03:54 PM

ඉතා අගනා සත් ක්‍රියාවක් නමුත් වෙනත් රටවල් සැනසීමට රණ විරුවන් ට මරණ දඬුවම ......? (හේ)

:       0       0

අනුර Friday, 08 January 2016 04:02 PM

මෙහෙමත් වැඩ.(හේ)

:       0       0

අමිත් Saturday, 09 January 2016 06:53 AM

කැලේ මාරු වුණාට කොටින්ගේ පුල්ලි වෙනසස් වෙන්න නෑ.පසු ගිය ඡන්දෙදෙත් දැක්ක නේ (අ)

:       0       0

තිවංක Friday, 08 January 2016 03:56 PM

හමුදාවේ අයත් නිදහස් කළා නම් නේද හොඳ.(හේ)

:       0       0

තරංග Friday, 08 January 2016 04:00 PM

ආදර්ශමත් ක්‍රියාවක්,(හේ)

:       0       0

සාගර Friday, 08 January 2016 04:31 PM

එතකොට නීතියේ ආධිපත්‍යට මොකද වෙන්නේ ජනපතිතුමනි ? (අ)

:       0       0

සමන් දිසානායක Friday, 08 January 2016 04:34 PM

එතකොට අර රට වෙනුවෙන් සටන් වැදිලා පෝරකේට ගිය හමුදා සාමාජික සුනිල්ට සමව දෙන්න බැරිද (අ)

:       0       0

අෆ්රිඩ් Friday, 08 January 2016 04:45 PM

දෙන්න හිතෙනවා නොබෙල් ..... සාම තෑග්ග ...(අ)

:       0       0

අසාද් Saturday, 09 January 2016 07:40 AM

කුමාර්, මහින්දව ගෝඨාව ජනාදිපති කොමිසමට ගෙන්වන්නේ යුද්ධය අවසන්කළා කියලා නෙමෙයි. මහජනතාවගේ සල්ලි හොරකෑවා කියලා. යුද්ධයක් ඉවරකළා කියලා මජනතාවගේ දේවල් හොරාකන්න බැහැ. මුලින්ම මහින්දවාදීන් ඒක දැනගන්න ඕනෑ. (නි)

:       0       0

චන්දික Monday, 11 January 2016 04:10 AM

සමාවදීම හොඳ දෙයක් වුණත් අපිට හිතන්න ගොඩක් දේවල් තිබෙනවා. ඒත් මම ඒවා සඳහන් කිරීමට අකමැතියි (නි)

:       0       0

දුමින්ද Monday, 11 January 2016 04:21 AM

බුද්ධි අංශ නිලධාරීන් ගැනත් කරුණාව පහළවේවා! (නි)

:       0       0

මහින්ද Saturday, 09 January 2016 07:55 AM

හරි ඕකට කවුරුවත් මරාගන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

සංජීව Saturday, 09 January 2016 01:39 AM

මැරීමත් මැරීමට තැත්කිරීමත් එක හා සමාන දඬුවම් ලැබිය යුතු වැරැද්දක්. එවැනි අය විශාල සංඛ්‍යාවක් තව ඉන්නවා (නි)

:       0       0

විජිත් Friday, 08 January 2016 11:41 AM

සමාව දීම නම් දේව ගතියක්.නමුත්....අනේ මන්දා..(කෞ)

:       0       0

වින්සන්ට් Friday, 08 January 2016 05:11 PM

මෛත්‍රිය,කරුණාව වගේම අවශ්‍ය තැනදී දැඩි තීරණ ගැනීමේ හැකියාවත් නායකයෙක් සතුවිය යුතුය. (නි)

:       0       0

නාරද Friday, 08 January 2016 11:44 AM

හැමොටම සමව දුන්නනම් නේද හොද (කෞ)

:       0       0

සුගත් Friday, 08 January 2016 11:48 AM

පැහැදිලි බෞධකම, ජනපතිගෙන් නියම ත්‍රෛීය පෙන්නුම් කරන අවස්තාවක්.

:       0       0

ඉනෝකා Friday, 08 January 2016 05:29 PM

අනේ අපි නම් ඕවට මොකුත් කියන්නේ නැහැ (නි)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 08 January 2016 12:05 PM

අනේ මන්දා.(හේ)

:       0       0

ප්‍රසන්න Friday, 08 January 2016 12:07 PM

නිවැරදි මාර්ගයේ යන අපේ ජනපති ලෝකයටම ආදර්ශයකි.(හේ)

:       0       0

සමන් Friday, 08 January 2016 12:15 PM

මෙවැනි දේ කල හැක්කේ දියුණු මනසකින් යුතු මිසුන්ට පෑමයි. එය බොරු සොභානයන්ට වඩා වටිනවා. මෙය සබැ මෛත්‍රී පාලන කාලයකි.(හේ)

:       0       0

ඉරන්ත Friday, 08 January 2016 05:52 PM

උතුම් ක්‍රියාවක් (නි)

:       0       0

සමන් Saturday, 09 January 2016 01:45 AM

සමාවදීම දේව ගතියක්. නමුත් මේ පුද්ගලයා 2006 සිට වසර 10ක සිර දඬුවමක් විඳලා තියෙන්නේ. ඉතින් කොහොමත් 2016 දී නිදහස් නේද..? (නි)

:       0       0

ටෙනිසන් Friday, 08 January 2016 05:58 PM

මේක ලොකු ආදර්ශයක් (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 08 January 2016 05:55 PM

2016 නෝබල් සාම ත්‍යාගය සමහරවිට අපේ ජනාධිපතිට ලැබෙන්න ඉඩ තිබෙනවා. මුළු ලෝකයම ගරුකරන නායකයෙක් අපේ රටට ලැබීම වාසනාවක්. තෙරුවන් සරණ සහ දෙවි රැකවරණයෙන් අපේ රට පාලනය කිරීමට පිහිට පතමි (නි)

:       0       0

දිසානායක Saturday, 09 January 2016 08:27 AM

ඇත්ත දැනගන්න විට ඔබට බොහෝ දේ නැතිවිය හැකියි. ඔබ නොදන්නා බොහෝ දේ ටෝනි බ්ලෙයාර් මහතා හා නොර්වේ විදේශ ඇමති දැනසිටිනු ඇත. ඔබ තවමත් ප්‍රමාද නැත. (නි)

:       0       0

කමණි‍ Saturday, 09 January 2016 01:57 AM

අනේ මට නම් තේරෙන්නෙ නැහැ මේකෙ ඇති හොඳ. මෙයාට අවුරුදු 10ක සිර දඬුවම නියමවුණේ යුක්තිය පසිඳලන අධිකරණයකින්. එහෙම කෙනෙකුට සමාව ලබාදීම අධිකරණය අභියෝගට ලක්කිරීමක් ලෙසයි මම හිතන හැටියට නම් මට දැනෙන්නේ (නි)

:       0       0

සමන් Saturday, 09 January 2016 08:32 AM

ඉතාමත් ආදර්ශමත් උතුම් ක්‍රියාවක්. මෙවන් දේ හැමෝටම කරන්න පහසු දේවල් නොවෙයි. දියුණු මනසක් ඇති කෙනෙකුටම පමණක් කළහැකි දෙයකි. සිංහල බෞද්ධයෙකු ලෙස ඉතාමත් හොඳ ආදර්ශයක් දී තිබෙන්නේ. මෙයයි බෞද්ධකම. මෙවන් උතුම් ක්‍රියාවක වටිනාකම තේරුම් ගන්න ආගම ධර්මය ඉගෙනගෙන තිබෙන්න ඕනෑ (නි)

:       0       0

සරත් Friday, 08 January 2016 12:25 PM

ජනපතිතුමෙනි, බෝසත් ගුණයක් පෙන්නුම් කල අවස්ථාවක් (කෞ)

:       0       0

කුමාර Friday, 08 January 2016 12:28 PM

එකනම් හොද වැඩක් (කෞ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Friday, 08 January 2016 06:23 PM

එත් මිනීමරුවන්ට දුෂකයන්ට සමාවදීම එච්චර හොඳ ක්‍රියාවක් නෙමෙයි කියලා මම හිතන්නේ. රටක නීතියක් තිබෙන්න ඕනෑ සැමට පොදුවයි. (නි)

:       0       0

සමන් Friday, 08 January 2016 06:23 PM

කොටින්ට සමාව වුණත් රට බේරපු රණවිරුවෝ මරණ දණ්ඩනයට! (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 08 January 2016 12:39 PM

වැරදි කිරීම මිනිස් ගතියකි. ඊට සමාව දීම දේව ගතියකි. වෛරයෙන් වෛරය නොසන්සිදේ.... අපගේ ජනපතිතුමා අද මේවා ප්‍රයෝගිකව පෙන්වාදී ඇත. (ර)

:       0       0

ජයන්ත Saturday, 09 January 2016 08:39 AM

උතුම් ක්‍රියාවක්. ජනාධිපති සමාව දුන්නේ ඔහු මැරීමට ආ පුද්ගලයාටයි. අප තේරුම් ගතයුත්තේ එයයි (නි)

:       0       0

ගයානි Saturday, 09 January 2016 01:57 PM

වැඩේ නම් හොඳයි .හැබැයි රජෝ පරිස්සමින්.(අ)

:       0       0

වෙල්විදානේ Friday, 08 January 2016 12:46 PM

මේකනම් හොද ක්‍රියාවක් නමුත් අනිත් හොරුන්ට රාජ්‍ය දේපල හොර කෑ අයටත් සමාව දුන්නොත් ජනතාව මෙතුමාව පත්කරගත්ත එකට පසුතැවිලි වෙන්න සිදුවෙනවා . (ර)

:       0       0

ඉන්දික Friday, 08 January 2016 07:03 PM

මෙහෙම යනකොට මොනවා වෙයිද මන්දා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 January 2016 07:12 PM

අපි වෙනුවෙන්/රට වෙනුවෙන් සටන්කළ දැන් පෝරකේට නියමවුණ හමුදා බුද්ධි අංශයේ රණවිරුවෙක් ගැන සතිඅන්ත පුවත්පතක විස්තර සහිතවම ලිපියක් පළවෙලා තිබුනා. ඒ රණවිරුවාගේ කුඩා දුව කියනවලු "ඇයි තාන්ති අපිත් එක්ක ගෙදර යන්න එන්නේ නැත්තේ" කියලා? මෙවැනි අයට ජනාධිපති සමාව දෙන්න පුලුවන් නම් (වරදක් කියන්නේ නැහැ) ඒත් අපේ රණවිරුවෙකුට ජනාධිපති සමාව දෙන්න බැරිද? (නි)

:       0       0

කුෂාන් Saturday, 09 January 2016 08:53 AM

ඔය වඳිනා දෑතින්ම ඊළඟ බෝම්බය කාට හෝ ඇටවීමටද ඉඩ ඇත. එමනිසා මෙය හොඳ ක්‍රියාවක් නොවනු ඇත. එහි ප්‍රතිඵල නොබෝ දිනකින් දැකගැනීමට අවස්ථාවක් ලැබීමට ඉඩ ඇත. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 09 January 2016 03:06 AM

වෛරයෙන් වෛරය නොසංසිදේ.(අ)

:       0       0

නීල් Friday, 08 January 2016 12:58 PM

උතුම් ගතිගුණ අගයමු. නහී වේරේන වේරානී . (අ)

:       0       0

හුසේන් Saturday, 09 January 2016 09:06 AM

හොඳ වැඩක්! (නි)

:       0       0

දිලශාන් Friday, 08 January 2016 01:00 PM

විෂඝෝර සර්පයා අත නෑර මෝඩයා කියා කියුමක් තිබේ. (අ)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 08 January 2016 07:09 PM

කොටි සාක්ෂි වලින් අපේ සෙබළු හිරේ දානවා. මෙහෙ කොටි නිදහස් වෙනවා. මිනිස්සු දැන් අතරමංවෙලා ඉන්නේ. (නි)

:       0       0

සුනිල් ගීකියනගෙ Friday, 08 January 2016 01:12 PM

මේක හොද දෙයක්. තමන්ව මරන්නආපුකෙනට සමවැදීම

:       0       0

ගාල්ලගේ Friday, 08 January 2016 01:11 PM

අගය කල යුතු ක්‍රියාවක්. (හේ)

:       0       0

මංගලිකා Friday, 08 January 2016 07:23 PM

එතකොට අපේ සිංහල දේශය නිදහස් කරගත් රණවිරුවන්? (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 09 January 2016 03:33 AM

ජනාධිපති මරන්න ආව අයට විතරද සමව දෙන්නෙ? (අ)

:       0       0

සිරිමල් Friday, 08 January 2016 01:19 PM

රටටම ආදර්ශයක්.(හේ)

:       0       0

ජෝන් Friday, 08 January 2016 01:22 PM

මෙහෙම සමාව දුන්නොත් හොදට හිටියි.(හේ)

:       0       0

චමින්ද Friday, 08 January 2016 07:44 PM

අර දිගුදුර විහිදුම් බළකායේ සෙබළාට කෝ සමාවක්? (නි)

:       0       0

අසෝක Saturday, 09 January 2016 03:37 AM

මිනීමරුවන්ට සමාව දුන්නත් හොරුන්ට නම් සමාව දෙන්න එපා (නි)

:       0       0

ඇන්ටනී Friday, 08 January 2016 01:24 PM

සියලුම සිර කරුවන් නිදහස් කර,ඉල්ලන ඉල්ලන හැමදේම දීලා,අපි නියම සිංහලයෝ කියලා මුළු ලෝකෙටම පෙන්වමු.අහිංසක දෙමළ ජනයාට සුවයන් පාලනය සහ කැමති කැමති තැනකින් වෙන්කර ගන්න නීති හදලා දුන්නම ගොඩක් සතුටින් හැමෝටම ඉන්න පිළිවනි.(හේ)

:       0       0

ලලිත් Friday, 08 January 2016 08:11 PM

මට නම් හිතාගන්න බැහැ මොනවා කියන්නද කියලා (නි)

:       0       0

මහානාම Friday, 08 January 2016 01:20 PM

ඔන්න ඔහේ අර හොරකන් කරා කියපු අයටත් සමාව දීලා හිටියනම් .(හේ)

:       0       0

ස්මිත් Saturday, 09 January 2016 03:44 AM

අනේ අපේ සොල්දාදුවෝ! (නි)

:       0       0

උදය Saturday, 09 January 2016 03:42 AM

ම‍ට නම් මොකුත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

සිතිජ Saturday, 09 January 2016 03:42 AM

මොන උතුම්ද? මෝඩ සිංහලයාට පක්ෂ පාට නිසා ඇස් අන්ධවෙලා (නි)

:       0       0

නිල්මිණි Saturday, 09 January 2016 03:53 AM

මම නම් කියන්නේ මේක අපේ ජාතියටම අවමානයක්. යුද සෙබළු හිරේ දාලා කොටියව එළියට දානවා (නි)

:       0       0

විදුරංග විතානගේ Friday, 08 January 2016 01:29 PM

දැන් ඊලග මැතිවරණයෙන් ඉහලම ජයක් ලබන්න පුළුවන් ඔයාට! ඡන්දය ඉල්ලන්න ලැහැස්ති වෙන්න!(අ)

:       0       0

ඉලංගරත්න Saturday, 09 January 2016 09:27 AM

සමාවදීම උතුම් දෙයක් (නි)

:       0       0

අජන්ත Friday, 08 January 2016 08:38 PM

මේවායේ පළවිපාක කෙසේවේද? (නි)

:       0       0

ක්‍රිස්ටි Friday, 08 January 2016 08:45 PM

සමාවදීම අගය කරනවා. ඒත් එතකොට අපේ රණවිරුවෝ? (නි)

:       0       0

යසිරු Friday, 08 January 2016 08:56 PM

මෙයයි යහපාලනය! (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Friday, 08 January 2016 01:45 PM

"'සුවපත්වේවා,මෙත් සිතින් සමාවදීමම දේවගතිය ,පෙන්නුම් කරනවා සැවොම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා,සුවපත් වෙත්මා."(හේ)

:       0       0

දීපාල් Friday, 08 January 2016 01:39 PM

සමව දීම මානුෂික ක්‍රියාවක්, ඒත් මේ අවස්ථාවේ මේක නොකළ යුතු දෙයක්, කිසිසේත් ආදර්ශයට ගත යුතු දෙයක් නොවෙයි.(හේ)

:       0       0

ලක්විදු Friday, 08 January 2016 01:39 PM

ඊළඟට කාට සමාව ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.(හේ)

:       0       0

සුජිත් Saturday, 09 January 2016 04:16 AM

කළාට එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි මහත්තයෝ. ඔහොම සමාව දෙනවා නම් තව ගොඩක් අය ඉන්නවා සමාවදෙන්න. (නි)

:       0       0

සුජිත් Saturday, 09 January 2016 04:23 AM

අපේ රටේ ගොඩක් රට කරවන දේශපාලකතුමාලට තිබෙන දෙයක් තමයි බලේට අවම මොළය නැති එකයි, මොළය තිබෙනකොට බලය නැතිකමයි. ආණ්ඩුවේ ඉන්නකම් කරන හැමදේම හරි. විපක්ෂයේ ඉන්නකම් ආණ්ඩුව කරන දේවල් වැරදියි. හැමවෙලාවෙම ජනතාව වෙනුවෙන් කතාත් කරනවා. (නි)

:       0       0

සෑම් Friday, 08 January 2016 09:40 PM

බැරිවෙලාවත් මේ පුද්ගලයා නඩුවෙන් නිදහස් වුණා නම් රිමාන්ඩ් සිටි කාලසීමාව ආපසු ලබා දෙනවාද? ලංකාවේ නීතිය කියන එක පොතේ තිබුනාට ක්‍රියාත්මකවීම කැකිල්ලේ ක්‍රමයට කියලයි අපිට නම් හිතෙන්නේ (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 08 January 2016 01:53 PM

අනේ පව් අහිංසකයා. (ර)

:       0       0

රංජිත් Saturday, 09 January 2016 04:41 AM

ජේ.ආර් ජයවර්ධන මහත්තයත් එක සැරයක් සමාව දීලා කරගත් හරිය මතකද? (නි)

:       0       0

නිරංජන් Saturday, 09 January 2016 04:42 AM

වසර දහය ඉවර නම් මොකටද ජනපති සමාවක්? ඔහුගේ සිරදඬුවම 2006 සිට 2016 දක්වා කර අවසන් වී තිබෙනවා. (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Friday, 08 January 2016 01:56 PM

මට මතක් උනේ හිටපු 2වැනි ජුවාම් පාවුළු පාප්තුමාව. පාප්තුමාට වෙඩිවැදී රෝහල් ගතවී සුවය ලබා පළමුව ගියේ සිරමෙදිරියට වෙඩි තැබු මිනිසට සමාව දිමට. එයින් ඔහු හොද මිනිසෙකු වී දැන් ලොකු සේවයක් කරයි. ලංකා ඉතිහාසයේ පළමු වරට ජනපති කෙනෙක් මෙවෙනි කෙනෙකුට සමාව දිම යනු, මුළු ඉතිහසයම වෙනස් කර රට හරිමගට ගෙන හදන්නට යන පෙර නිමිත්තක්වද්ද. ? (ර)

:       0       0

අනුරාධ Saturday, 09 January 2016 03:44 PM

"අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ - අයියා මල්ලී වාගේ අයියා මල්ලී........." (නි)

:       0       0

රූපසිංහ Friday, 08 January 2016 10:10 PM

නියමයි. නොබෙල් සාම තෑග්ග මෙතුමාට ලැබෙයි. (නි)

:       0       0

සුරන් Saturday, 09 January 2016 04:55 AM

මට නම් හිතෙන්නේ සමාවදීම පිළිබඳ මෙතන වැරැද්දක් තිබෙනවා. මෙම පුද්ගලයා මරන්න ආවේ එවෙලේ ඇමතිධූරය දරන පුද්ගලයාව. අනෙක එසේ ආවේ පෞද්ගලික තරහකට නොව ත්‍රස්තවාදී අරමුණු ඉටුකරගන්නයි. පුද්ගලික තරහකට ආවා නම් සමාව දුන්නාට කමක් නැහැ. (නි)

:       0       0

ඩොනල්ඩ් Friday, 08 January 2016 10:12 PM

මේවා හැමෝටම කරන්න බැරි විශිෂ්ට වැඩ... (නි)

:       0       0

සත්‍යපාල Friday, 08 January 2016 10:26 PM

සමාව දීලා ඔලුවත් අතගානකොට අනිත් රටවල් හිතන්න බැරි නැද්ද කොටි අපිට හොඳ නම්, මොකටද අපේ රටේ කොටි තහනම් කරන්නේ කියල‍ා. නැවත විදේශ වලදී වේගයෙන් කොටි ශක්තිමත් වෙන දිනය වැඩි ඈතක නොවනු ඇත. අපිත් පුදුම රටක ඉපදුන මිනිස්සු! (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Monday, 11 January 2016 07:29 AM

සමන්, රොහාන්, රණසිංහ බුදුහාමුදුරුවො නම් කෙලේ, බුදුහාමුදුරුවො මරන්නට ආපු අය පැවිදි කෙරෙව්වා. (කෞ)

:       0       0

උමේශ් Friday, 08 January 2016 10:23 PM

මට නම් අදහාගන්නත් බැරිවුණා (නි)

:       0       0

මාලික Saturday, 09 January 2016 05:06 AM

විශිෂ්ටයි! (නි)

:       0       0

මහේෂ් Saturday, 09 January 2016 05:07 AM

ඔය වගේම හමුදා බුද්ධි අංශ විරුවන්ට සමාව දුන්නා නම් මොකද? (නි)

:       0       0

ගිහාන් Saturday, 09 January 2016 05:15 AM

ඉහළින්ම අගය කරනවා (නි)

:       0       0

සිරිමෙවන් Saturday, 09 January 2016 05:18 AM

මිනිහෙක් යහමඟට ගන්න උදව් කිරීමයි උතුම් (නි)

:       0       0

මනෝජ් Friday, 08 January 2016 11:44 PM

මේ වගේ දෙයක් මම ඇහුවේ ජීවිතයේ පළවෙනි වතාවට (නි)

:       0       0

දුමින්ද Friday, 08 January 2016 11:43 PM

නීතියේ ආධිපත්‍යය ගැන කතාකරන අය, ඉස්සර මිනීමරලා හිරේට ගිය ඇමති බිරින්දෑවරු, ස්ත්‍රී දුෂකයෝ, නීතියට අපහාස කළ අය නිදහස් කරනකොට ඒවා දැක්කේ නැද්ද? (නි)

:       0       0

රූපා Saturday, 09 January 2016 05:31 AM

මුලාවී තමාව මරන්නට හිතපු කොටි සංවිධානේ මනුස්සයට සමාවදීම උතුම්. එහෙත් මේ සිද්ධියේදී සතුටු වන අය බොහෝදෙනෙක් කොටියාගෙන් අපිව බේරාගත් රණවිරුවන් අතින් වුණා කියන සහ යුද්ධයට දේශපාලන නායකත්වය දුන් හිටපු ජනපතිගෙන් සිදුවී ඇතැයි කියන තාමත් ඔප්පු නොකළ වැරදි වලටත් ඔවුන්ට දඬුවම් නොදෙන්නේ ඇයිද කියා අසන එක පුදුමයි. (නි)

:       0       0

නඳුන් Saturday, 09 January 2016 12:02 AM

ඇත්තටම උතුම් මිනිසෙක්! (නි)

:       0       0

කැප්පෙටිපොළ Saturday, 09 January 2016 12:25 AM

එසේම රට ජාතිය රැකගත් රණවිරුවන්ද වහා නිදහස් කළයුතු නොවේද? (නි)

:       0       0

විමලරත්න Saturday, 09 January 2016 12:46 AM

මෙතුමාගේ මේ ගතිගුණ ලොවටම ආදර්ශයක් (නි)

:       0       0

දසුන් Saturday, 09 January 2016 12:56 AM

අනේ මන්දා මොනවා වෙයිද කියලා මෙහෙම යනකොට? (නි)

:       0       0

අජන්ත Saturday, 09 January 2016 09:53 AM

අපි දැන් වන්දි ගෙවා අවසන්. අනාගත පරපුරටවත් ජීවත්වීමට ඉඩ දියයුතුයි (නි)

:       0       0

සොපි Saturday, 09 January 2016 05:45 AM

කොසොල් රජ දැක තිබෙන්නේ දවල් හීන නොවන බව දැන්වත් ලාංකිකයෝ තේරුම් ගතයුතුයි නේද? (නි)

:       0       0

අශාන් Saturday, 09 January 2016 12:57 AM

කවුරුන් වුණත් වැරැද්දක් කර ඇත්නම් දඬුවම් විඳිය යුතුබව පිළිගත යුතුයි. (නි)

:       0       0

මුතු-කටුනායක Saturday, 09 January 2016 01:10 AM

මේ ගැන අපි නරක විදියට බලන්න හොඳ නැහැ. සමාව දීම ජාතින් අතර හොඳ ගතියක්. එයාලා නරකට ආවොත් අපේ ආරක්ෂක අංශ සීරුවෙන් (නි)

:       0       0

ලාල් Friday, 08 January 2016 02:10 PM

මෙවැනි උතුම් රාජ්‍යනායකයෙකුගේ හදතුල පවතින මෛත්‍රිය මන්ද බුද්ධිකයන්ට හිතාගන්නවත් බැරුව ඇති. රටේ වසනාවටම පහළඋන උතුම් මනුෂ්‍යයෙක්. මුළු ලොවටම ආදර්ශයක්. (ර)

:       0       0

ගිහාන් Sunday, 10 January 2016 06:36 AM

සමාවදීම උතුම් දෙයක්. නමුත් දමිළ ආණ්ඩුවකින් සිංහලයාට මෙම සාධාරණත්වය ඉටුවෙයිද? (නි)

:       0       0

කෝසල Saturday, 09 January 2016 05:21 PM

උතුම් කටයුත්තක් (නි)

:       0       0

සුමිත් Saturday, 09 January 2016 05:57 AM

සියලුම දේ සිදුවන්නේ, නොසිතූ ලෙසයි. පිටසක්වල බලපෑමක්වද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3202 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2327 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3176 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3061 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1354 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site