(නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක )
බම්බලපිටිය දුම්රියපොල ආසන්නයේ ඇති අබලන් වූ මගී ගුවන්පාලම ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව පොලීසිය පවසයි.
එම මගී ගුවන් පාළම අබලන් ව අවදානම් තත්ත්වයක පවතින බැවින් එය කඩා ඉවත් කිරීමේ කටයුතු අද (5) දිනයේ ආරම්භ කිරීම හේතුවෙන් මෙම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා ලැබීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි.
මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දක්වා පැමිණෙන වාහන බම්බලපිටිය දුම්රියපළ පාර ඔස්සේ ගාලු පාර වෙත ගමන් කර ගාලුපාර ඔස්සේ කොල්ලූපිටිය දක්වා ගමන් කළ හැක.
කොල්ලුපිටිය සිට මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දක්වා ගමන් කරන වාහන ග්ලේන් ආබර් පෙදෙසට හැරී ගාලු පාරට පැමිණ ඩුප්ලිකේෂන් පාර ඔස්සේ වැල්ලවත්ත දක්වා ගමන් කළ හැක.
වසා තබන ප්‍රදේශය හැරුණු විට මුහුදුබඩ මාර්ගයේ අනෙකුත් ප්‍රදේශවල දෙපසටම වාහන ගමන් කිරීමේ හැකියාව ඇති බවත් පොලීසිය තවදුරටත් පවසයි.
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තැබෙයි