IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මාලබේ වසන තෙක් සටන් දිගටම‘

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අටක් මීට පෙර ද ආරම්භ කිරීමට උත්සාහ කළ බවත් ඒ සියල්ල නවතා දැමුවා සේම මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දමන තෙක් සටන් කරන බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ   ලේකම් ජයන්ත බණ්ඩාර මහතා කියයි.

වෛද්‍ය සභාව නොපිළිගන්නා වෛද්‍ය සිසුන් ලෙස සුදුසුකම් නොලැබූ පිරිසකට වංක ගිවිසුමක් ඔස්සේ සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  කටයුතු කර ඇතැයි ද ඔහු පවසයි.



අදහස් (0)

‘මාලබේ වසන තෙක් සටන් දිගටම‘

නිල්මිණි Tuesday, 19 January 2016 06:57 AM

පුද්ගලික රෝහල් වහනතෙක් සටන් කරන්න ඕනෑ නැද්ද? (නි)

:       0       0

කුමාර Tuesday, 19 January 2016 04:26 AM

වෛද්‍ය සංගමය තරම් කුහක සංගමයක් ලෝකෙ නැති තරම්. වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නේ පාසලෙන් විතරද? ටියුෂන් ගියේම නැද්ද? ටියුෂන් නිදහස් අධ්‍යපනයද? ලංකාවේ ආර්ථිකයට දැන්ම තවත් වෛද්‍ය විද්‍යාල හදන්න බෑ. (ම)

:       0       0

හසිනි Tuesday, 19 January 2016 04:35 AM

ලංකාවේ සයිටම් ඇරෙන්න තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකට විරුද්ද නේ. පුදුම කුහක කමක් නේ. (ම)

:       0       0

තිලංග Tuesday, 19 January 2016 04:37 AM

අපේ ළමයි බංගලිදේශයේ ගිහින් දොස්තර උපාධි කරලා එනකොට මේගොල්ලොන්ගේ කටේ පිට්ටු. රට ගැන හිතන්නේ නැති කුහක දොස්තරලා වෙලා වැඩක් නැහැ (නි)

:       0       0

චාමර Tuesday, 19 January 2016 04:39 AM

මෙයාලා තමන්ගේම වළ කපාගන්න හදනවා වගේ. ඔච්චර කුහක වෙන්න එපා. විදේශ සේවයේ නියුතු අයගේ ළමයිනුත් ලංකාවේ අධ්‍යාපනය ලබනවා නම් ඔවුන්ට තිබෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලයි. ඒ අය අතර ගොඩක් දක්ෂයන් සිටිනවා, රටින් පිට ජීවිතය ගැන අත්දැකීම් ලබපු. නියම දක්ෂයන් කවුද කියලා සාධාරන තරඟයක් තිබ්බා නම් හොයන්න තිබුනා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 07:17 AM

අද වෙනකොට උත්තරිතර පාර්ලිමේන්තුවේ ඉන්නවා 8 පමණක් සමත්,10 සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ අසමත් ......පිරිසක්. ඒ වගේ ඉදිරියේදී දොස්තරලගේත් පිරිසක් සිටීවි උසස් පෙළ අසමත් එ්ත් වෛද්‍ය උපාධිය තිබෙන.අසරණ ලෙඩුන්ට දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි. (බ)

:       0       0

කෞෂල්‍යා Monday, 18 January 2016 04:22 PM

කුහක වෙන්න එපා (නි)

:       0       0

සම්පත් Tuesday, 19 January 2016 07:21 AM

මේකේ ඇති කිසිම වැරැද්දක් නැහැ. අපේ රටේ පුළුවන් තරම් පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇතිකරන්න ඕනෑ. පිටරටවල්වල ඕනෑතරම් පුරප්පාඩු තියනවා. එහෙම වුණාම අපේ රටේ කාන්තාවන් පිටරට යවලා උපයන මුදල වගේ 10 ගුණයක් විදෙස් විනිමය ලංකාවට ගෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ උගත් කියාගත් ලංකාවේ මෝඩ පිරිසට විශ්ව විද්‍යාලයෙන් පිටවෙන්න කලින් බාහිර ලෝකය ගැන උගන්වනවා නම් මේ වගේ කුහක අදහස් නැතිවෙලා යයි. (නි)

:       0       0

රුචිර Monday, 18 January 2016 04:26 PM

ඇයි මේ කුහකකම් කරන්නේ තමන්ගේම රටේ එකම වයසේ දරුවන්ට. ලකුණක් දෙකක් අඩුවුණාට ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසු දරුවන්. තව අවුරුද්දක් කාලා දානවට වඩා හොඳ නැද්ද අතින් වියදම් කරගෙන හරි ඉගෙනගන්න එක. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 12:34 PM

සාගර. ඔබ හරි. මට දුක අපේ පංතියේ මිනිස්සුම අපේ පන්තියේ දැනට ඉතිරි වෙලා තිබෙන ඓතිවාසිකම් ටිකත් පාවලා දෙන එක ගැනයි. (ර)

:       0       0

ගොඩගේ Tuesday, 19 January 2016 07:36 AM

මේකේ තිබෙන අදහස් ගොඩක් දොස්තරලාට විරුද්ධව දාපුවනේ. ඔය දොස්තරලට තියෙන්නේ ඔය අවශ්‍ය දේ කරන්න දීලා රටේ ඉන්න අයට ඔය ඉවත්වෙන දොස්තරලාගෙන් බෙහෙත් ගන්න කියන්න. අනික ගොඩක් අයට සරසවියකට වැස්සකටවත් යන්න බැරිවුණ දුකට මේක නැති නාස්ති කරන්න ඕනෑවෙලා තියෙන්නේ (නි)

:       0       0

සමන්ත Monday, 18 January 2016 04:48 PM

ඒ වගේම සුදුසුකම් නැති පිටරට වලින් එන වෛද්‍ය උපාධිධාරින්ට විරුද්ධව ඇයි කෑගහන්නේ නැත්තේ ?

:       0       0

චතුරි Tuesday, 19 January 2016 07:51 AM

මාලබේ වහන්න දෙන්න එපා කීයටවත් (නි)

:       0       0

රුචිර Tuesday, 19 January 2016 07:51 AM

තිලක් ඩුබායි, කසුන්, ඇස්දෙක වහගෙන ලෝකේ දිහා බලන්න එපා. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එන්නේ මෝඩයෝ නෙමෙයි. සරසවියට යන්න ලකුණු 4 ක් 5 ක් 10 ක් මදිවුණ දරුවෝ. දුෂ්කර පළාත්වල දරුවෝ ඊට වඩා අඩු ලකුණු වලින් එනවා රජයේ විශ්ව විද්‍යාල වලට. ඉතින් මුදල් තිබෙන අය ඉගෙනගත්තාට කමක් නැහැ නේද. අපිත් සල්ලිකාරයෝ නෙමෙයි. රජයේ රෝහලින් බෙහෙත් ගන්න මිනිස්සු. ඒක නිසා අපි දන්නවා ඔය දොස්තරලා රෝගීන්ට දාන ගෙම්බර්. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 18 January 2016 05:03 PM

මෙවන් විශ්ව විද්‍යාල තව කීපයක් ඇතිකළ යුතුයි (නි)

:       0       0

සුපුන් Tuesday, 19 January 2016 07:52 AM

දැන් මෙතන සමහරු හිතාගෙන ඉන්නේ සල්ලි තිබුනා නම් විභාග අසමත් වුණත් වෛද්‍ය උපාධියක් ගන්න පුළුවන් කියලා. අනේ ඉතින් දැනුමේ තරම. (නි)

:       0       0

විභූති Tuesday, 19 January 2016 07:54 AM

එහෙනම් කොතලාවලත් වහන්න වෙයි (නි)

:       0       0

විමුක්ති Tuesday, 19 January 2016 07:50 AM

සුදුසුකම් නොමැති කොතලවලෙත් වහන්න (ම)

:       0       0

සුදත් Tuesday, 19 January 2016 07:52 AM

මේ තරම් කුහක පිරිසක් ලෝකේ කොතනකවත් නැතිව ඇති. ලංකාවේ ළමයි හරිම බුද්ධිමත්, මේ පුංචි රටේ චීන වගේ විශාල කර්මාන්ත පුර දමන්න හැකියාවත් අඩු එකේ, මෙවැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල 2 ක් 3 ක් දමා ලෝක වෙළඳ පොලට වැඩි වැඩියෙන් වෘත්තිකයන් බිහි කලොත් අපේ රටට මොන තරම් විදේශ විනිමයක් ලැබේද. අලුත් විදිහට හිතන්න , ගෘහ සේවිකවෝම රට යවනවද, හොඳ වෘත්තිකයන් රට යවනවද. අද ඉන්දියාව, චීන කරන්නෙම මේක, ලෝකේ පුරාම ඉන්දියන් , චීන, ජපන්, වැඩ කාරයෝ. (ම)

:       0       0

සේන Tuesday, 19 January 2016 05:11 AM

විස්වා විද්‍යාලයට සුදුසුකම් ලබන සියලු සිසු දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දෙන්න ලංකාවේ බදුගෙවන ජනතාවට බැහැ. ඉතින් පුළුවන් කෙනෙක් සල්ලි දීලා ඉගෙනගත්තහම ඇති වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

සුපුන් Tuesday, 19 January 2016 07:58 AM

ඉගෙනීම මානව අයිතිවාසිකමක්. උසස් පෙළ විභාගයෙන් සමත් පිරිසෙන් ඉතා සුළු පිරිසකට පමණයි රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න ලැබෙන්නේ. සුදුසුකම් ලබන බොහොම දෙනෙකුට වෙනත් අධ්‍යාපන මාර්ගයක් තිබිය යුතුයි. නමුත් රජයට හැකියාවක් නෑ සියලුම දෙනාට නොමිලේ අධ්‍යාපනයට පහසුකම් සලසන්න. මේ සඳහා පෞද්ගලික අංශයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි. (ම)

:       0       0

ගයාන් Tuesday, 19 January 2016 08:12 AM

අපේ සිංහල දොස්තරලා ඔය මහා ලොකු උපාධි නැතිවුණාට හොඳට සාධාරනව බෙහෙත් දෙනවා. (නි)

:       0       0

උපුල් Tuesday, 19 January 2016 08:07 AM

සල්ලි තිබීම හෝ නැතිවීම අධ්‍යාපනයට හෝ දක්ෂතාවයට අදාළත්වයක් නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 08:17 AM

මට ලංකාවේ ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් තිබුනේ නැහැ. එහෙත් මම මට යන්න බැරිවුණ විශ්ව විද්‍යාලයට මගේ දරුවාව යවන්න උනන්දු කළා. මේ වෙනකොට මටත් මගේ දරුවා වෙනුවෙන් වත්කම තිබෙනවා රුපියල් ලක්ෂ 65 ක් වියදම් කරන්න. මම කතාකරන්නේ අසරණ දුප්පත් මිනිසුන්ගේ දුප්පත් උගත් දරුවන් ගැනයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 08:21 AM

පුද්ගලික විශ්ව විද්‍යාල බිහි වීමේ අනතුර තේරුම් ගන්න.පුද්ගලික විශ්ව විද්‍යාල වලින් විශාල මුදලක් වේතනය වශයෙන් ගෙවල සුපිරිම කථිකාචාර්යවරු ටික මිලයට ගන්නවා.ඔවුන් වුණත් රජයේ ගෙවන මුදලට වඩා 4 ගුණයක් වේතනයක් ගන්න අකමැති වෙන්නේ නැහැනේ.(ම)

:       0       0

අරවින්ද Tuesday, 19 January 2016 08:24 AM

නිදහස් අද්‍යාපනය කියන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් පිහිටුවන එක නෙවෙයි. විධිමත් අධීක්ෂණයක් යටතේ පුද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒවායේ දුප්පත් සහ විශිෂ්ට ප්‍රතිඵල ගත්ත සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබන්න හැකි විය යුතුයි. ඒ වගේම රජයේ පාසල් වල සහ සරසවිවල ඉගෙන ගන්න යහමින් මුදල් ඇති සිසුන්ගෙන් අනිවාර්යෙන්ම මුදල් අයකළ යුතුයි. අන්න එතකොට ඔය කවුරුත් විරුද්ධවෙන එකක් නෑ. (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 08:21 AM

ඉන්දියන්,පිලිපීන ජාතිකයන්ගේ කතා කරන හැම කෙනාටම උපාධියක් තිබෙනවා. උන්ගේ උපාධිය තියාගෙන මෙහෙ සුළු රැකියාවල් කරනවා. එ්ත් අපේ රටේ ඉංජිනේරු උපාධිය තියාගෙන සුළු රැකියාවල් කරනවද?අපේ රටේ ඉංජිනේරු උපාධිය තිබෙන අය ලොකු තරු 5 හෝටල් වල ප්‍රධාන ඉංජිනේරු තනතුරු දරද්දී ,ඉන්දියාවේ උපාධිය තිබෙන කෙනා කාර්මික තනතුරක් දරනවා.ඒක තමයි උගත් කමෙත් ප්‍රමිතිය කියල කියන්නේ. (බ)

:       0       0

හේමා Monday, 18 January 2016 05:41 PM

වෛද්‍ය සංගමය ඔය නවත්වපු වෛද්‍ය විද්‍යාල 8 පටන්ගන්න ඉඩ දුන්නා නම් ඔය දැන් ඇමතිතුමා රටින් ගෙන්වනවා කියන දොස්තරලා ගෙන්වන්න වෙන්නේ නැහැ. අපිට දොස්තරලා රට යවන්න තිබුණා. රටින් දොස්තරලා ගෙනාවට ලංකාවේ ඉංග්‍රීසි නොදන්නා අහිංසක අපේ මිනිසුන්ට බෙහෙත් ගන්න වෙන්නේ නැහැ. දැන්වත් යථාර්ථය තේරුම් අරගෙන මොන ක්‍රමයකින් හරි ලංකාවේ තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටවිය යුතුයි (නි)

:       0       0

උපුල් Tuesday, 19 January 2016 08:26 AM

පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීමේ අනතුර තේරුම් ගන්න.පුද්ගලික විශ්ව විද්‍යාල වලින් විශාල මුදලක් වේතනය වශයෙන් ගෙවල් සුපිරිම කථිකාචාර්යවරු ටික මිලයට ගන්නවා.ඔවුන් වුණත් රජයේ ගෙවන මුදලට වඩා 4 ගුණයක් වේතනයක් ගන්න අකමැති වෙන්නේ නැහැනේ.ඒ හින්දා ඒ ගොල්ල ලංකාවේ රැදෙනවා නැත්තම් සේරම පිටරට යනවා මහත්තයෝ. (ම)

:       0       0

උපුල් Tuesday, 19 January 2016 08:36 AM

තිලක් ඔය අසරණ දුප්පත් මිනිසුන්ගේ දුප්පත් උගත් දරුවන් ගැන වගේම අනිත් දරුවන් ගැනත් හිතන්න .සුදත් කියනවා වගේ ගෘහ සේවිකවෝම රට යවනවද, හොඳ වෘත්තිකයන් රට යවනවද. කියන එක ඔය හොදට දන්නවා නේ ඩුබායි ඉන්න හින්දා. (ර)

:       0       0

අසාද් Tuesday, 19 January 2016 08:33 AM

තත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබාදීමේ වරදක් නැත. නොමිලේ ලැබෙන වරප්‍රසාද නිසා තමයි ඔය විශ්වවිද්‍යාල වල ගොඩක් මජනයට අපහසු වෙන උද්ගෝෂණ කරන්නේ. (ර)

:       0       0

සනත් Monday, 18 January 2016 06:29 PM

වෙද්‍ය සංගමය හරිම කුහක විදියට තමයි මාලබේ වෙද්‍ය විද්‍යාලය දිහා බලන්නේ. වෛද්‍යවරු පුද්ගලික සරසවියට විරුද්ධ නම් ඇයි පුද්ගලික සේවයේ යෙදෙන්නේ? ඇයි පුද්ගලික රෝහල් වලට ලෙඩ්ඩු බලන්න යන්නේ? මේක තමන්ගේ ගොඩ වැඩි කරගන්න කරන වැඩක් කියලයි අපි නම් හිතන්නේ. (නි)

:       0       0

ජනක Monday, 18 January 2016 07:28 PM

මිලියන ගණනක් වැයකරලා රජයේ විශ්ව විද්‍යාල වලින් උගන්නලා එළියට දාන දොස්තරලට තමන්ට පුළුවන් විදිහට රස්සාවක් හොයාගන්න කියලා කිව්වා නම් ඔය ඔක්කොම ගැටළු ඉවරයි. (නි)

:       0       0

සාගර Tuesday, 19 January 2016 09:13 AM

මාලබේ දැන් පාස්අවුට් වෙන්න ඉන්න කට්ටිය ගැන හොද හෙළිදරව්වක් ගියා මේ ලගදි.මේකෙන් වෙන්නේ දොස්තරගේ පුතා හැමදාම දොස්තර.දේශපාලකයාගේ පුතත් දොස්තර.(ම)

:       0       0

පෙරේරා Monday, 18 January 2016 08:18 PM

දැන් බලන්න. ලර්නර්ස් වලට සීටීබී බස් දෙනවාද? නැහැනේ (නි)

:       0       0

විකුම් රංගන Tuesday, 19 January 2016 09:50 AM

ඩුබායි තිලක් පුතාව ඩුබායි වලට ගන්න. එතකොට ඩිග්රියත් අතේ තියාගෙන ඒ අයට කඩේ යන්න පුළුවන් (බ)

:       0       0

අමා Tuesday, 19 January 2016 09:51 AM

රජය වෛද්‍ය නිලධාරී සංගමය, ඔබ තුමන්ලා මේ තිබෙන බෙහෙත් මාෆියාවට, චැනල් මාෆියාවට , පෞද්ගලික රෝහල් වල ගසා කෑම වලට විරුද්ධව කැගහන්නේ නැත්තේ මොකද ? (බ)

:       0       0

කසුන් Tuesday, 19 January 2016 12:32 AM

පුද්ගලික සරසවි පටන්ගන්න එක හොඳ දෙයක්. උසස්පෙළින් විශ්ව විද්‍යාලයට යන්න ලකුණු ටිකක් මදි ළමයි නැත්නම් අනාතයි. මේකෙන් නිදහස් අධ්‍යාපනයට මොකුත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ලසන්ත Tuesday, 19 January 2016 12:59 AM

සල්ලි තිබෙන ළමයින්ට අසාධාරණයක් මේක (නි)

:       0       0

යෝනක Tuesday, 19 January 2016 01:11 AM

පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යමුත් ඒ සඳහා නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි (නි)

:       0       0

සුනිල් Tuesday, 19 January 2016 10:12 AM

දොස්තරලගේ ඉල්ලීම ඉටුකරන්න. ඒවගේම පෞද්ගලීක චැනල් සේවයත් වසා දමන්න. පෞද්ගලීක මොනවත් අපිට එපා. පෞද්ගලීක වෙද සරසවි ඕනි නැතිනම් පෞද්ගලික චැනල් සේවයත් ඕනි නැහැ. එතකොට දෙපැත්තටම සාධාරණයක් වේවි (බ)

:       0       0

කසුන් Tuesday, 19 January 2016 01:29 AM

ලසන්ත, සල්ලි තිබෙන ළමයින්ට සුදුසුකම් නැත්නම් මොකද කරන්නේ? සල්ලි තිබුණ පළියට දොස්තර කෙනෙක් වෙන්න බැහැනේ. ඒකට සුදුසකමුත් ඕනෑ. මෙයාලා හැමදාම කළේ බොරුව. තාමත් එහෙමයි. ලෝකේ ගොඩක් දියුණු රටවල මේවා නැහැ. තියෙන්නේ ඉන්දියාවේ බංග්ලාදේශ් වගේ රටවල. හොයලා බලන්න ඒ රටවල සෞඛ්‍ය තත්වය. (නි)

:       0       0

නිල්මිණි Tuesday, 19 January 2016 01:55 AM

මෙය පටන්ගත්තේ අවුරුදු ගානකට කලින්. මෙයාලා බයේ ඉඳලා දැන් යහපාලනය නිසා උඩ පැන පැන තලන්න හදන්නේ. (නි)

:       0       0

පුෂ්ප Tuesday, 19 January 2016 02:14 AM

මානව නිදහස තුළට ඉගෙනගැනීමේ නිදහසත් ඇතුළත්. කෙනෙකුට පිළිගත් විශ්ව විද්‍යාලයක විභාග සමත්වීමට පුළුවන් නම් සහ අදාළ වෘත්තීය මඟින් පවත්වනු ලබන අනෙකුත් කඩඉම් තුලින් යා හැකි නම් ඔහුට හෝ ඇයට අදාළ කුසලතාව පවතියි. (නි)

:       0       0

සේන Tuesday, 19 January 2016 10:26 AM

මේ අනුව රට ගොස් ලබාගන්න වෛද්‍ය උපාධිත් පිළිගන්න එපා .වැඩිදුර අධ්‍යාපනය ලබන්න දොස්තරලට රට යන්න දෙන්නත් එපා . ජනතාවට කියන්නේ ලෙඩ නොවී තම සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ,එතකොට ඔය ප්‍රශ්නය අවසන් (බ)

:       0       0

ප්‍රින්සි Tuesday, 19 January 2016 10:27 AM

මේ උපාධිය කරන්න තෝරගත්ත විදිය ගැන සහ ඔවුන්ගේ සුදුසුකම් ගැන පරීක්ෂණයක් පවත්වන්න කමිටුවක් පත්කරන එක ආණ්ඩුව කළ යුත්තේ. මොකද වෛද්‍යවරු කියන්නේ සුදුසුකම් නැති අය බඳවාගෙන කියලනේ (බ)

:       0       0

සමන් Tuesday, 19 January 2016 02:21 AM

මෙයාලා කොහේද හිටියෙ මහින්දගෙ කාලෙ? දැන් වීරයෝ වෙලා (නි)

:       0       0

සුමනපාල Tuesday, 19 January 2016 02:16 AM

සල්ලි තිබීම හෝ නැතිවීම අධ්‍යාපනයට හෝ දක්ෂතාවයට අදාළත්වයක් නැහැ. ලංකාවේ අය හිතන්න පුරුදු කරලා තිබෙන්නේ උගත් අය ඔක්කොම එන්න ඕනෑ දුප්පත් තැනකින්, සල්ලි තියන ඔක්කොම මෝඩ අය විදියට. මේ ඔක්කොම තමන්ගේ වාසියට හදාගත් දේවල්. (නි)

:       0       0

වි. ජයපාල Tuesday, 19 January 2016 02:35 AM

ඔවැනි සරසවි අටෙන් එකක් වහන්න අරගෙන ගිය සටනේ ඉදිරිපෙළ සෙන්පතියෙක් දැන් ඉන්නේ කොහේද කියලත් අපි දන්නවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 05:29 AM

කසුන්,ඔබ හරි. අර කුප්පි ලාම්පුවෙන් පාඩම් කරලා ලංකාවෙන් 6 වෙනියා වුණ දුප්පත් දරුවා මොනතරම් කැපකරලද විශ්ව විද්‍යාලයට යන්නේ? රුපියල් ලක්ෂ 65 ක් වියදම් කරන්න ඒ දරුවට මුදල් කොහෙන්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 05:36 AM

ඉන්දියාවේ මුදල් දීලා දොස්තරලා වුණ ඉන්දියන් දොස්තරලාගෙන් බෙහෙත් ගත් කෙනෙක් දන්නවා ඔවුන්ගේ තත්වය. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 05:32 AM

කොහොමහරි මුදල් හරි හම්බ කරගත් පලියට ඔවුන්ගේ දරුවන්ට හොඳින් ඉගෙනගන්න පුළුවන් කියලා හිතන්න එපා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 05:36 AM

ගමේ පාසලට ගිය මගේ දරුවා කොළඹ රෝයල් එකට ගියේ හොඳින් සමත් වුණ නිසයි. වතුර බේසමේ කකුල් දෙක දාගෙන පාඩම් කරලා, ගණිත ගැටළු හදලා ලංකාවෙන්ම තැනකුත් අරගෙන මොරටු විශ්ව විද්‍යාලයට යනවා. ඒ යන්තම් හෝ දැනට ඉතිරිකර තිබෙන නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්නයි. කරුණාකරලා අනාගත දුප්පත් දරුවන්ටත් ඒ තැන ඉතිරි කරන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 05:40 AM

මාත් එක්ක රැකියාව කරන අයගෙන් ඇහුවොත් කියන්නේ මගේ දුව/පුතා අහවල් විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නේ, මම මාසිකව මේ තරම් මුදලක් උගන්වන්න යවන්න ඕනෑ කියලා. උසස් පෙළ ප්‍රතිපල ඇහුවම කියනවා විෂයන් 3 නම අසමත්ලු. ඉතින් මෙවැනි දරුවන් දොස්තරලා කරලා එව්වහම අසරණ වෙන්නේ දුප්පත් අසරණ මිනිස්සු නොවේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 05:42 AM

මෙහෙ බෙහෙත් කරලා ලෙඩේ වැඩිකරගෙන අන්තිමට ලංකාවට ගිහින් රජයේ රෝහලකින් ශල්‍යකර්ම කරගෙන නැවත ආ කිහිප දෙනෙක් අපි සමඟ ඉන්නවා. ඔවුන් දන්නවා ලංකාවේ දොස්තරලා මොනතරම් උගත්ද කියලා. (නි)

:       0       0

ගොවිනි තන්ත්‍රිගේ Tuesday, 19 January 2016 05:49 AM

අඩු උසස්පෙළ ප්‍රතිඵල වලින් ලක්ෂ ගණන් වියදම් කරලා ප්‍රමිතියෙන් තොර දොස්තරලා අනාගතයේදී බිහිවේවි. (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 19 January 2016 03:20 AM

පෙරේරා ඔයා විහිලුවක්ද කලේ? එහෙම නැත්නම් ඔයාගේ මොලේට දෙය්යන්ගේම පිහිටයි. කසුන් මොනවද දන්නේ? ලෝකේ ගොඩක් දියුණු රටවල් ගැන. හොඳට දන්න වග නම් පෙනෙනවා. (ස)

:       0       0

තෙෂාන් Tuesday, 19 January 2016 05:53 AM

මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සල්ලි තිබුණු පලියට යන්න බෑ, කඩයිම් විභාගයෙන් සමත් වෙන්න ඕනෑ. (ම)

:       0       0

සේපාලි Tuesday, 19 January 2016 03:44 AM

රජයේ අයට කියන්න තියෙන්නේ, පුද්ගලික චැනල් නවත්තල ස්ට්‍රිකේ කරන්න කියල. මෙයාල හිතන් ඉන්නේ එයාල තමා ලොකුම රැකියාව කරන්නේ කියල. දුප්පත් මිහෙක්ගේ මුණක් බලන්නේ නේ.මේවා සේරම නෙතිවෙනවා පුද්ගලික මෙඩිකල් කොල්ලෙජේ ඇරියාම .මේවා වහන්න එපා. (කෞ)

:       0       0

ගයාන්- කිරිබත්ගොඩ Tuesday, 19 January 2016 06:05 AM

සුදුසුකම් තියනවානම් ඒ ළමයිටත් සල්ලි දීල හරි ඉගෙනගෙන රටට වැඩක් කරන්න තව තවත් මෙවැනි විශ්ව විද්‍යාල ඇති කළ යුතුයි. එමගින් පිටරටට යන මුදලුත් ඉතිරිවේ. (ම)

:       0       0

විදානගේ Tuesday, 19 January 2016 06:18 AM

මේ දෙගොල්ලන්ටම අවසාන විභාගය එකම දෙයක් වුණා නම් ප්‍රශ්නයක් නැහැනේ .උගත් අය සමත් වෙයි .දැනටත් පිට රට ඉගෙන ගෙන එන අයට විභාගයක් තියන්නේ බඳවා ගන්න කොට (බ)

:       0       0

මාරසිංහ Tuesday, 19 January 2016 06:19 AM

මෙතන කවුරුවත් නැහැ උසස්පෙළ අසමත් වුණු අය. ඕව ඔක්කොම බොරු මඩ ගැහිලි. ගොඩක් ළමයින් ජාත්‍යන්තර පාසල් වල ඒ -3, ගත්ත ළමයි. රජයේ වෛද්‍ය විද්‍යාලවල මොනතරම් ඉන්නවද පිට පළාත්වලින් ආපු සී 1යි එස්-2 ආපු ළමයි. එතකොට අසාධාරණය වෙලා තියෙන්නේ කාටද. මේ ළමයි ඉගෙන ගත්ත කියල රජයේ විශ්වවිද්‍යාලවල ළමයි බයවෙන්නේ මොනවටද (බ)

:       0       0

හේමන්ත Tuesday, 19 January 2016 06:31 AM

පැහැදිලිවම ඊර්ෂීයාව සහ කුහකකම. (ම)

:       0       0

ගුණපාල වීරසිංහ Tuesday, 19 January 2016 04:04 AM

වෛද්‍ය පීඨ වලින් පිට වන අයට රජයේ රෝහල් වල රැකියා නොදී සිටියානම් මේ තත්වය හා ඔය රටම වෙනස් කරන්න දඟලන සංගමයේ බලයත් නැතිවී යාවි. (ම)

:       0       0

මල්ලවාරච්චි Tuesday, 19 January 2016 06:37 AM

ලංකාවේ විතරයි මේවගේ අය දොස්තරලා වෙලා ඉන්නේ .ඔය පාමසි වල ඉන්න සාපෙළ සමත් අය මොවුන්ට වඩා බෙහෙත් ගැන දන්නවා (බ)

:       0       0

විකි ඉතාලි Tuesday, 19 January 2016 06:37 AM

පෞද්ගලික විශ්වවිද්‍යාල හොඳ නෑ පෞද්ගලික බෙහෙත් සාප්පු චැනල් සෙන්ටර් ඒවා හොඳයි. ඒවාට කතා නැහැ .අද අපේ රටේ දුප්පත් අසරණ රෝගීන්ගෙන් මොනතරම් මුදල් කන්දරාවක් ගසා කනවද. අද වෙනකොට ලංකාවේ හොඳම ව්‍යාපාරය චැනල් සෙන්ටර් බව රහසක් නොවෙයි .ඒවායේ හිතුමතේට මුදල් අයකරන්නේ .ඒවා ගැන කව්රුත් කතා නෑ. (බ)

:       0       0

සචිත් Tuesday, 19 January 2016 04:16 AM

මෙතන තියෙන්නේ මේ ළමයි එක්ක තරහක් නෙවෙයි. මෙයාල වෛද්‍යවරු විදිහට වැඩ කරන්නේ මිනිස්සු එක්ක. එහෙම ප්‍රතිකාර කරන ලෙඩෙක් මැරුණොත් කවුද වගකීම ගන්නේ? මේ වෛද්‍ය පිඨය හරියට නියාමනය කරලා වෛද්‍ය උපාධි දුන්නට කමක් නෑ. (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 06:47 AM

කුප්පි ලාම්පුවෙන් පාඩම් කරලා ලංකාවේ විශ්ව විද්‍යාලයට යන්න වරන් ලබන දරුවන් ඉදිරියේදී නැති වේවි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 0 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 127 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 151 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1869 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2747 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2055 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site