IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මිලේනියම් සිටි පාවාදීම ගැන උඩුගම්පොළට නඩු

ශ්‍රී ලංකාවේ බුද්ධි බලකායේ දිගු දුර මෙහෙයුම් අංශයේ නිලධාරීන් රැඳී සිටි මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ගැන තොරතුරු එළිකළ බවට චෝදනා කරමින් මහනුවර පොලිස් නිල සුනඛ අංශය භාරව සිටි හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ නඩු පවරා ඇත.

නඩුව ලබන ජූලි 13 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන් 10 දෙනකුට නියම කළාය.

 



අදහස් (0)

මිලේනියම් සිටි පාවාදීම ගැන උඩුගම්පොළට නඩු

සුමිත් Tuesday, 16 June 2015 06:40 AM

2001-2004 පාවාදීම්, 2015, පාවාදීම්, රනිල් (අගමැති) ඇයි මේ? (ස)

:       0       0

නෙවිල් Tuesday, 16 June 2015 06:42 AM

මේක දේශපාලන එදිරිවාදිකම් නිසා රටේ ආරක්ෂාව පාවාදීමට හොඳම උදාහරණයක්. (ස)

:       0       0

අමිත් Tuesday, 16 June 2015 07:07 AM

කව්රු මොනවා කිවත් මෙවන් අපරාධ ගැන උසාවි යන්න හරි පරීක්ෂණයක් පවත්වන්න හරි වාතාවරණයක් තියෙන්නේ දැන් නේද? (ස)

:       0       0

සිංහ Monday, 15 June 2015 06:06 PM

මේ වගේම අනෙක් සියළු වැරදි ගැනත් හොයන්න ඕනෑ (නි)

:       0       0

නුවන් Monday, 15 June 2015 06:22 PM

පිවිතුරු යහපාල වෙලේ සුදා ඇල්ලුවට එයාගේ නායකයා අල්ලන්නේ නැහැ වගේ (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 16 June 2015 07:13 AM

මේවලට නීතිය ක්‍රියාත්මක කරන්න තිබුනේ පසුගිය රජයෙන්. දැන් ඒවලට සම්බන්ද පුද්ගලයෝ පසුගිය රජයේ අයට දඬුවම් කරන්න යනවා. (ස)

:       0       0

රාජ් Monday, 15 June 2015 06:36 PM

ලංකා ඉතිහාසයේ විශාලතම පාවාදීමක් යනුවෙන් නම් කරන්න පුළුවන් සිද්ධියක් ගැන දැන්වත් සොයා බැලීම ගැන සන්තෝෂය. (නි)

:       0       0

ජෝන් Monday, 15 June 2015 07:08 PM

ලුසේනා, ඔයාට වැරදිලා (නි)

:       0       0

කමල් පෙරේරා මිලානෝ ඉතාලිය Tuesday, 16 June 2015 07:35 AM

ලුසේනා මේ කියන උඩුගම්පොලයි 87-88 භීෂන කාලයේ දකුණේ හිටපු උඩුගම්පොලයි දෙන්නෙක්. ශාක්ෂි වැඩක් නෑ දන්න කෙනෙක්ගෙන් අහල බලන්න. (නදී)

:       0       0

මංජු Tuesday, 16 June 2015 07:36 AM

මෙතන කවුරු හරි අලුතෙන් ලියන කෙනෙක් ඉන්නවා ඉඳහිට ලියන පාඨකයන් හතර පස් දෙනෙක් ගේ නම් වලින් ලියනවා. මගේ නමිනුත් ලියලා . මොන කැත වැඩක්ද ඔය ඕන තරම් නම් තියෙන්නේ තමන්ට තෝරා ගන්න. (නදී)

:       0       0

ලක්මාල් Monday, 15 June 2015 08:13 PM

සමහරු වලිගය පාගාගෙන කියලා අදහස් වලින් පෙනෙනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 June 2015 09:00 PM

ලුසේනා, ඒ එයා නෙමෙයි (නි)

:       0       0

විජයබාහු Tuesday, 16 June 2015 08:17 AM

සඳුන් දැන් තේරෙනවද දෙන්න ඉන්න හැටි බැලුවම ඒ නඩුවත් කොහොම යන්න ඇතිද කියල. (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 15 June 2015 11:02 PM

පෙර වැරදි ඇති දේශපාලුවන්ටත් නඩු දාන්න (නි)

:       0       0

මනෝජ් Monday, 15 June 2015 11:15 PM

මදැයි දැන්වත් හොයන්න හිතුනා.... (නි)

:       0       0

බණ්ඩාර Monday, 15 June 2015 11:27 PM

උඩුගම්පොළලා ගැන අපි දන්නවා (නි)

:       0       0

සඳුන් Monday, 15 June 2015 11:46 PM

වතු, චන්ද්‍රිකාගේ කාලේ බටලන්ද ගැන නඩුවක් තිබුනා. ඒකට රනිලුත් නීතියට ගරුකරමින් පෙනීසිටියා. "පළිගන්නවෝ පළිගන්නවෝ"කිය කියා හිටියේ නැහැ. ඒකෙන් තීන්දුවක් ලැබුනා. ඊට පස්සේ කළේ ඒක කිය කියා මඩ ගහපු එක විතරයි. ඔයාලා දන්නේ අන්න ඒ මඩ ටික. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 16 June 2015 04:07 PM

අපි බලමුකෝ වෙන දේ... (නි)

:       0       0

සඳුන් Wednesday, 17 June 2015 05:04 AM

පාලිත පෙරේරා, ඔබ සින්දු වලින්ද දේශපාලන තත්වය තේරුම් ගන්නේ? හරිම දුකයි. නන්දා මාලනී ඔය සින්දු කිව්ව කාලේ අපි ලාබාල තරුණයෝ. ඒ ගැන මතක වගේම හොඳට දන්නවා. සින්දු ලිව්ව අයත් දන්නවා. (නි)

:       0       0

සමන්ති Tuesday, 16 June 2015 12:09 AM

ලුසේනා, නම තිබුනාට ඔයාට වැරදිලා? චතු, බටලන්ද කොමිසමක් දැම්මනේ. ඕකේ ජවනිකා රූප පෙට්ටියෙනුත් පෙන්නුවානේ.කොමිසමට බය නැතුව සාක්කිත් දුන්නනේ.තව මොනවද? (නි)

:       0       0

සඳුන් Wednesday, 17 June 2015 05:14 AM

විජයබාහු, දැන් ඔය නඩුව ආයේ ආවත් මොන තීන්දුව දුන්නත් ඔබලා කියන්නේ පක්ෂපාති කියලා. හේතුව බලය තියෙන්නේ යු එන් පි එකට නිසා. මේ නිසා තමයි රටකට අපක්ෂපාති නීති පද්ධතියක් ඕන. අපිට ඒකට තවම ගොඩක් දුරයි. (ම)

:       0       0

නිමාෂා Tuesday, 16 June 2015 12:49 AM

පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධියත් මිලේනියම් සිටි වැඩේට දෙවෙනි නැහැ කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

සම්පත් Tuesday, 16 June 2015 04:37 PM

මේ දේශපාලන ධාරාවේ සිටින වෙනත් දේශපාලනඥයෙකුට යමෙකු සුදුහුණු ගානවා නම් ඔහු දේශපාලනය පිළිබඳව කිසිදු අවබෝධයක් නැති අයෙක්. මේ සියළුම දේශපාලුවන් කම්බා හොරු. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 16 June 2015 12:52 AM

ලසන්තට වැරදිලා. මේ එයා නෙමෙයි (නි)

:       0       0

සජිත් Tuesday, 16 June 2015 12:59 AM

නිමාෂා, යමක් දැනගෙන කතාකරන්න.ඇවන්ගාඩ් රටට ආදායම ගෙනා ව්‍යාපෘතියක්.ඒක මේ රජයත් හොඳින් දන්නවා.මිලේනියම් මහා පාවාදීමෙන් කළේ මේ රටේ තිබූ විශිෂ්ඨතම බුද්ධි අංශය සහිත දිගුදුර මෙහෙයුම් බලකාය අමුඅමුවේ කොටින්ට පාවාදීමක්. (නි)

:       0       0

සාමා Tuesday, 16 June 2015 01:03 AM

රනිල් කිසිම බයක් නැතුව ඔය සේරම මඩ වලට මුහුණ දුන්නා නේද? කිසිම දවසක පන්සල් ගානේ ගිහින් මගෙන් පළිගන්නවෝ කියලා කිව්වද? කරන කලට පව් මිහිරිය මී සේ- විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා ගමේ කියන්නේ මේවට තමා. (නි)

:       0       0

රොෂාන් Tuesday, 16 June 2015 01:27 AM

ලුසේන වලිගෙ පාගාගෙන. ඔය කියන්නේ ප්‍රේමදාස උඩුගම්පොල ගැනයි. මේ අරයගේ කුලී හේවායෙක් (නදී)

:       0       0

පූර්ණ Tuesday, 16 June 2015 01:44 AM

මෙවන් දේවල් සොයාබලන එක හොඳයි (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 16 June 2015 01:53 AM

වැරදි කළ සියලු දෙනා දඬුවම් ලැබිය යුතුයි. (නි)

:       0       0

මහී Tuesday, 16 June 2015 01:56 AM

බටලන්ද වදකාගාරය ගැන පරීක්ෂණ කලානම් දැන් ලොකුවට කතාකරන අය ඇතුලේ. 1996 සිට ආණ්ඩු කල රජයන් පලිගැනීම් කළේ නැහැ. (නදී)

:       0       0

රංජිත් උපාලි Tuesday, 16 June 2015 02:27 AM

හොදම අංශයක් උඩුගම්පොලට භර දිලා තිබුනෙ (නදී)

:       0       0

සුදේශ් Tuesday, 16 June 2015 02:57 AM

ප්‍රේමදාස උඩුගම්පොලගේ මල්ලි. ඔය වැඩේ පටන්ගත්තේ රනිල්, උඩුගම්පොල කළාට (ම)

:       0       0

රවී Tuesday, 16 June 2015 03:05 AM

අත්කොට 86 / 90 පාරවල් පුරාම තිබුනේ මඩද තරුණ මල මිනීද? උසාවියෙන් ගැලවුනාම හරිද? (බ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 16 June 2015 11:13 AM

අපි නොදන්නා අලුගෝසුවෝ (නදී)

:       0       0

බන්ඩාර Tuesday, 16 June 2015 11:12 AM

තිලක් -ඩුබායි , ප්‍රේමදාස උඩුගම්පොල ගැන ලිපියක් ගියා පත්තරේ (නදී)

:       0       0

සමන් Tuesday, 16 June 2015 11:17 AM

බටලන්ද ගැන අහලවත් නැතිලු (නදී)

:       1       0

නිමල් Tuesday, 16 June 2015 11:32 AM

රට පවා නොදුන්න දෙන්නෙක් තමයි මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් . මොන තරම් සුළි කුණාටු මැද ද අපිව ඔවුන් ආරක්ෂා කළේ? (බ)

:       0       0

මහනාම - කඳාන Tuesday, 16 June 2015 11:46 AM

කවුද කියන්නේ බටලන්ද ගැන පුර්ණ පරීක්ෂණයක් කළා කියලා , එහෙම කළා නම් අද මේ කෑගහන උදවිය 75% හිරේ නායකයා ද ඇතුළුව , ඒ වගේම අනෙක් පැත්තෙන් ජේ වී පි එක ගැන හෙව්වා නම් 100% විතර හිරේ ( අලුතෙන් ආපු කට්ටිය ඇරෙන්න ) , මේ නිකන් තවත් මාධ්‍ය සංදර්ශනයක් බව කාටවත් නොතේරෙන වගයි , මේ උඩුගම්පොල මහතා හෝ කොයි උඩුගම්පොල වත් තමා ගේ තීරණ වලට වැරදි කලේ නැහැ , හැමදාම හැමතැනම කලේ පවතින ආණ්ඩු වල තීරණ අඩු වැඩියෙන් ක්‍රියාවට නැගීමයි , කවුද මිලේනියම් සිටි කාලේ හිටියේ මහින්ද ද ? ගෝටා ද ? මේ දැන් කරන දේවල් වලට කපා හරින්න පොඩි ඩීල් එකක් පමණයි , පිලි ගත්තත් නැතත් ඇත්ත එකයි , රවී රාජ් මරුවා කියලා නේවි නිලධාරි 4 ක් ඇල්ලුවා , මහේෂ්වරන් මරුවා කියලා තව ඇල්ලුවා , ඒවා පොඩ්ඩක් යට ගහලා පොඩ්ඩක් බැලන්ස් කරන්න තමා මේ යන්නේ , අද කාලේ විතරක් නොවේ ඒ කාලේ ඒවත් අල්ලනවා කියලා පොඩි මාධ්‍ය සංදර්ශනයක් පෙන්වන්න (ස)

:       0       0

සැමී Tuesday, 16 June 2015 03:50 AM

2002 තිබුන ආණ්ඩුවත් එ්කේ හිටිය අයත් මේ වැඩේට දඩුවම් දෙන්න ඕනා. එහෙම කරන්නත් පුළුවන් මොකද දැන් යහපාලනේනේ ක්‍රියාත්මක වෙන්නේ. අනික අගමැතිට මුක්තියක් තියෙනවා කියල ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැනේ. ඒ නිසා කරුණාකරලා දඩුවම් දෙන්න එතකොට යහපාලනෙන් කාටත් සාදාරණයි කියා කියන්න පුලුවන් (නදී)

:       0       0

පාලිත පෙරේරා Tuesday, 16 June 2015 11:52 AM

කවුද කියන්නේ බටලන්ද ගැන අද වගේ එලෝ එලෝ හෙව්වා කියලා ,දෙවන වසර කොළඹ වෛද්‍ය පීඨයේ සිසුවෙක් ආගිය අතක් නැහැ 1988 සිට. ( අඩුම ගානේ මිනිය වත් නැහැ ) පුළුවන් නම් මේ අදුරදර්ශී ආණ්ඩුව වෙනුවෙන් කතා කරන උදවිය හොයා බලන්න . ඔය අලුතෙන් ෆේස් බුක් හරහා දේශපාලනය කරන උදවිය නන්දා මාලිනි මහත්මියගේ එවකට පිට කරපු කැසට් පට අසා රස විදින්න , (ස)

:       0       0

රසික Tuesday, 16 June 2015 04:07 AM

ඔය 88/89 ගැන කතා කරන අය මැතිනිගේ කාලේ උන දේවල් ගැන ඇයි කතා නොකරන්නේ? අමතක වෙලාද එක්කෝ දන්නේ නෑ වගේ ඉන්නවද? (බ)

:       0       0

සුරන් Tuesday, 16 June 2015 04:06 AM

ඔය හදන්නේ ඡන්දෙට කලින් මේ ආණ්ඩුවෙන් උඩුගම්පොළව නිදොස් කොට නිදහස් කරන්න (බ)

:       0       0

ගජසිංහ Tuesday, 16 June 2015 04:10 AM

රනිල්ගේ වධකයා. මම බේරුනේ 99 න්. ගෝඨා ට මිනිස්සු බැන්නට සුදු වැන් නිර්මාතෘ රනිල්. රාජපක්ෂලාට මම විරුද්ධ වුනත් ඇත්ත එ්කයි. (බ)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 04:19 AM

අර දෙරණ මගින් විකාශනය කෙරුණා අතරමගදී නතර කරන්න සිද්ද වුන විසිත්ටතම "ගිනි කෙලි සහ ගිනි අවි"නාට්‍යයේ ඉන්න කනට පෑන තියල තරුණයන්ට දස වැඩ දුන්නු ඒ "උඩුගම්පොල" තවමත් ජිවතුන් අත්තර ඉන්නවද? (ම)

:       0       0

ධම්ම Tuesday, 16 June 2015 04:20 AM

මිලේනියම් සිටි පාවලා දීපු එකා විතරක් නෙමේ එකට අණ දීපු දේශපාලන නායකයත් එල්ලන්න ඕනේ , 88/89 කාලේ බටලන්ද වගේ වදකාගාර මෙහෙවපු දේශපාලන නායකයත් එල්ලන්න ඕනේ.සමහරුන්ට මේවා මතක නෑ. (ම)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 04:20 AM

ලංකා  ඉතිහායේ  පවාදීම ගැන සෙවීම සතුටුයි  (ම)

:       0       0

බණ්ඩාර- කැකිරාව Tuesday, 16 June 2015 04:27 AM

පාවෙන අවි ගබඩාව ගැන තොරතුරු හෙළි කරේ දේශපාලන වාසි ලබාගැනීමට ලාංකීය ජාතීන්ගේ ආරක්ෂාව ගැන නොසිතමිනි .,මෙම මෝඩ ජාතිය පාවාදීමේ ප්‍රතිපල නුදුරු අනාගතයදී අප සැමට දැකගත හැක. (ම)

:       0       0

කමල් Tuesday, 16 June 2015 04:31 AM

නිමාෂා නගා වලිගෙ පාගාගෙන, පාවෙන අවි ගබඩාවේ තිබුනේ මුහුදු මන්කොල්ලකරයනට විකුනන්න තිබුණ ඒවා. (ම)

:       0       0

ශාන්ත Tuesday, 16 June 2015 05:06 AM

මේ අය‍ට 1971 අප්‍රේල් වල සිදු වුණ දේවල් දන්නේ නැතිව ඇති. (ම)

:       0       0

ලුසේනා Monday, 15 June 2015 03:29 PM

ඔය මිනිහ තමයි 89 කොල්ලන්ගේ කන් ඇතුලට පෑන් ඇතුළු කරලා මැරුවේ. ඕන නම් අපි සාක්කි පෙන්වන්නම් (බ)

:       0       0

පූර්ණ Tuesday, 16 June 2015 01:15 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

දස්කොන් Monday, 15 June 2015 03:37 PM

ලංකා ඉතිහාසයේ විශාලතම පාවාදීමක් යනුවෙන් නම් කරන්න පුළුවන් සිද්ධියක් ගැන දැන්වත් සොයා බැලීම ගැන සන්තෝසය. (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 June 2015 05:39 AM

පාවාදීම අපේ මනුස්සයන්ගේ ගතියක්නෙ පුරාණයේ සිටම.. (ර)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 03:46 PM

එල එල.. ඒ එක්ක ඒ සිදුවීමට වගකිවයුතු දේශපාලන උපදෙස් ලබාදුන් දේශපාලකයින්ටත් එරෙහිව නඩු දාන්න.උඩුගම්පොල කියන්නේ බළල් අතක් පමණයි..කොස් ඇට බාවපු එව්වන්වත් හෙළිදරව් කරලා එලියට ගන්න..යහපාලන අගමැති තුමා ඇරෙන්න..(බ)

:       0       0

චතු Monday, 15 June 2015 04:06 PM

බටලන්ද වධකාගාරය ගැන හොයා බැලුවොත් නරකද ? ඒ නැති වුනෙත් මේ රටේ අහිංසක ජිවිත (බ)

:       0       0

සුනිල් Tuesday, 16 June 2015 05:57 AM

නිල සුනඛ අංශය කියන්නේ සුදු වෑන් අංශයටද? (ස)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 16 June 2015 05:59 AM

උඩුගම්පොලලා දෙන්නෙක් හිටිය. දෙන්න සහෝදරයෝ මම දන්නා විදියට. දෙන්නම ක්‍රියාත්මක උනේ මේ යහපාලනය ගැන දොඩවන බෝධිසත්ව එකසත් ජාතික පක්ෂ රජයන් යටතේ.අදටත් ප්‍රේමදාස උඩුගම්පොල කිව්වම ඔය පරණ ජේ වී පි කාරයින්ට උන් හිටි තැන් වල මල මුත්‍ර පහ වෙනවා.ඒ තරමටම දරුණු පුද්ගලයෙක්..ඔහුව වියුරු වැට්ටුවෙත් අද බෝ පැල වගේ ඉන්න හතර පෝයට සිල් ගන්න ජේ වී පි එකෙන් මුළු පවුලම අමු අමුවේ මරා දැම්මට පස්සේ. (ස)

:       0       0

කමල් Monday, 15 June 2015 04:34 PM

චතුරි, ඔයා දන්න දෙයක් ගැන කතාකරන්න (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 04:41 PM

ලුසේනා,දැන් සාක්කි පෙන්නලා වැඩක් නැහැ (නි)

:       0       0

සරත් Tuesday, 16 June 2015 06:12 AM

හොයන්න එයාගේ පවුලේ අය මරල දාපු විදිය ,ඊට පස්සේ තමයි උඩුගම්පොල උමතු වුණේ. ජ.වී. පෙ . අය මිනිසුන් මරපුව අපි අත් විඳලා තියෙනවා .මරණ එක සාධාරණ කරනවා නෙවෙයි ,ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා (ම)

:       0       0

ප්‍රනාන්දු Monday, 15 June 2015 04:47 PM

මේ විදියට හැමදේම හොයනවා නම් බොහොම හොඳයි (නි)

:       0       0

රේණු Tuesday, 16 June 2015 06:21 AM

උඩුගමිපොල කියන්නේ ඒ දවස් වල දේශපාලකයන්ගෙන් වෙිගයෙන් ලකුනු රැස්කල අයෙක්. ඔහු ලකුණ රැස්කිරිදෙි ඔහුගේ අමිමා තාත්තා උනත් කමි නැත කෘෘර අයුරින් කටයුතු කලේ. මෙි සමගම බටලන්දටත් සමුහ මිනිවලවල් වල සිටින්නන් කවුරුද ? ඒවා සිදුකලේ කවුරුන්ද යන්නත් සොයා බැලිම වටී. පොලිස්කාරයෙකුට පමණක් දඩුවමි පමුණවලා මදි ඔහු මෙහෙය වු ජඩ දේශපාලකයාද වගකිවයුතුයි (නදී)

:       0       0

සමන්ති Tuesday, 16 June 2015 02:04 PM

පාලිත පෙරේරා, මිනිසුන් දිනපතාම අතුරුදහන් වෙනවා. වසරකට කියක්දැයි පොලිස් වාර්තා සොයා බලන්න. (බ)

:       0       0

චන්න බුවනක Monday, 15 June 2015 04:59 PM

අපිට මතකයි 88/89 කාල වල උන දේ (නදී)

:       0       0

රත්නසිරි Monday, 15 June 2015 05:13 PM

දේශපාලුවන්ගේ වැරදි වලට තවත් රජයේ සේවකයෙක්උසාවි (නදී)

:       0       0

ඉන්දික Monday, 15 June 2015 05:16 PM

මොකද හිතන්නේ බටලන්දේ වදකාගාරය ගැන කට්ටියට? අපේ අහිංසක කොල්ලෝ කීදෙනෙක් නම් මැරුවද? කව්ද මේවට වගකියන්නේ? මිලේනියම් සිටි පාවාදීම කළේ කව්ද ? මේවා බරපතල චෝදනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 207 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 310 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1718 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12600 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6195 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36625 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site