IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මර්වින්ගෙන් නීතිඥ සහය නොමිලේ

වැලිවේරිය නැදුන්ගමුව රතුපස්වල ඇතුළු  ගම්මාන දහයක පමණ ළිං වතුරෙහි අම්ල ගතිය අඩුවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගේ චෝදනවට ලක්ව ඇති  කර්මාන්ත ශාලාවට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා නීතිඥ සහය තමන් විසින් ලබා දෙන බව අද දහවල් ගම්පහ අධිකරණ භූමියට පැමිණි  මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවේය.

 මර්වින් සිල්වා මහතා ඊයේ පෙරවරුවේ අදලා කර්මාන්ත ශාලාව වෙත පැමිණ එහි පාලානාධිකාරිය  සම සාකච්ඡා කොට අද පෙරවරු දහය වනතෙක්  කර්මාන්ත ශාලාව වසා දැමූ අතර එහි  සේවකයින් ඉවත්  කරමින් ගම්වැසියන්ට පොරොන්දු වූයේ ජලයේ  පී.එච් අගය අඩුවීමට හේතුව කර්මාන්ත ශාලාවදැයි යන්න සෙවීම  සඳහා කරන පරීක්ෂන වාර්ථා එනතුරු කර්මාන්තශාලාව වසා දැමීමේ අධිකරණ නියෝගකට  යාමට  ජනතාව සමග  තමාද   අධිකරණයට යාමට  පැමිණෙන බවය.

පොරොන්දු වූ පරදි  මර්වින් සිල්වා මහතා අද   ගම්පහ අධිකරණ භූමියට පැමිණියේය.  

‘එහිදී  මර්වින් සිල්වා මහතා පැවසූවේ  පෙරේදා තමන් විසින් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා  ජනතාවගෙන් උද්ඝෝෂනය නතර කරන ලෙස ඉල්ලා සිටි මුත්  ජනතාව ඒ සඳහා එකගතාවය  නොදැක්වීම පිළිබඳව කනගාටු වන බවත් කෙසේ වුවත් තමන් රජය පැත්තේ නොව ඉදිරියටත්  මෙම ප‍්‍රශ්නයේදී  ජනතාව සමග සිටින බවය.

එහිදී ගම්වැසියන්ගේ සහයට පැමිණ සිටින මුල සිටම උද්ඝෝෂකයන්ට  සහය දැක්වූ එම ප‍්‍රදේශයේම වැසියෙකු වූ නිතිඥ පාලිත සේනාරත්න මහතා මර්වින් සිල්වා මහතාට කරුණු පැහැදිලි කර දෙමින් කියා සිටියේ  ගම්වැසියන්  මර්වින් සිල්වා මහතාගේ ඉල්ලීමට පිටු පෑවේ අන් කිසි හේතුවක් නිසා නොව මෙතෙක්  මේ ප‍්‍රශ්ණයට විසදුමක් දීමට සාකච්ඡුා  කොතෙක් පැවත්වුවද මේ වෙන තෙක් පිළිගත හැකි විසදුමක් ඉදිරිපත්  කර  නොමැති බැවින් සහ මර්වින් සිල්වා මහතා හැරුනු කොට ප‍්‍රදේශයේ කිසිම ඉහළ පෙළේ  දේශපාලඤයෙක් ගම්වැසියන්ගේ දුක දැකීමට පැමිණ නැති බැවින් බවත් කීවේය.

 එසේම අදාල කර්මාන්ත ශාලාව  පරිසරයට කර ඇති විනාශය පිලිබඳව කරුණු පැහැදිලි කළ පාලිත සේනාරත්න මහතා විවධ  රසායානික අපද්‍රව්‍ය අවට ගල්වල වල් වලට සහ අවට ඉඩම් වල පුරවා පස්ගොඩවල් සේ ගොඩ ගසා දමා ඇති අන්දම පැහැදිලි කර දුන්නේය.

කෙසේ වෙතත් අවසානයේ  මර්වින් සිල්වා මහතා පැවසුවේ මෙම ජල සටන ඉදිරියට ගෙනයාමට තමන්ගේ පූර්න සහයෝගය ලබා දෙන බවත්  ජ්‍යෙෂ්ඨ  නීතිඥ මහතුන් සමග සාකච්ඡා  කොට  කර්මාන්ත ශාලාවට  එරෙහිව  නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තීරණයකට පැමිණෙන බවයි.

ඒ සඳහා මුදල්ද වියදම් කරන බවත් පැවසූ අමාත්‍යවරයා ජනාධිපකි නීතිඥයින් පවා අල්ලන බව කීය.

කෙසේ වෙතත්  ස්ථිර විසදුමක් ලැබෙන තෙක් දිගටම උද්ඝෝෂණය කරන බව ගම්වැසියෝ කියති.

 

 



අදහස් (0)

මර්වින්ගෙන් නීතිඥ සහය නොමිලේ

මහින්ද Wednesday, 31 July 2013 06:48 PM

නොරැවටෙනු ! ජනතාවනි , වැලිවේරිය (අ)

:       0       0

ද සිල්වා Thursday, 01 August 2013 04:23 AM

පරිසර අධිකාරිය , පරිසර ඇමතිතුමා මොකද නිහඬ? මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න බැරිනම් පරිසර ඇමති ඉල්ලා අස්වෙලා මර්වින්ට පරිසර ඇමතිකම දෙමුද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 31 July 2013 07:09 PM

හොඳ එකෙක් හොඳ පපුවක් (අ)

:       0       0

කමල් Wednesday, 31 July 2013 07:14 PM

අනේ අපේ දෙවියා කැළණියට ආයෙත් පත් කරන්න කියලා අපි උද්ඝෝෂණයක් මෙතුමාගේ අනුග්‍රහයින් පවත්වමුද?(අ)

:       0       0

අතුල Wednesday, 31 July 2013 07:12 PM

මේ පළාත්වල අහිංසක ජනතාව පත්වෙලා තියෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කිසිවෙක් ඉදිරිපත් නොවෙන්නේ අදාල සමාගමෙන් සන්තෝෂම් ලැබිලද? ඡන්ද කාලෙදී අරවා දෙනවා කිය කියා යන දේශපාලකයන් කෝ දැන් මේ මිනිසුන්ගේ පමණක් නොවේ අනාගත පරම්පරාව වෙනුවෙන් කරන මේ සටනට සහයක් නොදෙන්නේ. මේ වන තෙක් කිසිම පක්ෂයක නියෝජිතයෙක් ඇව්ල්ලා නෑ නේද මර්වින් සිල්වා මහත්තයා ඇරෙන්න. ඇයි මේ මිනිසුන්ට සාධාරණයක් කරන්නේ නැත්තේ. (අ)

:       0       0

වාසනා Thursday, 01 August 2013 11:37 AM

ජජනතාවනි ,නොරැවටෙන්න (නි)

:       0       0

පහන් Wednesday, 31 July 2013 07:23 PM

වැලිවේරිය රවට්ටන්න්න ටිකක් අමාරුයි .(අ)

:       0       0

පුෂ්පා Thursday, 01 August 2013 06:29 AM

මේක හරිම හතර බීරි කතාවක්නෙ. මේ සම්බන්ධව වැඩ කරන්න වෙනමම ඇමති කෙනෙක් ඉන්නවා නේද? (නි)

:       0       0

අමල් Thursday, 01 August 2013 11:53 AM

මෙතුමා හොද වැඩත් කරනවා

:       0       0

සුනෙත් Wednesday, 31 July 2013 07:33 PM

රටේ කොච්චර සුදනෝ හිටියත් මෙතුමා විතර නේ මිනිසුන්ගේ මේ ප්‍රස්සනේ ගැන බලනේ. (අ)

:       0       0

සමන් Thursday, 01 August 2013 06:42 AM

මොනවා වුණත් මෙතුමා වැඩේට බැස්සොත් මොනවා හරි වෙනවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 01 August 2013 06:41 AM

අර පරීක්ෂණය කරද්දී අපේ සියළුම ශක්තිය යොදා ආරක්ෂාව සපයා වැඩකරන්න වෙයි. දන්නවානේ සමාගම් වල ක්‍රමය. (නි)

:       0       0

වාස Wednesday, 31 July 2013 07:37 PM

මෙතුමාගේ සහය ජනතවට ඕනද.? කරුණාකර මේ වගේ දේශපාලකින්ට අහුවෙන්ද නම් (අ)

:       0       0

සැම් Wednesday, 31 July 2013 07:37 PM

මේ බයිලා වලට රැවටෙන්ඩ එපා. (අ)

:       0       0

රත්නසිරි Wednesday, 31 July 2013 07:38 PM

පරිස්සමින් පැත්ත මාරුකරයි (අ)

:       0       0

සුද්දා Wednesday, 31 July 2013 07:44 PM

සිල්වා මහත්තය විතරද අපෙන් ඡන්දෙ ගත්තේ?කෝ මේ අනිත් අය?එතකොට පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යයංශය නිදිද? ඊළග පාරත් අපි මර්වින්ට විතරයි (නි)

:       0       0

ලුම්බිණි Thursday, 01 August 2013 07:08 AM

මර්වින් සිල්වා මෙතනට එන්න ඇත්තේ ඇයි කියලද හිතන්නේ? (නි)

:       0       0

රූපවතී Thursday, 01 August 2013 04:45 PM

දැන්නම් පෙනෙන විදිය අනික් පැත්තට පනින හැඩයි. අපි යන්තම් බේරුනා කියලා මට හිතෙනවා (නි)

:       0       0

මංගල Wednesday, 31 July 2013 07:51 PM

ගම්පහ අය ලේසියෙන්ම රවටන්න පුළුවන් බව අපේ ඇමති තුමා දන්නවා ..(අ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 31 July 2013 07:52 PM

කට්ටිය එකතු වෙලා නීතිමය පියවර ගන්න. ඔය නළු බට්ටන්ගේ ගැට වලට අහු වෙන්න එපා.(අ)

:       0       0

රංජිත් Wednesday, 31 July 2013 07:50 PM

කට්ටිය එකතු වෙලා නීතිමය පියවර ගන්න. ඔය ගැට වලට අහුවෙන්න එපා. සල්ලි දෙන අයට වාසියට තමා නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අහු වෙන්න එපා. (නි)

:       0       0

අසිත් Wednesday, 31 July 2013 07:53 PM

අදාල සමාගමෙන් සන්තෝෂම් හරි තැන්වලට ලැබිලා නැහැ වාගේ (අ)

:       0       0

කසුන් Wednesday, 31 July 2013 07:58 PM

තවදුරටත් මේ මිනිස්සු අසහනයට පත් නොකොට බලධරින් මේ ප්‍රශ්නය ගැන ජනතව දැනුවත් කල යුතුය..බලධරින්ගේ නිහැඩියාව ප්‍රශ්සන රැසක් ඇති කර ඇත (අ)

:       0       0

වාසනා Thursday, 01 August 2013 12:34 PM

ඉල්ලන්නේ බොන්න වතුර, දෙන්න යන්නේ කළු කෝට්. (ස)

:       0       0

අමිල Wednesday, 31 July 2013 08:22 PM

ඔය බොරු වලට අහුවෙන මෝඩ මිනිස්සු තාම රටේ ඉන්නවද, ඔය කොම්පැනිය මහින්දගේ ගොලයෙක්ගේ , මර්වින් ව එවන්ඩ ඇත්තේ උද්ගෝෂණ අලකරන්ට වෙන් ඇති. (අ)

:       0       0

අසේල ඕමානය Wednesday, 31 July 2013 08:29 PM

ඔන්න ඇමති තුමා වැඩ පෙන්නලා ලකුණු දාගන්න වෙලාව.අරින්න එපා ඔහොම යමු. (අ)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 01 August 2013 08:11 AM

රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා. තව ටික දවසයි. ජය සිකුරුයි. (නි)

:       0       0

සරත් Wednesday, 31 July 2013 08:39 PM

ඇමතිතුමා ආණ්ඩුව එක්ක අමනාපෙන් වගේ..කිරි පැණි වගේ නේ හිටියේ.(අ)

:       0       0

සේනාදීර Wednesday, 31 July 2013 08:41 PM

යන එනමන් නැති වෙනකොට තමා ජනතාව මතක් වෙන්නේ..කට කටත් හොද පාඩම් මේවා.(අ)

:       0       0

සරත් Thursday, 01 August 2013 01:01 PM

නුවන්, නියම සිංහලයෙක් හැටියට මොහුව ආදර්ශයට ගන්න ඉතින් මට පිස්සු හැදිලා තියෙන්න ඕන.. (දී)

:       0       0

රූපවති Wednesday, 31 July 2013 08:56 PM

ඔන්න බලන්න කොහොමද වැඩේ නේ ..? කෑමට පමණක් කට ඇරියේ ..ලගදීම වැඩකට බැහැල මිනිස්සුන්ව රවට්ටගන්න පුළුවන් . බව දන්නා නිසා .? මොකද සේරටම අමතක වෙනකම් හිටියේ ...කෙරුවාවල් ...? (අ)

:       0       0

කුමාර් Wednesday, 31 July 2013 09:04 PM

ඔය කැකිල්ලේ රජ්ජුරුවෝය් ඔය එන්නේ !!! හිටපල්ලා නිශ්ශබ්ද වෙලා !!! කුමාර්. (අ)

:       0       0

කුමාර Wednesday, 31 July 2013 09:31 PM

එයාගේ නීතිඥයො නඩුවේදී අනිත් පැත්තට කතා කරයි (අ)

:       0       0

චානක. Wednesday, 31 July 2013 09:35 PM

ප්‍රමිතියකින් තොරව හිතට එන එන දේ කරන එක නම් එපමණ සුදුසු නැහැ හොදේ (නි)

:       0       0

සීල Wednesday, 31 July 2013 09:59 PM

ගුටි නොකා ගිය එක පුදුමයක්.මෙය හදන්නේ අසරණ මිනිස්සුන්ගේ කර උඩින් යන්න.මේ සම්බන්ද පැමිණිල්ල මෙහය වන්න ඕනේ ආණ්ඩුවේ සල්ලිවලින්. නැතුව මරර්වින්ගේ මුදලින් නොවේ.මෙය හදන්නේ මිනිසුන්ව සල්ලිවලට ගන්න.(අ)

:       0       0

පාලිත Thursday, 01 August 2013 09:09 AM

ඇමතිතුමනි, පීඩාවට පත්ව සිටින දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම මහජන නියෝජිතයා ඔබතුමා පමණයි (නි)

:       0       0

පාලිත Thursday, 01 August 2013 09:14 AM

කෝ අපේ පාරිසරික ඇමතිතුමා? (නි)

:       0       0

රෝසි Wednesday, 31 July 2013 10:33 PM

අපේ මිනිස්සු කොච්චර මෝඩද කියලා හිතෙනවා මේ අදහස් දෙස බලනවිට. ඔලු වලට කෑමවල/ වතුරේ විස ගහලාද? මේක ජාතියම නැති කරන්න තරම් ලොකු ප්‍රශ්නයක්. විහිලුවක් නොවේ. පරීක්ෂා කරන්න පුළුවන් අවංක අයත් එකතු වෙන්න ඕනෑ. නැත්නම් කියයි මේ වස මිනිස්සු මරන්න තරම් වැඩි නැහැ. ලෙඩ කරනවා විතරයි කියලා. කිරිපිටි වලට වගේ..? (නි)

:       0       0

නිවන්ත Thursday, 01 August 2013 09:35 AM

මර්වින් ඇමතිතුමා කෙලින් වැඩ කරන හැමදාම ජනතා යහපතට වැඩකරන කෙනෙක්. හොරුන්ගෙන් ඉඳුල් කාපු අය‍ට එතුමාගේ යහපත් වැඩ වහකදුරු වගෙයි. (නි)

:       0       0

අබේ Wednesday, 31 July 2013 11:21 PM

අපේ ඇමතිතුමා කේන්ති ගනීද මන්දා.හෙට අනිද්දා ඡන්දෙත් එනවනේ නේද? බොන්න වතුර හදෙන් හරි දෙනවා කියන්නකෝ...නැත්නම් ඇල් වතුර නිවලා හරි බොන්න දෙනවා කියන්නකෝ. අනේ...! (නි)

:       0       0

සිසිර Wednesday, 31 July 2013 11:45 PM

කොහොම වුණත් අහිංසක ජනතාවට ලොකු සවියක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 01 August 2013 10:00 AM

ඇමතිතුමනි, පළාතේ අනිත් කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපජලය ගැනත් හොයලා බැලුවොත් පළාතේ ජනතාවට යහපතක් වේවි නේද ? බියගම වෙළඳ කලාපයේ අප ජලය පිරිසිදු කරන ස්ථානයක් නම් තිබෙනවා. වැඩ කරනවද දන්නේ නැහැ. (නි)

:       0       0

දිලිප් Thursday, 01 August 2013 12:14 AM

ඇමතිතුමා මට මතක නැහැ කියයිද වැඩේ ළං වෙනකොට? (නි)

:       0       0

අමරේ Thursday, 01 August 2013 12:55 AM

මෙවැනි ප්‍රශ්නයක් වෙනකොට, නිත්‍යානුකුලව පියවර ගන්න අතරම විද්‍යාත්මක පියවරයන්ද ගත යුතුයි. එනම් පරිසරයෙන් ගත් ජලය සාම්පලයකුත්, පස් සාම්පලයකුත් සහ කර්මාන්ත ශාලාවෙහි භාවිතා කරන රසායන ද්‍රව්‍ය සාම්පලයක් සහ ඉවතලන අපද්‍රව්‍ය සාම්පලයකුත් රසායනාගාරයකට යවා පරික්ෂා කොට සංසන්දනය කිරීමෙන් පසුව සාකච්චා කර සන්සුන්ව නිවැරදි තිරණයකට එළඹීම හොඳයි නේද. මේ කටයුත්තට පරිසරය පිළිබඳ කටුතු කරන දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කර ගත්තොත් හොඳයි (නි)

:       0       0

නුවන් Thursday, 01 August 2013 10:20 AM

හිත හොඳ කෙලින් කතා කරන නියම සිංහලයෙක්. (ස)

:       0       0

රංජීත් Thursday, 01 August 2013 01:06 AM

එයා මොකටද රතු පස්වලට ගියේ ඔය නඩුවට? අනික මට සැකයක් තිබෙනවා (නි)

:       0       0

ශාන් Thursday, 01 August 2013 10:52 AM

මේවා ඡන්ද ගුණ්ඩු වෙන්නත් පුළුවන් (නි)

:       0       0

රාජුන් Thursday, 01 August 2013 03:44 AM

අපි දන්නවා කාගේ කාගෙත් හැටි. අපි නම් රවට්ටන්න අමාරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 289 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 974 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 971 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 503 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1025 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1771 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36966 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24375 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site