IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාලබේ සිසුහු උසාවි යති

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ (සයිටම්)    රජයේ රෝහල්හි සායනික පුහුණුව   ලබා දීමට  අධිකරණය හමුවේ  දුන් එකඟතාවය  අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී යැයි කියමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය  ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

එම වෛද්‍ය විද්‍යාලයයේ සිසුහු පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කළහ.

‘‘එම පුහුණුව  දෙන බවට ඉකුත් වසරේ සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වූ එකඟතාවයට අනුව කටයුතු නොකිරීම අධිකරණයට අපහාසයක් වන හෙයින් ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ වගඋත්තරකාර සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට එරෙහි සුදුසු දඬුවම් පනවන්නැයි ද පැමිණිලිකාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ල‍ෙ සිටී.‘‘

 



අදහස් (0)

මාලබේ සිසුහු උසාවි යති

ජයනාත් Thursday, 26 November 2015 05:31 PM

සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට මෙන්ම සෞඛ්‍ය දෙපාර්ත මෙන්තුවේ දඬුවම් දියයුතු ,දුෂිත නිලධාරීන් හා මහජන පීඩාව ප්‍රාණ ඇපෙයට තියලා ඉල්ලීම් ගන්න කට්ටිය කොච්චර ඉන්නවද..? .(රේ)

:       0       0

මුදියන්සේ Thursday, 26 November 2015 10:31 PM

බය වෙන්ඩ එපා සෞබ්‍ය ඇමතිගේ ලේලිත් ඉගෙන ගන්නේ මාලබේ තමයි මේ විභාග සමත් වුණ හිඟන කොල්ලොත් එක්කනේ කිසිම දෙයක් කොරන්ඩ බැරි (අ)

:       0       0

ධනුෂ්ක Thursday, 26 November 2015 11:46 PM

මේකට ලොක්කන්ට දඬුවම් දීම කෙසේවෙතත් මේ දරුවන්ට සාධාරණය ඉටුවිය යුතුයි. (නි)

:       0       0

එරංග Friday, 27 November 2015 01:35 AM

සල්ලි තිබුණ පමණින් දොස්තර වෙන්න පුලුවන් නම් මේ රටේ සෞඛ්‍යයට යන කල කුමක්ද? (නි)

:       0       0

විජිත් Friday, 27 November 2015 01:44 AM

අහිංසක ඒ වගේම මුලාවට ලක්වුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි ඇත්තටම මගේ සිතේ තද වේදනාවක් ඇතිවෙනවා. මම වෛද්‍ය සභාවේ තීරණයට ගරු කරනවා. ඒ අය 100% සාධාරණ මතයක ඉන්නේ. කිසිම දේශපාලුවෙකුට මෙයට අතපෙවීමට නොහැකිවන ලෙස ක්‍රියාකළ යුතුයි. මෙය මගේ පුද්ගලික මතයක් පමණක් බව කරුණාවෙන් සළකන්න. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 26 November 2015 10:39 AM

හොඳ වැඩේ, රටක නීතියක් තියෙන්න ඕනා, පහුගිය රජය වගේ මෙයාලත් නීතිය අතට ගත්තා වගෙයි පෙනෙන්නේ. (බ)

:       0       0

ඇලෝයි Thursday, 26 November 2015 10:56 AM

මාලබේ සිසුනටත් අධ්‍යාපනය ලැබීමට අයිතියක් තිබේ. රජය ඒ සඳහා සියලු පහසුකම් ලබා දිය යුතුය. (බ)

:       0       0

ධනුෂ්ක Friday, 27 November 2015 03:28 AM

එරංග, මාලබේ ආයතනයේ ළමයි උසස්පෙළ හොඳට සමත් ළමයි. අනික එයාල මුළු කාලයම යොදවා ඉගෙනගන්නවා, මොකද දෙමවුපියන්ගේ සල්ලි නිසා. රජයෙන් හෝ මහජන සල්ලි වලින් ඉගෙනගන්න ළමයි වැඩිකාලයක් පාරේ පිකටින් කරනවා. මොකද අනුන්ගේ සල්ලි නිසා අගයක් නැහැනේ (නි)

:       0       0

චාමර Thursday, 26 November 2015 11:50 AM

උසාවි ගියා කියලා වැඩත් තියෙනවද?(හේ)

:       0       0

චන්දිම Thursday, 26 November 2015 01:15 PM

පුද්ගලික විශ්ව විද්‍යාල කියන ඒවා රටකට අත්‍යවශ්‍යයි. ඒත් වෛද්‍ය උපාධියක් දෙනවා කියන එක ටිකක් බැරෑරුම් දෙයක්. රජයේ විශ්ව විද්‍යාලයක ළමයෙකුට එයාලගේ පළමු වසරේ සිට සායනික පුහුණුව ලැබෙනවා. දවස් ගණන් රෑ එළිවෙනතුරු,එම ලැබෙන අත්දැකීම් මාස 6 කින් ගන්නවා කියන එක විහිළුවක්. මේක මිනිසුන්ගේ ජීවිතත් එක්ක තිබෙන ප්‍රශ්නයක්. (නි)

:       0       0

සිසිර Thursday, 26 November 2015 01:26 PM

සැමට සමානව අධ්‍යාපනය ලැබීමට ඉඩකඩ ලබාදිය යුතුයි (නි)

:       0       0

ජෙරාඩ් Thursday, 26 November 2015 01:27 PM

මේ ළමයි මෙච්චර ලක්ෂ ගණන් දීලා ඉගෙනගෙන කවදාහරි එයාලා වියදම්කළ සල්ලි හොයාගන්න දවසක් එනවා. එදාට දැන් වගේ නෙමෙයි, මිනිසුන්ට අද වගේ ගානකට බෙහෙත් ගන්නවත් ලැබෙන්නේ නැතිවෙයි.. (නි)

:       0       0

ඔස්කා Friday, 27 November 2015 02:16 PM

දේශපාලුවන් නමැති මස් වැද්දන් අතලොස්සක් විසින් අටවනලද මර උගුලකට අසුවුන, අහිංසක මුවපොවුවන් රැලකගේ දුක්බර කතාවක්. (බ)

:       0       0

නාමල් Thursday, 26 November 2015 04:09 PM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 694 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1660 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 785 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 36 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 779 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 768 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20080 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16678 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site