IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මාරවිලදී දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙක්ට නීතීමය පියවර

( හිරාන් ප්‍රියංකර ජයසිංහ  )

මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරේහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි .
 
අදාල දේව මෙහෙය අද  (16)  දින දහවල් පවත්වමින් තිබියදී මාරවිල පොලිසිය හා මහවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් වැටලිමට කටයුතු කර තිබුනී.
 
මාරවිල නගරයේ තුන් මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කුඩා දරුවන් සිව් දෙනෙකු සමග  තවත් 27 දෙනෙකු සහභාගිකරවා ගනිමින් අදාල දේව ගැතිවරයා දේව මෙහෙය පවත්වමින් සිටි බව කියයි.
 
මෙම දේව මෙහෙයට එක් වි සිටි පිරිස අතර කාන්තාවන් 18 දෙනෙකු පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සිටි බව කියයි.
 
මෙම දේව මෙහෙයට සහභාගිවු පිරිස අතරින් කිප දෙනෙකු මුඛ ආවරණ පවා නොමැතිව සිටි බව කියයි.
 
නිරෝධායන පනත අනුව මෙසේ පිරිස් රැස් කරමින් කිසිදු කටයුත්තක් පැවැත්විම තහනම් කර තිබුයදි මෙම දේව ගැතිවරයා අවස්ථා ගනනාවක මෙලෙස දේව මෙහෙයවල් පවත්වන බව ප්‍රදේශ වාසින් පොලිසියට පැමිනිලි කර තිබුනී.
 
එසේම දේව ගැතිවරයා මෙයට පෙර ශබ්ද වාහිනි යන්ත්‍ර යොදා ගනිමින් දේව මෙහෙයවල් පැවැත්විම සම්බන්ධව මාරවිල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලිසිය කියයි.
 
දේව මෙහෙය පැවැත්වු දේව ගැතිවරයාට විරුද්ධව නිරෝධායන පනත අනුව අදාල නීතියම කටයුතු සිදුකරන බව මහවැව මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එම් .වජීර නිලන්ත මහතා පවසයි.

 



අදහස් (38)

මාරවිලදී දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙක්ට නීතීමය පියවර

Pathum Saturday, 16 May 2020 12:57 PM

ඔතන දේවගැතිවරයා කරලා තියෙන්නේ සමහරවිට දැන් ලංකාවෙ තියන ප‍්‍රශ්නය දෙවියන්ට කියන්න ඇති..

:       3       100

dilanSaturday, 16 May 2020 06:38 PM

මේ ගෝත්‍රික මෝඩ මිනිස්සුන්ට තේරුම්ගන්න මොලයක් නැහැ.. දෙවියන් වහන්සේගේ නිජබිම වන ඉතාලිය තමයි වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වුනේ කියල, දෙවියෝ ඇහැක් ඇරලා බැලුවද? කෝ දෙවියන්ට හරි ඔය ලෙඩ සුවකරනවා කියල... කෑ මොර දෙන දේව සභාවේ එක පෝස්ටරයෙක්ට හරි පුළුවන් උනාද? දොස්තර අනිල් ජාසිංහට කියන්න "ඩොක්ට අපේ පල්ලියටත් ඔය කොරෝනා ලෙඩ්ඩු හා පහළොස් දෙනෙක් එවන්න.. මම දෙවියන්ට කියල නිට්ටාවට සනීප කරලා දෙන්නම් කියන්න". එක මරණයක් වලක්වන්න ඔය දේව සංකල්ප පොරවල් වලට පුළුවන් උනාද? අනේ ඇත්තටම මේ ලංකාව දියුණු කරන්න අමාරු මේ වගේ "බුද්ධිය නැති" "භක්තිය ඇති" මෝඩ මිනිස්සු නිසයි...

:       412       3168

Binkunndaa Saturday, 16 May 2020 07:19 PM

මෝඩයෙක් වගේ කතාකරන්න එපා, ඉතාලිය කියන්නේ කතෝලික රාජ්ජයක් එයාලට සත්ත්‍ය දෙවියන් වහන්සේ සමග ගනුදෙනුවක් නෑ, එයාලා අදහන්නේ පිළිම අනිත් ආගම්වල වගේ.

:       1697       325

බද්‍රානි Saturday, 16 May 2020 07:38 PM

නියමයි ඔයාගේ නිගමනය.

:       17       162

IsmailSunday, 17 May 2020 06:27 AM

ඔය දේවගැතිවරයා කරපු වරදට ආගමකට වරද පටවන එක හරි නෑ නේද? තමා කිසි ආගමක් පහත් විදිහට සලකන්න කලින් එම ප්‍රතිචාරය තමාගේ අදහන ආගමට පැමිණේනම් තමන්ට ඇතිවන වේදනාවන්ම අන් අයටත් දැනෙන බව අමතක නොකරන්න. එසේම කෙනෙකු කළ වරදක් මුලු ජාතියක්ම ගාව ගන්න එපා.

:       63       8

laal Saturday, 16 May 2020 01:13 PM

දේව මෙහෙය තිබ්බේ නැත්නම් සල්ලි හබ්වෙන්නේ නැහැ. ඒකයි. දෙයියන්ට වඩා සල්ලි ලොකුයි.

:       1       232

sampathSaturday, 16 May 2020 06:42 PM

"සල්ලි දෙවියන්ගේ මල්ලි" ලියලනේ කියන්නේ. අන්ධ භක්තිකයෝ අතේ, කරේ තිබිල දාන සල්ලි ඔය බිෂොප් පලස් එකේ ගනින්නේ සවල් වලින්, බරටය් වටිනාකම තියන්නේ. අන්තිමට පාස්ටර්ල, AC වාහන වලින් යද්දී දේව භක්තිකයෝ කොන්තේ ගැන ගැන පයින් යනවා.

:       13       338

Samitha Senaka Aluthgamage. Saturday, 16 May 2020 01:15 PM

මේ පුජකවරයාට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒත්, පසුගිය දවස්වල බේරුවල ප්‍රදේශයේ එක්තරා විශාල මුස්ලිම් පල්ලියක මීට වඩා විශාල ගණනක් රැස්වී ආගමික ක්‍රියාවක් තිබුණා. ආරක්ෂක අංශ පැමිණියා. පල්ලියේ සිටි බලවතුන් එකා මෙන් මහා හඬක් නැගුවා. ඉන්පසු ඔවුන් ඇතුලතින් ගේට්ටුවට ඉබියතුරු දැම්මා. ආරක්ෂක අංශ ආපසු හැරී ආවා. වැඩේ එච්චරයි. ඒත්, බෞද්ධ, කිතුනු අයට හරියටම නීතිය ක්‍රියාත්මක වෙන බව පේනවා.

:       1392       1355

රොශාන් Saturday, 16 May 2020 01:25 PM

තැබෑරුම් ටික ඇරල මේවගේ දේවල් නවත්තන එක විහිලුවක්. ඒ වගේම මිනිස්කමටත් නිගාවක්.

:       354       256

Mahesh Saturday, 16 May 2020 01:25 PM

බොහෝදුරට මෙය ප්‍රධාන පිලිගත් පල්ලියක් නොවෙන්න ඕන. එවැනි කන්ඩායම් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඔන. මේවා එක්කෝ සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඔන.. සහරාන් වගේම පිලිල තමා පොඩි පොඩි නිල නොලත් ආගමික කල්ලිත්..

:       231       330

Anton Austria Saturday, 16 May 2020 01:37 PM

ඔය වගේ අය මෙහෙත් ඉන්නවා. මේවා කතෝලික රටවල් ඒවට බැන බැන මෙහෙන්ම කකා පල්ලි වලින් කකා ඇදුණුත් අරන් තව කතෝලිකයන්ට බනිනවා පල්ලිවලට බනිනවා.... එක්තරා විදිහට එයාලත් අන්තවාදී සංවිධානයක්...

:       255       266

Amal Saturday, 16 May 2020 02:25 PM

බාර් ඇරියට කමක් නැද්ද... එතැන නිරෝධායන පනත ක‍්‍රියාත්මක වෙනවද?

:       246       150

නිශන්ත Saturday, 16 May 2020 02:34 PM

කොන්ද පන තියෙන නියම නිලධාරියෙක්. ආගම් මිත්‍යා පස්සේ තවත් ලැජ්ජා නැතිව බඩගානවනේ... මෙච්චර දහස් ගානක් ලෝකේ මැරෙන කොට එයින් එකෙක් බේරගන්න බැරිඋන දෙයියෙක් පස්සේ. පල්ලි, පන්සල්, දේවාල, කෝවිල් වල ඇති දෙයක් නැති බවත් සියල්ල ස්වභාව ධර්මයට අනුකුල මනුෂ්‍යත්වය මත පමණක් පවතින බවත් මේ වසංගත කාලේ මනාව ඔප්පු වී ඇත.

:       204       376

chamila Saturday, 16 May 2020 03:05 PM

පිස්සු වැඩ නොකර හිටියනම් ඉක්මනට මෙ කොරෝන එක ඉවර කරන්න පුළුවන්...

:       4       92

Anura Saturday, 16 May 2020 03:09 PM

අනෙක් ආගම්වලට විතරද මේ නිතිය තියෙන්නේ? මම දැක්ක වෙසක් දවසේ පන්නිපිටියේ ප්‍රසිද්ද විහාරස්ථානයක්.... දායකයන් විශාල පිරිසක් ගෙන්වාගෙන සිල් සමාදන් කරනවා .

:       1520       1115

chinthakaSaturday, 16 May 2020 06:43 PM

කොහොමත් මුහුදුකරේ ඉන්නේ මෙවන් මිනිස්සු බව රටම දන්නවා...

:       467       168

RathnayakaSunday, 17 May 2020 04:14 AM

පන්නිපිටියෙ මූද ගොඩක් ලොකු ඇති. බෞද්ධයන්ට මඩ ගහන්න දත මැදගෙන ඉන්නවා. පන්නිපිටිය තියෙන තැන දන්නෙ නෑ.

:       0       0

PradeepSunday, 17 May 2020 02:06 AM

හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන අනුර වගේ මිනිස්සු අපේ රටේ ඕන තරම් ඉන්නවා. එකනේ අපි හැමදාමත් එකම තැන ඉන්නේ..

:       0       0

rathnayakaSunday, 17 May 2020 04:11 AM

අපිත් ඉන්නෙ පන්නිපිටියෙ තමයි. ඒ වුනාට පන්සල් වල එහෙම එපා කියපුව කරේ නෑ. ඔයා හදන්නේ ආගම් අතර කොටවන්න. මතකද ප්‍රවෘත්ති වල හාමුදුරු කෙනෙක් ත්‍රීවීලර් එකකින් 4 දෙනෙක් එක්ක ගෙදරකට ගිහින් 4දෙනාම නිරෝධායනය කරල නඩුත් දැම්ම. පල්ලිවල අනෙකුත් පියතුමන්ලා එපා කියන එක නොකරනව නම්, මෙයාට විතරක් බැරි ඇයි?

:       0       0

ධම්ම Saturday, 16 May 2020 03:27 PM

ඇදහීමෙන් සුවය. කොරෝනාවෙන් මරණය.

:       3       254

Samitha Senaka Aluthgamage. Saturday, 16 May 2020 03:33 PM

කෝ ? මේ නිලධාරීන් ග්ලවුස් දාලා නැහැනේ අත්වලට. මාස්ක් එකත් හරියට දාල නැහැ එක්කෙනෙක්. මේ අය වයිරසය ව්‍යාප්ත කෙරුවොත් එහෙම... නේවී එකෙන් උනා වගේ. වයිරසයේ භයානක බව මේ අය ප්‍රථමයෙන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම වැදගත්.

:       276       75

Pradeep Saturday, 16 May 2020 03:53 PM

දේවගැතිවරුනි, මේ කොරෝනා තත්වය හෝ ඔබගේ වෙනත් කිසිදු දේකට දෙවියන්ට විසඳුම් නොමැති බව පසක් කර ගන්න. සියල්ල සිදුවන්නේ ඔබලා කරනා කුසල් සහ අකුසල් මතයි. නොපමාව කුසල්හි නිරත වන්න. එයයි එකම ගැලවීම.

:       242       732

ප්‍රීති Saturday, 16 May 2020 06:47 PM

මේ දේවගැතිවරයෙක් නොවේ. තනිකරම හොරෙක්. මාරවිල හා වෙන්නප්පුව පොලිසිවල මොහුට විරුද්ධව ඕනෑතරම් පැමිණිලි තිබෙනවා. බිරිඳගෙන් වෙන්වීම පිළිබඳව මාරවිල උසාවියේ නඩුවක් තිබෙනවා. මේ වනවිට කටුනේරිය ප්‍රදේශයෙන් කාන්තාවක් රවටා ගෙන ගොස් පවුල් කනවා. එත්, මේ පින්තුරවල පාස්ටර්වරයා නැහැ.

:       270       750

සෑම් Saturday, 16 May 2020 10:50 PM

ඕක මොකක්ද රටේ නායකයා මේ ලඟදි මහා පිරිසක් පිරිවරාගෙන කතරගම, අනුරාධපුර සහ හොරණ කිට්ටුව පන්සල් ගණනාවකට ගිහිල්ල පුජා පැවැත්තුවේ, පිරිත් කිව්වේ. රටේ පාලකයන්ගේ තියෙන්නේ කකුළු න්‍යාය, උන් ඇදේට ගිහිල්ල අනිත් උන්ට කෙලින් පලයන් කියනවා. ඉතින් කොහෙද රටවල් හැදෙන්නේ.

:       0       0

rocky Sunday, 17 May 2020 01:09 AM

සහභාගී වෙලා තියෙන්නේ වැඩි හරියක්ම කාන්තාවන් නෙව.

:       0       0

Rohana Sunday, 17 May 2020 01:30 AM

ආගම ධර්මය නෙවෙයි මෙතන ප්‍රශ්නය. මාරාන්තික කොරෝනා නැති කරන්න ආගමික හෝ වෙනත් පිරිස් එක්රැස්කිරීමෙන් වැලකී සිටීම මේ රෝගයෙන් බේරී සිටීමට අත්‍යාවශ්‍යයි.

:       0       0

kalu sinhalaya Sunday, 17 May 2020 02:19 AM

මස ගානක් වුණා..තාම කොරෝනාව පාලනය කරලා ඉවරනේ. බාර් ඇරලා මිනිස්සුන්ගේ මානව අයිතියක්.... තමන්ගේ ආගම අදහන එක හමුදා පාලනේ... ඒකත් නැතිකරලා දැන් සැපද?

:       0       0

vidya Sunday, 17 May 2020 02:33 AM

මේ කාලකන්නින්ගෙන් මිනිසේකුටවත් , ලෝකයටත් , මහා පොළොවටත් වැඩක් නැහැ . යුරෝපා රටවලවත් ඇමරිකන් රටවලවත් කිසිම නුතන තරුණ තරුණියන් පල්ලිවල යන්නේ නැහැ. දේව ධර්මය නැතිවීගෙන තැනට ඇවිත් තියෙන්නේ . පල්ලි, පන්සල්, කෝවිල් වලට යන මෝඩයින්ට, ඉන්දියාවේ, පාකිස්තානේ, බංග්ලාදේශයේ පොලිස් කාරයෝ පොලුවලින් තමයි කියා දෙන්නේ . මිනිසා අත්අඩංගුවේ තබා ගෙන දෙවියෙක් හෝ දෙවිවරු රාශියක් මවාගෙන බොරුවක් කරනවා.

:       0       0

රොෂාන් Sunday, 17 May 2020 03:31 AM

මෙහි අදහස් පළකොට ඇති බොහොමයක් මෝඩයින්.

:       158       178

Anton AustriaSunday, 17 May 2020 05:54 AM

ඔබ වැනි උගතුන් වගේම අපි වගේ මොඩයිනුත් සිටින්න ඕනේ. එතකොට තමා ඔය වගේ උගතුන් නිසා වෛරස් වගේ ඒවා එන්නේ. අපි වගේ මෝඩයන් ඒවා විවේචනය කරනවා මොකද උගත්කම ගන්න පුළුවන් පොත පතෙන් විතරක් නොවේ.

:       0       5

theshan Sunday, 17 May 2020 03:54 AM

මේකේ මම දැක්ක එක්කෙනෙක් දාල තිබ්බ බිෂොප් පැලස් එකේ සල්ලි ගනින්නේ සවලෙන් කියලා, එතකොට ලංකාවේ ධනවත් පන්සල් වලට හම්බ වෙන සල්ලි ගනින්නේ මොකෙන්ද? හොඳම උදහරණය තමයි කළුතර බෝධියට ලැබෙන සල්ලි... ඒවා ගනින්නේ මොකෙන්ද? ඒ සල්ලි වලට මොනද වෙන්නේ? හොදට මතක තියාගන්න කතෝලික නොවුනත් පාස්කු ප‍්‍රහාරයෙන් හානිවූ මඩකලපුවේ සියොන් පල්ලියටත් දුන්නේ බිෂොප් බව. අනිත් එක පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වෙලා ඉන්න අයට තාමත් උදව් කරන්නේ බිෂොප් පලචේ එකෙන් බව. මගෙත් එක්ක ඉගෙන ගත්ත දැන් පියතුමෙක් වෙලා ඉන්න සහෝදරයෙක් අපේ සංගමයෙන් ලැබුන ආදර වලින් අනුරාධපුර ඉන්න දුපපත් මිනිස්සුන්ට ආධාර බෙදල දුන්න. එතැනදී අපි අහන්නේ නැහැ මේවා දෙන්නේ කාටද කියල...? කරුණාකරලා කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ට ඇඟිලි කීයක් දික් වෙනවද කියල බලන්න. අපි මිනිහෙක්ට උදව් කරන්න කලින් එයාගේ කුලේ මොකක්ද කියලා හොයන්නේනේ නැහැ... උදව් කරනවා මිසක්. අදත් හොදට මතක තියාගන්න මහන කරන්නත් කුලේ හොයනවා බව. අඩු කුලේ අයට අදටත් සලකන්නේ එදා විදිහටම තමයි.

:       0       0

සේන Sunday, 17 May 2020 05:20 AM

පවතින පැහැදිලි වාතාවරණය තූළ නැවත නැවත මෙවැනි දෑ සිදු වන්නේ කොරෝනා බෝ කිරීමේ දුෂ්ඨ අරමුණින් විය හැකිය.

:       0       0

mama christian Deepal Sunday, 17 May 2020 06:09 AM

අදහස් දක්වා ඇති සියලුම උගත් බු. වෙත, ශ්‍රී ලාංකිකයන් ලෙසට සියලුම දෙනාට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ඇත. නමුත් බයිබල තුළ පැහැදිලිවම කියා ඇත .රටේ පාලකයන්ට අපි කීකරු විය යුතුය. එම පුද්ගලයා වරදක් කරන්න ඇති. නමුත් සමස්ත කිතුණුවන් එම කෝණයෙන් බලන්න එපා. කොරෝනා සුව කිරීම ගැන ජේසුස් වහන්සේට දොස් කියන්න එපා.

:       34       60

Rata Perata Sunday, 17 May 2020 07:09 AM

දේව මෙහෙය තියෙනකොට නීතිය ටොප් එකට කරනවා. අර රැස්වීම් තිබ්බේ දැනුවත් කරන්න කියා කියා, එතකොට කිසිම් අනීතියක් ක්‍රියාත්මක උනේ නෑ. අපේ රටේ නීතිය කරන උන්ගේ අමනකම් පේනවා නේද? බයියන්ගේ අවධානයට.

:       77       13

මෝ Sunday, 17 May 2020 12:13 PM

රට පෙරට, කැරකිල එන්නෙ බයියො ගාවට. කොරෝනාවට බයියො, ජෙප්පො, කජ්ජො වෙනසක් නෑ. කාටත් එකම ගේමම තමයි.

:       0       0

බද්රානි Sunday, 17 May 2020 12:49 PM

බඩගෝස්තරය වෙනුවෙන් දෙවියන්ව විකුණගෙන කන තක්කඩි පුද්ගලයාව පැත්තක තියලා දෙවියන්ව විවේචනය කරන අමනුස්ස, අඥාන අධමයෝ ජීවත් වෙලා ඉන්න රටක් වෙලා මේක දැන්? මොකක්දෝ කරුමයකට බුද්ධ දර්ශනය අඥාන අමනයින් අතට පත්වෙලා. බුදුන්ගේ උතුම් දහම විකුණගෙන කාල බඩ පුරෝගෙන සමාජය මත පහරන පුජකයින් සිටින රටක දෙවියන්ව විකුණගෙන කමින් (නුගත් ජනතාව මුලා කරමින්) ජීවත්වෙන මෙවැනි අමනයින් ගැන කවර කතාද? රටේ පවතින නීතිය අමුඅමුවේ උල්ලංගනය කර ඇති මේ පුද්ගලයාගේ නමක් ගමක් සඳහන් නොකිරීම හා ඔහුගේ චායාරුපයක් පල නොකිරීම පිටුපස තිබෙන රහස කුමක්ද? මේ පුද්ගලයා ගැන රාජ්‍ය බුද්ධි අංශ සොයාගත් කරුණු මොනවාද? ඒ ගැන අපි අවදියෙන්?

:       0       0

rocky Sunday, 17 May 2020 12:50 PM

අමල් මහත්තයෝ, බාර් ඇරීමෙන් ඔහෙට මොකවත් පාඩුවක් සිද්ද වුනාද? කසිප්පු ටික විකුණා ගන්න බැරි වෙච්ච පලියට බාර්වලට පලි දරන්න එපා. දෙවියන්ගේ අභිප්‍රාය අනුව කැමති කෙනෙක් ලයිසොන් අරක්කු පොජ්ජක් සප්පායම් වීම රටේ ආර්ථිකයට වුනත් හොඳයි නේද? බාර් අරින්නේ නැතුව හිටියොත් බාර් කාරයන්ටත් පන්දාහේ දීමනාව ගෙවන්න වේවි!

:       0       0

කරුණාපාල Sunday, 17 May 2020 02:26 PM

රටේ පවතින කොරෝනාව අස්සේ, රටේ නීතියත් කඩලා කුසගින්න නිවා ගැනීමට වෙරදරන දේව ගැතිවරයා යයි කියා ගන්න හාදය ගැන කිසිවක් සඳහන් නොකර දෙයියන්ව විවේචනය කිරීම, දෙයියන් ගැන සමහරක්ගේ හිතේ තිබුන පරණ කෝන්තරයක් පිරිමහ ගන්නවා වගේ වැඩක්. එක අතකට ඉතින්, අතින් වියදම් කරගෙන දිව්‍ය ලෝකෙ යනවට වඩා, ගෙදර ඉඳලා නොමිලේම දිව්‍ය ලෝකේ යන්න තියනවා නම්, අතේ තියන සල්ලිත් ඉතුරුයි, රටේ පාලකයෝ නොමිලේම අපිව දිව්‍ය ලෝකෙත් ඇරලා... දෙයියන් අදහන රටවල් වලට ගොස් බඩ කට පුරෝගෙන, ඒ රටවලට අයිති දෙයියන්ව විවේචනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය නම් මාරයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 210 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 394 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 192 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 133 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 220 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 467 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site