IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මරු සිරා‘ ‘හැකරයා‘ රිමාන්ඩ්

ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්.මරුසිරා.කොම් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ගනුදෙනුකරුවන් වූ තරුණයන්ට මෘදුකාංග හා පිවිසුම් කේත විකිණූ බව කියන පරිගණක හැකරෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සංගප්පුලි මහතා විසින් මැයි දෙවැනිදා වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.

යුද හමුදා බුද්ධි අංශය මගිනක් පසුගිය මාර්තු තුන් වැනිදා රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මහනුවමර ධර්මාශෝක මාවතේ ගයාන් රෝෂාන්ත සිල්වා අප්‍රේල් 29 වැනිදා එසේ අත්අඩංගුට ගත් බවත්, ඔහු මෘදුකාංග හා පිවිසුම් කේත තම ලියා පදිංචි ගනුදෙණුකරුවනට විකුණා ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

අනුන්ගේ වෙබ් අඩවිවලට හොරෙන් ඇතුළු වීම සඳහා අවශ්‍ය මෘදුකාංග සැපයූ ඔහු ඒ සඳහා උපදෙස් දී ඇතැයි ද උසාවියේදි කියැවිණි.

නීතිවිරෝධි ලෙස අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවායේ දත්ත මකා ඇති බව ද පොලීසිය උසාවියට දැන්වීය.

පරිගණක භාෂාවෙන් එය ‘හැකර්‘ ක්‍රියාවකි. එසේ හැකර් කැරුණු හෙවත් දත්ත මකා දැමුණු වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණ පැවැත්වෙන බනත්, විනාශයේ හා අපරාධයේ  ස්වභාවය ගැන පරීක්ෂණ පැවැත්වෙන බවත් රහස් පොලීසිය උසාවියට දැන්වීය.

 

 



අදහස් (0)

‘මරු සිරා‘ ‘හැකරයා‘ රිමාන්ඩ්

උසිත් Wednesday, 01 May 2013 08:08 AM

කොටි කලබල කියෙන කාලෙ අත මිට මොලවගෙන යන්න පුළුවන් පිස්තෝලයක් හදපු කොල්ලෙක් හිරේ දැම්ම කතාවක් මට මතක්වුණා මේ සිද්ධිය ගැන ඇහෙද්දි. කරන්න තිබුනෙ මිනිහා හිරේ දාන එක නෙමෙයි. එයාගෙන් වැඩක් ගන්න එක. මෙතනත් එහෙමයි. අනවසර මෘදුකාංග විකුණුවයි කිව්වට ඕවා අපෙ රටේ මිනිස්සුට කතෘභාගයක් තියෙන ඒවා නෙමෙයි. වික්කා නම් වික්කෙ රුපියල් 100ට 200ට. ඒකෙන් වැඩක් වුණෙත් ලංකාවෙම කොල්ලන්ට. අනෙක රජයේ සයිට්වල දත්ත මකන්න දෙයක් නැහැ. ඒවායෙ ඉන්න ක්‍රියාශීලී නෝනා මහත්තුරු ඒවා කළින්ම මකාගෙන තියෙන්නෙ. මොන රජයේ සයිට් එකක්ද හරියට තියෙන්නෙ. විභාග දෙපාර්තමේන්තුවෙ සයිට් එක දැක්කාම කීයකින් හරි ආධාර කරන්න හිතෙනවා කාටහරි කියලා හදාගනින් කියලා. වෙලාවකට හිතෙනවා අහවල් කරුමයක් කොලාටද කියලා මෙහෙම රටක ඉපදිලා මේව දැක දැක ඉන්නේ. (නි)

:       0       0

රජින්ද Tuesday, 30 April 2013 06:44 PM

වරක් මට මතකයි එක ලිපියක තිබුණා, පේස් බුක් වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහිතිබු බොහෝ දත්ත වෙනස්කල හැකර් කෙනෙක්ව එරට පොලිසිය මගින් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී,පේස් බුක් සමගම විසින් එම පුද්ගලයට නඩු නොපවරන ලෙස ඉල්ලීමක්ද කර ඔහුව එම ආයතනයේ මෘදුකාංග ආරක්ෂණ ඒකකයේ රැකියාවකටද තෝරාගෙන තිබුණි. දියුණු රටවල එසේ වුවද ලංකාවේ එසේ නොවේ. (නු)

:       0       0

සුරංග Tuesday, 30 April 2013 06:45 PM

‍මෙවැනි තරුණයින් හිර කර තබන්නේ නැතිව එයාලගේ දැනුමෙන් ප්‍රයොජනයක් ගන්න. (නදී)

:       0       0

තරුක Wednesday, 01 May 2013 05:45 PM

අනේ මන්දන්නේ නැහැ

:       0       0

වාසා Tuesday, 30 April 2013 07:18 PM

මෙයාලගෙන් රජය වැඩ ගත යුතුයි. අවවාද කොට රජයට බදවා ගත්තොත් හොදයි. ඒත් වැරැද්ද නමි බරපතලයි.(නදී)

:       0       0

සදුනි Wednesday, 01 May 2013 09:30 AM

මේ වාගේ දක්ෂයන්ව විනාශ නොකර රජයේ කටයුතු වලට යොදාගන්න. (නි)

:       0       0

ෙරාක් Wednesday, 01 May 2013 10:05 AM

දාලා තියෙන අදහස් 98% කින්ම ඉතාම හොද යෝජනාවක් කරලා තියෙන්නේ. මමත් 100% ක් එකගයි. මේ හොද මොලයක් එයාට අපේ රටේ එයාගේ දැනුමෙන් වැඩක් කරන්න තිබුනා නම් එයා මේ වගේ දේකට පෙළඹෙන්නෙ නැහැ. (නි)

:       0       0

අසේල ජයරත්න Tuesday, 30 April 2013 08:05 PM

ලංකාවේ ගොඩක් වෙබ් අඩවි තියෙනවා මේ වගේ... මම දන්නේ නැහැ මෙයා වෙබ් සයිට් හැක් කලාද කියලා... එහෙම කලානම් වැරදියි.. ඒකට සුදුසු දඩුවමක් දිය යුතුයි..!(නු)

:       0       0

සුනිල් Tuesday, 30 April 2013 08:13 PM

ලංකාවෙ බුද්ධි ගලනයට ප්‍රධාන හේතුව මේක තමයි වෙන රටක මේ වගේ දෙයක් කරලා අහුවුනොත් දඩුවමට දෙන්නේ ඉහළම තැනක රැකියාවක්.. ඔහුට තියෙන දක්ෂතාවය හොද දේකට යොදවන්න.. ලංකාවෙ මොලකාරයන්ට වැඩක් නැහැ.. (නු)

:       0       0

නදුන් Wednesday, 01 May 2013 07:10 PM

මෙයා නම් කවදාවත් වැරදි දෙයක් කරන කෙනෙක් නෙමෙයි, මම දන්න විදියට (නි)

:       0       0

සිරිමල් Wednesday, 01 May 2013 10:42 AM

හැකර් කියන වචනයට නියම ගැලපුමක් " හැකරා". නියමයි. මේ කොල්ලා ගේ මොලේ පාවිච්චි කරන්න ඕනෑ.අපේ අයි ටී පොලිසි ගැන කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

චමත් Tuesday, 30 April 2013 08:37 PM

හොඳ වැඩේ. උල තියන්න වටින්නේ.(නදී)

:       0       0

සාදි Tuesday, 30 April 2013 09:06 PM

මොලය කොතරම් වටින්නේ නමුදු එය නරකට යෙදවීම, උමතු රෝගියකු අතට ගිනි අවියක් දුන්න හා සමානය. නමුත් මොහුගේ බුද්ධිය රහස් ඔත්තු සේවා බුද්ධි අංශ ආදියට ඉතා අගනේය.(නු)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 01 May 2013 07:48 PM

මට ස්ථිරයි ඔය කියන කිසිම දෙයක් සල්ලිවලට විකුණලා නෑ කියලා. (ස)

:       0       0

චමි Wednesday, 01 May 2013 07:53 PM

රජයේ වේබ් අඩවි හැක් කරන්න බෑ. වෙබ් අඩවියක් හැක් කරන්න නම් සරළම ආරක්ෂක විධියක් වත් තියෙන්න ඕන. ගොඩක් රජයේ වෙබ් අඩවි හදල තියෙන්න කිසිම ආරක්ෂක විධි විධානයක් නැතුව. ඉතිං අගුලක් නැති දොරක කොහොමද අගුළු කඩන්නෙ. නරකද මෙයාට හෙඳ පඩියකට හොඳ රස්සාවක් දුන්නොත්.(නදී)

:       0       0

නුවන් ජීවන්ත Thursday, 02 May 2013 06:14 PM

නීති තදයි

:       0       0

නාලක Tuesday, 30 April 2013 03:23 PM

මොහුට අපහාස කරන්න එපා. මොහු රටට වැඩක් ගන්න පුළුවන් බුද්ධිමතෙක්.කරුණාකර මොහුව රජයේ බුද්ධි අංශ වලට සම්බන්ධ කරගන්න.. (නි)

:       0       0

චින්තක Tuesday, 30 April 2013 10:09 PM

රහස් පොලිසියේ මෙයාගේ දැනුම හෝ හැකියාව හා වැරදි පරික්ෂා කරන්න දන්නා කෙනෙක් නැතිව ඇති. මෙයාවම කන්සල්ටන්ට් කෙනෙක් ලෙස ගන්න වෙයි. (නු)

:       0       0

අරවින්ද Saturday, 04 May 2013 02:40 PM

අනේ මන්දා අපේ රට කවදා හැදෙයිද මන්දා. (නි)

:       0       0

කසුන් Tuesday, 30 April 2013 10:16 PM

මෙයාලාගෙන් වැඩක් ගන්න බැරිවෙයි ඉන්ටනෙට් එකෙන් ක්‍රැක් එකක් බාගතකරගෙන ඒක විකුණපු කෙනෙක් වෙන්න ඇති.!(නු)

:       0       0

නිෂාණි Thursday, 02 May 2013 06:43 PM

ගයන් නිදහස් කරලා කියලත් ආරංචියක් තියෙනවා දැන්. ලැජ්ජයි මෙහෙම රටක ඉපදුනාටත්. (නි)

:       0       0

සංජීව Tuesday, 30 April 2013 10:36 PM

මරු සිරා ඩොට් කොම් කියන්නේ ලංකාවෙ තියෙන ඉහළ ආරක්ෂක විධි තියෙන වෙබ් අඩවි එකක්.. මේ අල්ලගෙන ඉන්නෙ තොරතුරැ තාක්ෂණයේ හොද මොලයක්.. මේ වගේ අය රටට ගොඩක් වටිනවා.. නඩු දාලා රටින් එලවන්න.. එතකොට හොද වැඩකරුවන් ටික රට ගියාම බුද්ධිගලනය වෙනවා කියලා කෑගහන්න.!(නු)

:       0       0

මධු Tuesday, 30 April 2013 10:43 PM

රජයේ වෙබ් අඩවිවල දත්ත වෙනස් කරන්න ඇත්තෙත් මෙයාද දන්නේ නැහැ..!(නු)

:       0       0

විජේසිංහ Tuesday, 30 April 2013 03:48 PM

ඔය මොළය හොඳ දේකට යෙදෙව්වා නම් මොකද? (ස)

:       0       0

හර්ෂ Tuesday, 30 April 2013 10:49 PM

අපේ රටේ මේ වගෙ මොල කාරයින්ට කිසිම තැනක් නහැ.මේ වගේ දක්ෂතා තියෙන තරුණයින්ව අපි තව තවත් ඉදිරියට ගෙන යන්න ඕන.හැමෝටම මේ වගෙ දේවල් කරන්න බෑ.මේක රජයට හොද අවස්තාවක් මේ වගෙ දක්ෂ තරුණයෙක්ව රජයට බදවා ගන්න.(නු)

:       0       0

සදරුවන් Tuesday, 30 April 2013 11:07 PM

මම දන්න විදියට මොහු ඉතාමත් හොද බුද්දියක් තිබෙන කෙනෙක් විශේෂයෙන් පරිගණක පිලිබදව.. මම අහල තියෙනවා මොහු තුන් පාරක් වයි.සී.එස් වෙලා ලංකාවට කීර්තියක් ගෙනල්ලා තියෙනවා. සහ මොහුගෙ දැනුම විශාලයි එම නිසා මොහුව නිදහස්කර රට වෙනුවෙන් මොහුගෙන් නුවණ ප්‍රයෝජනයට ගන්න මම හිතනවා ගයාන් කියන්නේ රටට සම්පතක් ඉතා වටිනා සම්පතක් (නු)

:       0       0

මලීෂා Saturday, 15 June 2013 08:10 PM

අයියේ, නියමයි නියමයි, සන්තෝෂයි, මේ වගේ නියම හැකර් කෙනෙක් ලංකාවේ බිහි වුන එක ගැන. ආඩම්බරයි මට අපේ සහෝදරයා ගැන. (නි)

:       0       0

සිංහ Wednesday, 01 May 2013 02:21 PM

මහා කැත නම්නෙ දාලා තියෙන්නේ (දී)

:       0       0

සේනානායක Tuesday, 30 April 2013 04:12 PM

මගේ මිතුරෙක්ගෙත් වෙබ් අඩවියකට ඇතුලුවෙලා ඔහු නොකියපු දේවල් දාලා ජාතින් අතර භේද පවා ඇති කිරීමට තැත්කරලා තිබුණා.. මේ වගේ අය තමයි.. මෙයාලට නිසි දඩුවම් දෙන්න ඕන..!(නු)

:       0       0

නිෂානි Tuesday, 30 April 2013 04:16 PM

විජේසින්හේ ඔයා මොනාද දන්නේ.? (ස)

:       0       0

දමිත Tuesday, 30 April 2013 05:12 PM

මෙයාට දඩුවම් කිරීමට වඩා මෙවැනි දස්කම් ඇති අය පලක් ඇති දෙයකට යොමු කිරීම තමයි වටින්නේ..!(නු)

:       0       0

කුමාර Wednesday, 01 May 2013 10:02 PM

මෙහි ඇති බොහෝ අදහස් අනුව මෙම අපරාධකරු ඇගැයීමට කටයුතු කර ඇති බව පෙනේ. අපරාධකරුවන් උනන්ඳු කරවීම සමාජයට කරන බරපතළ හානියකි. (නි)

:       0       0

උපාලි Wednesday, 01 May 2013 04:10 AM

මේකේ තියෙන අදහස්වලින් වැඩි හරියක් මේ අතිදක්ෂ තරුණයාගේ වටිනාකම තේරුම් ගන්න කියලා කරන ඉල්ලීම්. එදා ත්‍රස්තවාදීන් අද 'රජ වැඩ'. එහෙව් එකේ මේ වගේ සැබෑ විශේෂඥයෙක් විනාශ කරන්න හදන්නේ ඇයි? (නි)

:       0       0

නීරෝ Wednesday, 01 May 2013 05:52 AM

පහුගිය මාස ටිකේ ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහට හැක් කරද්දී හොයාබලන්න කිසිම‍ කෙනෙක් හිටියේ නැහැ. ලංකාවට වැරදුනේ මෙන්න මෙතන තමා... (නි)

:       0       0

නිෂනි Wednesday, 01 May 2013 04:04 PM

මධු, සේනානායක, දන්නා දෙයක් විතරක් කතා කළා නම් හොදයි. (නි)

:       0       0

සරත් Tuesday, 30 April 2013 05:47 PM

මොහු රජයේ තොරතුරු විමර්ශන ඒකකයට සුදුසුයි. (නි)

:       0       1

නිෂාණි Thursday, 02 May 2013 11:04 AM

කුමාර, ඔයාටත් එක්ක කියන්නේ. දන්නේ නැති ඒවාට හොට දාන්න එපා. ඔහු අපරාධකරුවෙක් නොවේ (නි)

:       0       1

අසේල ජයරත්න Tuesday, 30 April 2013 06:02 PM

ලංකාවෙ ඔරිජිනල් මෘදුකාංග ගන්න ගියොත් මෘදුකාංගය විතරයි තියාගෙන ඉන්න වෙන්නේ.. පරිගණකයක් ගන්න වෙන්නේ නැහැ... මොකද සැබෑ මෘදුකාංගය හරි ගණන්... ඒකයි මෙයා රහස් අංක මේ වගේ අනිත් අයට දෙන්නෙ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 34 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 56 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 569 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1315 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 174 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 89 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38402 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site