IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මාරුව මැද්දේ පාසල් රැස්වීමක් කැඳවයි

ගාල්ල සවුත්ලන්ඩ්ස් හිටපු විදුහල්පතිනිය විසින් ලබන ඉරිදා (27) කැඳවනු ලැබ ඇතැයි කියන පාසල් සංවර්ධන සමිති රැස්වීම වහාම අවලංගු කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලයි.

ස්ථාන මාරු කළ විදුහල්පතිනියට පාසල් සංවර්ධන සමිති මහා සභාව කැඳවිය නොහැකි බවත්, තමන්ට හිතවත් පිරිස් ලවා ස්ථානමාරුවට එරෙහි කටයුතු කටයුතු කරන බව පෙනෙන බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය රජය සමයේ විදුහල්පතිවරුන්ට ලබා දුන් ප්‍රභූ කර්නල් පදවි අහෝසි කළ බව අධ්‍යාපන ඇමැති කියා තිබිය දී සවුත්ලන්ඩ්ස් හිටපු විදුහල්පතිනිය කර්නල් පදවි භාවිත කිරීම වැරදි බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ මේ සිද්ධිය ගැන සොයා බලන බවයි.

හිටපු විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශය  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අනුයුක්ත කර ඇත.

SKMBT_C25216032410300



අදහස් (0)

මාරුව මැද්දේ පාසල් රැස්වීමක් කැඳවයි

සර්ධා සකලසුරිය Friday, 25 March 2016 03:41 PM

නිම්ම්, ලංකා හෝ වෙන ගුරු සංගම් තියෙන්නේ පාසල් සුබසිද්ධියට. අගමැතිතුමාගේ අවධානයට යොමුවන්න ඕනෑ මේ පාසලට වෙලා තියෙන විනාශයටයි. (නි)

:       0       0

සමන් Friday, 25 March 2016 05:27 AM

දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාලනය කරන්නේ ලංකා ගුරු සංගමේද? (බ)

:       0       0

රවී ලංකාසුරිය Friday, 25 March 2016 03:45 PM

සුභාෂිණි, මෙම විදුහල්පතිනිය ගැන ගාල්ල ජනතාවට රහසක් නොවේ (නි)

:       0       0

සෙනෙවි Friday, 25 March 2016 05:33 AM

ප්‍රභූ කර්නල් පදවි අහෝසි කළ පසු එම තනතුර පාවිච්චි කිරීම පිළිබඳව විනය පියවර ගත යුතුය (බ)

:       0       0

සුභාෂීණී සේනානායක Friday, 25 March 2016 05:35 AM

රට නංවාලීමට සුවිශාල මෙහෙවරක් කිරීමට වෙහෙසෛන විදුහල්පතිවරුන් පාසල් වල කීර්තිනාමය වනසමින් සිදු කරන ප්‍රකාශ හෙළා දකිමු. සවුත්ලන්ඩ්ස් ආදි සිසුවියක් (බ)

:       0       0

සෑම් Thursday, 24 March 2016 02:34 PM

විදුහල් පති තනතුරට කොහෙතේම සුදුසු නැහැ. (කෞ)

:       0       0

දේවිකා මිහිරානි Thursday, 24 March 2016 04:49 PM

මෙවන් පුද්ගලයින් දකුණු පළාතට පිළිලයක් ලෙසයි අපි නම් දකින්නේ (නි)

:       0       0

ආරියසේන Thursday, 24 March 2016 04:58 PM

දුම්මල ගසා හෝ එළවමු. රස රහස පෙනේ. මොකද මේක බදාගෙන ඉන්න හේතුව ජනතාවට දැන් පැහැදිලියි...... (නි)

:       0       0

රවී ලංකාසුරිය Thursday, 24 March 2016 05:38 PM

පාසලට ඇතුළත් කළහැකිව තිබු අපේ දරුවන් පාසලට ඇතුළත් කරනොකර මුදලට ළමයි ගත් සමහරුන්ට වියයුතු දේ ස්වභාව ධර්මයා තීරණය කරනු ඇත. (නි)

:       0       0

මුණසිංහ Saturday, 26 March 2016 01:46 AM

විදුහල්පතිවරුන්ට කර්නල් පදවි දුන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන්. ඒවා අයින් කරන්න අධ්‍යාපන අමාත්‍යංශයට බැහැ. ඒ වගේම මේ ලියුම ගහල තියෙන්නේ 13දා. විදුහල්පති ඉවත් කළේ 23දා. මේක තේරුම් ගන්න බැරි ස්ටාලින් කොහොමද සංගමයක් කරන්නේ. ස්ටාලින් කරන්නේ පෞද්ගලික ද්වේශ සහගත ප්‍රකාශ. අමාත්‍යංශයෙන් පහුගිය දවස්වල තොග පිටින් සුළු සේවක පත්වීම් දීල 7-8 එක පාසලකට බැගින් දැම්ම. ඔක්කොම කුරුණෑගල ඒවාට ස්ටාලින් සද්ද නැහැ. (බ)

:       0       0

ලලිත් Thursday, 24 March 2016 10:06 PM

දැන් ඔය විදියට ස්ථාන මාරුවක් දුන්නහම ලිපිය ලැබුණු දවසේ සිට මාරුවෙලා යනතුරු එයා විදුහල්පති නෙමෙයිද? එතකොට ස්ථාන මාරු දුන් දවසේ සිට දෙන වැටුප කුමක්ද? මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

සිරී Thursday, 24 March 2016 11:10 PM

මේ ලියුම ස්ථාන මාරුවීම ලැබීමට පෙර නිකුත් කරන්න අැති. (අ)

:       0       0

නිම්මි Friday, 25 March 2016 12:15 AM

මේ ලංකා ගුරු සංගමය දැන් කරන්නේ පරිපාලනයට අඟිලි ගැහීමනේ..මෙය ගරු අගමැතිතුමගේ අවදානයට යොමුවිය යුතුයි (අ)

:       0       0

ජෝසප් ඇන්ටන් Saturday, 26 March 2016 06:34 PM

ලියුම් වලට ඕනෑ දිනයක් දාන්න පුලුවන්. ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු රටේ, ඇයට සමහරු සුදුහුණු ගාන්නේ කුමන හේතුවක් නිසාද? (නි)

:       0       0

රොහාන් Thursday, 24 March 2016 01:00 PM

දරුවන්ගේ ඇස පහදන්න ගුරුවරුන්ට මොන කර්නල් පදවිද මේවා තමා ගිය ආණ්ඩුවේ සෝබන වැඩ නමුත් අර සරසවි සිසුන්ට තිබුණු නායකත්ව පුහුණුව නම් හරිම වටිනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 19 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 59 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 97 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 208 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 161 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 465 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site