IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මාර පුතෙක් :මවට ගසා මළැයි බෝක්කුවක් යට දාලා

හැත්තෑහැවිරිදි  පස් දරු මවකට පහර දී  මිය ගියැයි සිතා  තඹුත්තේගම  බෝක්කුවක් යටට දමා ගිය බව කියන  හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන පුතා එම සිද්ධියෙන් දින 18 කට පසුවද අත්අඩංගුවට ගෙන නැතැයි අසල්වැසියෝ කියති.

සන්ධ්‍යා මේබල් වික්‍රමසිංහ මතාව හා ඇගේ තවත් පුතකු පොලීසියට කියා ඇත්තේ  හිටපු කොස්තාපල්  මව පදිංචි නිවස හා දේපොළ ඉල්ලා කරදර කරන බවට  පොලීසියට පැමිණිලි කිහිපයක්ම කැර ඇති බවයි.

පසුගිය 23 වැනිදා ඇයට පහරදීමෙන් පාදයක් කැඩී ඇතැයි ද  රෝහලේදී සැත්කමක් කැර ඇතැයි ද වෛද්‍යවරු කියති.

තඹුත්තේගම රැජන හන්දියේ  ගල්නෑව පාරේ බෝක්කුවක් යට කෙදිරිගාමින් සිටි මෙම කාන්තාව  දුටු ගැමියෝ පිරිසක් ඇය රෝහලට බාර දුන්හ.

ඇගේ පුතා බව කියන හිටපු කොස්තාපල් උතුරුමැද පළාත් සභාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවෙකි ද ගැමියෝ පවසති.

manjula1

මව දමා ගිය බව කියන බෝක්කුව

manu2

 

 

 



අදහස් (0)

මාර පුතෙක් :මවට ගසා මළැයි බෝක්කුවක් යට දාලා

දයාල් Sunday, 10 August 2014 06:08 AM

අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු දරුවෝ මෙහෙමද හැසිරෙන්නේ? (නි)

:       0       0

කණිෂ්ක Sunday, 10 August 2014 06:15 AM

මේකා නම් මාරම පුතෙක් තමයි (නි)

:       0       0

රෝහණ Sunday, 10 August 2014 06:28 AM

නුතන අජාසත්තලා තමයි. මේ. ආනන්තරීය පාපකර්මයක් කරගෙන තියෙන්නේ. (නි)

:       0       0

මධුභාෂිනී Sunday, 10 August 2014 06:33 AM

අම්මා අප්පච්චි මහන්සිවෙලා උපයලා නිවහනක් හදලා දීලා, ලොකුමහත් කරලා, සමාජයට දුන් පුතණ්ඩියා හැසිරුන හැටි අපුරුයි. මෙහෙම පුත්තු පමණක් නොවෙයි දුවරුත් ඉන්නවා. (නි)

:       0       0

සුභා Monday, 11 August 2014 11:38 AM

අනේ පව් මේ වගේ අයට මිහිපිටම පඩිසන් දෙන්න ඕනේ (නදී)

:       0       0

තිලා Monday, 11 August 2014 05:05 AM

මහා ලොකුවට පුරසාරම් කියනවා ලෝකෙම් උතුම් රට දර්මද්වීපය අර දීපේ මේ දීපේ කියලා. හැබැයි අහන්න ලැබෙන්නේ අපායේ වත් අහන්න නැති දුක් වේදනා. (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Sunday, 10 August 2014 06:46 AM

අම්මෝ! දේශපාලඥයන්ගේ ප්‍රබල ආධාරකරුවනුත් අත්අඩංගුවට අරගෙනද? (නි)

:       0       0

ටිරෝන් Sunday, 10 August 2014 06:47 AM

මේ වගේ කාලකන්නි අද අපේ රටේ ඕනෑ තරම් ඉන්නවා මුන්ව කොහේ හරි ලැයිස්තුවකට ඇතුලත් කරලා හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් අද රටට අවශ්‍යයි. අඩුම තරමින් සමාජයෙන් කොන් කරලා හරි දමන්න ඕනේ. නීතියක් නැහැනේ ඕවාට. අනික ඉතින් එතනත් දේශපාලනේ ගෑවිලානේ (නදී)

:       0       0

ක්‍රිෂාන් Sunday, 10 August 2014 07:01 AM

මේ පුතෙක්ද ඇත්තටම? (නි)

:       0       0

කුමාරි Monday, 11 August 2014 05:17 AM

බත් සහ කිරි රස දෙකම නොදන්නෝ....මිනිසත් බව ලැබ කුමට උපන්නෝ..? (නදී)

:       0       0

නස්රී Sunday, 10 August 2014 03:39 PM

බැරිද බනක් කියල මේ මිනිසුන්ව යහ මග ගන්න. (නදී)

:       0       0

ගිහාන් Sunday, 10 August 2014 07:19 AM

අනුන් හම්බකළ දේවල් බලෙන් ඉල්ල‍ාගෙන තමන්ට අයිතිකරගන්න තරම් ලැජ්ජාවක් නැති පිරිසක් අද බිහිවෙලා. අම්මා අප්පාගේ ගුණය දන්නේ නැහැ. (නි)

:       0       0

චානුක ප්‍රේමතිලක Monday, 11 August 2014 12:27 PM

හැබෑවටම මේ නම් වසලයෙක්. (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 10 August 2014 07:30 AM

මෙයින් පෙනෙන්නේ ගුණධර්ම පිරිහීමක්. ගුණධර්ම පිරිහෙමින් යන සමාජයකට අවශ්‍ය අධ්‍යාත්මික නායකත්වයක්. එහෙත් අපේ හාමුදුරුවරුන් කරන්න යන්නේ දේශපාලන නායකත්වයක් ගොඩ නගන්න තැත් කිරීමක්. (ස)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 07:32 AM

ඉතාම කණගාටුදායක පුවතක්. තමන් වපුරාපු වී තමයි අස්වනු වෙන්නේ. (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 10 August 2014 04:36 PM

වර්තමාන බහුතර අපේ රටේ ජනයා මත්කුඩු වලින් හා මත්පැන්වලින් මත්වෙලා ඉන්නේ. කියන්නේ කරන්නේ මොනවද කියල දන්නේ නැහැ. මහ පාරේ ගමන් කරන යාචකයාව මරල මුදල් අරන් මත්පැන් බොන ජන කොටසක් එක්ක තමයි අපි අද ජිවත් වෙන්නේ. මේ අයව යහමගට ගන්න ඉන්න ඇත්තොත් අයාලේ ගිහින්. යහපත් මිනිස් පරපුරක් ගොඩ නගන්න නම් යහපත් පාලනයක් අවශ්‍යයි (නදී)

:       0       0

සඳුන් පෙරේරා Sunday, 10 August 2014 07:49 AM

පොලිසියේ ඉන්න කාලේ කොහොම ඇද්ද? (නි)

:       0       0

එස්.සී ප්‍රනාන්දු Monday, 11 August 2014 01:50 PM

හැමදාමත් පිටරට ජීවත් වෙන්න බැහැනේ. යුරෝපයේ සංස්කෘතිය, හැදියාව, හැකියාව අතින් දියුනුයි කියා පිළිගන්නවා. නමුත් මගේ රට මට වටිනවා. (නදී)

:       0       0

ඩයස් Sunday, 10 August 2014 06:05 PM

මේයා අම්මගෙන්ම කිරි බීල බීපු කිරි වල ගුනේවත් දන්නේ නැති පුතෙක්(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 10 August 2014 08:21 AM

මේ යුරෝපා රටවල ලංකාවට වඩා උසස් සංස්කෘතියක් සහ චර්යා රටාවක් තියෙනවා. මෙහෙ හැදෙන අපේ ළමයින් ගැන අපිට හරිම ආඩම්බරයි. (නදී)

:       0       0

ප්‍රශාන්ත Monday, 11 August 2014 07:04 AM

බීපු කිරිවල අගය නොදන්නා තිරිසන්නු (නදී)

:       0       0

සත්‍යා Monday, 11 August 2014 07:23 AM

මේවා ඉස්සර කාලෙත් උනා,අදත් වෙනවා,හෙටත් වෙයි. මේවට රට ජාතිය ආගම කුලය බලපාන්නේ නැහැ. බටහිර වගේම ආසියාවේත් ඒ වගේම ලෝකයේ අනිත් රටවලත් මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවා. මේවට බලපාන හේතුන් හොයලා බලලා නිවැරදි කිරීම තමයි වෙන්න ඕනා. (නදී)

:       0       0

පද්මිනී Sunday, 10 August 2014 08:50 AM

අද වනතුරු මේ පොලිස් පුතාගෙන් කොපමණ පීඩා විඳින්න ඇතිද? පනාගොඩ කියා තිබෙන දේ මමත් අනුමත කරනවා. මෙහෙ දරුවන් අවුරුදු 18න් පසු උසස් අධ්‍යාපනයට පිට වුනාම නැවත ආපසු ගෙදර එන්නේ නැහැ. වෙනම පදිංචි වෙනවා. මෙහෙම අවුල් නැහැ. (නදී)

:       0       0

නුවන් Monday, 11 August 2014 07:44 AM

මේ වගේ අයට යන්න වෙනම අපායක් හදන්න වෙනවා (දී)

:       0       0

රොෂාන් Sunday, 10 August 2014 09:07 PM

පවුවලින් නරකම පව වන ආනන්තරීය පාපය මෙම අජාසත්තට ලැබී අැත. මෙය ගෙවිය නොහැකි පවකි (නි)

:       0       0

ජනක Monday, 11 August 2014 04:48 PM

ඔහු නම් අනිවාර්යයෙන්ම දඩුවම් විිඳිය යුතුය‍ි (නි)

:       0       0

දිනේෂ් Sunday, 10 August 2014 09:29 AM

අපේ රටේ ළමයින්ට අතට පයට කරලා දීලා නරක කරගන්නේ දෙමව්පියන්මයි. නැහැ බැහැ නොකියා ඉල්ලන ඉල්ලන දේ දීලා හැදෙන දරුවන් ඊළඟට ඒවා නොලැබුන තැන මේ වගේ තිරිසන් වැඩ කරන්නේ. පිට රටවල් වල යන්තම් වයස 13/14 වෙනකොට ළමයින් අර්ධ කාලින රැකියා කරලා තමන්ගේ වියදම සොයා ගන්නවා. මෙහෙ දරුවන්ට වගේ දෑවැද්ද දේපල ලැබෙන්නේ නැහැ. (දිල්)

:       0       0

කවිෂ්ක Monday, 11 August 2014 05:18 PM

මෙයාව නම් තියන්න වටින්නෙ නැහැ (නි)

:       0       0

දසුන් Monday, 11 August 2014 12:47 AM

නෑ...නෑ ..මෙයා හොදට අම්මට කීකරුව හිටපු කොල්ලෙක්. මේක උනේ මෙයා පොලිසියට ගියාට පස්සේ. පසුව දේශපාලකයා ලගට ගියාට පසු අම්මත් අමතක උණා (නදී)

:       0       0

නිමේෂා Sunday, 10 August 2014 09:53 AM

මේ අම්ම දිහා බලන්න කොච්චර දුක හිතෙනවද ? (නදී)

:       0       0

රූපවතී Monday, 11 August 2014 08:46 AM

අනිකුත් යුරෝපා රටවල නිදහසට උඩුබුරන්න පෙර තම රටේ කාන්තාවන්ට ගරු කරන හැටි ඉගෙන ගන්න. උතුම් පිරිමියෙක් හැටියට තම මවට සොහොයුරියට , බිරිඳට, දියණියට මේ සැමට ගරුකරන්න. අසරණ ශ්‍රී ලංකාවේ, කාන්තාවගේ ඉරණම තව වසර 10න් විසදෙන හැටි අද සමාජය දෙස බැලුවාම අපිට පේන කිව හැකියි? එයයි යතාර්ථය. තවත් ඇමරිකාවක් බිහි කරන්න අතදෙන සියල්ලටම කියන්නේ තම පව්ලේ කාන්තාවට මෙන් අසල නිවසේ කාන්තාවට ගරු කලාම ඔබ මුළු සමාජයටම ගරු කරන පුද්ගලයෙක් වෙන්නේ ඉබේමයි. එයයි මා ඔබෙන් බලා පොරෝත්තුවෙන්නේ කාන්තාවක් හැටියට. මාද ඒ හා සමානව පිරිමියාට ගරුකරමි. (නදී)

:       0       0

චමින්ද Sunday, 10 August 2014 10:18 AM

මේ නරුම පුතාව ආරක්ෂා කරනවට, පලා බබාටත් කවදා හරි විදවන්න වෙවී.(නදී)

:       0       0

ජිලාන් Monday, 11 August 2014 02:28 AM

මේ පුතාට පිරිමියෙක් හැටියට තමන්ගේ කියලා ගෙයක් දොරක් හදාගන්න බැරි ඇයි? ලංකාවේ පුදුම නීති හදාගෙන තියෙන්නේ.ගෙදර ලී බඩු ලොකු දුවගේ දෑවැද්දට, අම්ම‍ාගේ රත්තරන් බඩු පොඩි දුවගේ දෑවැද්දට , කුඹුර ලොකු පුතාට , මහගෙදර බාලයාට ආදී වශයෙන්. ඉතින් ළමයින් කැමති නැහැ මහන්සි වෙලා තමන්ගේ දෑවැද්ද සහ ගෙවල් දොරවල් හදාගන්න. මම කියන්නේ අපි මේ ක්‍රමය ඉදිරියට එන පරම්පරාවට හරි කියලා වෙනස් කරවා ගන්න ඕනෑ. (නි)

:       0       0

රූපවතී Sunday, 10 August 2014 10:43 AM

මට නම් මේවට ලියන්න වචන ගලපා ගන්න බැහැ, ලීවොත් ඒ ව අපේ කතෘ තුමාට කොහොමට වත් බැහැ පත්තරේක පල කරන්න. අද මම එක අතකින් ගොඩාක් සතුටු වෙනවා මේවා දැක්කම. ඇයි ඒ අද මම මගේ දරු පැටවුනුත් සමග විදේශයක ජීවත් වෙන නිසා. මම මගේ දරුවනුත් ඔය පාපතරයන් අතරේ ජීවත් උනානම්, ඒවායින් කොටසක් මගේ දරුවොනුත් භුක්ති විදලා ඒ වගේ ප්‍රති විපාක මගේ දරුවන් නෙලා ගන්න කොට මට හූල්ලල මැරෙන්න වෙනවා. එ්ත් අද මට ෂුවර් යුරෝපා රට වල තියන හැදියාව. යහපත් මිනිස් අයිතිවාසිකම් සමග ගුණයහපත් කම් සමගින් ලොකුවන මගේ දරුවන්ගේ කාටවත් අතනොපා, වැඩිහිටියන්, දෙගුරුන් සරණේ, ජීවිත ආලෝකමත් කියන හැගීම මට සැනසීමයි. මගේ දරුවන්ට තෙරුවන් සරණයි (නදී)

:       0       0

නස්රුදීන් නිසාම්ඩීන් Sunday, 10 August 2014 10:53 AM

අපේ හාමුදුරුවනේ මේකයි මින්සුන්ගේ තත්වය. කරුණාකර ඔය මඩ ගොහොරු දේශපාලනයට අන්‍ය ආගම් විරෝදින්ට වඩා දර්මයේ මාර්ගයෙන් මිනිසුන් හදන්ඩ. මේ ආයාචනය විශේෂයෙන්ම බොදු බල සංවිදානය, රාවනා බලය වැනි හාමුදුරුවන්ගේ අවදානය පිණිසයි.(නදී)

:       0       0

සලීත් Monday, 11 August 2014 03:14 AM

පවුවලින් නරකම පව වන ආනන්තරීය පාපය කරලා ඉවරයි. මේ පව කවදා හරි දවසක තමන්ගේ දරුවන්ගෙන්ම පොලියත් එක්කම ලැබෙයි. (නදී)

:       0       0

ජානකී Sunday, 10 August 2014 11:05 AM

මේ අම්මට මල් තියලා වදින්න ඕන මැරුනේ නැති හින්දා. බැරිවෙලා වත් මැරුණා නම් අර පුතා කරගන්නා අකුසලේ බලයෙන් කල්පයක් නිරයේ පැහෙන්න තිබුනා. (නදී)

:       0       0

සුගුනවති Sunday, 10 August 2014 11:35 AM

පේනවා නේද මේ තිරිසනුන්ගේ තියෙන හැදියාව. තමන්ගේ අම්මට මෙහෙම කරන්න පුළුවන් පාහරයින් පිට මිනිස්සුන්ට මොනවා කරාවිද? (නදී)

:       0       0

රාවණ Monday, 11 August 2014 03:28 AM

මෙතන අදහස් දක්වල තියෙන සමහරු කියනවා යුරෝපා රටවල උසස් සංස්කෘතියක්, හැදියාවක් තියෙනවලු. තමන්ගේ මාතෘභූමියට නින්දා කරන්න එපා. ඇමරිකාවේ මර්ඩර් කේස් එකකට දඬුවම උපරිම අවුරුදු 20 යි. මෙහෙ ජීවිතාන්තය දක්වා. එහෙ අපරාධකරුවෙකුට මරණ දණ්ඩනය දෙන්නේ මිනිස්සු 50ක්,60ක් විතර මරල ස්ත්‍රී දුෂණ විශාල සංඛ්‍යාවක් කරාට පස්සේ. මෙහෙ එක මර්ඩර් එකටත් ජීවිතාන්තය දක්වා දෙනවා. එහෙ බන්ධනාගාර වලින් නිතරම පැනල ගිහින් ආයෙත් අපරාධ කරනවා. මෙහෙ ලේසියෙන් පැනල යන්නත් බැහැ. එහෙ මහපාරේ ෂුට් කරගන්නවා. ඉතාලියේත් කොච්චර අපරාධ වෙනවද? නිකන් බොරුකියන්න එපා. (නදී)

:       0       0

රසික පුෂ්ප කුමාර Sunday, 10 August 2014 12:00 PM

අත් දෙකම කපන්න ඕනේ (නදී)

:       0       0

මැක්ෂි -කටාර් Sunday, 10 August 2014 12:15 PM

පුතාව මේ වගේ තැනකට ගේන්න කොපමණ මහන්සි වෙන්න ඇද්ද ? (නදී)

:       0       0

දර්ශන Monday, 11 August 2014 03:51 AM

ඇමරිකාවෙත් සෑම විනාඩියකටම ස්ත්‍රී දුෂණ 10ක් පමණ සිදුවන බව පුවත්පතක් මෑතකදී වාර්තා කර තිබුණා. වසර 2500 කටත් පෙර සිටම උසස් සංස්කෘතියක්, සභ්‍යත්වයක්, උසස් ශිෂ්ටාචාරයක් තිබුණු, මනුස්සකම තිබුණු මිනිසුන් සිටිය අපේ රට පහත් කාමුක, පරගැති සිරිත් පුරුදුකොට විනාශකලේ ඔය උසස්ය කියන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තමයි. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 12:24 PM

මේක දැන් එළිපිට නිරයක් වෙලා. (නදී)

:       0       0

සනත් Monday, 11 August 2014 03:56 AM

ඇමරිකාවේ මිනිස්සු මහපාරේ කොච්ච්චර වෙඩි තියාගන්නවද? එහෙ පොලිසියටවත් ඒවා පාලනය කරන්න බැහැ. වෙඩි වැදිලා මනුස්සයෙක් පාරේ වැටිලා හිටියත් කවුරුත් උදව්වට එන්නේ නැහැ එහෙ. දැක්කේ නැහැ වගේ ලඟින් යනවා එහෙ මිනිස්සු. ඒ රටවල වැඩි දෙනා ආත්මාර්ථකාමියි. (නදී)

:       0       0

චින්තා Tuesday, 12 August 2014 12:00 AM

මේ වගේ ළමයි මොන හිතකින් මේ අසරණ අම්මාට ගහන්න ඇද්ද? (නි)

:       0       0

විජය Monday, 11 August 2014 04:03 AM

කියන්න කණගාටුයි. සමහර බටහිර රටවල පාසල් ශිෂ්‍යයන් තම සහෝදර ශිෂ්‍යයාවන් වගේම තමන්ගේ මව වැනි ගුරුවරියන්ද පන්ති කාමර වලදී රංචු ගැසී දුෂණය කරන බවට ප්‍රවෘති නිතරම පාහේ වාර්තා වෙනවා. (නදී)

:       0       0

හේරත් Tuesday, 12 August 2014 12:30 AM

මෙහෙම අයත් මිනිස් ආත්ම ලබනවානේ? (නි)

:       0       0

ෆෞස් Monday, 11 August 2014 10:48 AM

හෙන ගහන අපරාදයක්නේ (දී)

:       0       0

සතිස් Sunday, 10 August 2014 05:59 AM

ලංකාවේ දේශපාලනය කරන්න හොදටම සුදුසුකම් තියෙනවා මේ පොලිස් පුත්‍රයාට.(නදී)

:       0       0

වසන්ත Sunday, 10 August 2014 06:03 AM

අපේ හාමුදුරුවනේ මේකයි මින්සුන්ගේ තත්වය කරුණාකර ඔය මඩ ගොහොරු දේශපාලනයට වඩා දර්මයේ මාර්ගයෙන් මිනිසුන් හදන්ඩ. මේ ආයාචනය විශේෂයෙන්ම මහා නායක හාමුදුරුවන්ගේ සහ, බොදු බල සංවිදානය, රාවනා බලය වැනි උගත් දක්ෂ හාමුදුරුවන්ගේ අවදානය පිණිසයි. (නදී)

:       0       0

තරිඳු Monday, 11 August 2014 04:25 AM

"නස්රී" ඒක කිව්වේ කින්ඩියටද මන්දා (නදී)

:       0       0

නන්ද Sunday, 10 August 2014 06:04 AM

ඔවු සතිස් , මේ පුත්‍රයා ඉගෙනගෙන තියෙන්නේ වෙන මොකක්ද පොතකින්. (නි)

:       0       0

ධනුෂ්ක වර්ණසුරිය Sunday, 10 August 2014 01:55 PM

මෙයාට යන්න අපායක් නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1767 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2188 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2908 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1281 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 274 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site