IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මාලබේ වහන්නැයි සිසු මවුපියෝත් පාරට බසිති

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන මෙන් ඉල්ලමින් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියෝ අද (21) දහවල් ගම්පහ, බදුල්ල ඇතුළු නගර කිහිපයක විරෝධතා පැවැත්වූහ.

 



අදහස් (0)

මාලබේ වහන්නැයි සිසු මවුපියෝත් පාරට බසිති

රුවන් කොටුවැල්ල Sunday, 21 August 2016 01:31 PM

මේකට කියන්නේ කුහක කම කියල.(රේ)

:       0       0

අහමඩ් Sunday, 21 August 2016 01:45 PM

මේගොල්ලන්ගේ සල්ලිවලින්ද දන්නේ මාලඹේ ළමයි ඉගෙන ගන්නේ (රේ)

:       0       0

රන්ජිත් Sunday, 21 August 2016 02:17 PM

ඔබගේ ළමයින්ට පමණද දොස්තරලා වෙන්න හොඳ. එකත් පිනට. අනෙක් ළමයින්ට සල්ලි ගෙවලාවත් ඉගෙනගන්න බැරිද? ඕකට කියන්නේ කුහකකම නැතහොත් ඉරිසියාව. අනේ මෙහෙමත් දෙමව්පියෝ (රේ)

:       0       0

ගයාන් Monday, 22 August 2016 06:23 AM

තම ළමයා නිකම් ඉගෙන ගන්නවා කිය කිය අනිත් අයට සල්ලි ගෙවා ඉගෙන ගන්න එපා කියනවද ?(හේ)

:       0       0

රසික Sunday, 21 August 2016 06:52 PM

අධ්‍යාපනය හොඳ නැත්නම් ප්‍රමිතියට කරන්න කියනව හැර, වහන්න කියන්නෙ මොන එහෙකටද? අන්තිමට ඒ බරත් රජයට, මහජනතාවට. සියළු වෛද්‍ය ශිෂ්‍යයන්ට පොදු විභාගයක් තිබ්බනම් මේ ප්‍රශ්න ඉවරයිනෙ(රේ)

:       0       0

කරුණාපාල Sunday, 21 August 2016 07:37 PM

මම නම් කියන්නේ අපේ රටට වැඩිපුර අවශ්‍ය වෙන්නේ පශු වෛද්‍යවරු. මේ උද්ඝෝෂණ සිදුවෙන විදිහට පශු වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය අනාගතයේදී තදින්ම අපේ රටට දැනෙන්න පුළුවන්. (නි)

:       0       0

හේමා Sunday, 21 August 2016 07:31 PM

හෙට අනිද්දා ලෝකයේ තියන පුද්ගලික වෛද්‍ය විද්‍යාල වහන්න කියලත් උද්ඝෝෂණය කරන්න පුලුවන්. මොකද පිටරට වලින් උපාධි අරගෙන ලංකාවේ සේවය කරන්න එනවා කියලා. අනේ කාලේ වනේ වාසේ! මෙහෙම අය ඉන්න රටක් දියුණු වෙන්නේ කොහොමද? (නි)

:       0       0

මංගල Sunday, 21 August 2016 08:14 AM

ඒ ගමන දෙමාපියනුත් පටන් අරගෙනද? (නි)

:       0       0

ප්‍රීති Sunday, 21 August 2016 08:21 AM

මාලඹේ ඉගෙනගන්න ළමයි ඉගෙනගන්නේ ඒ ළමයින්ගේ දෙමව්පියන්ගේ සල්ලි වලින්. ඔබේ ළමයි ඉගෙනගන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින්. එහෙම ඉගෙනගන්න අය දොස්තරලා වුණායින් පසුව වෛද්‍ය සේවා සඳහා රෝගීන්ගෙන් මුදල් අයකර ගැනීම සදාචාරද? පුලුවන්නම්, ලංකාවේ තියන පෞද්ගලික රෝහල් හා චැනල් සෙන්ටර් කළු කඩත් රජයට පවරා ගැනීමට බලකරන්න. එතකොට රටේම ජනතාව ඔබ සමඟ එකඟවෙයි. (නි)

:       0       0

දහම් Sunday, 21 August 2016 08:32 AM

ආණ්ඩුව හිතුවක්කාර, විදිහට වැඩ කරනවානම් තව තව අය පටන් ගනීවි. (ර)

:       0       0

ඩෑම් Sunday, 21 August 2016 08:53 AM

දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු (නි)

:       0       0

රුවන් Sunday, 21 August 2016 09:04 AM

සයිටම් වසා දැමීමට සාධාරණ හේතුවක් නැත. (නි)

:       0       0

සුනිල් Sunday, 21 August 2016 09:24 AM

මට නම් මේක පෙනෙන්නේ හරිම අසාධාරණ විදිහට (නි)

:       0       0

නීල Sunday, 21 August 2016 09:25 AM

අපේ දේශපාලනයේ තිබෙන බෙලහීනකම පෙනෙන්නේ මේ වගේ වෙලාවටයි. මුලදී හොඳින් සාමකාමිව විසඳන්න තිබුන ප්‍රශ්නය දැන් ඔඩුදුවලා. මට නම් හැම වෙලාවේම හිතෙන්නේ මාලඹේ ඉගෙනගන්නෙත් අපේ දරුවන් වගේම දරුවෝ කියලයි. (නි)

:       0       0

නිර්මාල් Sunday, 21 August 2016 09:29 AM

මේ ප්‍රශ්නය කොහොම විසදන්නද කියලා මටනම් තේරෙන්නේ නෑ. (ර)

:       0       0

සමන් Sunday, 21 August 2016 09:45 AM

ලංකාව උසස්පෙළ හරියට වීජ්ජාවක් වගේ හරියට දැනුම ලබාගෙන කරන්න ගියොත් කරගන්න බැහැ. කොහොමහරි අතගාල පාස්පෙපර් පිහිටන් ගොඩ යන්නේ ටීයුසන් පිහිටෙන්. හැලෙන සමහර ළමයින්ට කැම්පස් යන අයට වඩා දැනුමක් තියෙනවා වෙනස මේ විබාග ක්‍රමය හදුනනොගත්ත එක. (ර)

:       0       0

ජයරත්න Sunday, 21 August 2016 09:55 AM

මේ රටේ පුද්ගලික චැනලින් වලට අය කරන අසාධාරණ මුදල් වලට විරුද්ධවත් කවුරුහරි පාරට බැස්සනම් හරි. එතකොට මේ ගොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ පුද්ගලික රෝහල් වල නෙමෙයි ආණ්ඩුවේ රෝහල්වල. (ර)

:       0       0

සරසි Sunday, 21 August 2016 10:00 AM

මේ අරගල කරන සරසවි සිසුන්ගේ කුහක ගතිගුණ කොහෙන් ලැබුන ඒවාද කියලා අපිට දැන් හොඳට පැහැදිලියි. දෙමව්පියනි මේ රටේ සෑම දරුවෙකුට ම ඉගෙන ගැනීමේ අයිතිය තිබෙනවා. ඒක එහෙම නෙවෙයි කියන්න ඔබට කිසිම අයිතියක් නැහැ. ඔබේ දරුවාට ඉගෙනගන්න බදු ගෙවන අපි ඔක්කොම බදුගෙවන්න බැහැ කියලා පාරට බැස්සොත් හොඳයි මොකද ඔබලා කරන්නේ ? (ර)

:       0       0

අරවින්ද Sunday, 21 August 2016 10:11 AM

දැන් දෙමාපියනුත් පටන් අරන් වගේ! (ර)

:       0       0

අශෝක Sunday, 21 August 2016 10:15 AM

ඔයාලට මේකේ අසදරණය තේරුම් කරලා දෙන එක මගේ යුතුකමයි. විද්‍යා උපාධියටවත් විශ්ව විද්‍යාලයට අැතුල් වෙන්න ලකුණු නොතිබුණු ය, ඒ අයට සල්ලි තිබුණු නිසාවෙන්ම, ලංකාවේ තියෙන උසස්ම රැකියාවටම යන්න පාර කැප ගනීමයි මේකේ තියෙන අසාධාරණය. එංගලන්තයේවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නෑ(රේ)

:       0       0

අනුර ජයන්ත Sunday, 21 August 2016 11:11 AM

පුදුමයක් නැහැ. දරුවො වෙද්දු කරන්න ජීවිතයම දුක් විඳපු දෙමව්පියොනෙ. මගේ අම්මා තාත්තත් ඔතන හිටියනං ඕකම කරයි. වෛද්‍යවරුන් ඉංජිනේරුවන් විතරයි සැබෑ ජීවිත ගතකරන්නෙ කියන මානසිකත්වයෙන් රට මිදෙනකං මේව මෙහෙමම තමයි. (රේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 21 August 2016 11:14 AM

වෙනරටවල් අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා, ලංකාව කෝපිකාලේ ක්‍රමයට පස්සට යනවා, (රේ)

:       0       0

රන්ජිත් Monday, 22 August 2016 04:00 AM

කවුද කියන්නේ දක්ෂම සිසුන් ඉන්නේ වෙද විදුහලේ කියලා සහ දොස්තරකම තමයි හොඳම රැකියාව කියලා. මම කළේ විද්‍යා උපාධියක්. මගේ වැටුපත් ලක්ෂ 5 කට වැඩියි වාහනයකුත් සමඟ. (නි)

:       0       0

රෝමා Monday, 22 August 2016 04:22 AM

ලංකාවේ පොදු ජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන, වෛද්‍යවරයෙක් වූ පසු වැඩිදෙනෙක් නවතින්නේ බටහිර රටක. අන්තිමට දෙමුපින්ගෙන් උරුම වූ දේපළත් විකුණලා එහිම පදිංචි වෙනවා. තව අවුරදු පහ හයකින් මේ පුද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධ අය වැඩිදෙනෙකු රටට ණයකාරයෝ වෙනවා. (නි)

:       0       0

පද්මිණී Monday, 22 August 2016 04:30 AM

අශෝක කියා තියෙන දෙය තමයි මටත් කියන්න තිබෙන්නේ. ලංකාවේ මුදලට ඕනෑම දෙයක් කරනවා. ප්‍රමිතිය ගැන වගබලා ගන්නේ නැහැ. ප්‍රංශයේ නම් පුද්ගලික වෙද විදුහල් නැහැ. රජයේ ඒවා පමණයි. (නි)

:       0       0

අජිත් Monday, 22 August 2016 04:26 AM

මේකට කියන්නේ කුහකකම කියලා. ශිෂ්‍යයන්ට පොදු විභාගයක් තිබ්බා නම් මේ ප්‍රශ්න ඉවරයිනෙ. මෙහෙම අය ඉන්න රටක් දියුණු වෙන්නේ කොහොමද? (නි)

:       0       0

චන්දා Monday, 22 August 2016 05:00 AM

ඔය උද්ඝෝෂණය කරන අය මුදල් පරිත්‍යාග කරලා උසස් පෙළ සමත් වෙන හැමෝටම ඉගෙනන ගන්න පුළුවන් විදියට පහසුකම් හදල දෙන්න. එතකොට හැමෝටම නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. (ම)

:       0       0

නිරේෂ් Sunday, 21 August 2016 01:09 PM

මෙය තනිකරම කඩාකප්පල් කාරයින්ගේ වැඩක්. මෙතන වැරදි කිසිම දෙයක් වෙලා නැහැ. මහා කාලකන්නි මිනිස්සු ඉන්නේ අපේ රටේ. (රේ)

:       0       0

ලියනගේ Monday, 22 August 2016 05:20 AM

ඔන්න වැරදුන තැන...උසස්ම රැකියාව විදියට වෙදකම තෝරන එක තමයි වරද .....හිතේ තෙතමනයක් ඇති.....අනුකම්පාවක් ඇති...සේවයක් කරන්න ඕන ...අයට සුදුසු රස්සාවක් තමයි මේක....(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 65 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 232 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 521 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 406 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3522 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 509 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site