IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මැර කල්ලියක් ගලේවෙල පාසලකට පනී

ගලේවෙල පාසලකට කඩා වැදුනු සිව් දෙනෙකු 10 වසරේ සිසුවෙකුට පහර දී ඇතැයි විදුහල්පති පොලිසියට පැමිණිලි කළේය. 

තුවාල ලත් ශිෂ්‍යයා ගලේවෙල රෝහලෙන් දඹුල්ල රෝහලට මාරු  කර ඇත.

මේ සම්බන්ධයෙන්  සැකපිට ශිෂ්‍යාවකගේ පියෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.



අදහස් (0)

මැර කල්ලියක් ගලේවෙල පාසලකට පනී

වසා Friday, 28 June 2013 08:02 AM

ගුරුවරයෙකුට ළමයෙකුට ගැහුව වගේද අර අහිංසක ගව සම්පත විඳින දුක.අපි වැඩි අවධානය යොමුකරන්න ඕන ගවයින්ට.(අ)

:       0       0

රූපවතී Friday, 28 June 2013 08:20 AM

මොන පලහිලව් තිබුනත් කුළු හරක් වගේ පාසලට පැනලා ගහපු එක වැරදියි. විදුහල්පතිට පැමිනිලි කරන්න තිබුනා ,බුද්ධිමත් විදියට (නි)

:       0       0

වරුණ Friday, 28 June 2013 08:27 AM

මොක වුනත් ඉස්කෝලේ ඇතුලට ඇවිල්ලා ගහනකන් යාලුවෝ බලන් ඉදලද?අපේ පාසල් කාලේ ඔයවගේ ඉස්කෝලේ ඇතුලට ඇවිල්ලා ගැහුවා නම් ආපහු ගහලා යනවා බොරු... (නි)

:       0       0

අමිල කටුනායක Friday, 28 June 2013 08:28 AM

කාංචනටත් මාර ප්‍රවෘත්ති තමයි ලැබෙන්නේ (නි)

:       0       0

ගයා Friday, 28 June 2013 08:40 AM

මුන්ව අල්ලලා එල්ලලා මරන්නේ නැත්තේ මොකද? දැන් ලංකාවේ ජීවත් වෙන්නේ බැහැ කොහොමත් මිනිස්සුන්ට නෙවේ සතෙක්ට වත්. මේ රටම විනාශ කරලා ඉවරයි.(නදී)

:       0       0

ගමගේ Friday, 28 June 2013 01:54 PM

වසා කියන කතාව හරියට හරි. මේක තමා දැන් රට යන දිශාව. වැල යන හැටියට මැස්ස ගහන බහුතරයක් අතරේ සාදාරනය කතා කරන එකා අමාරුවේ. ඊයේ දැක්කනේ ඇප ලැබීච්ච කෙනා පිළිගන්න හිටපු ගොඩ. ඉතින් අපේ රට හැදෙයිද ? (නි)

:       0       0

ඨි. සෙනෙවිරත්න Friday, 28 June 2013 08:58 AM

වරුණ ඔබ හරි (අ)

:       0       0

කෝසල Friday, 28 June 2013 09:15 AM

වරුණ නිවැරදියි. ‍ගැටළුව මොකක් වුණත් පාසලෙන් පිටතදී විසදාගන්න තිබුණා (නි)

:       0       0

පතිරාජා Friday, 28 June 2013 09:24 AM

මම නම් දකින්නේ මේක මාධ්‍ය වල වැඩි දියුණුවක්. සෑම ප්‍රාදේශීය ප්‍රවෘත්තියක්ම ගලාගෙන එනවා සැනෙකින්.මෙය සමාජට වෙන සේවයක්. මේත් සමග සමාජීය පුනරුත්තාපනයන් අවශ්‍ය වෙනවා මේවට සමගාමිව. එසේ නොවුනහොත් ලෝකය දකින්නේ දුෂණය වෙච්ච රටක් හැටියට. එසේ නොමැතිව මේවා මාධ්‍යයට යන එක නතරකරන එක නොවෙයි. (නි)

:       0       0

චාන් Friday, 28 June 2013 09:35 AM

පහර දීමට හේතුව හිතාගන්න පුළුවන්, දැන් දුවට මොනවා හිතෙනවා ඇද්ද?. මෝඩ පියාට දැඩි දඩුවම් දිය යුතුය.(නදී)

:       0       0

බන්දුල Friday, 28 June 2013 09:37 AM

වසාට වයර් මාරු වෙලා වගේ..ගව ගාතනය වලක්වන්න දරන උත්සාහයට සමච්චල් කරන්න එපා. ඔයාල වගේ හරක්වත් මරණෙන් බේරන්න තමයි හාමුදුරුවරු මේ සටන ගෙනියන්නේ. හරකෙක් වුනාට තප්පුලන්න එපා.හරක් මරණ එවුන්ට අහු උනොත් හෙට උදේට කොක්කේ තමයි (නි)

:       0       0

සෑම් Friday, 28 June 2013 09:40 AM

වසා මොහොමඩ්ට, හරක් මස් කෑල්ලක් පිඟානේ නැතිවීම දරාගන්න බැරි දුකක් වගේ... අනේ පවු (නි)

:       0       0

නීල්-නසාර් Friday, 28 June 2013 09:57 AM

ගුරුවරුන්ගේ මවිල් ගහක් හෙලවුනත් ඒ වෙනුවෙන් හඬ නගන විරෝධතා දක්වන බඩගෝස්තර වාදියෝ ළමයෙකුගේ ප්‍රශ්නයකදී ඇටිකෙහෙල් කාපු රිලව් වගේ.(නදී)

:       0       0

ටිකිරි Friday, 28 June 2013 10:14 PM

ඔය ඉස්කෝලේ බාලිකාවක්ද ? අපේ ඉස්කෝලෙට ඇවිල්ලා සෙල්ලම් දැම්මා නම් බලාගන්න තිබුනා කරන දේ . (නි)

:       0       0

රිෂාර්ඩ් Friday, 28 June 2013 03:47 PM

අනේ සෑම් මොකද ?අකුරු පටලවලා ඔයා හරකා ගේ පැත්තට හැරුනේ ඔයා කොහොමද දන්නේ එයා මොහොමඩ් කියලා ඒ ගොල්ලන් විතරද ඒවා කන්නේ ?(නදී)

:       0       0

විමල් කුමාර Friday, 28 June 2013 04:42 PM

අපි හැම පැත්තම බලන්න ඕනේ . මොකද ඉස්කෝලවල ඉන්න සමහර මැරවරයන්ගේ පුතාලත් මැරවරයෝ . ගුටිකාක්පු පිරිමි ළමයත් අහිංසකයෙක් වෙන්න බැහැ . අර ගැණු ළමයට කරදර කලද දන්නේ නැහැනේ . මම දන්නා කෙනෙකුගේ දුවකුට ඔය වගේ ප්‍රශ්නයක් ඇවිත් පොලිසි යන තරමට වැඩේ දිග් ගැහුනා . ගුරුවරුත් දැන් අපේ කාලයේ වගේ ළමයින්ට දඬුවම් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ . මොකද ළමයෙකුට දඬුවම් දුන්නොත් ඊළඟට දෙමාපියෝ බොරුවට ලමයව රෝහල් ගත කරලා ගුරුවරයා උසාවි ගෙනියනවා . එහෙම සිද්ධි කීපයක් ලංකාවේ පසුගිය කාලයේ සිදුවුණා . අන්තිමට දුවලව බේරගන්න ඔය විදියේ වැඩ තමයි තාත්තලට කරන්න සිද්ධ වෙන්නේ . මොනවා වුනත් ඉස්කෝලෙකට ඇතුල්වෙලා ඔයවගේ වැඩක් කල එක වැරදියි . (අ)

:       0       0

රූපවතී Friday, 28 June 2013 05:55 PM

වසා ...වැඩිය පාර්ට් දාන්න එපා ?බලාගෙන රිස්වාන් එහෙමත් ඔයපැත්තේ හිටිය, අද රෑම ඔයාව දක්කයි මස් කඩේට...? එහෙම උනොත් ...? අනේ මට මැවිලා පේනවා සැමුයි, වසායි, බෙල්ල කඩාගෙන යකඩ කොක්කේ එල්ලිලා ඉන්න හැටි ...? (අ)

:       0       0

අසේල Friday, 28 June 2013 07:58 AM

ඔහොම යන් ඔහොම යන්, අපි බනිමු සුද්දට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 225 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 228 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 91 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1330 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1582 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 137 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site