IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මරුවා විදුලි ස්විචයෙන් එයි

පානදුර තන්නිමුල්ල වටරවුම් පාර හන්දියේ විදුලි පහන් කණුවක ස්විචයක් දැල්වීමට ගිය එක් දරුපියකු  විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අලෙවි නියෝජිතයකු වන තුෂාර අල්විස් නැමත්තෙකි.

358 359  360



අදහස් (0)

මරුවා විදුලි ස්විචයෙන් එයි

ඉසුරන්දි Sunday, 07 June 2015 03:56 AM

නන්දලාල්, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

කාමලිකා කරුණාතිලක Sunday, 07 June 2015 04:58 AM

නන්දලාල් ඔයා යන්න ලංකාවට. ගිහින් කරලා බලන්න ඒ ලයිට් කණුවල ස්විච් දාන වැඩේ ඔය මෝඩ කතා නොකියා. (නදී)

:       0       0

නිහාල් Sunday, 07 June 2015 05:31 AM

නන්දලාල් අවරුදු 15 කින් 20 කින් ලංකාවට ගිහින් නැති නිසයි මෙහම කතා කරන්නේ. බලපත්තරයක් ඉක්මනින් ලැබේවා.! (ර

:       0       0

රුවන් Sunday, 07 June 2015 05:45 AM

නන්දලාල් ලංකාවෙ නෙමෙයි වගේ. (ර)

:       0       0

දුමින්ද Sunday, 07 June 2015 06:21 AM

කාගෙත් දොස නිසා වටිනා ජිවිතයක් නැති වුණා (ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 06 June 2015 12:54 PM

පව්, අසරණයා, ඒක එයාගේ රාජකාරියක් ද ? කවුද එයාට පාරේ ලයිට් දල්වන්න උපදෙස් දුන්නේ ? බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ඔහොම වෙනවලු.(නදී)

:       0       0

අෂාන් Saturday, 06 June 2015 01:13 PM

නන්දලාල් - ට පිළිතුරක් කොළඹ, ටවුන්වල වගේ නෙවෙයි ගම් වල, අතුරුපාරවල් වල තියන ලයිට් දාන්නේ ඒ පැත්තේ මිනිස්සුමයි. ඕෆ් කරන්නෙත් එයාලමයි. ඒ වැඩේ ලේසි වෙන්න සාමාන්‍ය ගෙවල්වල තියනව වගේ ස්විච් එකක් තමයි දැන් කනුවෙ හයි කරන්නේ. අපේ හන්දියේ තියන ලයිට් එක දාන්නෙත් අපි. ඉතිං මේ නැතිවුන කෙනෙත් සුපුරුදු විදිහට ලයිට් එක දාන්න හෝ ඕෆ් කරන්න යන්න ඇති. (නදී)

:       0       0

නන්දන Saturday, 06 June 2015 01:24 PM

නන්දලාල් මේ ප්‍රංශෙ නෙවෙයි... බූරුවෙක් වගේ බූරු කතා කියන්න එපා(නදී)

:       0       0

තන්ත්‍රී Saturday, 06 June 2015 01:36 PM

අප විසින් මුලින් දැමූ කොමෙන්ටුව පලවී නොමැත. මෙම මරණයට සම්පූර්ණයෙන් වග කිව යුත්තේ තන්තිරිමුල්ල ප්‍රාදේශීය සභාවේ පාලකයන් සහ කාර්‍ය මන්ඩලයයි. මෙය ඉතාමත් අනාරක්ෂිත ලෙස සකසා තිබුන ස්විච් එකක් (නදී)

:       0       0

ශාන්ත - කටාර් Saturday, 06 June 2015 01:41 PM

නන්දලාල් , මොලේ ඇතුව කමෙන්ට් දානවනම් කතන්දර අහන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි. ගොන් කතා කියන්න එපා (නදී)

:       0       0

ක්‍රිස් Saturday, 06 June 2015 03:54 PM

හිටපු ජනපති ජයවර්ධන මහත්තයා කිව්වේ තමාගේ ආරක්ෂාව තමාම සළසාගත යුතුබවයි.මේ මහත්තයාත් ටිකක් ආරක්ෂා සහිතව මේ වැඩේ කරන්න තිබුණා.ස්විච් එක අවදානම් බව දැක්කා නම්. කෙසේනමුත් ඔබට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

රොෂාන් Saturday, 06 June 2015 04:15 PM

නන්දලාල්, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 06 June 2015 04:41 PM

අනේ පව් මේ පවුල දැන් අසරණයි (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 06 June 2015 05:13 PM

ඔහුට නිවන් සුව පතමු !!! (නි)

:       0       0

නිහාල් Saturday, 06 June 2015 06:48 PM

කවුරුහරි විදුලි බුබුල නිවාදැමිය යුතුයි. නැත්නම් මුළු දවසම දැල්වෙනවා.ගම්වල රෑට දානවා උදේට නිවනවා.ඔහු රටේ හොඳ පුරවැසියෙක් ,ඔබේ විපත කම්පනයක්.ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

රණබාහු Saturday, 06 June 2015 08:19 PM

නන්දලාල් කියන්නේ ඉස්සර මෙහෙ හිටපු පුදුම මෝඩයෙක්.අපේ ගෙවල් ළඟ පහන් කණුවේ ස්විචය දා ගන්නෙත් අපිම තමා. (නි)

:       0       0

චමිල් Saturday, 06 June 2015 09:14 PM

නන්දලාල්,ඔයා ඉන්නේ ප්‍රංශයේද? මේ අනතුර නම් වෙලා තියෙන්නේ ලංකාවේ (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 06 June 2015 09:42 PM

අෂාන්,"මොළේ තියෙන මනුස්සයෙක් " හැටියට මගේ ප්‍රතිචාරයට ඔයාගේ පැහැදිලි කිරීම ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා.මෙරටට පැමිණීමට පෙර මා පදිංචි වී සිටි නගරයේ මාර්ගයේ විදුලි පහන් දැල්වීම කළේ මෙම අනතුර සිදුවුණ විදියට නොවෙයි. කොක්කක් සවිකරගත් ලී රිටක් අතින් ගෙන පාපැදියකින් එන පුද්ගලයෙක් විදුලි කණුවක් පාසා, ඉතා උසකින් මුද්දක් සවිකර තිබෙන ස්විචයක් ක්‍රියාත්මක කර විදුලි පහන දල්වනවා. පසුදා උදේ යළි පැමිණ පහන නිවා යනවා. මේ කටයුත්ත නාගරික සභාව සතු වගකීමක් මිස ගම්වාසීන්ගේ වැඩක් නොවන බව කියලයි මා හිතාහිටියේ. වැසි දිනක හෝ කුණාටු පවතින වේලාවක මේ වැඩේ කරන්න ගියොත් සිද්ධවෙන දේ ගෙන කියන්න ඕනෑද? එවිට එහි වගකීම නගර සභාව බාරගන්නවද? (නි)

:       0       0

නිහාල් Saturday, 06 June 2015 09:49 PM

අනේ පවු දෙවියනේ! (නි)

:       0       0

සත්‍යයා Sunday, 07 June 2015 12:45 AM

අපි රණ්ඩු වෙන්නෙත් මෝඩකමට අවාසනාවන්ත ලෙස මිය යන්නෙත් මෝඩකම නිසා. විදුලි කම්බි සහ ස්විච් සම්බන්ධයෙන් අතගහන ඕනෑ කෙනෙක් අමතක කරන්න නරකයි මේක සිරි ලංකාවේ විදුලිය බව. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 07 June 2015 01:11 AM

මෙම මරණයට වගකිවයුත්තේ විදුලිය සපයපු අය. වන්දි මුදලක් ගෙවිය යුතුමයි. (නි)

:       0       0

නිමල් Sunday, 07 June 2015 01:58 AM

මෙය අනවශ්‍ය ඛේදවාචකයක්. මාර්ග විදුලි පහන් අඳුරු වැටෙන විට ක්‍රියාත්මක කර හිරු එලිය වැටෙන විට නිවීම ස්වයංක්‍රීය කළ හැ කියි. අවශ්‍ය වන්නේ රු. 500 වැනි මුදලක්. මෙම කාර්යය සඳහාම නිපදවා ඇති ෆෝටෝ සෙල් ඒකකයක් භාවිතා කිරීමයි . ඉතා හොඳ ගුණාත්මක තත්ත්වයේ මෙවැනි එ්කක අප රටේත් නිපදවනවා. පළාත් පාලන ආයතන මේ ගැන නොදැනුවත් කියා සිතන්නට අපහසුයි. මෙවැනි ඒකකයක් ස්විච්චියකට වඩා කල් පවතිනවා. වැසි දිනවල ස්විච්චියට අත තිබීමෙන් සිදූවන මෙවැනි විදුලි සැර වැදී ම් ඉන් වලකා ගත හැකියි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 258 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 203 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1443 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 371 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 807 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 524 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site