සදාදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි අද අප අතර නැතත්, ඒ ආදරණීය ආමන්ත‍්‍රණයේ මිහිර පරපුරෙන්-පරපුරට දායාද කිරීමේ උරුමය රැගෙන යන්නේ, මේ පිය-පුතු දෙදෙනාය. මිල්ටන් මල්ලවආරච්චිගේ ආදරණීය පුතු රනිල් සහ මුණුපුරා වන පවන් ඒ දෙදෙනාය. රනිල් ඇතුලූ මේ පිරිස පදිංචිව සිටින්නේ ඕස්ටේ‍්‍රලියාවේය. මේ සීතල දුරුතු මහේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ආදරණීය පියාණන්ගේ, ආදරණීය සීයාගේ උපහාර ගී ප‍්‍රසංගය පැවැත්වීම සඳහාය. මෙම ප‍්‍රසංගය පැවැත්වෙන්නේ ජනවාරි 09 වැනිදා සවස 6.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. මෙවර මෙම ප‍්‍රසංගයේදී රනිල්ට අමතරව මිල්ටන්ගේ මේ මුණුපුරා ද ගී කීපයක් ගැයීමට නියමිතය. රනිල් සහ පවන්ගේ මේ හමුව ඒ වෙනුවෙනි.
පවන් මල්ලවආරච්චිගේ වයස අවුරුදු 16කි. පාසල් අධ්‍යාපනය ලබන අතරේ ගුවන් නියමු පුහුණුව ද ලබමින් සිටියි. ඊට අමතරව සංගීත අංශයේ නියැලෙන අතර පාසලේ ශිෂ්‍ය නායකයා ද වන්නේය. පාසලේ ප‍්‍රධාන ගායන ශිල්පියා ද වන අතර ඉගෙනීම් කටයුතු ද ඉතා හොඳින් කරන්නේය.
”සීයා මියයන විට මම ඉපදිලාවත් නැහැ. නමුත් සීයා ගැයූ ගීත හරි විශිෂ්ටයි. ඒත් අද කාලයේ ශ්‍රී ලාංකීය ගීත කලාව වෙනස් මගකට ගිහින්. නව තාක්ෂණය එක්ක හැත්තෑව දශකයේ ඒ ගීත කලාව නැවත කරළියට ගෙනෙන්න ඕනෑ. ඊට අමතරව සීයාගේ ඒ නොමියෙන අපූරු ගීත ඉංග‍්‍රීසි පරිවර්තනයෙන් නිර්මාණය කිරීමටත් උත්සාහ ගන්නවා.
අදටත් සීයා රටේ ලෝකයේ මිනිසුන්ගේ ආදරය ලබන හැටි මම දකිනවා. ඒක හරි අපූරු දෙයක්. ඒ වගේම සීයා තමාගේ සමහර ගී නිර්මාණ සඳහා හරිම සරලව සංගීත භාණ්ඩ යොදාගෙන තිබෙනවා.
ඒක හරිම අපහසු දෙයක්. ඔක්කෝම වින්දනීයයි. නමුත් ”මා නිසා ඔබ නොපිරූ පිරුම්” ගීතයට විශේෂ කැමැත්තක් තිබෙනවා.
තාත්තා ඇත්තටම හරිම ආදර්ශවත් චරිතයක්. තාත්තා එහේ රැකියාව කරන අතරේ, සංගීත කටයුතු වගේම, ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙත් නියැලෙනවා. සංගීත ප‍්‍රසංගවලටත් දායක වෙනවා.
සීයාගේ ගීත රැකීමේ පූර්ණ වගකීම තියෙන්නෙ තාත්තාටයි. අන්න ඒ නිසයි තාත්තා එහෙම කරන්නෙ. මම හිතන්නෙ එය කළ යුතුම දෙයක්. ”රනිල්ට මගේ ගීත කියන්න බැරි නම්? වෙන කාටද පුළුවන්”? කියලා සීයාම කියලා තියෙනවා.
2013 අන්තිමට ආවේ. ඊට පසු මේ වසරේදී ඇන්ජලීන් ඇන්ටිගෙ ප‍්‍රසංගයට සහ තවත් ප‍්‍රසංගයක් සඳහා ආවා. තාත්තා වෙනුවෙන් ප‍්‍රසංගයක් පවත්වන්නේ අවුරුදු හතරකට පසුවයි.
තාත්තා අපට අහිමි වී අවුරුදු 18යි. ඒ සියල්ල වෙනුවෙන් තමයි ”සඳ ඔබයි පියාණෙනි” ප‍්‍රසංගය පවත්වන්නෙ.
මගේ පුතු පවන් මෙම ප‍්‍රසංගයේදී ගීත කීපයක්ම ගායනා කරනවා. මම සහ මගේ පියා ගායනා කළ ”මේ ලොව ගැඹුරුයි” ගීතය අද මා සහ පුතු ගායනා කරනවා. පරම්පරා තුනක නියෝජනය වන්නේ එදාටයි. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මගේ පියා සමග ගැයූ ගීතයක් අද මගේ පුතා ගායනා කරන්න සූදානමින් ඉන්නේ. හැබැයි ප‍්‍රසංගය නැරඹීමේදී ගීතය මොකක්ද කියලා පේ‍්‍රක්ෂකයින්ට දැනගත හැකි වේවි. තවත් වෙනස්කම් රැසක්ම තියෙනවා.
එයා අධ්‍යාපනයට වගේම සංගීතයට වඩා දක්ෂ බව පෙනෙනවා. නමුත් එයාගෙ අරමුණ ගුවන් නියමුවකු වීමයි. සංගීතයෙන් පාසලේදී විශිෂ්ට සම්මාන සෑම වසරකදීම ලබා ගත්තා. පාසලේ එයා තරුවක් කිව්වොත් හරි. ඉතින් එයා එයාගේ ගමන යාවි. සරසවි උපාධිය තමයි එයාගෙ ප‍්‍රධාන අරමුණ.
දියණියත් උසස් අධ්‍යාපනය ලබා, මෝස්තර නිරූපණ හා විලාසිතා අංශයෙන් උපාධිය ලබා ගැනීම උදෙසා අධ්‍යාපනයේ නියැලෙනවා. එයා කලාව සහ රංගනයට කැමති බව පෙනෙනවා. නමුත් උපාධිධාරීන් ලෙස තමයි එයාලා සමාජගත වීමට උත්සාහ ගත්තෙ.
මම එහි රැකියාවක් කරනවා. අමතරව ප‍්‍රසංගවලටත් දායක වෙනවා. මේ වසරේ සංචාර කීපයක්ම තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාව ඇතුළෙත් සංචාර කීපයක්ම තිබෙනවා.
පසුගිය වසරේදීත් ප‍්‍රසංග ගණනාවකට සහභාගි වුණා. නවසීලන්තයේ ප‍්‍රසංගයකටත් යාමට නියමිතයි. එංගලන්තයේ, කැනඩාවේ සහ ඇමරිකාවටත් ප‍්‍රසංග සඳහා ගියා. රැකියාවෙනුත් ඒ සඳහා නිවාඩු ලැබෙනවා.
නමුත් සිහිනෙන් ඔබ මට, මධුමල, එදා රැ, අවසර නැත මට, ගමනේ ගිම් නිවූ එදා, තනි වී සිටින්නයි, පායා ආ සඳ, සීතල හිම රටේ වැනි ගීත සඳහා විශේෂ කැමැත්තක් ඇති වග පෙනෙනවා.
”මධු මල ලෙස මුදු” ගීතයට මම බොහෝම ප‍්‍රියයි. තාත්තාත් ඒ ගීතයට තමයි වඩාත් ප‍්‍රිය කළේ.
Location - Heyleys Cafe Pixel
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිල්ටන් වෙනුවෙන් ‘‘සඳ ඔබයි පියාණෙනි’’
පෙරේරා Wednesday, 06 January 2016 06:01 PM
ඔබ දෙපලට සුබ පැතුම්! මෙහි ඇති සමහර අදහස් කුහකකමින් දමා ඇති බව පෙනෙනවා. පවන් පුතා, ඔබට ජය! (නි)
නිෂේන් Tuesday, 05 January 2016 08:17 AM
ඕස්ට්‍රේලියාවේ උපාධිය යන්න මහා ලොකු දෙයක් නෙවෙයි, ඊට වැඩිය කුසලතා වලට එහි වටිනාකමක් තිබෙනවා. (බ)
යසරත්න Wednesday, 06 January 2016 07:29 PM
මිල්ටන් යනු අමරණීය අසහාය ගායකයෙකි (නි)
පිටිගල මිලානෝ Monday, 04 January 2016 01:53 PM
ජනප්‍රිය ගායක පියවරුන්ගේ ගීත පමණක් ගායනා කරමින් ඔවුන්ගේ පුතුන් විශාල භූමිකාවක් ලංකාවේ කරන නමුත් ඔවුන්ට කිසිම අයුරකින් තම ප්‍රතිභාපුර්ණ පියවරුන්ගේ අසලකට වත් පැමිණිය නොහැකි වී තිබේ. සමහරුන් ගීත ගයන විට රේඩියෝව වසා දමන්නට හිතෙනවා. මේ අය අතුරෙන් අප අතරින් වෙන්වූ සතිෂ් පෙරේරාට ජානමය වශයෙන්දෝ ෂෙල්ටන් පෙරේරා ගේ මනස්කාන්ත කට හඬ පිහිටා තිබුනා පමණක් නොව බොහෝ අලංකාරව ගායනා කිරීමේ හැකියාවද තිබුනා (බ)
නිෂාද Saturday, 16 January 2016 01:37 AM
රනිල්ට වඩා, මිල්ටන් මල්ලවාරච්චිගේ කටහඬ පවන්ට පිහිටා තිබෙනවා. ඉතාමත් ලස්සනට ගීත කීමේ හැකියාව සහ සීයාට සමාන කටහඬක් පිහිටීම පවන්ගේ සිංහල ගායනය හැකියාව නිරායාසයෙන්ම මිල්ටන්ට ආදරය කරන පිරිස පවන් මල්ලවාරච්චි වටා රොක්වීම ඉදිරියේදී කිසිවෙකුටත් නවතන්න බැරිවේවි. ඔබ ගුවන් නියමුවෙක් වීමේ සිහිනය ඉතාම හොඳ දෙයක්. ඉදිරියටම යන්න පවන් සීයාගේ සින්දු සමඟින්. ඔබගේ සිහින සැබෑ කරගන්න. (නි)
ජැක්සන් ආරච්චිපාල Saturday, 09 January 2016 11:05 AM
මිල්ටන්ගේ ගීත ඒ ආකාරයටම ගායනය කිරීමට අද සිටියා නම් ඔහුටද නොහැකිවනවා ඇත. රනිල් ජීවිතයේ ජය කණුව වෙත ළගා වී ඇත. සතුටුවන්න. (නි)
ධනුෂ්ක Tuesday, 12 January 2016 06:08 AM
පියාගේ හෝ සීයාගේ ගීත ගැයීම වරදක් ලෙස මා දකින්නේ නැහැ. එම ගීත එම අයුරින්ම ගයන්න හැකි තවත් බොහෝ අය ඉන්නවා. නමුත් එයාලට ඒවා ගයන්න අවසර නැහැ. උදාහරණ මම නොදුන්නාට හැමෝම දන්නවා. තමන්ට හැකියාව තිබේ නම් නව නිර්මාණ බිහිකරන්න. පියාට කරන උපහාරය සහ සහ පියාගේ නම ගෙනයන හොඳම පිළිවෙත එයයි. (නි)
යසපාල Monday, 04 January 2016 09:47 PM
සුබ පැතුම්! (නි)
ක්‍රිස්කා මීනු ප්‍රනාන්දු Wednesday, 06 January 2016 12:48 PM
නියමයි හොඳ වැඩක් (බ)
කමනි Wednesday, 06 January 2016 09:28 AM
මේ දෙදෙනාටම මිල්ටන්ගේ හැකියාව පිහිටා නැහැ. සිංහල කතා කරගන්නවත් බැරුව කොහොමද සිංදු කියන්නේ? (ස)
සරත් Wednesday, 06 January 2016 04:47 AM
උපාධියට වඩා කුසලතා තමයි එහෙ වටින්නේ . මෙහෙ ඇවිල්ල නිකන් බොරු වැඩ කරන්නේ නැතුව ප්‍රයෝජනයක් වෙන දෙයක් කරලා යන්න (බ)
ජයාත් Tuesday, 12 January 2016 01:54 AM
අද හුඟ දෙනෙකුට තමන්ගේ නිර්මාණයක් ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් නැහැ (නි)
යමුනා Tuesday, 05 January 2016 07:23 AM
මිල්ටන්ට සමකළ හැකි කිසිවෙකු නැත. ඔහු සදා අපේ හදවතේ ඇත (නි)