IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මාරයා ගෙදර බිත්තියේ

දූවිල්ල සමඟ මුසුවන ඊයම්  ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් බව පර්යේෂණ මගින්  හෙළි කැරගත් බව  ජාතික විෂ තොරතුරු  මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය.

විෂ සහිත ඊයම්  ඇතැම් තීන්ත වර්ගවල ඇති බවත්  තීන්ත ලීටරයක තිබිය යුතු අනුමත ඊයම් ප්‍රමාණය මිලි ග්‍රෑම් 90 දක්වා අඩු කිරීම ඒ සඳහා වන නීතීය තදින් ක්‍රියාත්ම කිරීම මේ තත්ත්වය හුවේ අනිවාර්යෙන්ම සිදු විය යුතු බව වෛද්‍ය ගුණතිලක මහතා සඳහන් කළේය.

ඊයම් රහිත තීන්ත නිපද වීමට නිෂ්පාදකයින් දැනුම්වත් කළ යුතු බවත් හෙතෙම කීවේය.

‘එළිමහනේ නිතරම ගැවසෙන දරුවන්ට විශේෂයෙන්ම වයස අවුරුද්දේ සිට අවුරුදු හය දක්වා දරුවන්ට ආශ්වාසය මගින් ඊයම් ශරීර ගත වෙයි.එසේ ශරීරගත වන ප්‍රමාණය  මයික්‍රෝ ග්‍රෑම් 100ක් පමණ වෙයි.

‘‘ දරුවන්ගේ මධ්‍ය ස්නායු පද්දතියට එනම් මොළය, වකුගඩු, රුධිර සංසරණ පද්ධතියට සංකීර්ණතා ඇති කිරීමට ඊයම් ප්‍රබල හේතුවක් තිබෙන බව පර්යේෂණ මඟින් හෙළදරව් කරගෙන ඇතැයිද වෛද්‍ය ගුණතිලක කිවේය.

එම නිසා ගැබිණි මව්වරුන්, දරුවන් නිවෙස්වල සිටියදී එම නිවස අලුත්වැඩියා නොකළ යුතුය. ඊට අමතරව දූවිලි රැදෙන ස්ථාන ඇහැට පමණක් ප්‍රමාණවත් නැත. වතුරෙන් පිරිසිදු කළ යුතුය. නිවසේ හෝ ගොඩනැගිලිවල ජනෙල්, උළුවහු ජලයෙන් සේදීය යුතුය. කාන්තාවක් ගැබ් ගත් විට ගෙවල් හැදීම නරක යැයි පුරාණයේ සිට පවතින පුරුද්දක් ඇති බව මේ අතර පැරැන්නන් කියයි.

පැරණි තීන්ත ඉවත් කිරීමේදී මතුපිට දූවිල රැදෙන ලෙස සූරා දැමීම වෙනුවට ජලයෙන් තෙත්කර ඉවත් කර එම තීන්ත පතුරු නිසි ලෙස බැහැර කළ යුතු බවද වෛද්‍යවරයා පැවැසීය.

ඊයම් ශරීරගත වූ විට මේදය අඩු කැල්සියම්, විටමින් සී, යකඩ අඩංගු ආහාර බහුලව ගැනීමෙන් ඊයම් ශරීරයට අවශෝෂණය වීම අඩුකර ගත හැකි බවද හේ කීවේය.

‘‘පොදු ස්ථානවල සහ නිවසේ ඊයම් රහිත තීන්ත ආලේපන කිරීමට පියවර ගත යුතු අතර ඊයම් රහිත තීන්ත නිපදවීමට හා භාවිතයට දැනුම්වත් කිරීම් සිදු කළ යුතුය.

 

 

 



අදහස් (0)

මාරයා ගෙදර බිත්තියේ

වරුණ Tuesday, 25 November 2014 01:53 AM

දැන් මේ තත්ත්වය රටපුරාම පිළිලයක් වගේ පැතිරිලා අවසානයි (නි)

:       0       0

තිලක් Monday, 24 November 2014 10:04 AM

ඒ පුරාන කාලේ බිත්ති වල ඊයම් සහිත තීන්ත ගෑවේ නෑනේ. මැටි හුණු වගේ ස්වාභාවික දේවල් ආලේප කලේ. කොහොම නමුත් ඊයම් විෂයි කුඩා ළමයින්ට දෙන සෙල්ලම් බඩු වලත් තිබිය හැකියි.මේවා ගැනත් පර්යේෂණ කරන්න. (හේ)

:       0       0

හේමන්ත විතානගේ Tuesday, 02 December 2014 10:21 AM

මෙම පරීක්ෂණය සිදු කලේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්. ඒ බව සටහනක් තියන්න (දිල්)

:       0       0

සතළුපාල Monday, 24 November 2014 07:07 PM

මේවා ගැන ලෝකයේ අනිත් රටවල් දැනුවත් වෙලා බොහෝ කල්. අවාසනාවට අපේ රටේ ගොඩක් මාද්‍ය වලට මේවා ප්‍රශ්න නොවෙයි. ඔවුන් කරන්නේ උදේ සිට රෑ වෙනතුරු කොට්ට උරයක් මහන විදිහ, මනාලියක් අන්දන විදිහ, කොහේ හරි පහත් පෙලේ දේශපාලුවෙකුගේ ගොන්පාර්ට් විකාශනය කිරීමයි. මේ කුණු විකුනන්නේ නැතිව නිතර නිතර හදිසි රෝගියකු සදහා ප්‍රථමාධාර දෙන විදිහ,වාහනයක පොඩි කොටසක් තමන්ම අලුත්වැඩියා කරන විදිහ,නිවසක් ඉදිකරනවිට නිවැරදිව බදාම ටිකක්, කොන්ක්‍රීට් අනන විදිහ වගේ දේවල් නිතර පෙන්වනවා නම් ඒක එදිනෙදා ජීවිතයට ප්‍රයෝජන වත් වේවි නේද? (නදී)

:       0       0

චුලා ඒකනායක Tuesday, 25 November 2014 05:18 AM

අනේ සතළුපාල ටී.වී චැනල් 10 ම උදේට උයනවා නැතිනම් මහනවා. ඔබේ කතාව සම්පූර්ණ සත්‍ය. (නදී)

:       0       0

දිලිප් Monday, 24 November 2014 08:06 AM

ඔය කියන විදියටම කරාවී (අ)

:       0       0

ලොකුගේ Monday, 24 November 2014 01:08 PM

අවුරුදු 40-50ක් තිස්සේ වෙන හැම රටක්ම දැනගෙන හිටපු, අනෙක් රටවල් වල පොඩි ළමයින් පවා දන්නා දෙයක් "අලුත් හොයාගනීමක්" උනේ කොහොමද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 124 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 153 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 223 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 204 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 215 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 148 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site