IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මාලිගාව ඉදිරිපිට පාරට දෙපිරිසක් ගැටෙති

මහනුවර දළගාමාලිගාව ඉදිරිපිට මහ පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද කළබලයක් ඇති විය.

දෙපිරිස අතර ගැටුමක් ද ඇති විය.

මහියංගනය නුවර පාර වසාගෙන පිරිසක් විරෝධතා පවත්වති.

පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර හිමිවරු කිහිප නමක් ද වූහ.

මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර ප්‍රදේශවාසීහු පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ද වූහ.

(ඡායාරූප ජේ ඒ එල් ජයසිංහ)

Snapshot-2-(2-19-2016-3-57-PM) Snapshot-2-(2-19-2016-3-57-PM)-1 Snapshot-3-(2-19-2016-3-58-PM) Snapshot-4-(2-19-2016-3-58-PM) Snapshot-5-(2-19-2016-3-58-PM) Snapshot-6-(2-19-2016-4-01-PM)

(ඡායාරූප චමිල් රූපසිංහ)

475081d5346f55e56fd2339d67705774f117f4cfb589ff6e9229584ffbba1ef7 fee56e18a1f38cb120a1e85df3f3d39009eb8d56a2eb2945bd057dbad7676255

89d8296198b0079f2302049a27982ca1ac61cae20a50d38a84ffb34e63d4db30 2012d87e808b35b42e54f37f3006e7c35b45b1ce9e2e1db022498011a521c4ff 5306a6c3b971dd817d61591f91ebbe79056168b7fc120be3233b51bb2c378482 a8fff74a36a78f33ee1b6cfe0af7f46df1a9f8b1ef3e4c6999f55ae1eb9ba7b3 c99d2dd97dc9706fdd3ad334c5b094668b203ae85157a1528c6cffa4e2f350bb d92ab7d940b66e171113eb6b9be6f5b05d17a9be0bd25cedea7ae694e04b92f2 eca2f5d4b68c407e54a9a06b5eb6e2bd95ee9e23f1453b0830111875c4247df7 fee56e18a1f38cb120a1e85df3f3d39009eb8d56a2eb2945bd057dbad7676255



අදහස් (0)

මාලිගාව ඉදිරිපිට පාරට දෙපිරිසක් ගැටෙති

සුමන හිමි Friday, 19 February 2016 03:14 PM

මේ පාර ඇරිය කියලා නුවර වාහන තදබදය වැඩිවීම මිස අඩුවීමක් වෙන්නේ නෑ. මේ උවමනාව යානවාහන තියෙන සුපිරි ජීවිත ගෙවන මහාචාර්ය වගේ අයගේ මිස සාමාන්‍ය ජනතාවගේ නොවේ. අපගේ පූජනියම පුදබිම ළග මේ පාර අරින්න කියන බොහෝ දෙනා බෞද්ධයෝද.? (බ)

:       0       0

අනුර Friday, 19 February 2016 09:09 AM

ලෙස්ලි , ඔය පාර වැහුවේ මාලිගාවේ ආරක්ෂාවට . බහුබූත කියවන්න එපා. දැන් තියෙන්නේ මාලිගාව භූමි සීමාවේ සිට රැජින හෝටලය අසල මාර්ගය දක්වා ලොකු උසට යකඩ වැටක් අලංකාරව ඉදිකර ඔය මාර්ගය නැවත ව්වුර්ත කිරීම.එතකොට මිනිස්සුන්ට ඕන විදියට මාලිගාවට ඔය මාර්ගය හරහා ඇතුල් වෙන්න බැහැ. (ර)

:       0       0

ලාල් Friday, 19 February 2016 03:08 PM

අඩි 3 පමණ ඝනකම කොන්ක්‍රීට් අාවරණයක් සාදා වාහන ඒ තුලින් යැවීම හොඳ විසදුමක්, දිග මීටර් 200 විතර ඇති අපේ ඉංජිනේරු මහතුන් මේ ගැන සිතා බලන්න (බ)

:       0       0

කල්ප Friday, 19 February 2016 09:04 AM

අදම මේ පාර අරින තරමට හොඳ. විකල්ප පසුව කතා කරමු. (ර)

:       0       0

චන්දු Friday, 19 February 2016 09:04 AM

පාලනය යහපත්, යුද්ධේත් නෑ, මනිස්සුත් ටික ටික ධාර්මික වෙලා, අවුරුදු සිය ගානක් විවෘත කරලා තිබුන පාර යුද්ධේ නිසා දළදා මාලිගාවෙ ආරක්‍ෂාවට වැහැවුවා ඒත් දළදා මාලිගාවට බෝම්බ තිබ්බා, - කිසිම තේරුමක් නෑ ඔය පාර වහගෙන ඉන්න එක ඔන්න ඔය පාර ඇරල මිනිස්සුන්ට නිදහසේ ගමන් බිමන් යන්න අවස්ථාව ලබාදෙන්න. (ර)

:       0       0

උපුල් Friday, 19 February 2016 03:24 PM

දළදා මාලිගාවට බෝම්බ තිබ්බ පාර තාම ඇරලා. මිනිස්සු මාලිගාවට කරදරයක් වෙන්නේ කොහොමද ?. වයසක අය ආසයි මාලිගාවට යන්න ඒත් බෑ. හරි පව්. බුදුන් වහන්සේ මොන තරම් නිහතමානිද. මුන් පුහු මාන්නේනෙන් ඉදිමිලා. මෙම මාර්ගය ඉක්මනින් විවෘත කළ යුතුයි. දළදා හාමුදුරුවෝ නමින් පාර වහල බුදුන් වහන්සේ ට නින්දා කරනවා. (බ)

:       0       0

බුද්දික රොෂාන් Monday, 22 February 2016 04:57 AM

මේ පාර විවෘත කිරිමෙන් වෙන්නෙ දළදා වහන්සේට තියන ගෞරවය අඩු වෙන එකයි. මිලිගාව ළඟින් යන වාහන නිසා ඒ පරිසරයේ ශාන්ත බව ගිලිහිලා යාවි නෙද... දැන මොලේ පාවිචි කරන අය අඩු නිසා වාහන ඒ අයට ඔනැ විදිහට ඔතනින් ගෙනයයි නෙද... දැන් තියෙන විදිහ හොදයි (අ)

:       0       0

ගම්ලත් Friday, 19 February 2016 03:47 PM

මෙම පාර විවෘත කළ යුතුය (බ)

:       0       0

අනුර Saturday, 20 February 2016 09:47 AM

ප්‍රියාන්, ඉතිහාසය ඉගෙනගෙන නැහැ. ඔතන පාර හැදුවේ සුද්දෝ. (නි)

:       0       0

මොහොට්ටි Friday, 19 February 2016 09:23 AM

දහම්, ඔය ප්‍රශ්නේ තේරුම් අරගෙන නැහැ. මේ පාර වහල නිසා එම මාර්ගය හරහා යන වාහන කිලෝ මීටර් ගානක් වැව වටේ යන්න ඕන. ඒ නිසා මහනුවර නගරයේ මාර්ග තදබදය උග්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා වාහන දුම නිසා පරිසර දූෂණය වෙන්නේ. මේ මාර්ගය ඇරියොත් වෙන්නේ තදබද නැති නිසා පරිසර දූෂණය අවම වෙනවා. (ර)

:       0       0

ටෙරන්ස් Friday, 19 February 2016 03:59 PM

මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Friday, 19 February 2016 04:11 PM

ලාල්, ඔබේ අදහසට මම එකඟයි (නි)

:       0       0

නිහාල් Friday, 19 February 2016 09:37 AM

උමන් මාර්ගයක් තමයි හොදම විසදුම. (ර)

:       0       0

අනූෂ Friday, 19 February 2016 09:38 AM

පාර අරින එක හොදයි. මාර්ග තදබදය ටිකක් හරි අඩුවෙනෙවා . මාලිගාව ආරක්ෂා කරන්න අපි එක්කෝම දැනගන්න ඕනි. ශක්තිමත් වැටක් ඉදිකරලා මාලිගාවට වැඩි ආරක්ෂාවක් දෙන්න. මාලිගාව ගාව තිබුන පාරක්නේ. (බ)

:       0       0

ප්‍රියාන් Friday, 19 February 2016 09:32 AM

අතීතය දිහා බැලුවොත් ඔය පාර වහල තිබ්බේ නැහැ..සේරම වාහන ගියේ ඔය පාරේ තමයි..යුද්ධයේ ප්‍රතිපලයක් තමයි ඔය පාර වැසීම..ඕකයි ඇත්ත..නැතුව ඕක වහල තිබුන පාරක් නෙවෙයි..1974, 1975 කාලේ කාර් රේසුත් පැද්ද ඔය පාරේ..(බ)

:       0       0

කපිල Friday, 19 February 2016 09:32 AM

ලොකුම ප්‍රශ්නේ දළදා හාමුදුරුවෝ ඔතන වැඩ ඉන්න එකනේ. අපි උන්වහන්සේට වෙන කොහාටවත් වඩින්න කියමු. තායිලන්තෙටවත්...(බ)

:       0       0

කුමාර Sunday, 21 February 2016 04:14 PM

බමුණු, මේක ආගමික ප්‍රශ්නයක් කරගන්න එපා. නිල්මිණි කියලා තියන දේවල් කියවන්න. නුවර පිළිකා නගරයක් වෙනවට ඔබ කැමතිද? මුළු රටම එක තැනක සිටිය යුතු කාරණයකදිත් අපි පිල් බෙදිලා. ඉතින් කොහොමද අපි ඉදිරියට යන්නේ? නුවර නෙමෙයි රටම ප්‍රපාතයට යනතුරු අපි බමුණු මත එක්ක වාද කර කර ඉමුද? (නි)

:       0       0

ලාල් Friday, 19 February 2016 09:50 AM

අඩු ගානේ සැහැල්ලු වාහන වලටවත් ඉඩ දෙන්න. (ර)

:       0       0

සෙනරත් Monday, 22 February 2016 12:14 PM

වැව රවුමේ පාර දිගේ යන්නට සිදු උවුනාම වැඩියෙන්ම පොලීසියෙන් කරදර සිදු වන්නේ හොර හරක් සහ මත් කුඩු නගරයට ප්‍රවාහනය කරන්නන්ටය. නගරයට කෙටි පාරවල් සොයන්නේ ඔවුන්ය. (බ)

:       0       0

වියලගොඩ Friday, 19 February 2016 10:00 AM

නුවන් , මාලිගාවට කරදරයක් වෙන්නේ කොහොමද ? මාලිගාව පාරේ යන්නේ නැහැනේ. මාලිගාවට එන ප්‍රභුන්ට කරද්රයක් කිව්වා නම් ඔයට වඩා අවංකයි. (ර)

:       0       0

නොයෙල් Saturday, 20 February 2016 03:19 AM

හොඳින් සිතාබලා සාධාරණ විදිහට කරන්න (නි)

:       0       0

සෙනරත් Monday, 22 February 2016 12:17 PM

ඒ 26 මාර්ගය ඇර ගත්තට පසු ඒ දෙපස හරක් මස් සහ කුකුල් මස් කඩ දමා ගැනීමටද ඉඩ තිබෙනවා. (බ)

:       0       0

කුමාර Saturday, 20 February 2016 03:35 AM

මිනිස්සු පාරට බහින්නේ දේශපාලකයෝ ප්‍රශ්න වලින් මඟහැරලා ඉන්න නිසා. නුවර ප්‍රශ්නය හොඳම නිදසුන. මහනුවර තව දුරටත් සුවදායක නගරයක් නොවේ. (නි)

:       0       0

චන්න බුවනක Friday, 19 February 2016 10:09 AM

මම මාලිගාව ගැන කියන්නේ නැහැ. ඉන්දියාවේ ටජ් මහල් බලන්න යන අය වාහන දුර නවත්වලා පයින් යන්න ඕනි . ඒ මොකද අපේ අතීත වස්තු ආරක්ෂා කර ගන්න ඕනි නිසා. අද ගැන හිතලා අතීතය වළදමන්න හොඳ නැහැ.(හේ)

:       0       0

ලක්මාල් Monday, 22 February 2016 12:21 PM

නුවර අයට ටික දවසකින් වෙන්නේ මුසල්මානුවන්ට බැල මෙහෙවර කරගෙන ඉන්ඩ. (බ)

:       0       0

කුමාර Friday, 19 February 2016 10:04 AM

නුවර මිනිස්සුන්ටම ඕන නැත්නම් අකාලේ විනාස වෙන එක තමයි වෙන්නේ.මේක ආගම ප්‍රශ්නයක් කර ගන්න එපා .බුදුන් වහන්සේ මොන තරම් දේවල් පරිසරය ගැන කියා තිබෙනවද?පාසල් දරුවන් ගැන හිතලා ඉක්මන් විසඳුමකට යන්න.(හේ)

:       0       0

පාලිත ගලපිටිය Friday, 19 February 2016 10:12 AM

මෙම මාර්ගය ඊතා ඉක්මනින් විවෘත කළ යුතුයි.(හේ)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 19 February 2016 10:16 AM

සමන්, මම හොදට දැනගෙන කියන්නේ. මමත් සගභාගී වුනා 2012 දී අදාළ කරන වාතය සාම්පල් ලබාගෙන ඒවායේ විවිධ ප්‍රමාණයේ අංශුන් විශ්ලේෂණය කිරීමට. එමෙන්ම ඩීසල් දුමෙන් වාතයට එක්වූ සංඝ්ටකත් වායු ක්‍රමලේඛනය භාවිත කරමින් විශ්ලේෂණය කිරීම මමත් කළා. උදේ, සවස, රාත්‍රී, නිවාඩු දින, සතියේ වැඩ දින වශයෙන් ඉතා දීර්ගව විශ්ලේෂණය කළා. මම ඒ ගැන තමුන්ට වැඩිය හොදට දන්නවා. පාරේ දිග නොවෙයි වැදගත්, ඒක වැහුවම ඒ වෙනුවට වාහන යායුතු පාරේ දිග. (ර)

:       0       0

ලක්සිරි Saturday, 20 February 2016 03:53 AM

මේක ප්ලෑන් කරලා කරපු වැඩක් වගේ.(හේ)

:       0       0

චාන්දනී Friday, 19 February 2016 05:15 PM

මිනිස්සු ප්‍රශ්නයක් දෙස බලන්නේ මතුපිටින් පමණයි (නි)

:       0       0

බන්දුල Saturday, 20 February 2016 12:41 PM

සමහරු කියනවා දළදා වහන්සේ තායිලන්තෙට ගෙනියන්නලු. අනේ මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

හසිත Saturday, 20 February 2016 04:21 AM

පාර ඇරියොත් මාලිගාවේ තියෙන ආගමික නිස්කලන්ක වටපිටාවට ලොකු හානියක්.මේක නිතර මාලිගාවට යන කෙනෙක් නම් හොඳට තේරෙනවා.නගරයේ වාහන තදබදය අඩු කිරීමට ක්‍රමවත් සැලැසුමක් අවශ්‍යයි.කොළඹ ඉඳන් නුවරට එන්න පැය 5 ක් ගන්න රටේ ඕවා සිද්ධ වෙයිද කියන එකයි ප්‍රශ්නේ.(හේ)

:       0       0

මධූ Friday, 19 February 2016 05:30 PM

මේ පාර අරින්න කියන එක මිනිහෙක්වත් ඇයි කියන්නෙ නෑත්තෙ රජ පිහිල්ල මාවත පළල් කරන්න කියලා? ධර්මාශෝක මාවත විශාල කරන්න කියලා?මමත් මේ තදබදයෙන් පීඩා විදින්නෙක්. නමුත් මාළිගාව ඉදිරිපිට පාරේ වාහන යන්න දෙන එකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි පොඩි කාලේ තිබුනු වාහන වලට වඩා දෙතුන් ගුණයක් දැන් වාහන වැඩිවෙලා (නි)

:       0       0

අතුල Friday, 19 February 2016 05:31 PM

මිනිසුන්ට රණ්ඩුවක් ඇති කරනොගෙන ඉන්නම බැහැ වගෙයි (නි)

:       0       0

දයානන්ද Saturday, 20 February 2016 04:32 AM

මෙම මාර්ගය විවෘත කරන්න එපා .දළදා මාලිගාව රැකගත යුතු වස්තුවක් .මෙය බුදුන් ජීවමාන බදු ස්ථානයකි දළදා මාලිගාව ශ්‍රී ලාංකීය අභිමනයක්.(හේ)

:       0       0

හේමන්ත Friday, 19 February 2016 05:37 PM

සිරි දළදා වහන්සේ නැවත කෝට්ටේ රාජධානියට වැඩමවන්න. අපි පාරවල් වහලා හරි රැකගන්නම්. (නි)

:       0       0

ලියෝන් Saturday, 20 February 2016 04:51 AM

කරුණාකර මේ පාර අපට අැර දෙන්න නුවර ඉන්න අපි මේකෙන් දුක් විඳින්නේ (බ)

:       0       0

චානක Friday, 19 February 2016 05:59 PM

ඇයි මේවා කතාකරලා විසඳාගන්න බැරි? (නි)

:       0       0

රසික Friday, 19 February 2016 06:00 PM

ඇයි මේ මුසාවාදා කියන්නෙ? මේ පාර වැහුවේ යුද්ධ කාලේ ආරක්ෂාව ගැන හිතලානෙ. දැන් ආරක්ෂාව ගැන ප්‍රශ්න නැති නිසා පාර ඇරියහම මොකද වෙන්නෙ? (නි)

:       0       0

ටෙනිසන් Friday, 19 February 2016 05:53 PM

දෙපැත්තම ඇත්ත කියන්නේ. මාර්ගය වසා තිබෙන නිසා මාර්ග තදබදයක් මෙන්ම පරිසර දූෂණයත් වෙනවා. මාර්ගය විවෘත කර තිබුනහම බැතිමතුන්ට ආරක්ෂාවක් නැතිවෙනවා. මාර්ගය එක දිශාවකට (නුවර සිට දිගන දෙසට) පමණක් විවෘත කරන්න. අනිවාර්යයෙන්ම තදබදය අඩුවෙනවා. මාලිගාවේ සිට වම පසට හා දකුණු පසට මීටර 50 හා 100 දුරින් බාධක හතරක් (හම්ප්ස්) දමන්න. මගී ආරක්ෂාව සුරැකෙනවා. (නි)

:       0       0

රොෂාන් Friday, 19 February 2016 05:57 PM

බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකළ පොඩි දෙයක් වුණත් නැති කරන්න ඉල්ලන එක ලොකු පවක්. තව ටික දවසකින් රටම පාරවල් වලට දීලා අපිට මුහුදට පනින්න වෙන්නේ. ඉස්සරහට ලංකාවට එන හැම වාහනයක්ම විදුලි රථ විය යුතුමයි. ඒ වගේම, ප්‍රධාන නගර හැම එකකම සුවපහසු පොදු ගමනාමන පද්ධතියක් ඇති කරන්න ඕනෑ. මේක විසඳන්න බැරි අපේ රටට සල්ලි නැති හින්දා නෙමෙයි. හරි ආකල්පයක් නැති හින්දා. අපිටත් වඩා දුප්පත් රටවල් වල ප්‍රවාහන සේවය මීට වැඩිය ගොඩක් හොඳයි. (නි)

:       0       0

ලක්මාල් Friday, 19 February 2016 05:59 PM

මේ කරගන්න පවු හින්දා ඔයාලගේ ළමයින්ට මීටවඩා හානියක් වෙන්න ඉඩතිබෙනවා. මිනිසුන්ගේ තිබෙන කෑදරකමට මොනවා දුන්නත් මදි (නි)

:       0       0

තුසිත Friday, 19 February 2016 06:09 PM

රටේ වෙන දේවල් හා පාර අරින්න උත්සහ දරන මහතුන් දිහා බැලුවහම මට නම් දැනෙන්නේ වෙන යමක් මෙතන තියෙනවා. ඒ වගේම පරිසර විනාශයන් ගැන කතාකරන මේ මහතුන්ගෙන් කීයෙන් කී දෙනාද මහා වනාන්තර විනාශයන් ගැන කතා කරන්නේ? මගේ නම් අදහස ජාතික වටිනාකම් ආරක්ෂාවෙන විදියට තමයි අනෙකුත් සංවර්ධන කටයුතු කළයුත්තේ කියලා (නි)

:       0       0

උපුල් Friday, 19 February 2016 10:53 AM

මේ පාර විවෘත කරන්න.(හේ)

:       0       0

රහන් Saturday, 20 February 2016 05:27 AM

බබාලා වගේ (අ)

:       0       0

මිහිරි Saturday, 20 February 2016 05:26 AM

මගේ මතය නම් මේ පාර අරින එක තමා හොද මොකද දන්නවද තව ටික කාලයක් යනකොට මේ ප්‍රදේශයේ ඔක්කොටම පෙනහළු ලෙඩ හැදුනොත් නගරෙම නැතිවෙලා යයි අර පුරාන ජනාවාස නැති වුනා වගේ එතකොට? (අ)

:       0       0

සුරිඳු Friday, 19 February 2016 06:46 PM

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා මාලිගාව ආශ්‍රිත ප්‍රදේශය පදිකයන්ට පමණක් සිමා කිරීම අමුතු දෙයක් නොවේ. ලොව මෙවැනි වටිනා පෞරාණික ස්ථාන වල ආරක්ෂාව සඳහා මාර්ග වසා පදිකයන්ට පමණක් විවෘත කර තිබෙනවා. වතිකානුව හරහා යන මාර්ගය එක උදාහරණයක්. පෞරාණික ස්ථාන වාහන දුමට සහ දෙදරීමට නිරාවරණයවීමෙන් හානි වියහැකියි. මේ සඳහා රජය විකල්ප උමං මාර්ගයක් වහාම ඉදිකළයුතුයි. බෞද්ධයන් නොමසුරුව මේ සඳහා ආධාර කරනු ඇත (නි)

:       0       0

සාරා Friday, 19 February 2016 07:06 PM

මාලිගාව වෙන තැනකට ගෙන යන්න කවුරුහරි යෝජනා කරයිද දන්නෙ නැහැ මෙහෙම ගියොත්? (නි)

:       0       0

රොහාන් Friday, 19 February 2016 07:07 PM

ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)

:       0       0

සරත් Friday, 19 February 2016 11:02 AM

පාර ඇරියත් කුඊන්ස් හෝටලේ ළඟ තද බදය උපරිමයට යනවා. විකල්ප මාර්ග හදන්න, (හේ)

:       0       0

අජිත් Friday, 19 February 2016 11:11 AM

වැව පැත්තක් ගොඩ කරලා පර හදන්න තියෙන්නේ . (ර)

:       0       0

සුසන්ත Friday, 19 February 2016 11:11 AM

හොයල බලන්න ඕන ඔය සංවිදාන ඇත්තටම නුවර ජනතාවගේ සංවිධානද එහෙම නැතිනක් කොළඹින් ගිය ඒවාද කියලා (ර) (ර)

:       0       0

අසෝක Saturday, 20 February 2016 06:14 AM

චන්න බුවනෙක, ටජ් මහල් එක තියෙන්නේ අග්‍රා කියලා මහා කැලෙක. දළදා මාලිගාව තියෙන්නේ ලක්ෂ සන්ක්යත මිනිසුන් ගණනක් ඉන්න මහනුවර ජනාකීරන නගරයක් මැද. ටජ් මහල් තියෙන්නේ බොම්බේ නගරේ මැද නෙමෙයි. (ර)

:       0       0

සනත් ඉන්දික Friday, 19 February 2016 08:49 PM

යාපනේ අධි ආරක්‍ෂිත කලාපත් දැන් විවෘත කරනවා. නුවර ඉන්න අපි තමයි දන්නේ මේ මාර්ගය වහලා තියන එකෙන් අපි විඳින දුක. යුද්ධ කාලේ අපි හැම අමාරුකමක්ම විඳගෙන හිටියා. මේක ඇරියා කියලා දළදා මාළිඟාවට හානියක් වෙන්නේ කොහොමද? මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් (නි)

:       0       0

අසෝක Saturday, 20 February 2016 06:17 AM

මොකක්ද මේ දේ තෙරුම. ගහ මරාගෙන හරියනවද?(හේ)

:       0       0

සරත් Saturday, 20 February 2016 06:25 AM

ඔන්න සංහිදියාව දැන් තියෙන්නේ (හේ)

:       0       0

සරත් Saturday, 20 February 2016 06:27 AM

එදා දළදා වහන්සේට කොටි ඇවිත් විනාස කලා අද අපේම අය ඇවිත් නින්දා කරනවා මේවා දේව සාප (හේ)

:       0       0

දහම් Friday, 19 February 2016 11:32 AM

මට නම් හිතෙන්නේ කෙටි පාර අරිනාවට වඩා දුර පාරකට වාහන හරවා යවන එක තදබදය අඩු වීමට හේතුවක් කියලා. දැන් කොළඹ පාරවල් ඔක්කොම වගේ වන් වේ කරලා. මේ පේන තැනට යන්න ලොකු රවුමකින් යන්න ඕනේ. හැබැයි එකෙන් තදබදේ හුගක් අඩුවෙලා බව කොළඹ වාහන පදවන අය දන්නවා. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 19 February 2016 08:00 AM

මිනිස්සුනේ, ඕවට ගහමරා ගන්න එපා. සිහිබුද්දියෙන් කතාකරලා ප්‍රසන විසදගන්න. (ර)

:       0       0

රෝහිත Friday, 19 February 2016 09:32 PM

ඔය පාර්ලිමේන්තුවට දවසට යන වියදම මාස පහක් එකතු කළා නම් හොඳට විකල්ප මාර්ගයක් හදන්න පුළුවන්. (නි)

:       0       0

සනත් ඉන්දික Saturday, 20 February 2016 08:38 PM

මේකට හොඳම විසඳුම උදේ 7- රාත්‍රී 7 දක්වා පාසල් වෑන් රථ හා කාර් වෑන් වලට පමණක් මේ මාර්ගය විවෘත කිරීම හා මෙම කොටසට බම්පර් 2ක් දමා වාහන ඉස්සර කිරීම තහනම් කිරීමයි (නි)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 19 February 2016 08:05 AM

මේ පාර විවුර්ත කිරීම ඉතා අවශ්‍ය දෙයක්. දැන් නුවර යොවුන් පාසල් දියණියන් පවා අධික දුම් බොන්නන්ට හැදෙන ලෙඩ වලින් පෙළෙනවා අධික වාහන තදබදය නිසා ඇතිවන අධික වාහන දුම නිසා. මීට වඩාත්ම පහසු අඩු වියදම් විසදුමක් වන්නේ මේ කියන A26 මාර්ගය විවුර්ත කිරීම. ශ්‍රද්ධාව තිබෙන්නටත් මිනිසුන් ජීවත් ඉන්න ඕනේ. (ර)

:       0       0

බුද්දික Friday, 19 February 2016 08:14 AM

වැව රවුමේ මාලිගාව ඉස්සරහ කොටසට වැව හරහා පාලමක් සදා බැරිද මේකට විසදුමක් දෙන්න වත්, ඇත්තටම ඔය කොටස විවෘර්ත කලාම මාලිගාවට කරදරයක් වගේම විවෘර්ත නොකට සිටියාම රථවාහන තදබදයට වගේම පරිසර දුෂණයට හේතුවක්,එක ලොකු ආර්ථික පාඩුවක් , විසදුමක් හැටියට තමයි මම යෝජනා කරන්නේ මාලිගා කොටස මගහැරෙන්න වැව හරහා පාලමක්, දෙපැත්තටම සාධාරණයක් වේවි එතකොට. (ර)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 19 February 2016 08:09 AM

ඔය පාර වැසුවෙ කාගේ උවමනාවකටද.? (ර)

:       0       0

බමුණු ආරච්චි Sunday, 21 February 2016 12:29 AM

සෞදි අරාබියේ රියාද් සිට ජේඩ්ඩා වලට යන අනෙක් ආගමිකයින්ට මැකා නගරය හරහා යන්න දෙන්නේ නැත. ඔවුනට ජේඩ්ඩා යාමට වෙනම පරක් ඇත. එසේනම් ඇයි අපි දළදා මාලිගාව අසළින් සබ්ද කරගෙන වාහන වලට යන්න ඉඩදෙන්නේ? පාර වහනවට විරුද්ධ කවුද කියා සොයාබලනවා නම් හොඳයි නේද? (නි)

:       0       0

ප්‍රභාත් Monday, 22 February 2016 01:05 AM

බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකළ පොඩි දෙයක් වුණත් නැති කරන්න ඉල්ලන එක ලොකු පවක්. තව ටික දවසකින් රටම පාරවල් වලට දීලා අපිට මුහුදට පනින්න වෙන්නේ. ඉස්සරහට ලංකාවට එන හැම වාහනයක්ම විදුලි රථ විය යුතුමයි. ඒ වගේම, ප්‍රධාන නගර හැම එකකම සුවපහසු පොදු ගමනාමන පද්ධතියක් ඇති කරන්න ඕනෑ. මේක විසඳන්න බැරි අපේ රටට සල්ලි නැති හින්දා නෙමෙයි. හරි ආකල්පයක් නැති හින්දා. අපිටත් වඩා දුප්පත් රටවල් වල ප්‍රවාහන සේවය මීට වැඩිය ගොඩක් හොඳයි. (නි)

:       0       0

නිකපිටිය Saturday, 20 February 2016 01:00 AM

හොඳම විසඳුම වැව යටින් රථ වාහන සදහා උමං මාර්ගයක් හදන එක. මම මෙය මීට කලිනුත් යෝජනා කර තිබෙනවා. (නි)

:       0       0

බණ්ඩාර - කටාර් Saturday, 20 February 2016 07:37 AM

ලෝකයේ සියලුම රටවල පොලව යටින් උමන් මාර්ග හදලා නිවැරදි විසදුම් දෙනවා පරිසරයට හානි නොකර පරිසරයේ සුන්දරත්වය රැකගෙන. (ර)

:       0       0

චමල් Saturday, 20 February 2016 01:35 AM

මිනිස්සු දැන් හැමදේටම රණ්ඩු සරුවල් කරන්න පුරුදුවෙලා (නි)

:       0       0

නිලංකා Friday, 19 February 2016 08:30 AM

හොදින් සිතා බලා ගත යුතු තීරණයක්. (ර)

:       0       0

ශ්‍රීමාලි Friday, 19 February 2016 08:38 AM

රටේ යුද්දයක් තිබුන අවස්ථාවේ මේ පාරවල් වැහුවේ මාලිගාවේ ආරක්ෂාවට නමුත් කොටියා කොහොමහරි ප්‍රහාරයක් එල්ල කලා. දැන් රටේ යුද්දයක් නැති නිසා , මහජනතාවගේ පහසුව තකා මෙම පාර විවුර්ත කලා යුතයි. (ර).

:       0       0

සුසන්ත Friday, 19 February 2016 08:31 AM

දළදා මාලිගයේ ආරක්ෂාවට පාර විවෘත කිරීම බාධාවක් නම් විකල්ප මාර්ගයක් හදන එකයි නුවණට හුරු අපි දළදාවහන්සේ රැකගන්න ඕන අපේ උරුමය එය යි (ර)

:       0       0

කාංචනා Friday, 19 February 2016 01:12 PM

නිල්මිණි ජපානේ ඉදලා ලංකාව ගැන හිතන්න බෑ. (ර)

:       0       0

සමන් Friday, 19 February 2016 08:42 AM

අනේ නිල්මිණි, පරිසරය ගැන හිතනවනම් නුවර තව කරන්න ඕන දේවල් ඔන තරම් තියෙනවද. අඩු තරමෙ තමුන් දන්නවද මාලිගාව ලන්ගින් තියෙන පාරෙ දුර කොච්චරද කියලවත්. අනික ඒ වෙනුවෙන් කොච්චර විකල්ප මාර්ග තියෙනවද කියලවත්... (ර)

:       0       0

සමරසේකර Friday, 19 February 2016 08:43 AM

ඔය පාර අරින එක හරිම ලේසියි. (ර)

:       0       0

නුවන් Friday, 19 February 2016 01:39 PM

ඉස්සර අපේ බස් ස්ටෑන්ඩ් එක තිබ්බෙත් මාලිගාව ඉස්සරහ. ඒ කාලේ බස්/ වාහන වල යන මිනිස්සු, තමන්ගේ අසුනෙන් නැගිටලා වැඳලා යන්නේ. මට මතකයි, මුසිලිම් ජනතාව හිසේ තියෙන ලේන්සුව ගලවල ගරු බුහුමන් දක්වනවා. දමිල මිනිස්සුත් මාලිගාවට වැන්දා. පාර වහල තියෙන එකෙන් මාලිගාවට වෙන හානිය (දුම නිසා) පරිසර වේදියෝ හරියටම පැහැදිලි කරගෙන තියෙනවා. අඩුම තරමේ විකල්පයක් ලැබෙනකන් මෙම මාර්ගය වීවෘත කරන්ට කියල තමා මිනිස්සු ඉල්ලනේ. (ර)

:       0       0

මහින්ද සෞදි Friday, 19 February 2016 08:39 AM

ඔය තියෙන්නේ පොල් ගහපු ප්‍රතිපල. (ර)

:       0       0

වියලගොඩ Friday, 19 February 2016 08:41 AM

පාරයි මාලිගාවයි අතර සම්බන්දයක් නැහැනේද ? පාර යන්නේ මාලිගාවෙ ඉඩම මැදින් නෙවෙයිනේ. අනිත් එක ඔය පාරින් එක වාහනයක් වත් යන්නේ නැත්තේ නාහැනේ. (ර)

:       0       0

නිරාන් Friday, 19 February 2016 01:45 PM

හැමදේටම වැඩිය වටිනා දළඳා සමිදුන් එහි ආරක්ෂාව ඉතා වැදගත් සෞදි වල මක්කම ප්‍රදේශයටවත් මුස්ලිම් නොවන කෙනකුට යන්න බෑ (බ)

:       0       0

නුවන් Friday, 19 February 2016 08:52 AM

ඔය පාර අරිනාවට වඩා කොයිතරම් විකල්ප තියනවද? (ර)

:       0       0

නිම්මි Friday, 19 February 2016 02:29 PM

අනේ රටකට ගිය කලක්.(බ)

:       0       0

මර්වින් Saturday, 20 February 2016 08:51 AM

දැන් සනීප ඇති (නි)

:       0       0

දහම් Friday, 19 February 2016 08:51 AM

පාර ඇරපු හැටියේ වාහන තව වැඩි වෙනවාමයි. එතකොට පරිසර දූෂණය අඩු වෙනවද.? (ර)

:       0       0

මොහාන් Friday, 19 February 2016 09:07 AM

නුවන් , මොනවද තියෙන විකල්ප? හැම රජයක්ම උපරිම උත්සාහ කලා විකල්ප සොයන්න. කියන්නකෝ හිතේ තියාගෙන ඉන්නේ නැතුව. (ර)

:       0       0

බණ්ඩාර රුසියාව Friday, 19 February 2016 03:06 PM

කලබල කාලේ පාර වැහුවට දැන් එහෙම නෑනේ. දශක ගණනාවක් ඇරලා තිබුණු පාර වහන්න හදන්නේ ඇයි. පාර වහල තිබුනත් විපතක් කරන එකා කරනවාමයි. සැක නම් ආරක්ෂාව තරකර පාර අරින්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2501 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 521 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1552 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site