ශ්රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගයට දකුණතින් පා ද`ග පන්දු යවන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක මාලිංග බණ්ඩාර ක‍්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වේ.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මෙම තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 68 ක පරාජයක් ලැබීය. එහිදී ශ‍්‍රී ලංකා පිලේ පා ද`ග පන්දු යවන්නා ලෙස ක‍්‍රීඩා කළ සීකුගේ ප‍්‍රසන්න (74/1) දැඩි ප‍්‍රහාරයට ලක්විය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (28) පෙරවරුවේ පැවැති පුහුණු සැසියේදී මාලිංග බණ්ඩාර පන්දු යැවීය. මෙම පුහුණු සැසියට ක‍්‍රීඩකයන් හත් දෙනකු පමණක් සහභාගි වී සිටි අතර වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් පන්දු කීපයක් පමණක් යවා ආබාධයකට ලක්වීමෙන් පන්දු යැවීමෙන් ඉවත්ව සිටියේය.
ටෙස්ට් ක‍්‍රීඩක 32 හැවිරිදි මාලිංග බණ්ඩාර එක්දින ජාත්‍යන්තර තරග 31 කදී කඩුලූ 36 ක් දවා ගැනීමට සමත්ව සිටින අතර ටෙස්ට් තරග 8 කදී කඩුලූ 16 ක් දවාගෙන තිබේ.
දෙවැනි තරගයට ක‍්‍රීඩා කරන කණ්ඩායම තේරීම සදහා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජික දොන් අරුණසිරි මහතා හෙට (29) දඹුල්ලට පැමිණීමට නියමිතය. පළමු තරගය පැවැති තණතීරුවේම හෙට තරගය ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පළමු තරගයේ පරාජයෙන් පසු ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් ක`ඵවිතාරණ මහතා පැවසුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් හො`දින් ක‍්‍රීඩා නොකිරීම හේතුවෙන් පරාජයට පත්වූ බවයි.
”අපි හො`දින් ක‍්‍රීඩා කළේ නෑ, දෙවැනි තරගයේදී බොහෝ විට කණ්ඩායමේ වෙනසක් වෙයි” යැයි ක`ඵවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාලිංග බණ්ඩාර දෙවැනි එක්දින තරගයට කැදවයි