IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මාලබේ වෙද උපාධියට වෛද්‍ය සභා දොර වැහේ

මාලබේ දකුණු ආසියා තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) සමත්වූ ප්‍රථම වෛද්‍ය කණ්ඩායමේ සිසුන් 30 දෙනා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.

එම සිසුහු ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට යති. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසනුයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම සිසුන්ට සාධාරණය ලැබෙනු ඇති බවයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගෙන ඇතැයි කී ඇමැතිවරයා එහි 700ක් පමණ සිසුන් ඉගෙන ගන්නා බවද කීවේය.

 



අදහස් (0)

මාලබේ වෙද උපාධියට වෛද්‍ය සභා දොර වැහේ

සුනිල් Tuesday, 07 June 2016 09:57 AM

වෛද්‍ය සභාව චෝදනා කරන ආකාරයේ, අ.පො.ස්.(උ.පෙල​) අසමත් හෝ, වානිජ හෝ කලා විෂය ධාරා හැදෑරූ සිසුන් මොවුන් අතර ඉන්නවා දැයි බලන්න​. සත්‍ය තත්වය හෙලිකරන්න​.(හේ)

:       0       0

සමන් Tuesday, 07 June 2016 05:08 PM

මම අහන්න කැමතියි මේ රටේ එක මහත්තයෙක් හරි නෝනා කෙනෙක් හරි තමන්ගේ ළමයා, අම්මා තාත්තා ලෙඩවුණොත් ඔය දොස්තරලා 30 දෙනාගෙන් කෙනෙක්ගෙන් බෙහෙත් බොන්න දෙන්න කැමතිද කියලා (නි)

:       0       0

නාලනී Tuesday, 07 June 2016 10:08 AM

දැන් මේ ළමයින්ට කාගේ පිහිටක්ද.? (ර)

:       0       0

සෑම් Tuesday, 07 June 2016 10:24 AM

සයිටම් එතරම් බාලයිද.? (ර)

:       0       0

අජිත් Tuesday, 07 June 2016 10:50 AM

වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි? සාධාරන හේතු ඉදිරිපත් කරන්න. ඔවුන්ට සාධාරන හේතු නැහැ. එතන සුදුසුකම් නොලත් සිසුන් නැහැ. විශ්වවිද්‍යාලය සතුව පහසුකම් තියෙනවා. ඔවුන් පරික්ෂන වලින් සමත් නම්, ඇයි මේ? (ර)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 07 June 2016 10:57 AM

මේ ළමයින්ටත් පිටරට ඉගෙනගෙන එන ළමයින් වගේ මෙහෙ විභාග කරලා පාස් වෙන අය ගන්න. (ර)

:       0       0

මොහාන් Tuesday, 07 June 2016 11:13 AM

මහත්වරුනි, කනගාටුව පල කිරීමට ඉක්මන් නොවන්න. තවම ප්‍රශ්නය මෙතනින් ඉවර නැහැ. මොවුන්ගේ මානව හිමිකම් කඩවී ඇති බව පැහැදිලි නේද? ගරු උසාවියේ තීන්දුව දෙස බලා සිටිමු. (බ)

:       0       0

රෝහිත Tuesday, 07 June 2016 11:18 AM

රොහාන් දයාදර පැරිසියේ ඉදන් දන්නා දේවල්. හරියට නිකන් මේ විදුහලේ විදුහල්පති වගේ කතා ක‍රන්නේ. ඔයා වෛද්‍ය සභාවේ ලියා පදිංචිවෙලා තියෙනවද.බයි කියන්න එපා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගෙන ඇත්නම් මෙයාලට වෛද්‍ය සභාව අනුමැතිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ලැබේය. අනික විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගෙන තියනව කිය්යනේ එකේ ප්‍රමිතියක් තියෙනවා. (බ)

:       0       0

සේන Tuesday, 07 June 2016 11:19 AM

මම හිතන්නේ මෙතැනදී වෛද්‍ය සභාව මෙම සිසුන්ගේ අපො ස උසස් පෙළ සහ ඔවුන් දැනට ලබා තියෙන දැනුම සොයා බලලා ඊට පස්සේ සුදුස්සන්ට පමණක් ලියා පදිංචිය ලබා දිය යුතුයි. එවිට වෘත්තියේ තත්වය හෑල්ලු වීමක් හෝ මාලබේ සිසුන්ට අසාධාරනයක් හෝ ඇතිවෙන්නේ නැහැ. (බ)

:       0       0

ඉන්දු Tuesday, 07 June 2016 11:21 AM

අපේ ළමයි වෛද්‍ය උපාධිය ගන්න බංගලිදේශෙ වගේ රටවලටත් යනව​. එහේ තත්වය මේ වෛද්‍ය සභාව දන්නව ද දන්නෙ නෑ. සමහර විට සාක්කුවට ගතමනාව ලැබෙනව ඇති. මම බංගලිදේශේ ඉන්දියාවෙ විශ්ව විද්‍යයාලවල තත්වය අත්දැකීමෙන්ම දන්නවා (බ)

:       0       0

නිරෝෂන් Thursday, 09 June 2016 10:06 AM

මාලබේට කඩේ යන දේශපාලඥයෝ කවූරුත් මාලබේ දොස්තරලාගෙන් බෙහෙත් ගන්න යන්නේ නැහැ. උණක් කැස්සක් හැදුනත් මහජනයාගේ සල්ලි වලින් පිටරට බඩගාන එකයි කරන්නේ. ඔය දොස්තර්ලගෙන් බෙහෙත් ගන්න වෙන්නේ අපේ අහිංසක මිනිසුන්ට තමයි. (නි)

:       0       0

අසංක Tuesday, 07 June 2016 11:36 AM

මමත් ලාල් - අංගොඩ ගේ කතාවට එකයි... බන්දුල මෙතන ගොඩක් හේතු තියෙන්න පුළුවන්, ඇත්තටම ප්‍රමිතිය පිළිබද ගැටළු. - එසේනම් කළ යුත්තේ එම ආයතනය නිවැරදි ප්‍රමිතියට පත්කර ගැනීමයි. වෛද්‍යවරුන් ගේ ඇති මහන්තත්වය සහ ඔවුන් ට ඇති තම පාලනය නැතිවෙයි කියන බිය - රජයේ වෛද්‍යවරු සෑමවිටම වැඩ වර්ජන කරන අතර මෙම අලුත් පිරිස් නිසා ඔවුන් ගේ එම වැඩ වර්ජන බිද වැටේවි යන බිය (බ)

:       0       0

ගැමුණු Tuesday, 07 June 2016 11:45 AM

බංග්ලාදේශය, නේපාලය වැනි රටවල ගිහින් උපාධිය අරන් අපේ රෝහල් වල වැඩකරන දොස්තරලා පිළිගන තියනවා. ඉතින් ඇයි මාලඹේ විද්‍යාලයට නියමිත ප්‍රමිතිය හදුන්වල දෙන්නේ නැතිව ඒ දරුවන්ට අසාධාරණයක් කරන්නේ. විදේශ විනිමය අපේ රටේම ඉතිරි වෙනවා නේද. (හේ)

:       0       0

දුමින්ද Tuesday, 07 June 2016 11:56 AM

චීනේ ඉන්දියාවේ බංගලිදේශ් ගිහින් ගන්න උපාධි වලට වඩා දැනුමක් මේ සිසුන්ට තියනවා. තනිකරම මෙතන තියෙන්නේ කුහක කම (හේ)

:       0       0

සේරම් Tuesday, 07 June 2016 12:26 PM

කිසිදු හේතුවක් මත අසරණ රෝගීන් අල්ලාගෙන කරන වැඩවර්ජන නොකරන පොරොන්දුව පිට ඔවුන්ව සේවයට අනුයුක්ත කළ යුතුමයි . එවිට ඔය වෙද සංගමයේ ඒකාධිකාරය බිද වැටෙනවා නියතයි .එයින් සෙත සැලසෙන්නේ අසරණ රෝගීන්ටයි .වෛද්‍යවරුන් නිර්මාණය කරනුයේ රජය විසින් නම් රජයට තීරණ ගැනීමට නොහැකි ඇයි. (හේ)

:       0       0

ඉසුරු Tuesday, 07 June 2016 01:09 PM

වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක් වූනාට කමක් නෑ. ඒත් අසරණ රෝගීන්ගේ ජීවිත හෑල්ලු වෙන එක දුකයි.(හේ)

:       0       0

සමන්ති Tuesday, 07 June 2016 01:41 PM

හැබැයි අඩු සුදුසුකම් වලින් වෙන රටකට ගිහිල්ලා වෛද්‍ය උපාධිය ගෙන ආවම ප්‍රශ්න පත්‍රයක් දීලා සමත් වුනොත් බඳවාගන්නවා. එතකොට උසස්පෙළ ,සාමාන්‍ය පෙළ බලනවාද? (බ)

:       0       0

චානක Tuesday, 07 June 2016 08:27 AM

සාධාරණයක් ඉටුවේවා කියල අපිත් ප්‍රර්ථනා කරමු (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 07 June 2016 08:43 AM

මෙතන තියෙන්නේ ලොකු දේශපාලන සිදුවීමක්.මේ විදුහල නිකම්ම නිකම් උපාධි කඩයක් පමණයි. එනිසා තමයි වෛද්‍ය සභාව අනුමැතිය නොදෙන්නේ. ඉතාම දක්ෂ ලෙස සමත්වුණා කිහිපදෙනෙක් සිටිනා අතර දේශපාලුවන් කිහිපදෙනෙකුගේ උසස්පෙළට ගෘහ විද්‍යාව සමත් අඹුවන් කිහිපදෙනෙකුත් ඉගෙන ගන්නවා. මොනවා වුනත් මේ අයගෙන් බෙහෙත් ගන්න අයට නම් දෙවියන්ගේම පිහිටයි..(බ)

:       0       0

රොමේෂ් Tuesday, 07 June 2016 08:43 AM

සාධාරණය ඉටුවිය යුත්තේ රජයේ විශ්වවිද්‍යාල වලින් එලියට එන සිසුන්ට. ඒ 3 අරන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවෙන්න බැරි සිසුන් කීයක් ඉන්නවද? එහෙම තියෙද්දී සල්ලි තියෙන උදවිය එස් 3න් දොස්තරලා වෙනවා. එකම පන්තියේ සිසුන් දෙදෙනෙකුට මේ ඉරණම විදින්න වුනොත් මොකක්ද රටේ තියෙන සාධාරණය. රටේ අධ්‍යාපනය නාමිකව විතරයි නිදහස්. අනෙක් කාරණය පිටරටවල උපාධිකඩවලින් අරගන්න උපාධිවලට ශ්‍රී ලංකාවේ බලපත්‍රය නිකුත් කරන එකත් වැළක්විය යුතුයි. රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත්කරගනීම වැඩිකරනවානම් රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය බිහිකරගන්න පුළුවන් අපිට. පිටරටවලට අපේ සල්ලි පොම්ප කරන්නේ නැතිවම.(හේ)

:       0       0

සුජීව Tuesday, 07 June 2016 08:47 AM

හොරුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.(හේ)

:       0       0

ශෂී Tuesday, 07 June 2016 08:48 AM

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම සිසුන්ට සාධාරණය ලැබෙනු ඇති (බ)

:       0       0

නාමල් Tuesday, 07 June 2016 08:53 AM

උගතුන්ට සලකන්න නොදන්න මේ රට අතහැරලා දියුණු රටකට යන එකයි ළමයින්ට කරන්න තියෙන්නේ (බ)

:       0       0

සමන් ද සිල්වා Tuesday, 07 June 2016 09:04 AM

හොද වැඩක්. උපාධි කඩ අපිට එපා. (ර)

:       0       0

සුධත් සිරිවර්ධන - නීති ශිෂ්‍ය. Tuesday, 07 June 2016 09:07 AM

වෛද්‍ය සභාවේ උගත් මහත්වරුන්ට පින්සිදුවෙවා. ශ්‍රේෂ්ඨධිකරණයට පුළුවනි වයිද්‍ය සභාවට කියන්න. අවශ්‍ය ප්‍රමිතියට ඇතිනම් අනුමැතිය දෙන්න කියලා කියන්න. එහෙම නැතිව " අනුමැතිය දෙන්න"කියලා කියන්න ශ්‍රේෂ්ඨධිකරණයට බලයක් නැහැ. ඒ අය එහෙම කියන්නෙත් නැහැ. (ර)

:       0       0

ජයනාත් Tuesday, 07 June 2016 09:10 AM

බලපෑම් වලට යටවී ගත් තලිබාන් පන්නයේ දුෂ්ඨ කුහක තීරණයක්, මහැදුරු කාලෝ ඇතුළු වෛද්‍ය සභා තීරක මඩුල්ලේ..! මෙම සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සමතුන්. ජීව විද්‍යා අංශයෙන් යැයි සිතමි. සිය ජීවිතයෙන් අවු 5 කටත් වඩා කැපකර මුදලින් රු.කෝටි 30 ක් 40 ක් පමණ විදේශ විනිමය රට තුල රඳවා ගැනීමට උර දුන් මෙම සිසුන් නීති විරෝධී අධ්‍යාපනයක් ලද්දහුද..?ගෞරවනීය වූ අධිකරණය සාධාරණය ඉටු කරාවි ඔවුනට. (හේ)

:       0       0

රෝහිත් Tuesday, 07 June 2016 09:11 AM

යක්ෂයාගේ උපාධි කඩය.(හේ)

:       0       0

ජයම්පතී Tuesday, 07 June 2016 09:09 AM

වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප වෙන්න හේතුවක් ඇතිනේ, වෛද්‍ය සභාව කියන්නේ සෞඛ්‍ය පිළිබඳව රටේ තියෙන උත්තරීතර ස්ථානය නේ.(හේ)

:       0       0

ශිරාණි රත්නායක Tuesday, 07 June 2016 09:13 AM

චානක, සාධාරණය ඉටුවන්න ඕන මේ හොර උපාධි කඩයටද ,එහෙම නැතිනම් රටේ ජනතාවටද..?(හේ)

:       0       0

ලුම්බිණි Tuesday, 07 June 2016 09:19 AM

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය නැහැ කියල නීති හදන එකයි තියෙන්නේ... (ර)

:       0       0

ලාල් - අංගොඩ Tuesday, 07 June 2016 09:20 AM

මේ කියන මාලබේ වෛද්‍ය විද්‍යාලයේ අඩුපාඩු තියෙනවා නම් කලයුත්තේ රජය , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ වෛද්‍ය සංගම් එකතුවෙලා ඒ අඩුපාඩු සම්පුර්ණ කර ගැනීමට එම ආයතනයට උදව් කිරීම නේද ? එහෙම නැතිව මේ කරන වැඩ වලින් සිදුවෙන්නේ මේකේ ඉගෙන ගන්න දරුවන්ට කරන ලොකු අසාධාරණයක් නේද ? ඉක්මනින්ම ආණ්ඩුවේ ලොකු අයටත් අනිකුත් අදාළ ආයතනවලටත් මේ තත්වය තේරුම් අරගෙන රට ගැන හිතල මේ ප්‍රශ්නය විසඳගන්න ඥානය පහළවේවා කියල ප්‍රර්ථනා කරනවා.! (ර)

:       0       0

බන්දුල Tuesday, 07 June 2016 09:18 AM

අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ රුපියල් මිලියන 12 වියදම් කරලා රටේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නේ නැති වෛද්‍ය විද්‍යාලයකින් සමත්වූ සිසුන් ගැන දුක්වන්න. කවුරුවත් හිතන්නේ නැහැ ඇයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වෛද්‍ය විද්‍යාලය පිළිගන්නේ නැත්තේ ඇයි කියලා. (ර)

:       0       0

සජිත් Wednesday, 08 June 2016 11:43 PM

වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය තීරණය වෙන්නෙ වෛද්‍ය සභාවෙ අනුමැතිය මත. ඇයි සයිටම් පිළිනොගත්තෙ කියලා නිවේදනයක් දැම්මා කාලෙකට කලින්. හොඳට කල්පනා කරලා බැලුවොත් තේරේවි මේක අයිස් කුට්ටියෙ මුදුන විතරයි. ලොකු ප්‍රශ්නෙ තියෙන්නෙ යට ගැහිලා. ප්‍රශ්නෙ වෙන්නෙ රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගන්න පුලුවන් ප්‍රමාණය සීමා සහිත එකනෙ. කරන්න ඕනෑ පුලුවන් විදිහට අපිට තියෙන ඒ සම්පත රැකගන්න එක. මොනවා හෝ හේතුවක් මත මේ සම්පූර්ණ ක්‍රියාවලියම යන පැත්ත එච්චර හොඳ නැහැ. වෙන රටවල් වල වගේ, සුදුසුකම් තියෙද්දිත්, තමන්ට සල්ලි නැති නිසා දරුවට විශ්ව විද්‍යාලයට යන්න බැරිවුණ දවසට ගොඩාක් රිදෙයි. (නි)

:       0       0

සුනිල් Tuesday, 07 June 2016 09:44 AM

වෛද්‍ය සභාව චෝදනා කරන ආකාරයේ, අ.පො.ස.(උ.පෙල​) අසමත් හෝ, වානිජ හෝ කලා විෂය ධාරා හැදෑරූ සිසුන් මොවුන් අතර ඉන්නවා දැයි බලන්න​. සත්‍ය තත්වය හෙලිකරන්න​.(ර)

:       0       0

සයිමන් ද සේරසිංහ Tuesday, 07 June 2016 04:49 PM

මගේ අම්මෝ! ඔය කඩෙන් පිටවෙන දොස්තරලාගෙන් නම් අපිට බෙහෙත් එපා. (නි)

:       0       0

තරිඳු Wednesday, 08 June 2016 06:28 AM

ඔවුන්ට අනුමැතිය දුන්නොත් නිදහස් අධ්‍යාපනෙත් ඉවරයි ලෙඩ්ඩුන්ගෙ ජීවිතෙත් ඉවරයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 108 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 314 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 222 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 543 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1631 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 75 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38718 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25438 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site