IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


මාලක යළි රිමාන්ඩ්

ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා නොවැම්බර් 18 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්ඩීන් මහතා නියෝග කළේය.

මාලක සිල්වා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගිය මහේස්ත්‍රාත්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඔහු ඉදිරිපත් කිරීමට ඇති හෙයින් බන්ධනාගාර නිලධරයන්ගේ ආරක්ෂාව යටතේ රිමාන්ඩ් කළේය.

කොළඹ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ඉංජිනේරුවකුට හා ඔහුගේ පෙම්වතියට පහරදුන්නැයි කියන සිද්ධියක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

මාලක යළි රිමාන්ඩ්

සත්‍යපාල Tuesday, 04 November 2014 12:01 PM

ඕනෙම දරුණු වරදක් කරන දේශපාලඥයන් සහ සල්ලිකාරයන් කිසිම ලෙඩක් නැතිව හිර ගෙදර වෙනුවට රෝහලක සිට නිදහස්ව ගෙදර යන්නෙත්, බලයක් මුදලක් නැති ගමේ එකා පොල්ගෙඩියක් කෙහෙල්කැනක් හොරකම් පිළිබඳව සැකකරු වුන විට පොලිස් කුඩුවෙන් රෝහලට ගෙනවිත් පරලොව යන්නෙත් වෙන මොන රටකද හොයල කියනවද කවුරුහරි. (බන්දුල පෙරේරාගෙන් උත්තරයක් අනවශ්‍යයි) (ර)

:       0       0

මාටින් Tuesday, 04 November 2014 12:04 PM

මෙයා මේ පාර නම් කොටලා තියෙන්නේ කෙසෙල් ගහකට. (ර)

:       0       0

චාරු Tuesday, 04 November 2014 01:00 PM

සත්‍යපාල, බන්දුලට කොහේ උත්තර දෙන්නද. දැන් ඇති ලෙඩ්ඩු බලන පෝලිමේ. (ර)

:       0       0

කලූ Wednesday, 05 November 2014 02:47 AM

ජේ ආර් ලොක්කාටත් ,ප්‍රේමදාස උන්නැහේටත් , චන්ද්‍රිකා නෝනා ටත් රටේ මොන ප්‍රශ්න විසඳන්න තිබුනත් මේ විදියට ඇමති බේබිලාගේ හුට පට නම් කඩන් පහත් වුනේ නැහැ. ආවත් මහ එක්කෙනාගේ කනෙන් අල්ලලා හොලවලා හරි ඒ දේවල් දුරදිග යන්න නොදී විසඳා ගත්තා. (අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 05 November 2014 03:03 AM

මේ සිදුවීම ගැන සම්පුර්ණ විස්තර ඒ සිදුවීමේ වීඩියෝ දර්ශන සමගම හෙළිදරව් වී අවසානයි..කලින් ආරක්ෂක අංශයන්ගෙන් කාපු කෑම මහත්තයට අමතක වෙලා ගොඩක් ඉක්මනට..මන් හිතන්නේ ඇමති තුමා මෙයාව සුද්ද කිරීමට යාමේ අවසාන ප්‍රතිපලය ඇමති තුමාට ඉතාම ඉක්මනින් දැකගන්න ලැබෙන්නේ ඇමති තුමාම කිව්ව විදියට ඉස්පිරිතාලේදී කොහොම වෙතත් මොචරියේදී බවට නම් ඉතාමත් හොදින් පැහැදිලියි..(අ)

:       0       0

සමන්ති Tuesday, 04 November 2014 01:44 PM

දැඩි සත්කාර ඒකකයට දමන්න කවූද නිර්දේශ කල අය? (ර)

:       0       0

සමන්ති Tuesday, 04 November 2014 01:55 PM

පොලේ කරවල කඩේ මුදලාලිගේ පුතා මෙහෙම දෙයක් කලානම් කොහොමද?(හේ)

:       0       0

රකිත් Wednesday, 05 November 2014 03:31 AM

ලාමක මාලක මකලාවත් හදන්න බැහැ වගේ..(අ)

:       0       0

අනුරශාන්ත Wednesday, 05 November 2014 03:37 AM

ඔව් ඔව් මමත් දැක්කා ඒ කළු කලුකෝට් මහත්තයා මේ සිද්දියේදී ඉදිරියෙන් ඉන්නවා.(අ)

:       0       0

සෙන්සා Wednesday, 05 November 2014 04:10 AM

තරුණ ළමයි ඔහොම තමයි ටිකක් වෙන්න දගයි.හැබැයි ලංකාවෙි දේශපාලකයින්ගේ හා ඔවුන්ගේ හෙන්චයියන්ගේ ළමයින්ට විතරයි එවැනි දග වැඩ වලට ඉඩ දීලා තියෙන්නේ.අනෙක් අයට පොලිසියෙන් හා උසාවි වලින් නීතිය ක්‍රියාත්මක වෙනවා.(අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 04 November 2014 07:33 AM

මේ වගේ මිනිස්සු දෙමාපියන්ටවත් අවනත වෙන්නේ නැත්තම් එක්කෝ පුනරුත්තාපනවයත් කරලා බලන්න හදාගන්න පුලුවන්ද කියලා. (අ)

:       0       0

මදූ Tuesday, 04 November 2014 07:34 AM

උන හපුලුවා ගිය තැන ගද ගහනවා.(අ)

:       0       0

ට්‍රියෝනි Tuesday, 04 November 2014 07:37 AM

මැතිවරණයකට ඉදිරිපත්වීමට දැන් හොඳටම සුදුසුකම් ඇත. දැන්වත් නවත්තනවාකො .......කෝ ඔය කරන අමන වැඩ අපේ රටේ නාමය විනාශ නොකර (අ)

:       0       0

පී. එම්. සී බණ්ඩාර Tuesday, 04 November 2014 07:38 AM

කොන්දක් තියන මහේස්ත්‍රාත් තුමෙක්.(අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 04 November 2014 07:40 AM

මෙයා ළඟ එන මැතිවරණයට පොදු පෙරමුණට සැහෙන්න ඡන්ද දැන්ම ඉඳලම වැඩි කරනවා වගේ. (හේ)

:       0       0

දර්ශන Tuesday, 04 November 2014 07:44 AM

මෙහෙම දේවල් වෙනවා.(හේ)

:       0       0

එෂාන් Tuesday, 04 November 2014 07:58 AM

ආරංචියේ හැටියට අර බවලතියට අනම් මනම් කියන්න ගිහිල්ලා. (හේ)

:       0       0

ජේමිස් Tuesday, 04 November 2014 03:10 PM

රොෂාන් බීච් එකට යන්න එපා යටින් හුළං අදී. (ර)

:       0       0

ජේමිස් Tuesday, 04 November 2014 03:13 PM

ජෙනී, ඉන්නවා ඉන්නවා. (ර)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 04 November 2014 08:03 AM

මෙච්චර හරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොකද කියලා අපි නම් දන්නවා.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 04 November 2014 08:03 AM

එහෙම පුලුවන්ද?(හේ)

:       0       0

නලීන් Tuesday, 04 November 2014 08:07 AM

මුළු රටේම මෙහෙම කොල්ලෙක් නම් නැතිව ඇති. (හේ)

:       0       0

සිල්වා Tuesday, 04 November 2014 08:12 AM

නීතියට ඉහලින් යන්න නොදෙන එක හොඳයි. (හේ)

:       0       0

දිල්ෂාන් Wednesday, 05 November 2014 04:58 AM

සෙන්සා, දඟ වැඩ වලට අදාළවෙන දේවල් සහ ඒ ගණයට දාන්න බැරි දේවලුත් තිබෙනවා. කාන්තාවක්ගේ අකමැත්ත පිට ඇයට වාචිකව හෝ ලිංගික අතවරයක් කිරීම දඟ වැඩක් නෙමෙයි. බරපතල වැඩක්. අපිත් තරුණයින් තමයි . ගැහැණු ළමයින්ට විහිලු තහළු කර තිබෙනවා. නමුත් හිරේ විලංගුවේ වැටෙන්න සුදුසු විහිලු කර නැහැ. (නි)

:       0       0

සමන් Tuesday, 04 November 2014 08:16 AM

මේ අය හදන්න බෑ.(හේ)

:       0       0

රොෂාන් Wednesday, 05 November 2014 05:01 AM

මෙයා එලියට දැම්මොත් අපිනන් ඡන්දෙ දෙන්නේ නෑ.(හේ)

:       0       0

සිතුම් Tuesday, 04 November 2014 08:22 AM

තව ටික දවසකින් ඇප ගනී.(හේ)

:       0       0

අසිත Tuesday, 04 November 2014 08:22 AM

වරදක් කළ විට දඩුවම් ලැබෙනවා.(හේ)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 05 November 2014 05:05 AM

කවුරුත් හිතනවා නීතිය ක්‍රියාත්මක වෙයි කියලා (නි)

:       0       0

මොහාන් Tuesday, 04 November 2014 08:25 AM

මේ වගේ දේවල් දැන් සාමන්‍ය දෙයක්.(හේ)

:       0       0

සදුනි Tuesday, 04 November 2014 08:25 AM

අපි බලමු දැන්වත්.(හේ)

:       0       0

ශිරෝන් Wednesday, 05 November 2014 05:26 AM

ස්කොට්ලන්ත ජාතිකයා මොකද මේ මාලකගේ නාස් පොල්ල කැඩුවේ? පවු! (නි)

:       0       0

වීරසුරිය Wednesday, 05 November 2014 05:27 AM

මේවා මෙහෙම වුණාට වැදගත් පිළිවෙලට හැදිච්ච දේශපාලක දරුවනුත් මේ රටේ හිටියා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 04 November 2014 08:30 AM

මේ සිදුවීම ගැන සම්පුර්ණ විස්තර ඒ සිදුවීමේ වීඩියෝ දර්ශන සමගම හෙළිදරව් වී අවසානයි.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 05 November 2014 05:27 AM

මගේ නමින් වෙන කෙනෙකුත් අදහස් දාලා (නි)

:       0       0

කසුන් Tuesday, 04 November 2014 08:35 AM

මේ වගේ තව දහයක් හිටියා නම් මේ රට ඉවරයි.(හේ)

:       0       0

රොහාන් Tuesday, 04 November 2014 08:46 AM

මෙයාට ගැලපෙන හොදම තැන තමයි දැන් මෙයා ඉන්නේ හැමදාම් මෙහෙම් තියන්න මේ වගේ අයට නිදහස හොද නැහැ . (බ)

:       0       0

උපුල් Wednesday, 05 November 2014 05:32 AM

සුද්දම ගහගෙනලු ....(බ)

:       0       0

චන්දිම Tuesday, 04 November 2014 08:49 AM

තාත්ත වගේ ගුටි පූජාවක් කාලද ඒ වෙලාවේ, නැත්නං කොහොමද නාස් පොල්ල කඩල ගියේ? අනේ එහෙම ගුටිකාලා හරි හැදෙනවා නම් තාත්තට උනත් හොඳයිනේ අනේ. (බ)

:       0       0

කුමාර් Tuesday, 04 November 2014 04:36 PM

මදූ, උන හපුලුවා නොවෙයි ගඳ ගහන්නේ "උරුලැවා" (දී)

:       0       0

ලීල් සිරිවර්ධන Tuesday, 04 November 2014 08:49 AM

මාලක මාලකටම ගහගෙනද දන්නෑ දැඩි සත්කාරේ ඉන්නේ ?(බ)

:       0       0

ගමරාළ Wednesday, 05 November 2014 05:41 AM

ලොක්කා දැක්කේ නැහැ ව‍ගේ ඉන්නවා , නුදකින් නීතියක් නැති රටක් (බ)

:       0       0

මාලිංග Tuesday, 04 November 2014 04:39 PM

මේවාට අපි කවුරුත් වග කියන්න ඕනේ (දී)

:       0       0

බමුණු Tuesday, 04 November 2014 08:52 AM

මෙයාව හැමදාම රිමාන්ඩ් එකේ තියන්න බැරිද? (බ)

:       0       0

උපාලි Tuesday, 04 November 2014 08:52 AM

ගහක ගෙටගහල අර ගෙන්නන පෙති සහ පුන්නකු කන්න දීල බලන්න (බ)

:       0       0

අජිත් Wednesday, 05 November 2014 06:21 AM

මේ වගේ අමනයෙකුට ගහපු එක ගැන විදේශිකයාට අපගේ ප්‍රණාමය .(බ)

:       0       0

පෙරේරා Tuesday, 04 November 2014 09:03 AM

සියල්ල වෙන්නේ මිනිස්සුන්ට.(හේ)

:       0       0

සිල්වා Tuesday, 04 November 2014 09:33 AM

නිසි දඩුවම් දෙන්න ඕනි (දිල්)

:       0       0

ප්‍රියංක Tuesday, 04 November 2014 09:37 AM

උන පුරුකේ බලු වලිගෙ දැම්මත් නෑ ඇදේ ඇරෙන්නේ.(හේ)

:       0       0

රොෂාන් Tuesday, 04 November 2014 09:38 AM

මාලක සිල්වා සර් ගෙන් වෙචිච අත්වැරදීමකට මෙහෙම කරන එක වැරදියි.අපේ ගරු මර්වින් සිල්වා ඇමතිතුමා කැලණිය දියුණු කරන්න හුහක් වැඩ කරපු කෙනෙක්,මාලක සිල්වා සර්ත් කැලණියට විශාල සේවයක් කරපු කෙනෙක්. ඒ නිසා මේ රටේ බුද්ධිමත් ජනතාව මාලක සිල්වා සර් ට සමාව දෙයි.(හේ)

:       0       0

ලලිත් ගුණදාස Tuesday, 04 November 2014 09:39 AM

කරුණාකර අදාල ඒ සිදුවීමේ වීඩියෝ දර්ශන සමගම හෙළිදරව් කරන්න.(හේ)

:       0       0

චානක. Tuesday, 04 November 2014 06:50 PM

නඩුවක් නොවිමසාම මොහුට බරපතල වැඩ සමඟ දීර්ඝ අච්චුවක් ලබාදෙන්න පුලුවන් නම් තවත් හොඳයි. මන්දයත් මීට ප්‍රථම අධිකරණය මොහුට කිසිම සමාජ ශාලාවකට නොයෑමට තහනම් නියෝගයක් නිකුත් කළා නේද? (නි)

:       0       0

යශෝධා Tuesday, 04 November 2014 07:13 PM

අනේ, අර සුද්දාට තව තවත් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

පද්මිණී Tuesday, 04 November 2014 09:47 AM

දරුවෙකුගේ බාල්‍ය අනුභූති මේ තත්වයට බලපානවා. කුඩා කල දෙමව්පියන්ගෙන් දැඩි හිංසා,පීඩා , අවමානයන්ට ලක් වුනු ය ලොකු වුනාම සමාජයෙන් පළි ගන්නවා. මොහු පුනරුත්ථාපනය කළ යුතුයි. .. (බ)

:       0       0

ගුණේ -ෆ්‍රාන්ස් Tuesday, 04 November 2014 07:19 PM

සමහරු මාලකට සහ ඔහුගේ පියාට කඩේයන්නේ , වැස්සට කුඩයක්වත් නොමැතිවයි. මහත්මා ගතිගුණ ඇති අය අද ලංකාවේ විරලය (නි)

:       0       0

කුමුදු Tuesday, 04 November 2014 09:47 AM

දැන් අර විදේශීය යුවලගේ ආරක්ෂාව සපයා දීලාද ? ආයෙත් ගුස්තියකට ලක් නොවේවි කියල කාටද ගැරන්ටි කරන්න පුළුවන්. (බ)

:       0       0

ධනා Tuesday, 04 November 2014 09:51 AM

චන්දයක් අවේ පුතාගෙම නරක වෙලාවට.නැත්නම් ඉතින් ඕව කොලු වැඩනේ.(බ)

:       0       0

ලෝගේෂ්වරන් Tuesday, 04 November 2014 08:33 PM

හිල්ටන් සිද්ධියේදී එදා කිවුවා නේද නැවත මෙවැනි සිද්ධියක් වුණොත් ඇප අවලංගු කරලා යළි රිමාන්ඩ් කරනවා කියලා. (නි)

:       0       0

ජිලි Tuesday, 04 November 2014 10:12 AM

මෙයා හදනවාට වැඩිය ලේසි වෙයි ලොකු මහත්තයාට තාත්තාව හදා ගන්න එක. (බ)

:       0       0

ටෝනි Tuesday, 04 November 2014 08:53 PM

මාලකත් බලනකොට බොහොම ජනප්‍රිය චරිතයක් (නි)

:       0       0

චන්ද්‍ර Tuesday, 04 November 2014 10:17 AM

ගහපු කෙනා දැඩි සත්කාර එකේ , එතකොට ගුටි කාපු කෙනා කොහෙද? එයා ගැන විස්තර නොදමන්නේ මොකද?(හේ)

:       0       0

සපුමල් Tuesday, 04 November 2014 08:54 PM

අනේ මෙහෙමත් කෙනෙක්! දැන් ඡන්දෙ ඉල්ලන්න එයි. අපේ රටේ ඉන්න බුද්ධිමත් මිනිස්සුත් මදි නොකියා ඡන්දෙ දෙයි.රටකට ගිය කලක්! සමහර වෙලාවට පිටරට සීතලේ වෙව්ල වෙව්ලා ඉන්න එක කමක් නැහැ කියලා හිතෙනවා (නි)

:       0       0

මේනක Tuesday, 04 November 2014 10:17 AM

දැන්වත් මෙයාගේ වැඩිහිටියන් රට වටේ මිනිස්සුන්ට බණ කියන එක නතර කලොත් හොඳයි. (හේ)

:       0       0

නාමල් Tuesday, 04 November 2014 10:19 AM

ඉංග්‍රීසියෙන් මාලක නම ශබ්ද කරන්නේ මලාක කියාලය් . නමුත් ග්‍රීක භාෂාවෙන් මලාක කියන වචනයේ තේරුම "මෝඩ" කියන එකඊ. ඒ අනුව බලන කොට මෙයා කරන ක්‍රියාවන් අනුව දාල තියෙන නම හරියටම ගෙලපෙනවා. තමන්ගේ නම රකින්න වැඩ කරන පුතෙක්! (බ)

:       0       0

දිලාන් Tuesday, 04 November 2014 10:21 AM

මෙයාගේ ආරක්ෂකයෝ සිද්දියෙන් පසුව පැනල ගිහිල්ලාලු. නිරායුධ ගෑනු කෙනෙකුට ගහන්න තරම් නිවට ආරක්ෂක බටයින් ඉන්න රටක් වුණා නේ මේක .(හේ)

:       0       0

මෙවන් Tuesday, 04 November 2014 10:24 AM

නම අකුරක් එහෙ මෙහෙ වුනා නම් මාරක කියල තමයි නම වැටෙන්නේ.එහෙම නම් නියමෙට ගැලපෙනවා. (හේ)

:       0       0

කාන්ති Tuesday, 04 November 2014 10:27 AM

ආරංචියේ හැටියට මෙයා අර විදේශීය කාන්තාවට අපේ සංස්කෘතිය ගැන දැනුවත් කරන්න ගිහිල්ලාලු. (හේ)

:       0       0

යසපාල Tuesday, 04 November 2014 09:50 PM

අනේ මාලක, මේ මොකක්ද කරගත්තේ? (නි)

:       0       0

කාන්ති Tuesday, 04 November 2014 10:28 AM

ආරංචියේ හැටියට මෙයා අර විදේශීය කාන්තාවට අපේ සංස්කෘතිය ගැන දැනුවත් කරන්න ගිහිල්ලාලු. (ර)

:       0       0

මහේෂ්‍ Tuesday, 04 November 2014 09:53 PM

වැරදි කළවිට හිරකූඩුව වෙනුවට, රෝහලට. ඒත් දුප්පත් මිනිහාට? අනේ අපොයි! (නි)

:       0       0

ජෙනී Tuesday, 04 November 2014 10:29 AM

ලංකාවේ මෙහෙමත් ලජ්ජා නැති තවත් පවුලක් නැතිව ඇති. (ර)

:       0       0

ජෙහාන් Tuesday, 04 November 2014 10:31 AM

මම හිතන්නේ දැඩි සත්කාර ඒකකයේ බවලතුන් අයින් කරලා පිරිමි විතරක් දැන් සේවයේ යොදවලා ඇති. (හේ)

:       0       0

කනිෂ්ක Tuesday, 04 November 2014 10:35 AM

ඒ ඒ කැවුම් වලට හරියන්න ඒ ඒ කෙසෙල්ගෙඩි කිව්වා සේ ඒ ඒ ඇමතිට හරියන්න මේ මේ බේබිලා කිව්වාලු. (හේ)

:       0       0

කාන්ති Tuesday, 04 November 2014 10:38 PM

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න තරමට තත්ත්වය බරපතළද? (නි)

:       0       0

ඇසළ Tuesday, 04 November 2014 10:44 AM

කුඩැල්ල කොහොමත් මෙට්ටය උඩින් තියන්න හැදුවට ඌ යන්නෙම මඩට තමයි. ජම්ම පුරුද්ද අත අරින්න කොහොමත් බැහැ.(හේ)

:       0       0

යොහාන්‍ Tuesday, 04 November 2014 11:43 PM

මාලකත් දාගන්න ලෙඩ හැබෑටම! (නි)

:       0       0

පැතුම් Tuesday, 04 November 2014 11:47 PM

මාලක හැමදාම ක්ලබ් ගියත් එක දවසක් පොඩි වැරදීමක් වුණාම රටම කුලප්පු වෙනවනේ. අනේ අපි නම් මාසෙකට 2500 න් කාලා බොහොම සැපවත් ජීවිතයක් ගතකරමින් අපේ පාඩුවේ ඉන්න මිනිස්සු. අපිට ක්ලබ් යන්න සල්ලි නැති එකට කවුරුත් පළි නැහැනේ! (නි)

:       0       0

බණ්ඩා Tuesday, 04 November 2014 11:09 AM

එල ...එල ... ඒ කියන්නේ ගැමුණු රාජ උදහසට ලක් වෙලා ....(බ)

:       0       0

මහේෂ් Tuesday, 04 November 2014 11:17 AM

රිමාන්ඩ් කියන්නේ හොස්පිටල් එකටද?(හේ)

:       0       0

සමන්ත Wednesday, 05 November 2014 12:41 AM

මේවාට උල්පන්දම් දෙන අයත් ඉන්නවනේ! (නි)

:       0       0

යසලාල් ගුණතිලක Tuesday, 04 November 2014 11:46 AM

හැමදා නියං එකදා වැහිවලාවේ (දී)

:       0       0

ලලිත් Wednesday, 05 November 2014 01:08 AM

වැඩියෙන්ම උල්පන්දම් දෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි සමන්ත, අර කළු කෝට් මහත්වරු ටික. මේ රටේ නඩුවකදී ඕනෑම අසාධාරණ අගතියකට පත්වුණ පාර්ශවයක් ඇත්නම් නිතරම විත්තියේ ගැළවීමට පැනලා ඉදිරිපත්වෙන කෙනෙක් ඔය අතරේ ඉන්නවා. (නි)

:       0       0

රුවන් Wednesday, 05 November 2014 01:36 AM

සමාජ ශාලාවට ඇතුලුවෙලා තියෙන්නෙත් බලෙන් කියලා කියන්නේ ඇත්තද? (නි)

:       0       0

සුපුන් Wednesday, 05 November 2014 01:41 AM

මාතරින් දේශපාලනයට එනවා කියලා ආරංචියකුත් තිබුනා. (නි)

:       0       0

කෙවින් Wednesday, 05 November 2014 01:45 AM

මේ වගේ පුවත් වලදී බන්දුල පෙරේරා කසාය බීපු ගොළුවා වගේ ඉන්නේ මොකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 477 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 647 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 266 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 405 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1457 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 437 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site