IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මර්වින්ට හොරෙන් කැලණියේ සුරාසල් බලපත්‍රයක් දීලා

කැලණියේ හරක් මස් කඩයක්, මත්පැන් අලෙවි සලක් විවෘත කිරීමට තමත් අවසර නොදෙන පසුබිමක තමාට හොරෙන් හෝටලයකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රයක්  දී ඇතැයි ද, එම බලපත දී ඇත්තේ  ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලාගේ විරෝධය නොතකා යැයි ද, එවන් දේ සිදුවෙනවා නම් තමන්ට ආණ්ඩුවෙන් යෑමට සිදු වන්නේයැයි ද මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.

‘මම තමයි කැලණියේ හරක් මස් නැවැත්තුවේ. එක්තරා හෝටලයක් හැදුවා කැලණියේ නාහේනේ. ඒක විවෘත කරන උත්සවයට ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා මට කතා කළා. මං ගියා. ඉන් පස්සේ මං ප්ලේන්ටියක්වත් බීලා මගේ සම්බන්ධයක් නෑ. මෙයාලා මත්පැන් බලපත්‍රයක් ඉල්ල ඉල්ල හිටියා. අවට සියලු හාමුදුරුවරුන් මේකට විරුද්ධ වුණා. පන්සල්වලට මීටර පන්සීයටත් අඩුයි. මං කිව්වා මේක කරන්න එපා කියලා.  ඒත් ලයිසන්   දීලා.

මගේ ආසනේ මෙහෙම අසෝබන විදියට සුරාසල් විවෘත වෙනවා නම් මං මේ කැලණිය ආසනයේ සිටීමේ ප්‍රයෝජනයක් නැහැනේ මේ ආණ්ඩුවත් එක්ක. මං කියනවා ස්වාමීන්වහන්සේලාට යන්න වටලන්න, මාත් එනවා. මේ ආසනයේ සංවිධායක මර්වින් සිල්වා. නැතුව වෙන කවුරුවත් නෙමෙයි.

ඩලස් ඇමැතිතුමා තමයි මාත් එක්ක ගියේ මේක විවෘත කරන්න. මං එතුමාගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරනවා මේ බලපත්‍රය කැන්සල් කරන්න. මේකම ඇති මට ආණ්ඩුවෙන් යන්න. මං මේක නායක තුමාට ලිඛිතව දන්නනවා. මේක උඩම මං යනවා. ඉන්න බැහැනේ. අපි වැඩ කරනවා. අපි වියදම් කරනවා. අපි දුක් විඳිනවා. වහාම මේවා නවත්වන්න ඕන. නවත්වන්නේ නැත්නම් මං තප්පරයක් ඉන්නේ නෑ මේකේ. මට කිසි තනතුරක් ඕන නෑ.

  මා දන්නා පරිදි සුරාබදු කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් අනුමත කර නෑ. කොමසාරිස් ජනරාල් කෙලින් වැඩ කරන කෙනෙක්.

මේවගේ වැඩ වෙනවා නම් නීත්‍යනුකූල නොවන අන්දමින්,  සදාචාර සම්පන්න නොවන අයුරින් මං කොහොමද රෙද්දක් ඇඳන් ඉන්නේ? රෙද්ද ගලෝලා ඉන්න බෑ මේක සිල්වත් උගත් සමාජයක් නිසා. එහෙම නැත්නම් තියෙන්නේ මට මෙතනින් නික්ම යන්න. අර සිද්ධාර්ත කුමාරයා ගිහි ගෙය හැර ගියා වගේ. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙය හැර ගියේ සතර පෙරනිමිති දැකලානේ. දැන් මට ඒ වගේ සතර පෙරනිමිති පෙනීගෙන එන්නේ. මේක තව පෙරනිමිත්තක් වුණා. මුන් දෙනවා සුරා සැල්. ඉතින් මට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ එහෙමනම්. මං කොහොමද ඉන්නේ. මං හොඳ සිංහල බෞද්ධයෙක් නේ.

DSC00703

 

 



අදහස් (0)

මර්වින්ට හොරෙන් කැලණියේ සුරාසල් බලපත්‍රයක් දීලා

විදුරන්ග Tuesday, 07 October 2014 10:40 AM

ඔබතුමා ගියොත් මම තවත් ජීවත්වෙන්නේ නැහැ.මෙහෙම උත්තමයෙක් නැතිවුණොත් මොනවටද අපි තවත් ඉන්නේ? (නි)

:       0       0

මදුමතීගේ හේවා බදුගේ Wednesday, 08 October 2014 04:54 AM

මත්කුඩු ගැන ඔබතුමා මොකක්ද ගන්න පියවර? ඒක තමයි අපගේ බලාපොරොත්තුව (නධී)

:       0       0

හේෂාන් Tuesday, 07 October 2014 10:42 AM

මෙතුමාගේ හිත රිදවන එක බොහොම පවු! (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 08 October 2014 04:56 AM

ආණ්ඩුවෙන් නෙමෙයි යන්නම යනවා නම් ලොකු උදව්වක් (නදී)

:       0       0

පිටිගල Wednesday, 08 October 2014 06:19 PM

බන්දුල පෙරේරා, තමුන් හමුදාවක හිටි හයේ හතරේ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබගේ මොළය තියෙන්නේ තිබිය යුතු තැන නොවෙයි. එතනයි ප්‍රශ්නය තියෙන්නේ. (නි)

:       0       0

රජින්ද Tuesday, 07 October 2014 10:44 AM

පැදුරටත් නොකියා යන්න නම් එපා ඔන්න (නි)

:       0       0

ගාමිණී Tuesday, 07 October 2014 10:44 AM

මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මම නම් කියන්නේ යන්න දෙමු කියලා (නි)

:       0       0

අබේ Tuesday, 07 October 2014 03:28 PM

හොද දේවලුත් ඇගේ තියනවා . (අ)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 07 October 2014 10:45 AM

ඔබතුමා යන්න නම් එපා. ඕවා දුන්න හින්දා නෙමෙයි, ගහලා එලෙවුවත් යන්න එපා. ඔබේ දරුවෙක්වත් ගම්පහින් ඡන්දෙ ඉල්ලලා දිනවන්න ඕනෑ. අපි ඡන්දෙ දෙන්නම්. අපිට ඔබතුමා වැනි දුටුගැමුණු පරම්පරාවේ අයවලුන් තවත් ඕනෑ. (නි)

:       0       0

චමින්ද Tuesday, 07 October 2014 10:45 AM

ඒ පාර කාටද එන්න හදන්නේ....? අපිව රවට්ටන්නවද්ද මේ සූදානම.....? (නි)

:       0       0

ජයන්ත Wednesday, 08 October 2014 05:05 AM

නියමයි මර්වින් පිරිමියෙක් වගේ ඉන්න.(අ)

:       0       0

පියල් Tuesday, 07 October 2014 03:34 PM

............. හිටපු කෙනාට ඇහැට ඇඟිල්ලෙන් අන්න වගෙයි . (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 07 October 2014 10:47 AM

මෙතුමා ආණ්ඩුවෙන් ගියොත් මහා විනාශයක් වෙන්නේ. රට රැකගන්න මේ ආණ්ඩුව ඕනෑ. ආණ්ඩුව රැකගන්න මෙතුමා ඕනෑ. ඒ නිසා වහාම කැලණිය ආසනයේ මෙතුමාට හොරෙන් සුරාසල් විවෘතකිරීම වහාම නවත්වන්න ඕනෑ!! (නි)

:       0       0

යසිරු Tuesday, 07 October 2014 10:48 AM

එහෙනම් ඔබතුමාත් යනවා? හ්ම් හ්ම්.... මොනවා කරන්නද? (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 07 October 2014 10:50 AM

කමෝන්,මර්වින් සිල්වා ඇමතිතුමා,කමෝන්! අන්න එහෙමයි කතා කරන්න ඕනෑ.නිහඬව සිටියා නම් ඒකටත් ඔබතුමාට බනියි (නි)

:       0       0

සුපුන් Wednesday, 08 October 2014 05:13 AM

අර හොර ජයලලිතාට වදින තමිල්නාඩු මිනිස්සු වගේ කොටසක් කැළණියෙත් ඉන්නවා රටේ කරුමෙට. (අ)

:       0       0

රොෂාන් Tuesday, 07 October 2014 10:51 AM

මට නම් සිහිය නැහැ වෙන්නේ මොකක්ද කියලා බලනකල් (නි)

:       0       0

නුවන් Tuesday, 07 October 2014 10:52 AM

මෙතුමා ගැන මට ආඩම්බරයි (නි)

:       0       0

කුමාර Tuesday, 07 October 2014 03:52 PM

ඇට්ටි හැලෙන්න මර්වින් ඇමතිතුමාට සප් එකනේ ,.... ඒන් නිසා මාත් ..ඇමතිතුමෝ ඔබත් සමගයි..(අ)

:       0       0

පිටිගල Wednesday, 08 October 2014 05:17 AM

බන්දුල පෙරේරා ඉන්නේ ලංකාවේ කොයි ඉස්පිරිතාලෙද? තාම සනීප නෑ වගෙයි. පවු!. යන්නේ නෑ කියා කියා ඉඳලා ගිය අයත් යනවා යනවා කියා කියා එල්ලිලා ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. ඔයාට සනීප වුණාම තේරෙයි. එතකල් බොරුවට තප්පුලන්නේ නැතුව බෙහෙත් ටික වෙලාවට ගන්න.(අ)

:       0       0

විජේදාස Tuesday, 07 October 2014 10:54 AM

කොහේද මේ යන්න හදන්නේ? (නි)

:       0       0

ටෝනි Tuesday, 07 October 2014 10:57 AM

මෙතුමා වෙන පැත්තකට පනින්නවද්ද මන්දා හදන්නේ? (නි)

:       0       0

නිමල් සිල්වා Wednesday, 08 October 2014 05:23 AM

නැව ගිලෙද්දී ඉස්සල්ලම පනින්නේ මීයෝලු! (අ)

:       0       0

බණ්ඩාර සරත් Tuesday, 07 October 2014 10:57 AM

අරක්කු බිවුවට, හරක් මස් කෑවාට වඩා විපත් වන්නේ මත්කුඩු වලින්. මේක ගැන ඔබතුමා මොකක්ද ගන්න පියවර? (නි)

:       0       0

රූපවති Wednesday, 08 October 2014 05:28 AM

අනේ යහලුවනේ ..!සුරාසල් බලපත් දීපුවාම කොහොමද එයාගේ ගෝල බාලයෝ ඉස්කාගාර පවත්වාගෙන, ඔය අරහෙන් මෙහෙන් කප්පන් කුට්ටියක් නෙලාගෙන.. පෝය 4 සිල් ගන්න කැලණිය විහාරෙට යන්නේ..! වැට මායිමේ පොල්ගස් මීනි මර මරා , මේ අහිංසකයින් මිනී මරුවන් කරන ..හරිම අපල සමාජයක් මේ දැන් බිහි වෙලා තියෙන්නේ ..! අපි ගොඩාක් බුද්ධිමත්ව වැඩ කලේ නැතිනම් ..අපේ ගේ මිදුලේ පොල්ගහත් අපිට වෙඩි තියයි .. ?ඔන්න මම නොකීවා කියන්න එපා.. අපිට දැන් අමතක වෙන සිංහලයෝ හෙම නැහැ ..ලංකාවේ ..?(අ)

:       0       0

බ්‍රවුන් සුගර් Wednesday, 08 October 2014 05:29 AM

මට නම් වාවන්නේ නැහැ මේක.(අ)

:       0       0

නදීෂා Tuesday, 07 October 2014 11:02 AM

මෙතුමා මෙහෙම කිවුවේ අවංකව නම් ඇත්තටම නියම මනුස්සයෙක් (නි)

:       0       0

බමුණු Wednesday, 08 October 2014 11:30 AM

මෙයා නොදැනුවත්ව තව ගෙදර මොනවා වෙනවා ඇත්ද? (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 07 October 2014 11:03 AM

යනවා යනවා කියන අය යන්නේ නැහැ, යන්නේ නැහැ කියන කට්ටිය අනිත් තප්පරෙන්ම යනවා. (නි)

:       0       0

හියුගෝ Tuesday, 07 October 2014 11:05 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

හේමන්ත Tuesday, 07 October 2014 11:07 AM

මෙතුමාගේ සමහර කියුම් කෙරුම් ආවට ගියාට කියන කරන දේ වුණාට, සැබවින්ම මෙතුමාගේ බොහෝ හොඳ දේවල් තියෙනවා. මෙයත් ඊට උදාහරණයක්. තව ටිකක් හිතලා බලලා වැඩකළා නම් අද වඩාත් මහජන ප්‍රසාදය ලබන ඇමති කෙනෙක් වෙන්න තිබුනා. (නි)

:       0       0

විජේදාස Tuesday, 07 October 2014 04:25 PM

වෙන පැත්තකට පනිනවා එහෙම නෙමෙයි හො‍ඳේ (නි)

:       0       0

යොමාල් Tuesday, 07 October 2014 11:07 AM

අන්න මිනිස්සු! ඔබට අපි ඉන්නවා ඇමතිතුමනි (නි)

:       0       0

නිරෝධ Tuesday, 07 October 2014 04:27 PM

අන්න හරි ඇමතිතුමනි, දැන්වත් වැඩේට බහින්න (නි)

:       0       0

සමන් Wednesday, 08 October 2014 05:51 AM

එතකොට සමාජ ශාලා, කුඩු හොඳයිද ? (නදී)

:       0       0

බන්දුල Wednesday, 08 October 2014 05:57 AM

කෙළින් වැඩ කරන්නේ ඔබතුමා විතරමයි. ඔබට ජය (නදී)

:       0       0

යොහාන්‍ Tuesday, 07 October 2014 11:12 AM

මම නම් කියන්නේ මේක විහිළුවට වගේ කියපු කතාවක් වෙන්න ඇති (නි)

:       0       0

නිම්මි Tuesday, 07 October 2014 11:13 AM

මම නම් හිතාගන්නවත් බැහැ ඇත්තටම (නි)

:       0       0

හිරෝෂ් Tuesday, 07 October 2014 04:42 PM

ඇමතිතුමාට මේ මොනවා වෙලාද? (නි)

:       0       0

එරංග Tuesday, 07 October 2014 11:17 AM

ඇමතිතුමා අපි හිතුවාටත් වැඩිය හොඳයිනේ! (නි)

:       0       0

ටී. ජී. ලියනගේ Tuesday, 07 October 2014 11:18 AM

මේක බලලා මට නිකන් මොකක්ද වුණා (නි)

:       0       0

බවර් Thursday, 09 October 2014 07:49 AM

අනේ ඇමතිතුමනි, ඕකත් මහා ලොකු වැඩක්ද? (නි)

:       0       0

රොහාන් සෞදි Tuesday, 07 October 2014 11:18 AM

ඔබතුමාගේ මේ විරෝධයට අපගේ සහයෝගය! නමුත් අදහන්නත් බැහැ මේ මර්වින් සිල්වාමද කියලා. (නි)

:       0       0

දේවිකා Tuesday, 07 October 2014 11:20 AM

මහත්තයෝ, ඔහොම කිවුවේ හොඳට හිතලා බලලාද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 08 October 2014 06:33 AM

මේ සුරංගනා කතා විශ්වාස කරන මිනිස්සු තවමත් ලංකාවේ ඉන්නවද (නදී)

:       0       0

ගමගේ Tuesday, 07 October 2014 11:23 AM

සෑහෙන කාලයකට පස්සේ හොඳ කතාවක් ඇහුවා! (නි)

:       0       0

වීරසිංහ Tuesday, 07 October 2014 11:28 AM

අපි ඕනෑම සහයෝගයක් දෙනවා (නි)

:       0       0

බිහාර Tuesday, 07 October 2014 05:02 PM

ඇමතිතුමාට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

හේෂාන් Tuesday, 07 October 2014 11:28 AM

ඔබතුමාට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

ජයත් Wednesday, 08 October 2014 06:50 AM

කොහේ යන්නද මේ ඊයේ පෙරේදත් එක්කෙනෙක් මහා සද්දයක් දැම්මා මතකද අපි යනවා අපට යන්න වෙනවා කියල කෝ ගියාද ? බලමු මෙයා මොකටද එන්නේ කියලා (නදී)

:       0       0

කමල් Tuesday, 07 October 2014 11:29 AM

අනේ ප්‍රවේශමෙන් ඇමතිතුමනි! (නි)

:       0       0

මැටිපහන Tuesday, 07 October 2014 11:31 AM

ඇමතිකමක් දෙන්නේ ලංකාවටම සේවය කරන්න නේද? ඇයි කැලණිය ගැන විතරක් වදවෙන්නේ? (නි)

:       0       0

සිතිජ Tuesday, 07 October 2014 11:31 AM

කතාව නම් මොනවා වුණත් මසුරන්. කොන්ද පණ තියාගෙන කතා කළා. දිගටම ඔහොම ඉන්නවා නම් හොඳයි (නි)

:       0       0

සමන් Tuesday, 07 October 2014 11:31 AM

වෙන පක්ෂයකට නම් යන්න එපා මගේ දෙවියෝ..... ! (නි)

:       0       0

මංජු Tuesday, 07 October 2014 11:35 AM

කතා කරනකොට මොනවා කිවුවත් වැඩ කරනකොට කෙළින් වැඩ කරන්නේ මර්වින් සිල්වා විතරමයි. (නි)

:       0       0

කසුන් Tuesday, 07 October 2014 11:36 AM

ඇමතිතුමාට ජයවේවා! (නි)

:       0       0

ගාමිණී Tuesday, 07 October 2014 05:29 PM

බාර් එක අයිතිකාරයා බලපත්‍රය තමුන්මයි දුන්නේ කියයිද දන්නේ නැහැ අන්තිමට. (නි)

:       0       0

ඩෙරික් Tuesday, 07 October 2014 11:36 AM

ඇමතිතුමා, මීටත් වඩා ජරා වැඩ සිදුවෙනවා. ඔබතුමාවත් හොයලා බලලා කතාකරන්න. අපි ඔබ සමඟයි (නි)

:       0       0

හැරිසන් Tuesday, 07 October 2014 11:38 AM

මෙන්න නියම මිනිස්සු! ජයවේවා! (නි)

:       0       0

සේනානායක Tuesday, 07 October 2014 05:37 PM

අපිට එයා ගැන අමතකවේගෙන යනකොට ආයෙමත් මොනවාමහරි වෙලා මතක්වෙනවා (නි)

:       0       0

මිනිපෙ Tuesday, 07 October 2014 05:37 PM

අනේ ඇමතිතුමනි, අස්වෙන්න නම් එපා. (නි)

:       0       0

මහේෂ්‍ Tuesday, 07 October 2014 11:46 AM

අදනේ දන්නේ ඇමතිතුමා මෙච්චර නිර්භීත කෙනෙක් කියලා (නි)

:       0       0

මැණික් Tuesday, 07 October 2014 11:47 AM

ඇමතිතුමා ආණ්ඩුවෙන් යන්න ප්‍රබල හේතුවක් හොය හොයා හිටියද කියලා මේකෙන් මට හිතෙනවා. (නි)

:       0       0

හෂාන් Tuesday, 07 October 2014 06:03 PM

දැන් කොහේද යන්න හදන්නේ? (නි)

:       0       0

සෙනරත් Tuesday, 07 October 2014 11:51 AM

කැළණියෙන් යනවා නම්, යන්න ඕනෑතරම් හේතු තියෙනවා. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 07 October 2014 06:17 PM

මේවාට ජයවේවා කියන අය ගැන කණගාටුයි (නි)

:       0       0

අරුණ Tuesday, 07 October 2014 06:17 PM

ඔබතුමා නියම මහත්මයෙක්. (නි)

:       0       0

රෝහණ‍ Tuesday, 07 October 2014 11:55 AM

මට තේරෙන්නේ නැහැ මර්වින් ඇමතිතුමාට මොනවා වෙලාද කියලා? පහුගිය අවුරුදු 10 කාලේ ඔබතුමා ඔය විදියට හැසිරුනා නම් අද මේ වෙනකොට ඔබතුමා ඉන්නේ බොහොම ඉදිරියෙන් (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 07 October 2014 06:23 PM

ඔබ ඉවත් වුණොත් යන්නේ කො‍හාටද? දැන්මම කිවුවොත් හොඳයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 08 October 2014 01:15 PM

පිටිගල මහත්තයෝ, මම හමුදාවක හිටි හොඳ හයේ හතරේ කොල්ලෙක්. ලෙඩ වාට්ටුවක් නෙමෙයි ඉස්පිරිතාල වල ඉන්න. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 07 October 2014 06:26 PM

ඔබතුමා ගියොත් සෙවණැල්ල වගේ ඔන්න මමත් පිටිපස්සෙන් ඇති. බොරු නෙමෙයි. (නි)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 07 October 2014 11:58 AM

ඇත්තටම ඔබතුමා ආණ්ඩුවෙන් යනවද? (නි)

:       0       0

ඉන්ද්‍ර Tuesday, 07 October 2014 06:28 PM

ඔබතුමා කාලෙකට පස්සෙ හොඳ ප්‍රකාශයක් කළා.මේක බෞද්ධ රටක් නේද? අනේ සාදු! (නි)

:       0       0

මුදිත Tuesday, 07 October 2014 06:31 PM

අපිටත් වාරයක් එයිනේ ඇමතිතුමනි.... (නි)

:       0       0

යහම්පත් Wednesday, 08 October 2014 08:00 AM

මර්වින් මහත්තයට මල පැනලා ඉන්නේ මේ ලැයිසොම ඩලස් මහත්තය දීපු නිසා. මර්වින්ගේ ආසනයේ එයට උඩින් ඩලස් ගියාට, අයින් වෙනවා නම් ආණ්ඩුවෙන් මිට වඩා දේවල් තිබ්බා (නදී)

:       0       0

ගාමිණී Tuesday, 07 October 2014 12:01 PM

ඇමතිතුමා, සුරාසලක් නැති හෝටලයක් කොහොමද දුවන්නේ? පවුනේ ඒ අයත්. කීයක්හරි හොයා ගත්තාවේ. (නි)

:       0       0

හසිත් Tuesday, 07 October 2014 12:03 PM

මට නම් මේ ගැන සැකයි (නි)

:       0       0

මධුශාන් Tuesday, 07 October 2014 12:07 PM

ඔබතුමා සමඟ එදත් අපි හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ජය ඔබට! (නි)

:       0       0

ලලිත් Tuesday, 07 October 2014 06:53 PM

දැන් එතකොට ලංකාවේ හැමෝටම එක හා සමාන අයිතිවාසිකම් නැද්ද? සුද්දාගේ කාලේවත් මෙහෙම තිබුනේ නැහැනේ? තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ පේනවා නේද? (නි)

:       0       0

යසිත Tuesday, 07 October 2014 12:15 PM

අනේ! ඔබතුමා කොහේවත් යන්න එපා (නි)

:       0       0

කුරුප්පු Tuesday, 07 October 2014 12:16 PM

මට නම් මුකුත්ම හිතාගන්න බැහැ (නි)

:       0       0

ඉෂාර Tuesday, 07 October 2014 12:17 PM

අනේ ඔබතුමා යයි ආණ්ඩුවෙන්! (නි)

:       0       0

වාසනා Tuesday, 07 October 2014 12:27 PM

අනේ යන්න නම් එපා (නි)

:       0       0

සුජාත Tuesday, 07 October 2014 12:28 PM

කෙළින් කතාකරන්න, කෙළින් වැඩ කරන්න. ඔබට ජය! (නි)

:       0       0

චමිලා Tuesday, 07 October 2014 07:41 PM

ආයෙත් කරලියට ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

ඩයස් Tuesday, 07 October 2014 07:46 PM

අනේ මේ, ඔයා හිතන්නේ අපි රැවටෙයි කියලද? (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 07 October 2014 12:37 PM

මර්වින් මහත්තයෝ පිස්සු කෙලිනේ නැතුව ඉන්න. පහු ගිය කාලේ දුන්නු ආතල් හොඳටම ඇති. විකාර නොකර ජිවත් වෙන්න. දන්නවනේ කට්ට්යගේ තරම. දෙවි පිහිටයි (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 08 October 2014 08:34 AM

වින්සන්ට් මහත්තයගේ කතාව හරි (නදී)

:       0       0

ගමගේ Tuesday, 07 October 2014 12:40 PM

ඇමතිතුමා කැලණියේ කුඩු වික්කට කමක් නැද්ද ? මේවා දැකලා පස්ස පැත්තෙන් හිනා යනවා (නදී)

:       0       0

අමිත් තුෂාර Friday, 10 October 2014 04:20 AM

යන්න දගලන්නේ ආණ්ඩුව පෙරලෙයි කියල බයද? (නදී)

:       0       0

අස්ලම් Tuesday, 07 October 2014 12:41 PM

මෙතුමා අද හෙටම ආණ්ඩුවෙන් පනිනවා. ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. (නදී)

:       0       0

ප්‍රසාන්ත කුමාර Tuesday, 07 October 2014 12:41 PM

පහුගිය කාලේ දැඟලුවේ කොහොමද. තමන්ට කැපිල්ලක් එනකොට තමයි ජාතිය ආගම මතක් වෙන්නේ. (නදී)

:       0       0

නුවන් Tuesday, 07 October 2014 09:02 PM

ඇයි මේ අදහස් දාන අය‍ට තේරෙන්නේ නැද්ද මෙතුමාට තරහා ගිහිල්ලා තියෙන්නේ මොකටද කියලා. පොඩි කැපිල්ලක් එනවා වගෙයි නේද කර්මානුරූපව. මට නම් හිනායනවා මේවට. (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 07 October 2014 12:42 PM

ඡන්දෙ ලඟයි නේද දැන් ඉතින් බල්ටි කරනම් ගහන කාලයත් ලංවෙලා. මේ ගොල්ල කරනම් ගහල පනින කොට ගන්නේ කවුද කියල බලමු. හැබැයි මහජනයා වන අපි හොඳට බලන් ඉන්නවා ඡන්දෙ දවසට (නදී)

:       0       0

කමල් Tuesday, 07 October 2014 12:44 PM

මෙතුමාට මෙහෙම හැරයන්න සතර පෙර නිමිති වලටත් වඩා දෙයක් පෙනිලාද දන්නේ නැහැ? සුරාමේරය වාගේම පාණාතිපාතාත් පංච ශීලයටම අයත් බව සළකන්න (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 07 October 2014 12:55 PM

කවුරු වුණත් කර ඇත්තේ වැරදි වැඩක්. ලෙඩේ අදින්න දිගටම. මෙවන් වැඩ ගැන ඉහළ වගකිවයුත්තන් දැනගත යුතු මෙන්ම ඒවාට විරුද්ධ විය යුතුයි (නි)

:       0       0

සුසන්ත ‍ Tuesday, 07 October 2014 12:55 PM

මට හිතන්න බැහැ, අදහගන්න බැහැ, හිතන්නවත් ඉඩ නැහැ... (නි)

:       0       0

හේමන්ත Tuesday, 07 October 2014 01:01 PM

ඔබට දෙවියන්ගේම පිහිටයි ඇමතිතුමනි! (නි)

:       0       0

තුෂාර Tuesday, 07 October 2014 10:30 PM

යන කෙනා කිය කියා ඉන්නේ නැහැනේ! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 07 October 2014 10:36 PM

ඔබයි අපගේ බලාපොරොත්තුව! (නි)

:       0       0

යහම්පත් Tuesday, 07 October 2014 01:03 PM

ඇමතිතුමාට යම් සැකයක් මතුවෙලාද කොහෙද? සමාවෙන්න ඇමතිතුමනි මෙසේ කිව්වට (නි)

:       0       0

ටොම් Tuesday, 07 October 2014 10:53 PM

මට නම් හිතෙන්නේ මෙතුමාට යමක් වැටහිලා වගෙයි (නි)

:       0       0

රාජුන් Tuesday, 07 October 2014 11:06 PM

බලමුකෝ වෙන දේ! (නි)

:       0       0

හිරු Tuesday, 07 October 2014 01:09 PM

දේශපාලනය කරද්දී මේ වගේ අභියෝග භාරගන්න ඕනෑ (නි)

:       0       0

සේනාදීර Tuesday, 07 October 2014 01:12 PM

කළ හොඳ පස්සෙන් එළවනවාද මන්දා! (නි)

:       0       0

රනිල් Wednesday, 08 October 2014 12:31 AM

මෙතුමා යන යන පැත්ත දිනනවා. රටේ මැතිවරණ ජය තීරණය වෙන්න මෙතුමත් වැදගත් පුරුකක්. (නි)

:       0       0

පිටිගල Tuesday, 07 October 2014 01:33 PM

රිස්වාන්, නියම කතාව. ඒක තමයි ඇත්ත. (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 07 October 2014 01:36 PM

බන්දුල පෙරේරා, ඔන්න ඔයාගේ මල්ලෙන් මීයෝ පනින්න හදනවා. (නි)

:       0       0

අනුර Tuesday, 07 October 2014 01:37 PM

කොහොම වුණත් තේරුම්ගත් එක ලොකු දෙයක් ජීවිත චක්‍රය ගැන (නි)

:       0       0

නුවන් Tuesday, 07 October 2014 01:45 PM

බලමුකෝ ඉස්සරහට! (නි)

:       0       0

රුමේෂ් Wednesday, 08 October 2014 01:08 AM

දුකහිතෙන කාරනය තමයි තාමත් මේවා පිළිගන්න අය අපේ රටේ ඉන්න එක. (නි)

:       0       0

චන්දිම Tuesday, 07 October 2014 01:46 PM

අනේ! ඔන්න ඔහේ ඉක්මනටම ඔය පොල්ලක්හරි මොකක්හරි අරගෙන ගිහින් ඔය මත්පැන් බෝතල් ටික කුඩුකරලා දාන්න. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 07 October 2014 01:47 PM

කැලණියේ පැත්තේ තිබෙන පාසලකට දරුවෙක් දාගන්න යන්නකෝ. එතකොට තේරෙයි ගොඩක් දේවල් (නි)

:       0       0

මොහාන් Wednesday, 08 October 2014 04:27 PM

ඇත්ත. හොරවැඩ හොඳ නැහැ (නි)

:       0       0

විජේවර්ධන Wednesday, 08 October 2014 01:18 AM

අනේ යන්න නම් එපා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 07 October 2014 01:51 PM

දළුගම කරවල මුදලාලි කෙනෙකුගෙන් කට්ටියක් ඇවිත් ලක්ස ගානක කප්පන් ඉල්ලලා තිබෙනවා. මුදලාලි දෙන්න අකමැති වෙලා තිබෙනවා. පසුවදාම කුණු කරවල විකුනනවා කියල වෙළද සැලට සීල් තියල තිබෙනවා. ඉන් පස්සේ මුදලාලි ඉල්ලපු කප්පන් මුදල කප්පන් කරුවන්ට ගෙවල තිබෙනවා. ඉන් පස්සේ ....... කෙනෙක් ගිහින් දැන් හොද කරවල තියෙන්නේ කියල විවෘත කරලා තිබෙනවා. (නදී)

:       0       0

මනෝජ් -සාජා Tuesday, 07 October 2014 01:53 PM

මම බැලුව මම හිනයක්වත් දකිනවද කියලා. කුනිත්තගෙන බැලුවා. ඒත් ඇත්තක්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 07 October 2014 01:53 PM

කැලණියේ කුඩු ගංජා විකුනුවට,ගණිකා මඩම් පැවත්තුවට කමක් නැද්ද අපේ හාමුදුරුවනේ. (නදී)

:       0       0

රනේ Wednesday, 08 October 2014 01:41 AM

අනේ වස්තුවේ ගිහි ගෙයින් යන්න නම් එපා (නදී)

:       0       0

අනස් Wednesday, 08 October 2014 01:52 AM

යනවා නම් යන තැනක කොතනක හෝ අපිව අරන් යන්න රත්තරන් (නදී)

:       0       0

රකිත් Wednesday, 08 October 2014 02:18 AM

ඔබතුමා ගිය දවසට මම මා විසින්ම ගස් බැඳ ගන්නෙමි.(නදී)

:       0       0

සජිත් Wednesday, 08 October 2014 02:19 AM

අපේ ඇමති තුමාට ලැබෙන්න ඕන කුට්ටිය හොටෙල් කාරයා දීලා නෑ වගේ. එ්ක වෙන ඇමති තුමෙක්කට දීලා වගෙයි එ්කයි ඇමති තුමාට තරහා ගිහිල්ලා තියෙන්නේ. ලැබුනා නම් ඔය සද්දේ නෑ අපිට දුක දැන් ඇමති තුමාට කුඩම්මාගේ සැලකිලි තමයි ලැබෙන්නේ. ගණන් ගන්නේ නෑ කවුරුත් (නදී)

:       0       0

වරුණ Tuesday, 07 October 2014 01:58 PM

මේවා නම් කැත වැඩ හො‍ඳේ (නි)

:       0       0

උපුල් Wednesday, 08 October 2014 02:37 AM

මේ කොමෙන්ට් කරන අය විහිළු කෙරුවාට ගණන් ගන්න එපා ඇමති තුමා. විහිළු නෙමේ බැරිවෙලාවත් හිත රිදිලා එතුමා ගියොත් ? අන්න එදාට හැමෝටම තේරෙයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 09 October 2014 11:05 AM

අනේ පිටිගල මහත්තයෝ, මගේ මොළය තියෙන තැන ඔබතුමා ප්‍රශ්නයක් කරගන්න එපා. නියම තැන ඒක නියම විදියට තියෙනවා. ඔබතුමා ඔබතුමාගේ එක තියෙන තැන බලාගන්න.ඒකනම් උඩින් ඇත්තේ ඔලුවෙන් හිටගත්තොත් තමයි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 08 October 2014 02:42 AM

බොරු පුරාජේරු ගැහුවට මෙයාට යන්න බැහැ. ගියොත් මෙයාටත් වෙන්නේ අර හමුදාවේ හිටපු කෙනාට වෙච්ච දේම තමයි (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 07 October 2014 02:05 PM

යනවා කියල‍ා කීදෙනෙක් නම් කිව්වද? එක්කෙනෙක්වත් ඉල්ලා අස්වුණේ නැහැ. (නි)

:       0       0

ධනුක Wednesday, 08 October 2014 02:53 AM

මට නම් ඔය දේශපාලකයන්ගේ සුරංගනා කතා කොහොමටවත් විශ්වාසයක් නැහැ. පක්ෂ හෝ විපක්ෂ වේවා ඔක්කොම එකයි. දවල් මිගෙල් රෑට දනියෙල් තියරිය තමයි අද මුළු රටේම වැඩ කරන්නේ. (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 08 October 2014 02:56 AM

මේක දැක්කම මට මතක් උනා මෙතුමා ජනාධිපතිගේ කකුල් දෙක ළඟ බිම වාඩි වෙලා ඉන්න පරණ පින්තුරයක්. (නදී)

:       0       0

තිළිණ Tuesday, 07 October 2014 02:06 PM

මම නම් කියන්නේ මේක හොඳ අදහසක් (නි)

:       0       0

රකිත් Wednesday, 08 October 2014 03:07 AM

ඇමතිතුමා, නර ලොව හොල්මන් රඟ දැක්මක් එහෙම නෙවෙයි නේද? (නදී)

:       0       0

සුරේකා Tuesday, 07 October 2014 02:12 PM

අන්න එහෙම තමා ඉන්න ඕනෑ. කෙලින් කතා කරන්න ඕනෑ (නි)

:       0       0

රකිත් Wednesday, 08 October 2014 03:16 AM

ඔබතුමාගේ අස්වීම් සහතිකයත් බාර නොගත්තොත්? මේ ලඟදි මහ කොමසාරිස්වරයකුට වුණා වගේ. (නදී)

:       0       0

බර්නාඩ් Tuesday, 07 October 2014 02:20 PM

මර්වින් මහත්තයා යයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)

:       0       0

චාමික Wednesday, 08 October 2014 03:31 AM

අරෙහේ යන්න කිට්ටු වෙලා වගේ තමයි අපිටත් පෙන්නේ. (නදී)

:       0       0

බ්‍රයන් Tuesday, 07 October 2014 02:27 PM

මෙතුමා කවදත් නිර්භීතව කතාකළා (නි)

:       0       0

කුමුදිනි වත්සලා Wednesday, 08 October 2014 03:36 AM

බුදු සරණයි දෙවි පිහිටයි (නදී)

:       0       0

විමලදාස Tuesday, 07 October 2014 02:27 PM

කොහොම වුණත් හොරෙන් බලපත්‍ර දීලා නම් කළේ කැත වැඩක් (නි)

:       0       0

ජයරත්න Wednesday, 08 October 2014 03:38 AM

දේශපාලනය කියන්නෙ යහපත් සමාජ සේවයකි. නමුත් දේශපාළුවෝ නමැති පිරිසක් ඒ උතුම් සමාජ කටයුත්ත නාරා වළක් බවට පත්කර ඇත. ඒ නිසා මේ ස්ථාන මාරු කතාව ගැන කළබල විය යුතු නෑත. ඒ වගේ උදවිය පනින්න පෙර හොදට හිතා බලනවා. (නදී)

:       0       0

බුද්ධි Tuesday, 07 October 2014 02:28 PM

අනේ පවු! මොන හිතකින් මේවා මෙහෙම කියනවා ඇද්ද? (නි)

:       0       0

මෙරංචි Tuesday, 07 October 2014 02:30 PM

මෙතුමා හීනෙන් බයවෙලාවද්ද මේ? (නි)

:       0       0

මනෝජ් Tuesday, 07 October 2014 02:33 PM

අම්මෝ! මෙතුමා කියන දේවල්! (නි)

:       0       0

පුංචිබණ්ඩාර Tuesday, 07 October 2014 02:39 PM

අනේ පුලුවන් නම් කොහාටහරි යන්න (නි)

:       0       0

මෙත්මා Tuesday, 07 October 2014 02:52 PM

ඔබතුමා නම් අපේ රටට ආශ්චර්යයක්! (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 08 October 2014 04:08 AM

ඔබතුමාට හොරෙන් දාන්න බැහැ කියන්නේ,ඔබතුමාට කියල අවසර අරන් දාන්න පුළුවන් කියලද?(අ)

:       0       0

වින්සන්ට් Tuesday, 07 October 2014 02:55 PM

මේ වගේ සිල්වත් ඇමතිවරු ඉන්න රටක, ජනතාව කන්න නැතත් කොපමණ වාසනාවන්තද? ගරු ඇමතිතුමා මහණ වෙන්නවත් යනවා නම් කතාව සාධාරණයි. ආණ්ඩුවෙන් ඉවත්වෙන්න මීට වඩා සාධාරන හේතුවක් සොයාගත්තා නම් වඩා සුදුසුයි. (නි)

:       0       0

රංග Wednesday, 08 October 2014 04:30 AM

ඇමති ඉස්සර බාර් කාරයින්ට, කුඩු කාරයින්ට , කප්පන් කාරයින්ට සහයෝගය දෙන්ඩ ඇති. පුතත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඔබ තුමා නැතුව ආණ්ඩුව ගෙනියන්ඩ පුලුවන් වෙයිද ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 08 October 2014 04:30 AM

මිනිසා යනු බුද්ධියෙන් යුතු කෙනෙකි. හොඳ නරක, යුක්‌තිය-අයුක්‌තිය, සාධාරණය අසාධාරණය කළ යුත්ත-නොකළයුත්ත සම්බන්ධයෙන් සිතා බැලීමට ශක්‌තියක්‌ ඇති තැනැත්තෙකි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 07 October 2014 03:08 PM

පිටිගල, රිස්වාන්ගේ කතාව කොහොමද ඇත්ත වුනේ. මිනිස්සු නොමග යවන්නේ නැතිව ඉන්න.යනවා කියන අය ඕනෑතරම් යනවා.එක තමා ඇත්ත.(අ)

:       0       0

උපාලි Wednesday, 08 October 2014 04:33 AM

අරමුණ මොකක් වුනත් මේකට විරුද්ධවිම ලොකු දෙයක්. ඔබට ජය වේවා. (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 07 October 2014 03:10 PM

ගිලෙන නැවේ ඉන්න මියෝ නැව ගිලෙන්න කලින් මාරුවෙනවාලු. (අ)

:       0       0

රවින්ද්‍ර Tuesday, 07 October 2014 03:17 PM

ජනාධිපතිවරනෙට අලුත් අපේක්ෂකයෙක් වත්ද ? (අ)

:       0       0

වසන්ත Tuesday, 07 October 2014 03:18 PM

බන්දුල මහ්තයෝ ඔන්න ඔය මහත්යව අලලා මල්ලට දාගන්ඩ. හරිම වැඩේ පරදින බව දැනෙන කොට බල්ලෝ ,බලල්ලලු, මීයෝ ගැරඩි සේරම පනිනවා. මම හිතන්නේ නෑ විහිලු කාරයින්වන්ව කවුරුවත් ගනීවිද කියලා. රනිල් මහත්තයෝ ගන්ඩ නම් එපා. බුද්දීමත්ව කටුතු කරන්ඩ ඔනෑ. (අ)

:       0       0

කිරින්ද Wednesday, 08 October 2014 04:39 AM

අද පෝය දවසේ මෙහෙම ලියන්නේ හිතේ වෛරයකින්නම් නෙවෙයි. අවරුදු හය සම්පුර්ණ වේගෙන එනකොට මන්ත්‍රීවරුන්ට මතක් වෙනවා ඊළඟ තුරුම්පුව. මෙතුමා හොඳටම දන්නවා නාම යෝජනා නොලැබෙන බව. ඊට කලින් ගෞරවාන්විතව යන විදියක් තමයි කරපු පව් සුරාවෙන් හෝදලා දාන එක. විපරීත කාලේන කජ්ජෙන පුහුලන් කියන්නේ මේ වගේ කෙරුම් වලට. (නදී)

:       0       0

දයාරත්න Wednesday, 08 October 2014 04:40 AM

මේ රටේ ජනාධිපති කරන්න ඕනේ මර්වින්ව (නදී)

:       0       0

නාරද Wednesday, 08 October 2014 04:41 AM

ඔයාලට වැරදිලා, මෙයා නොකිය කියන්නේ "මට පගාව දෙන්නේ නැතුව මේකේ මොකුත් කරන්ඩ බෑ" කියලා. අපි නොදන්නා චීස්, නරි කවද්ද තණ කොළ කෑවේ (නදී)

:       0       0

ටිරාන් Tuesday, 07 October 2014 10:37 AM

අනේ දෙයියෝ, යන්න නම් එපා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 11 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 276 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 401 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 245 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 143 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 456 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38184 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site