රූපවාහිනී ඇන්ටනාවෙන් විදුලි සැර වැදී පානදුර කෙසෙල්වත්තේ තරුණයකු (21) මරුමුවට පත්ව ඇත. වහළයේ අලුත් වැඩියාවකින් පසු බිමට බසිද්ධි ඔහු ඇන්ටනාව අල්ලා ඇත. අධිබලැති විදුලි රැහැනක ගැටී තිබූ ඇන්ටනාවෙන් ඔහුට විදුලි සැර වදින්නට ඇතැයි පොලිසිය කියයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මරුවා ඇන්ටනාවෙන් එයි
ජයත් Saturday, 23 August 2014 06:48 AM
තාක්ෂණික කරුණු වාර්තා කරන කොට අපේ රටේ මාද්‍ය අතපසුවීම් කරනවා මේක එක උදාහරණයක් නිතරම සිද්දවෙන මෙතන විදිලි රැහැනට "අධි බල ' කියන විශේෂණය වැරදියි. මොකද අධිබල රැහැනක් කවදාවත් අැන්ටෙනාවකට වදින දුරින් පිහිටුවන්නේ නැහැ. මේ රැහැන සාමාන්‍ය වෝල්ටීයතාවය කින් එනම් 230 වෝල්ට් ගෙනියන රැහැනක් වෙන්න ඕනා අනිවාර්යයෙන්ම. අනිත් කාරණය නම් අධිබල රැහැනක යම් දෙයක් ගැටෙන්න ඕන නැහැ එ්ක ආසන්නයටම යම් දෙයක් කිට්ටු වෙලා ඒක "ග්‍රවුන්ඩ් " උන හැටියේම පද්ධතිය ඉබේම ඕෆ් වෙනවා (නදී)
චමින්ද Saturday, 23 August 2014 06:56 AM
ලංකාවේ අයගේ, ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම නම් අන්තිමයි. විශේෂයෙන් විදුලිය පිලිබදව. (නදී)
ඉසුරන්දි Saturday, 23 August 2014 10:07 AM
මේවා හදිසිය නිසා ඇතිවන අනතුරු.කල්පනාවක් නැතිකම නිසා වෙන්න බැහැ.නමුත් අකාලේ තරුණ දිවියක් සමුගත්තා.මෙවන් අකල් මරණ සිදු නොවේවා.(අ)
භානු Saturday, 23 August 2014 12:56 PM
දැන් මේ කීවෙනි ඇන්ටෙනා මරණයද ? නිතර පුවත්පත් වලින් කියවෙනවා. ආරක්ෂාවට උපදෙස් ප්‍රචාරය වෙනවා. කණකට ගන්න පාටක් නැහැ. (නදී)
තිලක් Saturday, 23 August 2014 02:28 PM
ගේක තියෙන ඇම්පියර් 30 වෝ.230 විදුලි සේවාවකින් මිලි ඇම්පියර් 30ක් ශරීරය තුලින් ගලායමෙන් මාරාන්තික අනතුරක් සිදුවියහැක , සමාන්‍යයෙන් උඩීස් රැහැන් මාර්ගයක් මෙතරම් සංවේදී නෑ,එය ඉතාමත් අනතුරු දායකය(අ)