IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මර්වින්ට කැළණිය එපා වෙලා වගේ

‘මම කැළණියේ භාර ගත් වැඩ ටිකක් තියෙනවා .තව මාස හය හතකින් ඒ වැඩ කොටස අවසන් කරනවා.ඊට පස්සේ මට කැළණියේ බලෙන් ඉන්න ඕන්න ඕනෑ කමකුත් නෑ.කැළණිය අග්‍රගණ්‍ය පුණ්‍ය භූමියක් කරන්න මට ඕනෑ කැර තිබෙනවා. මට ඊට අවසර දෙන්න..මම කූඩැල්ලෙකුත් නෙවේ.ගෙම්බෙකුත් නෙවෙයි.’

‘මගේ ගමන් මගට අවහිර බාධක තිබේ නම් ඒවා කඩා බිඳගෙන යනවා හැබැයි උපන් ගේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරන්නේ නෑ.’ මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා කැළණිය වන වාසල උත්සවයකදී එසේ පැවසීය.

 



අදහස් (0)

මර්වින්ට කැළණිය එපා වෙලා වගේ

ගයාන් Tuesday, 22 April 2014 04:49 PM

අනේ මන්දා, ඔබතුමාටත් අමතක වීමේ ලෙඩේ හැදිලා වගේ. (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 22 April 2014 05:38 PM

මේවා මෙහෙම වෙන එක ගැන තමයි බුදු දහමේත් සඳහන් වෙන්නේ. (නි)

:       0       0

නිමල් Wednesday, 23 April 2014 08:22 AM

මොකක්හරි රටකට දීර්ඝකාලීන වීසා අරගෙන කියලා කතාවක් එහෙම තියෙනවද? (නි)

:       0       0

නන්ද Tuesday, 22 April 2014 05:04 PM

පමණට වඩා උඩපනින දේශපාලකයන්ට ඔබතුමා "හොඳ පාඩමක්" කියා දෙන්න වගෙයි හදන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Wednesday, 23 April 2014 07:59 AM

ඔබතුමාට කැලණිය එපාවෙලාද? නැත්නම් කැලණියට ඔබතුමා එපාවෙලද? හිතාගන්න අමාරුයි (නි)

:       0       0

දිසා Wednesday, 23 April 2014 08:57 AM

ඔයා ගියොත් අර සමහර අයට යන කල මොකක්ද? එයාලගේ අනාගතයට මොකද වෙන්නේ? (නි)

:       0       0

දහම් Tuesday, 22 April 2014 05:26 PM

සියලුදේ අනිත්‍යයි කියලා ඔබතුමා තේරුම්ගත් එකම කොච්චර උතුම්ද? (නි)

:       0       0

කමල් Tuesday, 22 April 2014 05:32 PM

පින් සූදානම් කරගන්න එපැයි, එතුමා වුණත් (නි)

:       0       0

ඉදුනිල් Tuesday, 22 April 2014 05:35 PM

එතකොට ඔක්කොම හරිද? (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Tuesday, 22 April 2014 05:37 PM

දොහොත් මුදුන් තබා වඳිම් කැළණි විහාරේ.... (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 22 April 2014 06:23 PM

අනේ මන්දා, එක වෙලාවක‍ට අපේ රටේ දේශපාලකයෝ ගැන හිතාගන්න බැහැ (නි)

:       0       0

අල්විස් Wednesday, 23 April 2014 09:13 AM

සත්‍යා මහත්මයාණනි, ඔබතුමා මර්වින් සිල්වා නමැති පුද්ගලයා සැබැවින්-පියවි ඇසින් දැක තිබෙනවාද? (නි)

:       0       0

ලාල් Wednesday, 23 April 2014 09:29 AM

ගමට වැඩක් කරපු මනුස්සයෙක්. (ස)

:       0       0

සමන් Tuesday, 22 April 2014 06:46 PM

දැන් ඉතින්, උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කියලා පිනක් දහමක් කරගන්න එක වටිනවා. (නි)

:       0       0

ඩෑම් Tuesday, 22 April 2014 06:51 PM

මෙතුමා නේද අර කනත්තේ වළකුත් සූදානම් කළේ? (නි)

:       0       0

රිස්වි Tuesday, 22 April 2014 07:08 PM

දැන් නම් වැඩේ අවසානයි වගෙයි (නි)

:       0       0

කුසුම් Tuesday, 22 April 2014 07:15 PM

හා හා බලාගෙනයි....කකුලේ කටු ඇනෙයි.....පැන යන්නේ නම් බලා ගෙන හොඳේ..... පිරිසිඳු ජලේ උනත් ගෙඹි බිත්තර තියෙයි.....බැසයන ජලේ උනත් කුඩල්ලන් ඉඳියි.....හා හා බලාගෙනයි.(නදී)

:       0       0

අල්විස් Tuesday, 22 April 2014 07:41 PM

මෙතුමා දේශපාලනයේ මොලකාරයෙක්වත් විරයෙක්වත් දේශපාලනයට නැතිවම බැරි කෙනෙක්වත් නෙවෙයි. මෙතුමාට එකී පට්ටන් ඔක්කොම දුන්නේ එතුමාගේම වටේ හිටපු බඩගොස්තරවාදීන් විසිනුයි. එතැනදී සිදුඋනේ මෙතුමා විසින්ම "නියම තමන් " මකාගෙන "වෙන තමන් කෙනෙක් " එතුමා තුළ ඇතිකරගැනීමය. නිහඬ දේශපාලනයට හිටපු ගමන්ම කවුරුත් නොදන්නා මෙර්වින් කෙනෙක් රුපවාහිනි භූමියෙන් ලේ පෙරාගෙන මතුවෙනකොට ලෝකය පුරාම අන්තර්ජාලය හරහා ප්‍රචලිත වී එතුමාට ආ මඩපාර සමගම එතුමා ඉදිරියට තල්ලු උනා. ඒ වගේම ජනප්‍රියද උනා. ගම්පහ ඡන්ද ප්‍රතිපලයේ එතුමාගේ මනාප ගණන එයට සාක්ෂියකි. කෙසේවෙතත් තැන නොතැන නොබලා පුද්ගලයා නොසලකා කටයුතු කිරීම නිසාදෝ සතුරන් ඇතිවී වැඩිඋනා. පවුලේ කෙනෙකුගේ වරදකටත් මෙතුමා දෙසට ඇඟිල්ල එල්ල උනා. නමුත් සැබෑ මර්වින් සිල්වා යනූ මානුෂික හැඟීම් ඇති අහිංසක මනුස්සයෙකි යයි මම සිතනවා. එතුමා ආගමික කටයුතු වලට නැඹුරුවීමත් සමගින් එතුමාගේ පැවතුම් වෙනස් උනා. එතුමා ආධ්‍යාත්මික සුවය පතා යන ගමනේදී ඉදිකළ කැළණි ශ්‍රී විෂ්ණු දේවාලය එතුමා දැන හෝ නො දැන කළ සියලු පවු සොදා හැරීමක් ලෙසින් මම දකිමි. ඔබ එම දේවාලයට වරක් ගියහොත් එහි සැතපෙන ශ්‍රී විෂ්ණු දෙවියන් ඔබට දැක ගත හැක. එවිට එහි සංකල්පය සහ නිර්මාතෘ පින්වතා ගැන ඔබට පැහැදීමක් ඇතිවනු ඇත. එතුමා දේශපාලනයෙන් ඉවත් වී බන භාවනාවේ යෙදෙනවානම් තවත් සේවයක් සැදැහැවත් මහජනයා වෙනුවෙන් කරවාගත හැකි වනු ඇත. (නදී) .

:       0       0

ප්‍රාන්ස් පෙරේරා Tuesday, 22 April 2014 07:04 PM

මොනවට හරි බය වෙලා වගේ මට පේන්නේ. කළුවර මිනී පෙට්ටිය හොයා ගත්තද? (නදී)

:       0       0

ගන්දර Tuesday, 22 April 2014 08:00 PM

මෙයා කැළණියෙන් ගියොත් හොදයිද? නරකද? (නදී)

:       0       0

බමුණු Tuesday, 22 April 2014 07:19 PM

ඉදිරියේදී කැළණියේ අනාගතය කෙබඳු වේවිද? (නි)

:       0       0

සම්පත් Tuesday, 22 April 2014 08:06 PM

ඒ වගේම ගොඩක් දේවල් අමතක වෙලාද කොහෙද? (නි)

:       0       0

ධම්ම Wednesday, 23 April 2014 10:20 AM

අල්විස් සහ ගිහාන් ගේ ප්‍රකාශයන් මෙතුමා දුටුවා නම් නිසැකවම ඔහු ඔවුන් සොයා යනු ඇත. ඒ මෙතුමාගේ ක්‍රමයයි. එය හොඳින් දන්නා අය එතුමාට ස්තෝත්‍ර කියති.(නදී)

:       0       0

නාරද Tuesday, 22 April 2014 08:54 PM

ඉස්සර කැලණිය කිව්වම, බුදුන් වැඩිය අති උත්තම දේශය, නමුත් දැන්?(දිල්)

:       0       0

ගජමන් Tuesday, 22 April 2014 09:04 PM

මැතිදුනි ඔබ යනවානම් .....කියනා තැනකට වදින්නම් ....(දී)

:       0       0

රංග Wednesday, 23 April 2014 11:17 AM

මෙතුමා මී ළඟ ඡන්දෙන් ගම්පහින් පළවෙනියා කරමු. ඔබ වැනි බුද්දිමත් ,නිහතමානී දක්ෂ දේශපාලකයින් අනාගතයේදී අපට නොලැබෙනු ඇත. මෙතුමාගේ පුතා මෙතුමා වෙනුවට කැලණියට ඉදිරිපත් කරමු.(නදී)

:       0       0

සුනෙත් Tuesday, 22 April 2014 09:19 PM

නිදහස් පක්ෂය අමතක කරන නෑ කීම මට ඇල්ලුවේ නෑ (අ)

:       0       0

රොචින්ද සොයිසා Tuesday, 22 April 2014 09:31 PM

මෙතුමා ගැන ගොඩක් අය වැරදි විදියට සිතාගෙන සිටියට මෙතුමා හොද මහාත්මා ගති තියෙන වැදගතෙක් සහා උගතෙකි මෙතුමාට මා ගෞරව කරමි (අ)

:       0       0

රූපා Wednesday, 23 April 2014 11:44 AM

ගිහාන් මහත්තය දකින්නේ ඇමතිතුමාගේ හොද පැත්ත විතරයි. දෙපැත්තම දකින්න.(නදී)

:       0       0

සේනාදීර Tuesday, 22 April 2014 09:03 PM

යනවා නොවේ යන්න සිදු විය (අ)

:       0       0

ගිහාන් Wednesday, 23 April 2014 12:06 PM

කෙනෙකුගේ හොඳ දකින්නට පුරුදු වීම භාවනාවක් බව අමතක කරන්න එපා. එයින් සිදුවන්නේ නරක නොපෙනීමයි. ඔබ මෙන්ම මමත් හොඳ නරක කලවම් වී ඉපදී ඇත්තේ ජාති පුරුද්දටයි. එහෙත් ඒවා මතු කර නොගෙන මහතුන් ලෙසින් සියල්ලන්ටම සලකන්න. එවිට ඔබට නරකක් වෙන්නෙම නැහැ. (අ)

:       0       0

සුභා Tuesday, 22 April 2014 10:20 PM

පිස්සුද මේ කපේට වෙන දෙයක්ද එතුමාට කැලණිය එපා වෙන එක (දී)

:       0       0

මදුශ Tuesday, 22 April 2014 10:25 PM

මොනාඅ වෙන්න යනවාද දන්නේ නැහැ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 22 April 2014 10:47 PM

පමා වෙලා හරි මෙතුමා ඇත්ත තේරුම් කරගෙන.(දී)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Wednesday, 23 April 2014 12:59 PM

යන කොට කොරහත් බිඳ ගෙන යයිද? (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 22 April 2014 10:23 PM

"මර්වින් සිල්වා යනූ මානුෂික හැඟීම් ඇති අහිංසක මනුස්සයෙකි....." අනේ මගේ කට. රට බල්ලට යන එක පුදුමයක්යැ.(දී)

:       0       0

සරත් Wednesday, 23 April 2014 01:01 AM

දැන් මෙතුමා බොරැල්ල කනත්තේ වල කපාගෙනනේ ඉන්නේ.(නදී)

:       0       0

උදය Wednesday, 23 April 2014 01:28 AM

අනේ අල්විස් මහත්තය අපි මැරිලා ඉපදුනේ නෑ. (නදී) .

:       0       0

ගුණරත්ක Wednesday, 23 April 2014 02:14 AM

මොහු මෝඩයෙක් නොවේ ජනතාවගේ මෝඩකම හදුනාගෙන ඉන් උපරිම වාසී බුක්තිවිදින හොදට රගපාන්න පුළුවන් නළුවෙකි.(නදී)

:       0       0

පරාක්‍රම Wednesday, 23 April 2014 02:44 AM

යනවා නම් අනේ කැළණියෙන් - යන තැනකට යන්න රත්තරන්.(නදී)

:       0       0

ගයි Wednesday, 23 April 2014 02:47 AM

කොහේ ඉපදුනත් හොඳින් ඉන්න.(නදී)

:       0       0

අජිත් Wednesday, 23 April 2014 04:40 AM

මම නම් හිතන්නේ මර්වින් කියන්නේ හිත හොඳ මිනිහෙක්. එයාට අසාධාරණය පෙන්වන්න බෑ (අ)

:       0       0

සංකල්ප Wednesday, 23 April 2014 04:44 AM

අසාධාරණය පෙන්වන්න බැරි සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන මනුෂ්‍යයෙක් (අ)

:       0       0

පොනිල් Wednesday, 23 April 2014 05:49 AM

ඔබතුමාට වාසනාවක් තිබුනා මහජන ප්‍රසාදයෙන් වැඩි ඡන්ද ලබාගන්න. වාසනාවන් ඔබතුමාට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 706 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 387 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 305 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2474 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1588 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32746 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site