IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


”මොරින් චාරුනී, ජයනි සේනානායකගේ දුව වැඩකාරකමට අරන්”

   stock-photo-nature-photo-with-film-strip-isolated-on-white-background-130386716

asdgff

 

 

”නංගි, ඔයා පාඩම් කර කර නේද හිටියේ. යන්න ගිහින් පාඩම් කරන්න.”
අයියගෙ විධානය
ඒ වුණත් සුදාරා අතේ තිබුණු ඉදල අයියට දුන්නෙ නෑ.


”මං අතුගාලා ඉවර කරල පාඩම් කරන්නම් අයියෙ. තව වෙලාව තියෙනවනෙ.”
‘‘කමක් නෑ, ඔය ඉදල මට දෙන්න, දීලා ඔයා යන්න.”


අයිය බලෙන්ම වගේ සුදාරා අතින් ඉදල උදුරගත්තා. මිදුලේ පොල්අතු රටා මවන්න බැරි වුණත් මේ පුංචි අයියා මිදුලෙ වැටිලා තිබුණු කොළ රොඩු එකතු කරන්න පටන්ගත්තා. 


ඒත් මේ සිද්ධිය දැක්ක නංගී, එයා ගිහින් අම්මට කේලම කිව්වා.
”අම්මේ අන්න සුදාරා අයියට අතුගාන්න කියලා ගෙට ගියා.”
”මොනවා”
අයිරා මිදුලට දිව්වෙ යකා නැගලා.
”ඔයා මොකද කරන්නෙ.”
අයිරා ඇහුවෙ පුතාගෙන්.
”මම ද? මම මේ මිදුල අතුගානවා.”
කවුද පුතාට මිදුල අතුගාන්න කිව්වේ. මං කිව්වෙ සුදාරටනෙ”
”නංගිට පාඩම් කරන්න තියෙනවනෙ අම්මෙ. ඒ නිසා මම අතුගාන්නම්”
”සුදාරා”
අයිරා මහ හයියෙන් කෑ ගහනවා.
සුදාරා මිදුලට ආවෙ වෙව්ල වෙව්ලා.


”මං උඹට නේද මිදුල අතුගාන්න කිව්වෙ. අයියට ඉදල දීලා උඹ හීන් සීරුවේ ගෙට රිංගගත්තාම හරිද?”  ඕකට තමයි කියන්නෙ බල්ලගෙ වැඬේ බූරුව බාරගත්තා කියලා. ගනින් ඉදල...... අතුගාපන් මිදුල ලස්සනට. පොල්අතු රටාව හිටින්න.”
අයිරා කෑගැහුවාම සුදාරා හොඳටම බය වුණා.


හරි නම් ළමයින්ගෙන් වැඩගන්න එකට අයිරාට දඬුවම් දෙන්න  ඕනේ. ඒත් එහෙම දෙයක් නොවුනෙ අජිත් ප‍්‍රසන්න ජයවර්ධන පැත්තක ඉඳලා කට් කට් කියලා කෑගහපු හින්දා.


ඊට පස්සෙ සුදාරාව බදාගත්ත අයිරා, ”ඔයා හරි හොඳට කළා පුතේ” කියලා සුදාරාව සිපගත්තා.
”තෑන්ක් යූ ආන්ටි.”  සුදාරා කීවේ හරිම හුරතලේකින්.


ඒත් මේ අයිරා හිටපුගමන් නපුරු වෙනවා. සුදාරාට ඉන්න දීලා තියෙන්නෙ ගබඩා කාමරේ. ලට්ට ලොට්ට ගොඩගහපු මේ කාමරේට එලපු පැදුරු කඩමල්ලක තමයි සුදාරා නිදාගන්නෙ. ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා පාඩම් කරන්න හදනකොටම අයිරා කාමරේට එබෙනවා.
”ලයිට් බිල් ගෙවන්නෙ පොලිසියෙන් ද, නිදාගන්නවා පව් නොදී.”


එහෙම කියලා ගබඩා කාමරේ ලයිට් නිවලා දානවා.
අයිරා කියන්නෙ සුදාරගෙ නැන්දා. ඒත් මේ නැන්දා හරිම නපුරුයි. මාමා චුට්ටක් හරි කරුණාවයි. ඒත් නැන්දා යක්ෂණී.”
”අපි ඊළඟ සීන් එකට යමුද?” අජිත් ඇහුවා.


එතකොටම මෙච්චර වෙලා අයිරාට හුරතල් වෙවී හිටපු සුදාරා මූණ නාලූ කරගත්තා. අයිරා නපුරු වුණා.
මේ දේවල් සිද්ධ වෙන්නෙ දොම්පෙ පැත්තෙ ගෙදරක.


අයිරා කිව්වට මේ ලස්සන ගැහැනිය මොරින් චාරුනී වගෙයි මට නම් පෙනුණෙ. සුදාරාගේ ඇත්ත නම ගීත් නෙත්මිණිලූ.
මේ තමයි සියපත් අරණ ටෙලි නාට්‍යයේ දර්ශන තලය.


මොරින් චාරුනී, ගාමිණී හෙට්ටිආරච්චි, ජයනි සේනානායක, ප‍්‍රසන්නජිත් අබේසූරිය, තිසුරි සුවනිකා, නිරෝෂන් විජේසිංහ ප‍්‍රධාන චරිත නිරූපණය කරන සියපත් අරනෙන් කතා කරන්නෙ මඬේ හැදිලා මඩෙන් මතුවෙලා පිපෙන නෙලූමක් වගේ දිරිය ගැහැනියකගෙ කතාවක්.


මේ දිරිය ගැහැනියගෙ නම වයලට්. ඇගේ සැමියා ගුණසිරි, ඔහු පවුල ජීවත් කරවන්නෙ කරත්ත රස්සාවෙන් සහ වැවේ මාලූ ඇල්ලීමෙන්. 
සුදාරා කියන්නෙ මෙන්න මේ වයලට්ගෙ දුව. ඇයට උගන්නගන්න  ඕනෙ නිසයි වයලට් දරුවව මාමට බාරදෙන්නෙ. ඒත් නැන්දා අයිරා මේ කෙල්ලගෙන් වැඩකාරකම් කරගත්තා මිස කරපු ඉගැන්නිල්ලක් නම් නැහැ.


දවසක් දා වැවේ මාලූ අල්ලන් එනකොට ගුණසිරිට අලියා ගහනවා. ඊට පස්සෙ වයලට්ට සිද්ධ වුණේ කරත්ත රස්සාවයි ධීවර රස්සාවයි දෙකම කරන්න.
කොහෙද මේ දර්ශන රූගත කරන්නෙ? මම අජිත්ගෙන් ඇහුවා.


ගල්ගමුවෙ සියඹලන්ගමුව වැවේ තමයි ජයනි මාලූ අල්ලන්නෙ. කරත්ත දක්කන්නත් ජයනි එක දවසෙන්ම පුරුදු වුණා.
අජිත් ජයවර්ධන මීට කලින් රතු රෝස, බිඳුණු සිත් ඇතුලූ ටෙලිනාට්‍ය ගණනාවක්ම පුංචි තිරයට ගෙනාපු පළපුරුදු අධ්‍යක්ෂවරයෙක්. ඔහුගෙ මේ සියපත් අරණ ළඟදීම අයි.ටී.එන්. නාලිකාවෙන් විකාශය වෙනවාලූ.


m



අදහස් (0)

”මොරින් චාරුනී, ජයනි සේනානායකගේ දුව වැඩකාරකමට අරන්”

උදය ශාන්ත Sunday, 21 December 2014 03:16 AM

තවත් මෙගා නාටකයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 550 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 429 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 526 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 714 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1008 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site